X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයාට පෙන්වමින් ඇවිදින අය නොවෙයි

රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් උසස් මාර්ග ඵලයකට පත්වූයේය යන්න උන්වහන්සේ පිළිබඳව දන්නා වූ සියලූදෙනා හිස් මුදුනින් පිළිගන්නා දෙයකි. පැවිදි ජීවිතයේ වැඩි කාලයක් භාවනාවෙන් හා ගැඹුරු දහම් පොත් ලිවීමට උන්වහන්සේ වෙහෙසුණහ. ”මං පොත් ලිව්වේ පොදු ජනතාවට මේ උතුම් ධර්මය බෙදා දීමටත් වඩා මගේ සම්මෝහය දුරු කර ගැනීමටයි. ධර්මය ඉගෙන ගැනීමෙනුත්, පොත් ලිවීම සඳහා කරුණු රැුස් කිරීමෙනුත් ඒ සම්මෝහය දුරු වෙනවා කියලා කියන්න පුළුවන්.” එක් අවස්ථාවකදී රේරුකානේ මහ නාහිමියෝ ප‍්‍රකාශ කළහ.

 

රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්, ඉත්තෑපාන නාහිමියන් සමඟ කළ සාකච්ඡාවක්

වත්මන් සමාජයේ බොහෝ දෙනා වෙහෙසෙන්නේ පොහෝ දිනයකට සිල් සමාදන් වී, දාන මානාදී පින්කම් සිදුකොට නිර්වානය පසක් කොට ගැනීමටය. පසුගිය කාලය පුරාම තමන් මාර්ගඵල ලබාගත් බව කියවමින් ඇවිද්ද ගිහියෝ පමණක් නොව පැවිද්දෝ ද  ඕනෑ තරම් සිටියහ. ඇතැම්හු මාර්ග ඵල ලබාගත් බවට සමහර භාවනා පන්තිවලින් සහතික පත් ද නිකුත් කළ ඇතැයි කියති. එනිසාම රේරුකානේ මහ නා හිමියන් නිවන හා ඒ අයගේ ස්වභාවය පිළිබඳව ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමියන් සමග කළ ධර්ම සාකච්ඡාවක් සංක්ෂිප්තව ඔබට ඉදිරිපත් කරමු. එම ධර්ම සාකච්ඡාවේ එක් ප‍්‍රශ්නයක් වන්නේ සිල් රැකීමෙන් පමණක් නිවන් ලබා ගත හැකි ද යන්නයි. ඒ සඳහා රේරුකානේ මහ නාහිමියෝ මෙසේ පිළිතුරු සපයති. ”ඇතැම් පැවිද්දන් පමණක් නොව ඇතැම් ගිහියන් ද ශීලය ගැනම කතා කරමින් ශීලයම උසස් කොට ගනිමින් ශීලයෙන්ම සියල්ල සිදුකර ගන්නා බලාපොරොත්තුවෙන් සිල් පිරිසිදු කර ගැනීමෙහිම යෙදී සිටිනවා. ඒ, ඒ ඇත්තන්ගේ වැරදි හැඟීමක් සිල් රැකීමෙන් පමණක් නැවතී සිටීම, වැට බැඳ කුඹුර නොවපුරා සිටීමක් වගෙයි.” සමාජයේ ජීවත්වන බොහෝදෙනා මෙලොව සැප ගැන සිතා කටයුතු කරන පිරිසකි. ඒ අතර තවත් කොටසක් පරලොව පිළිබඳව ද සිතා කටයුතු කරති. මෙලොව පිළිබඳව සිතන අය කෙසේ කටයුතු කළ යුතු ද යන්නත්, පරලොව ගැන සිතන අය කුමන ආකාරයේ පිරිසක් ද යන්න ගැනත් මහ නාහිමියන් දක්වන්නේ මෙවැනි අදහසකි. මිනිසුන් ආගම් පිහිට කොට ගන්නේ පරලොව සැපත, යහපත ප‍්‍රාර්ථනා කර ගෙනයි. මෙලොව සඳහා ආගම්වලින් පිහිට ඇත්තේ ස්වල්ප වශයෙන් යැයි සිතනවා. මනුෂ්‍යයකු මේ ලෝකයේ ජීවත්වන කාලය අවුරුදු සියයකටත් අඩු ඉතාම ස්වල්ප කාලයක්. නමුත් ඉන් එහා තියෙන පරලොව පිළිබඳ කාලය කල්ප ගණනාවකින්වත් ප‍්‍රමාණ කළ නොහැකි දීර්ඝ එකක්. එනිසා නුවණැති අය මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරනවා. මෙලොව කොපමණ ලාභයක් ලැබෙන, සැපයක් ලැබෙන