X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


රාජ්‍ය ආයතනවල පාඩු ජනතාව පිට පැටවීම හරිද?

ජාතික වැදගත්කමත් ප්‍රමුඛත්වයත් දී රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට වහාම යා යුතු බව පසුගියදා කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක දී සඳහන් වී තිබිණි. එය එසේම සිදුවීම රටේ ආර්ථිකයට යහපතක් මිස අයහපතක් නොවේ. පාඩු ලබන රාජ්‍ය ආයතන රටට මහා බරක් වී තිබීම එයට හේතුවය.

කාලයක් තිස්සේ පවතින එහෙත් බොහොමයක් දේශපාලන බලධාරීන් කතා කිරීමට අකැමැති විෂයක් යටතට පාඩු ලබන රාජ්‍ය ආයතන ද වැටෙයි. 400කට වඩා ක්‍රියාත්මක රාජ්‍ය ආයතනවලින් ලාබයක් පෙන්වා ඇති ආයතන සංඛ්‍යාව 55කට වඩා අඩු බව සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වී තිබේ. එපමණක් නොව මෙම 400කට අධික රාජ්‍ය ආයතනවල සම්පූර්ණ ලැයිස්තුවක් ලබා ගැනීම පවා දුෂ්කර කාර්යයක් බව ද සඳහන් වෙයි. එයට ලොකුම හේතුව පාඩු ලබන ආයතන වශයෙන් ලැයිස්තු ගතවීමට එම ආයතන පාලනය භාරව ක්‍රියාකරන නිලධාරීන් දක්වන අකැමැත්ත විය හැකිය. එහෙත් රටේ ආර්ථිකයට මේ ආයතන මගින් සිදුව ඇති හානියේ තරම සලකා බලන විට එම ආයතන තවදුරටත් සැඟවී සිටීම බරපතළ අසාධාරණයකි. 

රටේ ආර්ථික දේහයට වැළඳී ඇති අට අනූවක් රෝගවලට පාඩු ලබන රාජ්‍ය ආයතන ලොකුම හේතුවකි. එහෙත් මේ ආයතනවල රාජකාරි කරන සියලු‍ නිලධාරීන් මේ තත්ත්වයට වගකිවයුතු යැයි අපි නොකියමු. බොහෝවිට පාඩු ලැබීමට හේතුව එම ආයතනවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ගනු ලබන අමනෝඥ තීන්දු තීරණය. එම තීරණවල පිටුපසින් දේශපාලන අතපෙවීම් තිබෙන බව කිවයුතු නැත. මේ රාජ්‍ය ආයතන පාලනයට ඒ ඒ විෂය භාර අමාත්‍යවරුන්ගේ සමීප ඥාතීන්, ගජ මිතුරන් යෙදවීම මහ පොදු සාධකයකි.

මේ ඥාතීන් සහ ගජ මිතුරන් එක් වී ආයතනයේ සාරය උරා බී හපකර දැමූවිට එම ආයතන පාඩු ලබන තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක. ඒවා රැකියා ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කර ගැනීම නිසා සේවක අතිරික්තයක් පවතින අවස්ථා තිබේ. මේ හේතූ නිසා බලයට පත්වෙන කිසිම රජයක් පාඩු ලබන රාජ්‍ය ආයතනවලට අත තැබීමට කැමැති වන්නේ නැත. ඒවා ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට අවංක උත්සාහයක් ගන්නේ ද නැත.

2020 වසර වනවිට රාජ්‍ය ආයතන ණය වී ඇති ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.3කට වඩා අධික බව ද සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබේ. 2019 වසරේදී එම ප්‍රමාණය දළ වශයෙන් ට්‍රිලියන 1.1ක් වශයෙන්ද දක්වා තිබේ. එයින් පෙන්වන්නේ රාජ්‍ය ආයතන ලබන පාඩුව වාර්ෂිකව වැඩිවෙමින් පවතින බවය. එයට ලබා දිය යුත්තේ ප්‍රායෝගික විසඳුමක් මිස න්‍යායාත්මක විසඳුමක් නොවේ. එසේ නොවනතාක් මේ ණයට සහ පාඩුවට කර ගැසීමට සිදුවන්නේ රටේ මහජනතාවටය. ඇමැතිවරුන්වත් මන්ත්‍රීවරුවත් මේ බරට කර ගහන්නේ නැත.

