අලුත් ව්‍යවස්ථාවක් ගැන අදහස යළිත් පැන නැගී ඇත. දශක ගණනක් එකම මාතෘකාව වරින්වර මතුවෙමින් තිබේ. ව්‍යවස්ථාව අවශ්‍ය දේශපාලනඥයන්ටය. එකිනෙකට වෙනස් මතවල සිටින දේශපාලන පක්ෂ, තමන්ට පමණක් ගැළපෙන ව්‍යවස්ථා ගැන සිහින දකිමින් සිටී.
අදහස් එකතු කර එකඟතාවකට එන්නට සූදානම් නැත. සාකච්ඡා කර නිගමනයකට එළැඹිය හැක. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අප සියලු දෙනා තුළ තිබිය යුතු උසස් ගුණාංගයකි. සංස්කෘතිය, ආගම, විනය ගැන ඉහළින් සිතන අප අතර සම්මුතිය නැත. මෑත ඉතිහාසය තුළ ව්‍යවස්ථා සාකච්ඡා කාලය සහ වචන නාස්ති කළ ව්‍යායාම ලෙස අවසන්ව තිබේ.
ජනතාවට ද ප්‍රශ්න තිබේ. ඒවා ව්‍යවස්ථාව ගැන නොවේ. පවතින ආර්ථික දුෂ්කරතා පිළිබඳවය. ව්‍යවස්ථාවලින් ප්‍රශ්න විසඳිය හැකිනම් 1994 සිට අද දක්වා ව්‍යවස්ථා හා ඒවායේ සංශෝධනවල ප්‍රතිඵල අනුව රට පාරාදීසයකි. එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම ජනතාවට දැනෙන ප්‍රශ්නයකි. ජීවන වියදම ඉහළය. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය. කොවිඩ් වසංගතය ඇති කරන ලද ගැටලු බව රහසක් නොවේ. පවතින තත්ත්වය තුළ දරුවන්ගේ අනාගතය පවා අවිනිශ්චිතය. වර්තමානය පමණක් නොව අනාගත පරපුරට ද විසඳුමක් අවශ්‍යය. පීඩාවට පත්ව ඇති තැන් නිවැරදිව හඳුනාගෙන තීරණ ගැනීම මෙරට මහජන නියෝජිතයන් සතු වගකීමකි.
පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වත් කමිටුවක් ව්‍යවස්ථා රාමුව සකස් කිරීමට කටයුතු කරන අතර එය කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුව හමුවේ තබන බව කියා සිටියේය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ඔහුගේ සැලැස්ම තුළ ඇති ඉදිරි පියවර අලුත් ව්‍යවස්ථාවක් ගැන අදහසක් ප්‍රකාශ කරන්නට බල කරන ලද බව වටහාගත හැක. ඇත්ත තත්ත්වය එය නොවේ. ජනතාවට පැවැත්ම වෙනස් කරගන්නට වුවමනා වී තිබේ. ව්‍යවස්ථාව වෙනුවට ඉතාම දක්ෂ පිරිසක් මෙහෙයවා නිසි ආර්ථික ප්‍රතිපත්ති හදාගැනීම වැදගත්ය. තද තීරණ ගෙන සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කළ යුතුය.
රැකී රක්ෂා උත්පාදනය හා අතට ආදායමක් ලැබෙන මාර්ග ඇති කිරීම අවශ්‍යය. කොළඹ වරාය නගරය මංතීරු ගැන සාමාන්‍ය ජනතාව දක්වන උනන්දුව මෙයට එක උදාහරණයකි. දස දහස් ගණනින් ජනතාව එහි පැමිණ ඇත. නුවර අධිවේගී මාර්ගයේ කොටසක් විවෘත කිරීමෙන් පසු එම කොටස පරිහරණයට ඉදිරිපත්ව සිටින පිරිස තවත් පැත්තකි. දුම්රිය වැඩවර්ජනය සමග අදහස් දක්වන ලද මගී ජනතාව දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කර හොඳ සේවාවක් ලබාදෙන ලෙස බලකර සිටියේය.
උතුර නැගෙනහිර ජීවත්වන ජනතාවගේ හඬ අපට වැදගත්ය. දශක ගණනක් ත්‍රස්තවාදයෙන් බැට කෑ ඔවුහු අලුත් ජීවිතයක් අපේක්ෂා කරති. මාර්ග සංවර්ධනය, අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ඔවුන්ගේ ඉල්ලීම වී තිබේ. පැවැත්ම සහ සංවර්ධනය ගැන වෙනම කොරෝනා උතුරු නැගෙනහිර ජන කොටස්වලට ඇත. ජනතා මතය වෙනුවට අපට දැනෙන්නේ අතරමැදි දේශපාලනඥයන්ගේ හඬයි. දේශපාලනඥයන් ඉල්ලන්නේ බලය හා බලතල බව පෙනේ. රට තුළ කරන යෝජනාවලින් පැවැත්ම සාක්ෂාත් කරගැනීම වෙනුවට ජාත්‍යන්තරය තුළ මතයක් ඇති කර ස්වභාවය සංකීර්ණ කරන්නට ඇතැම් දේශපාලන නායකයෝ සූදානම්ය. ලෝකයේ වෙනත් රටකින් අපට විසඳුමක් ලැබෙන්නේ නැත. සෑම රටක්ම එක හා සමාන අලුත් සමාජ භාවයන්ට ගොදුරු වී සිටී. පවතින ව්‍යුහය අධ්‍යයනය කළහොත් පෙනෙන ප්‍රධාන කාරණයක් තිබේ. ජනතාව ඉල්ලන දෙයක් ඇත.
දේශපාලනඥයන්ගේ අරමුණ අනෙක් එකකි. ජනමාධ්‍යවලින් ද මෙම පැති දෙක අතර සංවාදයක්, සබඳතාවක් ඇති කරන්නේ නැත. අප ගමන් කරමින් සිටින්නේ අවුල් ජාලයකින් තවත් අවුල් සහගත තැනකටය. මෙහි ප්‍රතිඵල අපට දැනෙන්නට තිබේ. ජනතාවට දේශපාලනය එපා වී ඇත. දේශපාලනඥයන් කෙරෙහි තිබුණ විශ්වාසය පිරිහී ඇති බව පෙනේ. දේශපාලනඥයන්ට සමීප සමාජ නායකයන් හා ආගමික නායකයන්ට ද එම ඉරණම අත්ව ඇති බව ඉතාමත් පැහැදිලිය.
සියලු දෙනාටම එකඟ විය හැකි ව්‍යවස්ථාවක් පමණක් නොව පවතින සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් පොදු එකඟතාව ඇති කරගැනීම අවශ්‍ය වී තිබේ. එය තුළ සාධාරණත්වය හා යුක්ති සහගත බව ප්‍රශ්න කළ හැක. පවතින ආර්ථික හා සමාජ ගැටලුවලට වර්ණවත් උත්තර නැත. නිල්, කොළ, රතු හෝ වෙනත් වර්ණයකට දැනට ලෝකයේ පවතින ආර්ථික මූලධර්මවලට එපිටින් යා නොහැක.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කළ හැකිය.
- මිලින්ද මොරගොඩ
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රටේ සැබෑ ප්‍රශ්නය ව්‍යවස්ථාවද? ආර්ථිකයද?
vinivida Saturday, 29 January 2022 10:00 PM
රටේ සැබෑ ප්‍රශ්නය ව්‍යවස්ථාවද? නැත, ව්‍යවස්ථාව යනු රට පාලනය කිරීමට සහ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවක් තුළදී සම්මත වූ නීති රාමුවක් සහිත ලියැවිල්ලකි. මෙම ව්‍යවස්ථාව ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල රාජ්‍ය තන්ත්‍රවාදී මූලධර්ම අනුව සකස් වී සම්මත වී ඇත. කුමන ආණ්ඩු පත් වුවත් එම මූලික ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලබන්නේ ඉතාම කලාතුරකිනි. එසේ නමුත් ලංකාවේ ව්‍යවස්ථාව යනු රට පාලනය කිරීමට පත්වන ආණ්ඩු විසින් ඔවුන්ගේ අභිමතය පරිදි දේශපාලන පැවැත්ම සහ බලය වෙනුවෙන් ඔවුන්ට හිතැඟි ආකාරයට වෙනස් කරමින් සිටින්නා වූ ලියැවිල්ලක් හා සමාන වේ... හෝ දේශපාලකයින් සිතා සිටින්නේ එසේ කියායි. ලංකාවේ පාර්ලිමේන්තුව තුළ නීති විශාරදයින් කොපමණ සිටියද, ඔවුන් ද අඩුවැඩි වශයෙන් ඔවුන්ගේ වාසියට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත්, ඔවුන් විසින්ම ගෙනෙන ලද සංශෝධන හිරිකිතයකින් තොරව ඔවුන් විසින්ම අහෝසි කිරිම හෝ වෙනස් කිරීමද, රාජ්‍ය තන්ත්‍රවාදී රටකට සිදුවන කණගාටුදායක සිදුවීමකි. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී කරන්නා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු රටේ දියුණුවට සහ පුරවැසියන් හට මේ වනවිට හොඳින්ම දැනෙමින් තිබේ...
vinivida Saturday, 29 January 2022 10:08 PM
රටේ සැබෑ ප්‍රශ්නය ව්‍යවස්ථාවද? ආර්ථිකයද? වඩා ප්‍රශ්නය වී තිබෙනුයේ රට පාලනය කරන පාර්ලිමේන්තුවේ සිටින පිරිස වර්තමානයේ පවතින අර්බුද හෝ ප්‍රශ්න කලින් නොදැකීම සහ විසඳුම් ලබාදීමට අපොහොසත්වීම වේ. මෙය රාජ්‍ය පරිපාලනයේ දුර්වල තත්වයකි..