කාරණයක් වුණත් ඒක මරණින් මතු දුගතියට යෑමට කරුණක් වනවා නම් එබඳු වැඩවලින් වැළකීමට උත්සාහ දරනවා. එබඳු අය ජීවිත ආරක්ෂාව සඳහා වුවත් පාපයක් කරන්නේ නැහැ.” උතුම් ආර්ය මාර්ගයකට පත්වූ උතුමකුගේ ලක්ෂණ පිළිබඳව තවත් අවස්ථාවක රේරුකානේ මහ නා හිමියෝ මෙසේ ප‍්‍රකාශ කරති. තමා සෝවාන් බව කියා ගන්නා අයටත්, එමගින් වාසි ප‍්‍රයෝජන ලබන්නට උත්සාහ කරන අයටත් මේ පිළිතුර සිතන්නට කල්පනා කරන්නට ගැඹුරු අදහසක් මතු කොට දෙයි. රහත්වීමේ මග දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් කල් ලෝකයෙහි රහතුන් වහන්සේලා, මාර්ග ඵල ලාභීන් නැතැයි ඒවා ලැබිය නොහැකි යැයි නොකිය හැකියි. මේ කාලයේ අතීතයේ මෙන් රහතුන්, මාර්ගඵල ලාභීන් සුලබ නැති බව පමණක් කියන්න පුළුවන්. රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයට පෙන්වමින් ඇවිදින අය නොවේ. දුටුවාම රහත් බව අඳුනා ගැනීමේ ලකුණක් ද උන්වහන්සේලා තුළ නැහැ. ඒ නිසා රහත් කෙනකුන් දුටුවත් හඳුනා ගත නොහැකියි. රහත් වීමට පිරිය යුතු ප‍්‍රතිපත්ති පුරා අවසන් කළහොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වය ලබා ගත්තෙක් වෙනවා. රහත්වීමේ ප‍්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලක දී රහත් බවට නොපැමිණිය හැකි යැයි කීම යුක්ති යුක්ත නොවන කතාවක්. එසේ කීම තථාගතයන් වහන්සේගේ ධර්මයත් ශාසනික ප‍්‍රතිපත්තියත් කලකට අවලංගු කර දැමීමක් වෙනවා. ”රහත් වීමට උත්සාහ කරන පින්වතුන්ගෙන් ඇතැමෙක් ඉතාම කෙටි ධර්ම දේශනාවක් ඇසීමෙනුත් රහත් වෙනවා. ඇතැමෙක් පැවිදි වීමට හිසකේ කපන අතරතුර දී රහත් වෙනවා. ඇතැමෙක් පැවිදි වී දින ගණනකින් රහත් වෙනවා. ඇතැමෙක් මාස ගණනකින් රහත් වෙනවා. ඇතැමෙක් වර්ෂ ගණනකින් උත්සාහ කරලා රහත් වෙනවා. ඇතැමෙක් මුළු ජීවිත කාලයේම දුක් විඳලත් රහත් වෙන්නේ නැහැ.” ලෝකයේ සිටින බොහෝ දෙනකුට නිර්වානය හෝ ධර්ම මාර්ගය ප‍්‍රිය නැත. ඔවුන්ට සසර තුළ විඳින තාවකාලික සැපයන් ප‍්‍රිය වේ. පුංචි පුංචි දෙයින් සතුටට පත්වේ. ලෝකයේ පොදු ධර්මතා ඉදිරියේ මොවුහු දුකට පත්වෙති. මේ අතරේ ධර්ම මාර්ගයේ යන සුළුතර කොටසක් ජීවිතය තුළ ලබන ලාභ, ප‍්‍රශංසා, සැප ආදියට නොඇදී ඒ ඔස්සේ සතුටු වීමට ද නොයා දුක් කටයුතු දෙයෙහි යථාර්ථය තේරුම්ගෙන නිවන් අරමුණු කොට ධර්මානුකූල පෙවෙතක් ගත කරති. ඇතැම් පිරිසක් සසරේ විමුක්තිය අරමුණු කිරීමටත් වැඩි දෙනෙක් සසරට ප‍්‍රිය කිරීමටත් හේතුව රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් ප‍්‍රකාශ කරන්නේ මේ අයුරිනි. ඒ, ඒ ඇත්තන්ගේ අදහස් අනුවයි. මේ ලෝකයේ හෝ අන් තැනක හෝ ස්ථිර තත්ත්වයක් ඇති තැනක් නම් නැහැ. ඇත්තේ සංසාර චක‍්‍රයාගේ පැවැත්මය, නැවැත්මය යන දෙක පමණයි. පැවැත්ම කැමති නම් පැවැත්ම ගත හැකිය. නැවැත්ම