ඇතැම් ආයතන ලබන පාඩුවට හේතුව අකාර්යක්ෂම පාලනය සහ දේශපාලන වුවමනා එපාකම් මත ගනු ලබන තීන්දු තීරණ වුවත් සමහර ආයතන පාඩු ලබන්නේ ඒවා අත්‍යාවශ්‍ය සේවා සැපයුම්කරුවන් වීම හේතුවෙනි. ලංකා විදුලිබල මණ්ඩලය එයට හොඳ උදාහරණයකි. 2018 වසරේ දී රුපියල් බිලියන 31.9ක පාඩුවක් ලැබූ ලංවිම 2019 දී බිලියන 85.4ක්ද 2020දී බිලියන 62ක්ද පාඩු ලබා තිබිණි. තෙල් සංස්ථාව ද මේ ආකාරයටම පාඩු ලබා තිබේ. එහෙත් මේ ආයතන දෙකම රටේ අත්‍යාවශ්‍ය ආයතන වෙයි. ලංවිම බලාගාරවලට ණයට තෙල් සැපයීම තෙල් සංස්ථාවේ පාඩුවට එක් හේතුවකි. එහෙත් මේ ගැටලු‍වට පහසු විසඳුමක් නැත.

එහෙත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය කඩා වැටුණේ අකාර්යක්ෂම සහ දූෂිත පාලනය හේතුවෙනි. එහි පාලනය නුසුදුසු පුද්ගලයන් අතට පත්වීම දූෂණ ක්‍රියාවලට සහ අකාර්යක්ෂම බවට මග පෑදුවේය. එය කොතරම් කඩා වැටුණු ආයතනයක්දැයි  කිවහොත් එය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය. ඒ සඳහා හවුල්කරුවකු සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

රාජ්‍ය ආයතන මුහුණ දී සිටින මේ කනගාටුදායක තත්ත්වය කෝප් කමිටුව මගින්ද රජයේ විගණකාධිපති විසින් ද වරින්වර පෙන්වා දෙනු ලැබීය. එම ආයතන තුළ පැවැති වංචා, දූෂණ, අකාර්යක්ෂම පාලනය සහ නොසැලකිලිමත්කම එහිදී ඉස්මතු කෙරිණි. එහෙත් එම ආයතන නිවැරදි ලෙස කළමනාකරණය කර ගනිමින් ලාබ ලබන ආයතන බවට පත්කර ගැනීමට කාගේවත් උනන්දුවක් නැත. මේ ඇතැම් ආයතන ලාබ පෙන්වා ඇත්තේ ඒවා විසින් ලබා ගන්නා ලද ණය පහසුකම්වල වාරිකය මහා භාණ්ඩාගාරය විසින් ගෙවමින් තිබිය දී වීම තවත් විහිළුවකි.

දේශපාලන පත්වීම්, දුර්වල පාලනය, වෙළෙඳපොළට අවශ්‍ය පරිදි තරගකාරී ව්‍යාපාරවල නොයෙදීම හේතුවෙන් පීඩා විඳින රාජ්‍ය ආයතනවලට ලබාදිය යුතු එකම බූස්ටරය වශයෙන් පෙනී යන්නේ ඒවා ව්‍යුහාත්මක වෙනස්කම්වලට භාජන කර ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම පමණක්ය. දරුණු අගාධයකට වැටී සිටියදීත් පාඩු ලබන අකාර්යක්ෂම රාජ්‍ය ආයතන බරද දරා ගැනීමට රටේ ආර්ථිකයට තවදුරටත් හැකියාවක් නැත. මේ තීන්දුව ගැනීම ප්‍රමාද කිරීම ආර්ථිකය තවදුරටත් අමාරුවේ දැමීමක් පමණි.



අදහස් (2)

රාජ්‍ය ආයතනවල පාඩු ජනතාව පිට පැටවීම හරිද?

Hashan Sachinthana Friday, 07 January 2022 02:23 PM

2022 අනාත වෙයිද ?

:       0       0

Eranga perera Friday, 07 January 2022 02:31 PM

මිනිස්සුන්ට මොකද වෙන්නේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site