නයගරා යැයි කියූ විගස අපට සිහි ගැන්වෙන්නේ ලෝ ප‍්‍රකට සුන්දර නයගරා දිය ඇල්ලයි. නයගරා උද්‍යානය ගැන කවුරුවත් කතා කරන්නේ නැති තරම්ය. එහෙත් නයගරා වෙත පැමිණෙන ලෝ පුරා සිටින බොහෝ සංචාරකයෝ මෙම උද්‍යානයේ සැරිසැරීමට මෙන්ම නයගරා සිටි හෙවත් නයගරා නගරයේ සැරිසැරීමට ද අමතක නොකරති.
නයගරා ෆෝස්ල් ඇන්ඞ් පාක් ලෙස මෙම ස්ථානය හඳුන්වා ඇත.
සුන්දර නයගරාව දැක බලා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින්ට නිදහසේ කාලය ගත කිරීම සඳහා මෙම උද්‍යානය නිර්මාණය වී ඇත. එය අද ඊයෙක සිදු වූවක් නම් නොවේ.
සුන්දර නයගරාව රැුක ගැනීම උදෙසා නයගරා කොමිසම නමින් කමිටුවක් 1885 වසරේ දී පත් කෙරිණි. මුලින්ම නයගරා කොමිසම බාරව කර්නල් කැසිමිර්, ජෝන් ඔ ලැන්ග්මූර් (සභාපති), ජේ. ග‍්‍රාන්ට් මැක්ඩොනල්ඞ් කටයුතු කර ඇත. ඔවුනගේ අනුදැනුම යටතේ ඉදිවූ නයගරා උද්‍යානය විවෘත වී ඇත්තේ 1888 මැයි 24 වැනිදා වික්ටෝරියා රැජිනගේ ප‍්‍රධානත්වයෙනි.
මෙම උද්‍යානය සඳහා පමණක් හෙක්ටයාර 62.2ක භූමි ප‍්‍රමාණයක් වෙන් කර ඇත. නයගරා ගංගාව ගලා යන කොටසේ සිට මෙම උද්‍යාන භූමිය දක්වා වෙන් කර ඇති භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 1,720ක් පමණ වේ. එලෙසින් විශාල භූමියක් කැනඩා බලධාරීන් විසින් මේ සඳහා වෙන් කර ඇත්තේ නයගරාව එරට ජාතික වශයෙන් සහ ඓතිහාසික වශයෙන් පිළිගැනෙන සංකේතයක් වන නිසාය.
නයගරා උද්‍යානය යනු නිදහසේ සැරිසැරීම සඳහා වූ එකක්ම නොවේ. උද්භිද උද්‍යානයක් ලෙස නිර්මාණය කර ඇති මෙහි ගෙවතු අලංකරණය ගැන හැදෑරීම සඳහා පාසලක් ද ඇත. එමෙන්ම නව නිර්මාණ එළිදැක්වීම සඳහා ස්ථානයක් ද තිබේ. උද්‍යානයේ සැරිසරණ විට මෙහි ඇති ගෙවතු අලංකරණයේ අපූර්ත්වය දැකගත හැකිය.
මෙම ජූලි මාසය මේ හරිත උද්‍යානයේ බැබලෙන, දිස්නෙ දෙන පැහැය දැක බලා ගැනීමට කදිම සමයකි. මෙකී සමය කැනඩා දේශයට හිරුඑළිය රන්වන් එළියක් ලෙස පතිත වන සමයයි. ඒ රන් හිරු එළියේ රැුස් තවරා ගන්නට රිසි සේ මනාප වන්නේ සුදු ජාතිකයින්ටත් වඩා මෙම ගහ කොළ බව කිව හැකිය. නයගරාව මුදා හරින සීත සමීරය දවටා ගන්නා මේ තුරු වැල් ලතාවකට රැඟුම් පාන්නේ ඒ හිරු එළියට කරන ආදරණීය සමාචාරයක් ලෙසිනි. මේ උද්‍යානය පුරා නිදහසේ පෙම් ලොව සැරිසරන පෙම්වතුන් වන්නේ සුන්දර පාත්තයින් ?නය. මේ සොඳුරු පක්‍ෂියා කැනඩාවේ ජාතික පක්‍ෂියා ද වේ. ඒ අභිමානය නිසාම දෝ මේ පාත්තයන් හරිම සුන්දරය. මෙහි පැමිණෙන සමහර සංචාරකයෝ සුන්දර පාත්තයින් හට දීම සඳහා ධාන්‍ය ආහාර රැගෙන එති. ඒ හැරත් ශීත ඍතුව එළැඹීමට පෙර මෙය ඔවුනට ලැබුණු කදිම අවස්ථාවක්ම වන්නේය. මෙහි ඇති තුරු ලතා මෙතරම් හරිත පැහැය මුදා හරින්නේ ද ඒ නිසාම විය හැකිය. එනම් ශීත ඍතුව එළැඹි කළ මේ සියල්ල සුදෝ සුදු මල් තුහිනවලින් හිම සේලයෙන් වැසී යන නිසා විය හැකිය. එකී සමයේ දී මේ සියල්ල දිස් වන්නේ ශේෂ වූ නටබුන් ලෙසිනි.
නයගරාවේ සොඳුරු හරිත උද්‍යානය පුරා බොහෝ වේලාවක් ගත කරන සංචාරකයන් මීළඟට යන්නේ සමරු සිහිවටන අලෙවි කෙරෙන ස්ථානයටය. එය මහල් දෙකකින් පමණ සමන්විතය. උඩු මහලේ සාප්පු සංකීර්ණයක් මෙන්ම නයගරාව උඩ සිට නැරඹිය හැකි පරිදි වෙන් කරන ලද ස්ථානය පිහිටා ඇත.
පහත මාලයේ නයගරාව සංකේතවත් කෙරෙන බොහෝ සිහිවටන මිල දී ගත හැකි අලෙවිසල සහ ආහාරපාන ලබාගත හැකි අවන්හල් ජාලය සඳහා ඉඩ වෙන් කර තිබේ.
මෙලෙසින් නයගරාවට එන සංචාරකයන් සැරිසරන්නේ මෙම නයගරා උද්‍යානය අවට පමණක් නොවේ. නයගරාව වෙත පැමිණෙන බොහෝ සංචාරකයෝ නයගරා නගරය වෙත ගොස් එහි ඇති අවන්හලකින් සප්පායම් වීමට මෙන්ම නගරය පුරා සැරිසැරීමට ද අමතක නොකරති. මේ නයගරා නගරය සැබැවින්ම අනෙකුත් නගර හා සසඳන විට ඒවාට වඩා වෙනස්ය. එතරම්ම උස් ගොඩනැගිලි වීදි පුරා නැත. උස් ගොඩනැගිලි කීපයක් නයගරා උද්‍යානයට එපිටින් පිහිටා ඇත. ඒ අතර එක් ගොඩනැගිල්ලක කැසිනෝ ශාලාවක් දැකගත හැකිය. එය පාවෙන අවන්හලක මෙිනි, එනම් මුළු නයගරා කලාපය දර්ශනය වන පරිදි නිමවා ඇත. එය ලොව උසම තැනක හෙවත් උස් ස්ථානයක පිහිටි කැසිනෝ ශාලාවක් ලෙස ප‍්‍රකටය. ලෝ පුරා සිටින කැසිනෝ ලෝලී ධන කුවේරයින් මෙතැනට පැමිණෙන්නේ නයගරාවේ අසිරිය විඳිමින් කැසිනෝ ක‍්‍රීඩා කිරීමටය.
මෙම විශේෂිත ස්ථානය මෙන්ම නයගරා නගරයේ ඇති විශේෂිත සිනමාශාලා ගැන ද සඳහන් කළ යුතුමය. එහි ඇති ත‍්‍රිමාණ සිනමා ශාලාවලට අමතරව නවතම 4ඞී හෙවත් සිව්මාන තාක්‍ෂණයෙන් යුතු චිත‍්‍රපට පෙන්වීමේ ශාලා ද ඇත. ඒවායේ බොහෝ විට තිරගත කරන්නේ හොල්මන් අවතාර ගැන පදනම් වූ කතා රැුගත් චිත‍්‍රපට හෝ බොහෝ විට ඩ‍්‍රැකියුලා කතා රැුගත් චිත‍්‍රපටය. එමගින් සිනමාශාලා අයත් ආයතන ප‍්‍රධානීන් බලාපොරොත්තු වන්නේ ත‍්‍රාසය මෙන්ම භීතිය සපිරි සජීව අත්දැකීමක ආස්වාදය නරඹන්නන් වෙත ලබා දීමටය. සමහර සංචාරකයින් ඩ‍්‍රැකියුලා චිත‍්‍රපටයක් නරඹා නයගරා ඇලි අසල තනි පංගලමේ කාලය ගත කරන්නට කැමැතිලූ.
එයින් ඔවුන් බලාපොරොත්තු වනවා විය හැක්කේ ත‍්‍රාසය උපරිමයෙන් ආස්වාදය කිරීමට හෝ අද්භූත ලෝකය ගැන විශ්වාස කරන නිසා ඒ අද්භූත ලෝකයේ සැරිසැරීමට විය හැකිය. කෙසේ වෙතත් නයගරා කලාපයට අයත් මෙකී සියලූ ස්ථාන කැනඩාවේ අනෙකුත් නගර හා ස්ථානවලට වඩා වෙනස්ය. ඒ වෙනස උපරිමයෙන් විඳ ගන්නා සංචාරකයින් අනිවාර්යයෙන්ම යන තවත් තැනක් තිබේ. ඒ ලෝ ප‍්‍රකට මල් ඔරලෝසුව දැක බලා ගැනීමටය. ඒ ගැන විස්තර ලබන සතියට....
කැනඩාවේ සංචාරයකට පසු...
![]() |
කැනඩාවට විදුලිය දෙන නයගරා විදුලිබලාගාරය |
![]() |
නයගරා නගරය... |
![]() |
නයගරා ගොඩනැගිලි |
![]() |
ලොව උස් ස්ථානයක තැනූ කැසිනෝ ශාලාව |
![]() |
සිහිවටන අලෙවිහලේ බාහිර පෙනුම |
![]() |
සමරුපලකය... |
![]() |
උද්‍යානයේ අලංකාර නිමැවුමක්... |
![]() |
මිත‍්‍රශීලී නයගරා පාත්ත රෑණ.... |
![]() |
සිතුවමක් නොවේ... උද්‍යානයේ හැඩයයි... |
![]() |
නිදහස් අවකාශය.. |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන
ජයී තිසර Friday, 26 July 2013 02:27 PM
උණුසුම සිසිල පිරි සිරි ලක හරි ඈතයි.. ශීතල කැනඩාවෙ ගිම්හානය මෙලෙසයි.. උද්‍යානයක ලස්සන නෙත් සිත් පිනවයි.. අමතක නොවෙන සුන්දර දේවල් මේවයි' (ස)
රසික Saturday, 27 July 2013 08:58 AM
අපේ ආරක්ෂක ලේකම් තුමත් මහන්සි වෙන්නේ මේ විදියට රට ලස්සන කරන්නයි. එතුමාට ඒ පළපුරුද්ද ලැබෙන්ඩ ඇත්තේ දියුණු රටවල් වල ජීවත් උන නිසා වෙන්ඩ ඕනා.(නදී)
උපුල් Saturday, 27 July 2013 12:40 PM
අපේ ආරක්ෂක ලේකම් තුමා නිසා කොළඹ හරි ලස්සනයි. කොලබ 07 හරියට පිටරට වගෙයි (අ)
කෝරාළ Sunday, 28 July 2013 02:24 AM
ලිපිය හොඳය. පරිසරය සුරැකීමට ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඔබට වැටහුනානම් ඒ ගැන සහ දිය ඇල්ල නිසා එන සංචාරකයන්ගෙන් මුදල් උපයාගැනීමට යොදා ඇති අනෙකුත් උපක්‍රම ගැනත් ලියන්න. උදාහරණ විදියට 'ස්කයි වීල් එක', 'කිඩ්ස් ප්ලේ' සහ 'සෙලෙබ්‍රිට්ය් ස්ටටුඑස් '. මේ සියලු දේවල් අපේ බලදාරීන්ට වැදගත් වෙනවා සංචාරක ව්‍යාපාරය දියුණු කරන රටක් හැටියට. තවත් දෙයක්, පාර හොයාගන්න අමාරුවුනේ නැහැ නේද? ඒකත් වැදගත්. ලංකාවෙනම් තියෙන එකම එයාපෝර්ට් එකට යන පාරත් කාගෙන් හරි මගදී බැහැල අහන්නේ නැතුව හොයාගන්න අමරුයි. මාර්ග සලකුණු නිවැරදිව පැහැදිලිව නැති නිසා.(නදී)
ලාල් Wednesday, 07 August 2013 06:58 PM
තියෙන්නේ අපේ රටේ වුණත් නොදන්නා අයට දැනගන්න. අපේ රටේ විදේශිකයෝ අගයන ගොඩක් ලස්සන තැන් ටිකත් මේ ලිපිය ළගින්ම දාන්න පුළුවන් නම් වටිනවා නේද? (නි)