කැමති නම් නැවැත්ම වූ නිවන් සුවය ගත හැකිය. ප‍්‍රිය වස්තූන් ඇත්තේ ද, ප‍්‍රිය පුද්ගලයන් ඇත්තේ ද, සැප, සොම්නස, ප‍්‍රීතිය ඇත්තේ ද සංසාර චක‍්‍රයෙහිය. ජරාව, ව්‍යාධිය, මරණය, අප‍්‍රිය සම්ප‍්‍රයෝගය, ප‍්‍රිය විප‍්‍රයෝගය, ශෝකය, පරිදේවය, දුක දොම්නස, උපායාසය ඇත්තේ ද, පණු උකුණු මකුණු, බලූ, බළල්, ඌරු, කුකුළු ආදී තිරිසන් සතුන් වීම ඇත්තේ ද යක්ෂ පේ‍්‍රත වීම ඇත්තේ ද, ගින්නෙන් දැවි දැවී ලෝහ ගුලි ගිලින ලෝදිය නිරි සතුන් වීම ඇත්තේ ද සංසාර චක‍්‍රයෙහිය. නිවනෙහි ප‍්‍රිය වස්තු ප‍්‍රිය පුද්ගලයෝද නැත. ප‍්‍රීතිය, සුඛ, සොම්නස ද නැත. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ ද නැත. එහි පැමිණි පසු නැවත අපායට යාමකුත් නැත. එහි ඇත්තේ ශාන්ත ස්වභාවයක් පමණි. ටිකක් කල්පනා කොට වඩා හොඳ දෙය තෝරා ගන්න. අවිද්‍යාව සත්වයාගේ සිත කිළිටි කරන බොරු කරන අඳුරු කරන චෛතසික ධර්මයක්. එය එක්තරා මානසික රෝගයක්. ඒ රෝගයෙන් දුර්වල වූ, අඳුරු වූ සිතට පරම්පරා වශයෙන් ඉපිද ඉපිද, බිඳි බිඳී යාම, නාම රූපයන් ගේ සැබෑ තත්ත්වය පේන්නේ නැහැ. නොයෙක් විට නාම රූපයන් සත්වයන් හැටියට මිස නාම රූප හැටියට පේන්නේ නැහැ. එයින් සක්කාය දිෂ්ඨිය ද ඇති වෙනවා. නැවත නැවත සක්කාය දිෂ්ඨිය ඇති වෙන විට එය වැඞී තහවුරු වී දෘෂ්ටිධ්‍යාශය ඇති වෙනවා. එයත් එක්තරා මානසික රෝගයක්. සක්කාය දිෂ්ඨිය සමගම ආත්ම වශයෙන් සලකන පංචස්කන්ධය ලොව ඇති ඉතාම හොඳ දෙය, ඉතාම උසස් දෙය හැටියට ගන්නා තෘෂ්ණාවත්, තණ්හාව හා පංචස්කන්ධයට අයත්ව ඇති වන සුඛ සෝමනස්සයන් හා බාහිර රූපාදියත්, හොඳ හැටියට ගන්නා වූ තණ්හාවත් ඇති වෙනවා. ඒවා වැඞී තහවුරු වී තෘෂ්ණාධ්‍යාංශය ඇති වෙනවා. එයත් එක්තරා මානසික රෝගයක්. ධර්මය සේවනය නොකරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ජනයා කෙරෙහි අවිද්‍යා තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත රෝග තුන තදින්ම පවතිනවා. කෙලෙස් රෝග ඇති අයට පංචස්කන්ධය ප‍්‍රිය වෙනවා. පංචස්කන්ධය සංඛ්‍යාත දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වූ නිවන අප‍්‍රිය වෙනවා. එයට බිය වෙනවා. එසේ වන්නේ නිරෝධය නරක නිසා නොව කෙලෙස් රෝගය නිසයි. ”ධර්මය නමැති බෙහෙත සේවනය කොට, කෙලෙස් රෝගය සුව කරගෙන සිත පිරිසුදු කරගෙන, වාසය කරන සත්පුරුෂයන්ට පංචස්කන්ධය තරම් නපුරක්, බිය යුත්තක් වෙනත් නැහැ. නිවන තරමට උසස්ව පෙනෙන අනික් සැපයකුත් නැහැ.” යමකුට ධර්මය නොදැන භාවනාවෙන් පමණක් ප‍්‍රතිඵල ලැබීමට හැකි ද යන්න ඉත්තෑපානේ නාහිමියන්ගෙන් තවත් ප‍්‍රශ්නයකි. -බුදු, පසේ බුදු, උතුමන් විසින් මේ ධර්මය තම තමන් විසින්ම අවබෝධ කරගනු ලබනවා. නමුත් සැරියුත් මහ රහතන් වහන්සේ වැනි මහ තියුණු නුවණක් ඇති උතුමකුට වුණත් සද්ධර්ම