ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ රජය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති අවධාරණය කරනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා ලබාදුන් විසඳුම පිළිගත නොහැකි හෙයින් වැඩවර්ජනය අඛණ්ඩවම ඉදිරියට ගෙන යන බවය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍යවරයා අතර වූ සාකච්ඡාවේදී අදියර දෙකකින් වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු වූ බවය. එමෙන්ම ගුරුවරුන්ට ලබා දෙන වැටුප් වැඩිවීම පිළිබඳව අයවැයෙන් යෝජනා ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසන්නේ ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම එකවර සිදු කරන්නැයි රජයට බලකරන බවත් පියවර දෙකකින් වැටුප් වැඩිකිරීම පිළිනොගන්නා බවත් ය.
ජර්මන් ජාතික මහා නාට්‍යකරුවකු වූ බර්ටෝල්ට් බ්‍රෙස්ට් ‘කොකේසියන් චෝක් සර්කල්’ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. හෙන්රි ජයසේන මහතා එම නාට්‍ය පිටපත සිංහල භාෂාවට පරිවර්තනය කර ‘හුණුවටයේ කතාව’ නමින් නාට්‍යයක්ද නිර්මාණය කළේය. එම නාට්‍ය අවසන් වන්නේ අසඩක්ගේ අපූරු නඩු තීන්දුවකිනි. යුද්ධයේදී දරුවාද දමා පලා ගිය රජ බිසය යළි දරුවා සොයා ගන්නීය. ඒ වනවිට එම රජ දරුවා අපමණ සෙනෙහසින් හදාවඩා ගත්තී ගෲෂා නම් සේවිකාවය. රාජ්‍ය දේපොළවල අයිතිය ලබා ගැනීමට දරුවාගේ අයිතිය අත්‍යවශ්‍ය වූ හෙයින් නටාලියා දරුවාව ඉල්ලා සිටියද දරුවාට ඇති ආදරය නිසාම ගෲෂා එය ප්‍රතික්ෂේප කළාය. අවසානයේදී දරුවාගේ සැබෑ අයිතිය තෝරාදීමේ වගකීම පැවරෙන්නේ අසඩක්ටය. ඔහු කළේ හුණුකූරකින් රවුමක් ඇඳ දරුවා එහි හරි මැද තැබීමය. දරුවා හුණු වටයෙන් එළියට ඇදගන්නා කාන්තාවට දරුවා ලබාදෙන බව කීවේය. දරුවාගේ දෙපසින් අල්ලාගත් ගෲෂා හා නටාලියා දරුවා දෙපැත්තට ඇද්දාහ. දේපොළ තණ්හාවෙන් යුතු නටාලියා වැරෙන් දරුවා ඇද්දාය. දරුවාට ආදරේ ඇති ගෲෂා දරුවා අතහැරියාය. දරුවාට සැබෑ ලෙසම ආදරය කරන්නේ කවුදැයි විනිශ්චය කළ අඩසක් දරුවාගේ බාරකාරත්වය ගෲෂාට පැවරුවේය.
අද අපගේ දරුවන් සිටින්නේ හුණුවටයක් මැදය. එක් පසෙකින් ගුරු හා වෘත්තීය සමිතිය. අනික් පැත්තෙන් රජය ය. ගුරු වෘත්තීය සමිති ඉල්ලන ඉල්ලීම් එලෙසින්ම ලබාදීමට රජය කටයුතු නොකරයි. ඉල්ලීම් ලබාදෙනතුරු අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බව ගුරු වෘත්තීය සමිති අවධාරණය කරයි. වසර දෙකකට ආසන්න කාලයක් නිසි අධ්‍යාපනයක් නොමැතිව අපගේ දරුවෝ අසරණව බලා සිටිති.
‘‘මේ මොහොතේ සියල්ලටම වඩා වැදගත් වන්නේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බැවින් රට සහ රටේ අනාගතය ගැන සිතා සියල්ල අමතක කර නොමිලයේ හරි උගන්වනවා කියා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නැයි තමන් ගුරුවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමියන් ප්‍රකාශ කළ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තවත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විශාල පිරිසක් එම ඉල්ලීම කළ බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.