ශ‍්‍රවණය, ධර්මතාවබෝධය සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා ධර්මය ඇසීම, ධර්මය දැන ගැනීමටත්, ධර්මය අවබෝධ කර ගැනීමටත් අවශ්‍ය බවයි මට කියන්නට තියෙන්නේ. අද මේ රටේ කෙරෙන භාවනා වැඩපිළිවෙළ ගැන නම් මා සතුටු වෙන්නේ නැහැ. මට නම් හිතෙන්නේ හුඟ දෙනෙක් මුලා වෙලා කියලා. ධර්මය නොදැන කොහොමද භාවනා වඩන්නේ. ධර්මය ගැන හොඳ දැනුමක් මුලින් ඇති කර ගන්න  ඕනෑ. ඒ වගේම භාවනාව ගැනත් තරමක හෝ දැනුමක් ඇති කර ගන්න  ඕනෑ. අද භාවනාව හුඟාක් අසාර්ථක වෙලා තියෙන්නේ ඒ ගැන දැනුමක්, තේරුමක් නැති නිසයි. මුලින්ම කෙනකුට භාවනා ක‍්‍රමයක් කියා දීම වැරදියි. භාවනාව ගැන දැනුමක්, තේරුමක් මුලින් ලබා දෙන්නම  ඕනෑ. අද නම් ගිය හැටියේම දෙන්නේ භාවනාවක්. නමුත් ඒ භාවනාව ගන්න එක්කෙනාට ඒ ගැන කිසිම තේරුමක් නැහැ. මේ රටේ භාවනාව දෙන බොහෝ දෙනාට (භාවනා ආචාර්යවරුන්ටත්) ඒ පිළිබඳ තියෙන දැනුම ඉතාම ස්වල්පයි. එහෙම තියෙනකොට කොහොමද භාවනාවෙන් ප‍්‍රතිඵල ලබාගන්නේ...?” භාවනාව සමථ හා විදර්ශනා යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකි. බොහෝදෙනා සමථ භාවනාවට අයත් අනාපානසති ආදී භාවනා ක‍්‍රම කරන අතර ගැඹුරු විදර්ශනා භාවනා සඳහා යොමුවීම අඩුය. සමථ භාවනාවෙන් සමාධියක් නොලබා විදර්ශනා භාවනා වැඞීමෙන් පමණක් ප‍්‍රතිඵලයක් ලැබිය හැකිද යන්නට රේරුකානේ මහ නාහිමි ලබා දෙන්නේ මෙවැනි අදහසකි. සමථ භාවනාවලින් සමාධි උපදවා ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට සිටියහොත් විදර්ශනා වඩන්නට නොලැබී ජීවිතය කෙළවර වෙනවා ඇති. ඒ නිසා බුද්ධෝත්පාදයෙන් ලැබිය හැකි උසස් ඵලය නොලැබී යන්නේය. භාවනා කිරීමට පටන් ගන්නා අයගෙන් ධ්‍යානයක්, මාර්ගයක්, ඵලයක් ලැබීම දක්වා භාවනාව ගෙන යාම තබා තරමක සමාධියක්, තරමක විදර්ශනා ඥානයක් ලැබෙන තෙක් වුව ද භාවනාව කරගෙන යා හැක්කේ ඉතාම ටික දෙනකුට පමණයි. එයට හේතුව නීවරණයන් විසින් ඒ අය පරදවනු ලැබීමයි. භාවනාව දියුණු කළ හැකි වීමට නම් යෝගාවචරයා නීවරණ පැරදවිය යුතුයි. ඇත්ත වශයෙන්ම යෝගාවචරයාට භාවනා කරමිනුයි ක‍්‍රියා කරන්නට ඇත්තේ නීවරණ සටනයි. මෙකල භාවනා කරමියි කියා සමහර අවස්ථාවල යම් කිසිවක් මෙනෙහි කරන අය නීවරණ ප‍්‍රහානය නමැති බර වැඩක් තමන්ට කරන්නට ඇති බව පවා දන්නේ නැහැ. ඒ අය නොයෙක් ආකාරයෙන් තමන් කෙරෙහි ඇදී එන නීවරණයන් හඳුනන්නෙත් නැහැ. එබැවින් ඔවුන් නීවරණයන් විසින් පරදවනු ලැබ භාවනා කරමියි කියමින් හැම කල්හිම එකම තත්ත්වයෙන් සිටිනවා. නීවරණ ප‍්‍රහානය කිරීමට වීර්යය නොකරන ඔවුන්ට කිසි කලෙක භාවනාවෙන් උසස් ඵලයක් ලැබිය නොහැකියි. නීවරණයන් හඳුනන්නන්ට නීවරණ ප‍්‍රහානය කළ හැකියි. (මතු සම්බන්ධයි)
සටහන ඡායාරූප -  අසංක ආටිගල
රේරුකානේ චන්දවිමල මහ නාහිමි



අදහස් (0)

රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයාට පෙන්වමින් ඇවිදින අය නොවෙයි

සනත් Monday, 24 September 2012 09:50 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

කාංචන Tuesday, 25 September 2012 10:16 AM

ඒ නිසයි රහතන් වහන්සේලා කියන්නේ

:       0       0

අරවින්ද හිමි Tuesday, 25 September 2012 02:07 PM

අපේ පිනට පහල වූ මහා සංඝපීතෘවරයාණන් වහන්සේ නමක්...!!! සාදූ ! සාදූ !! සාදූ !!!(නු)

:       0       0

දුෂ්මන්ත Wednesday, 26 September 2012 02:02 PM

සාධූ සාධූ .. (ස)

:       0       0

ජයන්ත සේනාරත්න ඕස්ට්‍රේලියා Thursday, 27 September 2012 12:37 PM

මම වැඩියෙන්ම කියවන්නේ මෙම ස්වාමීන්වහන්සේගේ පොත් සාදු සාදු සාදු..! (නු)

:       0       0

සුනිල් Friday, 28 September 2012 12:37 AM

සාධු...සාධු...සාධු...

:       0       0

හසින්ත Friday, 28 September 2012 01:15 PM

සාදු........සාදු........සාදු (ස)

:       0       0

උදිත Saturday, 29 September 2012 02:04 PM

බුදු සසුන බැබළෙන්නේ මෙවැනි උතුම් යතිවරයාණන් වහන්සේලාගෙනි. සාදු ! සාදු !! සාදු!!! (නි)

:       0       0

සදමාලි Saturday, 29 September 2012 09:41 PM

''බෞධයගේ අත්පොත''කෘතිය සැම බෞධයෙක් විසින්ම ලග තබා ගෙන කියවිය යුතු පොතකි..(නු)

:       0       0

සුගත් Wednesday, 03 October 2012 10:25 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

සමීර Thursday, 04 October 2012 03:24 PM

ගැඹුරැ දහම් කොටස් අපේ හාමුදුරුවො ලස්සනට ලිහිල්ව ලියනවා.. ඒක ගොඩක් වැදගත්.. අපේ හාමුදුරුවන්ට නිවන් සැපම ලැබේවා..!(නු)

:       0       0

කරුණාතිලක Saturday, 06 October 2012 08:40 PM

මේ ආත්මයේ අඩුම තරමින් සෝවාන්වත් වීමට කැමති අයට රේරුකාණේ මහ නාහිමියන් ලියූ පොත්පත් කියවීමෙන් නිවැරදි මාර්ගයට පිවිසීමට හැකිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site