මේ මොහොතේ දෙමාපියන් සිටින්නේ අති මහත් භීතියකින් හා අසහනයකිනි. තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් එබඳු භීතියක් ගොඩ නැගීම සාධාරණය. දරුවන්ගේ මුළු මහත් අනාගතයම රැඳී පවතින්නේ ලබන අධ්‍යාපනය තුළ බව මවුපියෝ දනිති. එහෙයින් දෙමාපියන් දරුවන් දෙස බලන්නේ අධ්‍යාපනය නමැති ප්‍රිෂ්මය තුළිනි.
අද දරුවා යනු හෙට රටේ අනාගතයයි. ‘විද්‍යා දදාති විනයං’ යැයි කියමනකි. එයින් කියැවෙන්නේ විද්‍යාව හෙවත් අධ්‍යාපනයෙන් විනය හැදෙන බවය. අධ්‍යාපනය නොලබන්නේ නම් ඒ දරුවා තුළ විනයක් ඇති නොවේ. එසේනම් අපගේ අනාගත දරු පරම්පරාවන් යනු විනයෙන් තොර පරම්පරාවක්ද යන ප්‍රශ්නය පැන නගී. ගුරු - විදුහල්පති වැඩ වැරුම රටේ අනාගතයත් සමග තදින්ම ගැට ගැසී ඇත්තේ එසේය. එහෙයින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති මෙන්ම රජයත් මෙම කාරණාව සම්බන්ධයෙන් තියුණු අවධානය යොමු කළ යුතුය.
ගුරු වෘත්තීය සමිති මේ වනවිටත් අනගිතම ජයග්‍රහණයක් ලබා තිබේ. එනම් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවක් තිබෙන බව රජය පිළිගැනීමය. එතැනින් නතර නොවී එය විසඳීමට ගන්නා පියවරක් රජය ප්‍රකාශයට පත්කර තිබේ.
කෙසේ වුවද දරුවන්ගේ අනාගතය ගැන ගුරු වෘත්තීය සමිතිත් ආණ්ඩුවත් යන දෙපාර්ශ්වයම මෙම ප්‍රශ්නයේදී එක තැනකට පැමිණිය යුතුය. එය අපගේ ප්‍රාර්ථනයයි.
මෙහිදී අපි දෙපාර්ශවයට මෙම ආයාචනය කරනවා මිස එක් පාර්ශවයකට පමණක් ඇඟිල්ල දික් නොකරමු. එසේම දෙවියකු වන්නට නොහැකි නම් ගුරුවරයකු වන්නැයි යන කියමනද මතක් කරමු.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රටේත් ජනතාවගේත් අපේක්ෂාව ළමා පරපුරයි
Raveendra Monday, 18 October 2021 01:40 PM
රටේ දැවෙන ගැටළුවක් පිළිබඳව ඉතාමත් හොඳ විග්‍රහයක්. ඒ පිළිබඳව කතෘතුමාට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. පළමුව අප මෙම ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉතාමත්ම සාධාරණ බව කිසිදු විවාදයකින් තොරව පිළිගන්නෙමු. එනමුත් රටේ පවතින වාතාවරණය පිළිබඳව කිසිඳු තැකීමක් නොකිරීම, තමන්ගේ ඉල්ලීම් පමණක් දිශානතිය කරගැනුම නිවැරදිද යන්න මෙම ගුරුවරුන්ට නොතේරුණාද නොව... නමුත් ඔවුන්ගේ නායකයින් කිසියම් හෝ හෝදාපාලුවට ලක්වුණු දේශපාලුවන්ගේ අතකොලු වූවා යන්න ඕනෑම කෙනෙකුට හොඳින්ම පැහැදිලි බවත් කිවයුතුයි. කවුරුන් නැත යන්න කීවත් එය ඒ ඒ අයගේ හිතට එකඟව නම් "ඔව් අප අහවල් අයගේ විස්තරය අස්සේ රිංගාගෙන තමයි ඉන්නේ යන්න තම හිතින් මුමුණනු නියතයි". අප කිසිවෙකු හිතන්නේ නම් අප දිනුම් අනිකා පරාදයි යන නිවට න්‍යාය සමගින්... ඒ අප සියල්ලෝම පරාදවීමකි. මෙහි භයානකම අතුරුඵලය නම් දරුවන් ගුරුවරුන් කෙරෙහි වෛරය, ද්වේශය හා තම ගුරු භක්තිය නැතිවීම ආදීන්ය. ඒ පිළිබඳව වගේ වගක් නැති "ගුරුහොරුන් තවමත් අං පටලවාගෙන තප්පුලන්නේ" මුදල් පමණක්ම තම ජීවිතය බව සනාථ කරමින් බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු...