X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


රිය අනතුරෙන් මියගිය දරුවා මවු කුසේ යළි උපදී

මවගෙන් වෙන්ව පරලොවට ගිය පාසල් දරුවෙක් මාස 14කුත් දින 25කට පසු දුවක්වී යළිත් සිය අම්මාකරගැනීමේ අපූරු පුවතක් පසුගිය ඉරිදා දින හඟුරන්කෙත සඟරාජගම ග‍්‍රාමයෙන් හෙළිදරව් විය. සඟරාජගම විහාරයේ විහාරාධිපති කන්තලේ ආනන්ද හිමියන් හඟුරන්ගෙත මනෝ චිකිත්සක තිස්ස හේරත් මහතාට කළ ආරාධනාවක් මත එහිදී දහම් පාසල් සිසුන් වෙනුවෙන් පුනරුප්පත්තිය පිළිබඳව දේශනයක් පසුගිය ඉරිදා පවත්වන්නට යෙදුණි. එයට මටද සහභාගීවීමේ භාග්‍ය ලදිමි. දේශනය නිමවා මෝහන නිද්‍රාවට පත්කිරීමක් එහිදී සිදුවිණ. එහිදී හෙළිදරව් වූයේ හදිසි අනතුරකින් මියගිය දරුවකු යළි එම මෑණියන්ගේම කුසේ ඉපදී ඇතිබවකි. එම හෙළිදරව්ව එපරිදිම නම් ගම් ඡායාරූප පළකරවීම සඳහා උනන්දු කළ විහාරාධිපති කන්තලේ ආනන්ද හිමියන්ටත්, මෝහන නිද්‍රාවෙන් කරුණු හෙළි කළ පාසල් දැරියටත් ඇයගේ දෙමාපියන්ටත් අපට අවසර ලබාදීම ගැන ස්තූති පූර්වක විය යුතුමය. සඟරාජගම ග‍්‍රාමය හඟුරන්කෙත නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගම්මානයකි. විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සේවයේ නියුතු ආර්.ජී. කරුණාවතී (48) මහත්මියගේත් වඩුවැඩ කර්මාන්තයේ නියුතු ආර්.ජී. සමරවීර මහතාගේත් පුංචි කැදැල්ලට 1981-12-19 වැනි දින අමුත්තෙක් එක් විය. හුරුබුහුටි දඟකාර කීකරු එම අමුත්තා සුනන්ද සමරවීර යැයි නම් කෙරිණි.

 

මවගෙන් වෙන්වූ පුතා දුවක්වී යළිත් අම්මා කරගනී

පාසල් අධ්‍යාපනය සඳහා සුනන්ද ඇතුළු කළේ හඟුරන්කෙත සී.සී. විද්‍යාලයටය. පවුලේ පළවැන්නා වූ සුනන්ද ඉගෙනීමට හපනෙකි. 1997-02-25 දින සිරිත් පරිදි සිය මව ආදරයෙන් සිප වැළඳ ගෙන ඇයට පාද නමස්කාර කොට සුනන්ද අම්මාගේ අතේ එල්ලී ඇය සමඟ බස්නැවතුමට ආවේ සුදු කමිසය හා නිල්පාට කලිසම හැඳගෙන පාසල් මෑණියන් වෙතය. හිත මිතුරු තිදෙනෙක්ම බස්රථයට ගොඩවීමට සිටි බැවින් ඔවුන් හා එක්ව සුපුරුදු සිනාවෙන් අත වනමින් සිය මවට ආචාර කළේ ඇයට නිවසට යන ලෙසටය. කාලය ගතව ගියේ විනාඩි කීපයකිනි. ලංගම බස් රථය ඔවුන් රැගෙන යාමට පැමිණෙන බව දෑසින්ම දකිමින් සුනන්දගේ මව නිවස බලා පිටත් වූවාය. ඇයට දිගු දුරක් යාමට නොහැකි වින. දඩාස් ගා ඇසුනු ශබ්දයෙන් ආපසු හැරින. බස් රථය නවතා තිබුණි. කිසියම් අනතුරක් සිදුව ඇති බවට ඇයට හැඟී ගියෙන් වහාම ඇය එතනට දිවආවාය. ආදරණීය සිඟිති පුත් බස්රථයේ පසුපස රෝදයට හසුවී පසෙකින් වැටී සිටිනු දැක්කාය. ඇයට දරාගත නොහැකි ශෝකයක් මතුවිය. ‘‘මගෙ බුදු දෙයියෝ, මගෙ පුතාට මොකද මේ වුණේ’’ ඇසුවේ අසිහියෙන් මෙන්ය. ඒ වනවට සුදු කමිසයේ බස් රථයේ ටයර් පාර පැහැදිලිව දක්නට තිබුණි. අම්මේ කියමින් සිඟිති ආනන්ද පසෙක වූ පොත් බෑගයද අසුලාගෙන වාඩිවිය. ‘‘අම්මේ වට වතුර’’ කීවිට ඇය අසල්වාසී කඩයෙන් ජලය ගෙන ආවේ තත්පර ගණනකදීය. සුනන්දගේ මව දහදියෙන් තෙත්විය. ඇය දැන හෝ නොදැන රියදුරා වෙත වාග් ප‍්‍රහාරයක් එල්ල කළාය. වේදනාවෙන් මිරිකි මිරිකී සුනන්ද අම්මාට කථාකොට ‘‘අම්මේ ඒ මාමාගෙ වරදක් නොවේ, වරද මගේ. මට බස්එක අල්ලා ගන්න බැරිව වැටුනා. මාමාට දොස් කියන්න එපා’’ සුනන්ද තෙපලේය. ඒ වනවිට ඇයගේ ඥාතීන් කළයුතු වැඩවලට අවධානය ලක්කොට වහාම කාර් එකක් ගෙන්වා සුනන්දව රිකිල්ලගස්කඩ රෝහලට ගෙනගියේය. අම්මා තනිකොට ඔහු රෝහල් ගතවිය. බලවත් ශෝකයෙන් පෙළුණු සුනන්දගේ මවද සිය දෙපයින්ම වැඩිවෙලාවක් යන්නට පෙර ආවේ හරියට පටාචාරාව මෙන්ය. සැතපුම් හයක දුර ඇයට මතක නැතිවිය. ඇය රෝහලට එන විට සුනන්දට සේලයින් සපයමින් තිබිණ. ‘‘අම්මේ මගේ යටිබඩ රිදෙනවා’’ කියත්ම සුනන්දගේ මවගේ ශෝකය තව දුරටත් දරාගත නොහැකි විය. රෝගියා මහනුවර රෝහලට ගෙනයෑමට සැරසෙයි. අනේ මගෙ  පුතා කියමින් ඇය ක්ලාන්තවිය. ඇය නිවසට ආපසු ගියේ සියපුතු බුදුන්ට දෙවියන්ට භාර කරමිනි. නුවර බලා යෑමට එන අතර මඟදී සුනන්දගේ මිතුරන් හමුවිය. ඔවුන් ගෙනා පණිවිඩිය කීවේ ඇයට නුවර නොගොස් හඟුරන්කෙත පොලීසියට යන ලෙසය. බලවත් වේදනාවෙන් මුසපත්ව සිටි සුනන්දගේ මව පොලීසියෙන් ආපසු පැමිණියේ මහනුවර බලා යාමට වුවද අද මෙන් බස් සේවාවක් නොවීය. ද්‍රව්‍ය ගෙනයන ලොරියක අවසරය ගෙන ලොරියේ පසුපස සිටගත්තේ හැකියාවකට නොවේ. මෙතරම් ලොකු බස්රථයකට සිය පුත‍්‍රයා රෝදයට යටව සිටියත් සුනන්දගේ ලේ බිඳක් සෙල නොවීමෙන් දරුවාට බලවත් අනතුරක් නොවී ඇතැයි කල්පනා කළද ඇයගේ මව සුනන්දව බුදුන්ටත් දෙවියන්ටත් භාරකළේ ලක්‍ෂවාරයද පරදවමිනි. ගන්නෝරුවේ හමුදා කඳවුරේ සිටි සිය ඥාති සහෝදර ආර්.ජී. සුමනවීර මහතා සමඟ රෝහලට ගියේ සිය දරුවා දෑසින් දැක ගන්නටය. ඒ වන විට සියල්ල සිදුවී අවසානය. ඇයගේ ඥාතීන් ඇයට ඒ බව සඟවා කටයුතු කළද ඇගේ බලවත් ඉල්ලීමට පිටුපෑමට කිසිම ජගතකුට නුපුළුවන් විය. ඒ අනුව ඇය ඔපරේෂන් කාමරයට කැඳවාගෙන යන බව පවසමින් සුනන්දව පෙන්වීමට කැඳවාගෙන ගියේ මෘත ශරීරා -ගාරයටය. ඇය ඒ බව නොදනිතත් ඔහුගේ හිස වටා වෙළුම්පටියක් බැඳ තිබීමෙන් සුනන්ද මියගිය බව දැන පාලනය කරගත නොහැකිව ඇද වැටී සිහිසුන් විය. ඒ වන විට සුනන්දව නංගිලා තිදෙනත් එකම මල්ලීත් සදාදරණීය දෙමව්පියනුත් අමතක කොට සදහටම වෙන්ව හෝරා කීපයක් පසුකර තිබුණි. ‘‘මගෙ රත්තරන් පුතේ ආයෙත් මට දකින්ට මගෙ බඬේම ඉපදියන් මගෙ පුතේ ඉපිදයන්’’ කියමින් ඇය දෙස දහස් වාර ගණනින් කියමින් සිත සනසා ගත්තාය. සුනන්දගේ මව ආර්.ජී. කරුණාවතී මහත්මිය සමඟ අපි දරුවාගැන කතාකළෙමු. ‘‘හරිම කීකරුයි. විචාරශීලීයි. ඒ කියන්නේ පුතා මැරෙන්න සිටි දවසට පෙර දින මගෙන් ඇහුවා. පුනරුප්පත්තිය ගැන. මම ඊට සැලකිල්ලෙන් පිළිතුරු දුන්නෑ. එයාම කිව්වා අම්මේ මරුණාම ආයෙත් උපදිනවලූ නේද. මම අහලතියෙනව කියල. මම ඒ සියල්ලටම ඔව් කිවුවා. අනෙක පුතා බුදු දහමට හරි ලැදියි. දවසක් අපි රෑට දෙල් උයල හොඳ කට්ට සම්බල් හදල බත් කනකොට පුතා කිව්වා අම්මේ අම්මට ආයෙ මගෙ සෙරෙප්පු දාන්න බැහැ. ඇයි පුතේ කියලා අහන කොට අම්ම මම අද කකුල මැන්නා මගේ කකුල දැන් දිගයි කියල කිව්වා. මට තව දරුවො ඉන්නවා. ගැහැණු ළමයි නිලූකා, දිල්රුක්ෂි කියලා දෙන්නයි පුතා නලීන් ප‍්‍රසන්න. ඊට බාල සුදීපා ජානකී දුව. බඩ පිස්සී. සුනන්ද පුතා මියගියේ 1997-02-25 සුදීපා ඉපදුනේ 98-5-19 දැන් දුවට වයස අවු 14යි. සුදීපා ජානකී දුව ඉපදීමෙන් පසු විශේෂතා තිබුණා. ඇයගේ කේන්දරය බලන කොටත් කිව්වා පුනරුත්පත්තිය කියන්න පුළුවන් ළමයෙක් කියලා. අවුරුදු 2කුත් මාස ගණනාවක් ඇති යන්තම් බහ තේරෙන වයසේදී ඇයව වඩාගෙන ගියා රිකිල්ලගස්කඩ රෝහලට. හරියටම හඟුරන්කෙත සී.සී. විද්‍යාලය ළඟදී ඇඟිල්ල දිගු කරලා පෙන්නලා කිව්වා මගෙ අක්කෝලෙ මම ගිය අක්කෝලෙ කියලා. තව දවසක් මගෙ බාල පුතා අල්මාරියෙ තිබිල සුනන්ද පුතාගෙ දිග කලිසමක් අරගෙන මේක මගෙ ගානට කපල මහල දෙන්න කීවා මට කිව්වා විතරයි  ඕක මගෙ කපන්ට එපා කපන්ට එපා කියල අඬලා ගත්තා. දුව පොඩි කාලෙ යකෝ කියල කියනවා. එපා යකෝ මොනවද යකෝ. දෙන්න යකෝ. කියනවා දැන් නැහැ. සුනන්ද පුතා පිරිමි ළමයෙක් වුවත් පිරිමි ඇඳුම් වලට පුංචි කාලෙ කැමැතිම නැහැ. ඉල්ලන්නෙම ගවුමක් අරන් දෙන්න කියලා. බැරිම තැන අල්ලපු ගෙදර ළමයකුගේ ගැහැණු ළමා ඇඳුම් අන්දවල ගත්ත පිංතූරෙ තමා ඔය තියෙන්නෙ. සුනන්ද මිය ගිය පසු ඔහු එක දවසයි හීනෙන් දැක්කෙ. කොස්ගෙඩියක් අරගෙන ආවා. රසට උයලා දෙන්න කීවා. පහුවදා වත්තෙන් ගෙඩියක් හොයාගෙන රසට උයලා දානෙ දීල පිං දුන්නා පුතා හීනෙන් කිව්වෙ රසට උයලා දානෙ දෙන්න කියලා. පුතා මැරෙනකොටම ඇස් දෙක දන් දීලයි තිබුණෙ. එක ඇසක් රාගල අවු 2 1/2ළමයකුට බද්ද කරලා. අනෙක තලාතුඔය සිරිසේන (42) කියන අයට බද්ධ කරලා කියල දැනගත්තා. තුන් දවසෙ දානෙ හත් දවසෙ තුන්මාසේ දානෙ හොඳින් දුන්නා. හැමදාම අදවනතුරු දරුවා මිය ගිය දිනය මතක් කරල දානෙ දෙනවා. මහනුවර රෝහලේ පශ්චාත් මරණ විභාගයේදී එය පරීක්‍ෂාකළ වෛද්‍ය වරයා කියලා තියෙනවා බස් රථයේ පසුපස රෝදෙ ඇඟ උඩින් ගිහිල්ලත් ලේ බිඳක් එළියට නොආවෙන් අපට අහිමිවුනේ යෝධ ශක්ති දරුවෙක් කියලා. දරුවා ටයර් ඇඟ මතින් යනතුරු හොඳින් තද හුස්මක් අරන් තිබෙන බව පැවසුවා. සුනන්දගේ පියා ආර්.ජී.සුමනවීර මහතා බාල දුවණියගේ විශේෂතා තියෙනවා. අවුරුදු 2 1/2ඇති. මම වඩාගෙන ගියා අපෙ හේනට. මළගිය පුතා තැන්පත්කළ කොටසට. එතන දැන් සොහොනක සේයාවක් වත් නැහැ. නිවැරැදිව දන්නෙ අපි. වත්තට ඇතුළුවෙන කොටම පොඩි දුව කිව්වා මම වළලපු තැනට අරන් යන්න කියලා. මම වෙන තැනක් පෙන්නල බිම තිබ්බා. මෙන්න මෙතන කියලා. තරහ ගිහිල්ල මෙතන නෙවෙයි යකෝ අතන කියලා නිවැරැදි තැන පෙන්නල එතනට අරන් යන්න කියල ඇඬුව. අරන් ගිහින් තිබ්බ එය මත. තනිවම සෙල්ලම් කළා. කඩි කතාවක් කිව්වා. එතන කඩි නැහැ. ඇඟ පුරා කඩියො හිටියා කිව්වා. පස්සෙ දවසක මම එය හදපු අයගෙන් ඇහුවා දුව කියනවා කියන කඩි කතාව ගැන. ඒ අය කිව්වෙ වළ කපන දවසෙත් කඩියන් සිටි බවත් මිනිය ඇතුළු කළාම කඩිගුල ඇවිස්සුනු බව දැක්ක බවකුයි.  සුනන්ද පුතා මළේ හඟුරන්කෙත ලංගම ඩිපෝවෙ 60 ශ්‍රී 36 -- බස් රථයට යටවෙලා ඒ බස්එක පාරෙ උඩට යනකොටත් පහළට එන කොටත් කියනවා සද්දෙ අහලා  ඕන් මම මරපු බස්එක එනවා. ගියා කියලා. කීප වතාවක්ම මම පාරට ගියා ඒක ඇත්තද බලන්න. හරියට හරි ඒ බස්එකමයි.මෙම කරුණු මතත් දුවණිය මෝහන නිද්‍රාවෙදි හෙළිකළ කරුණුත් සලකා බලා වියෝවූ පුතාම යළි දුවණිය වී ඇති බව පිළිගත හැකියි. අපි කලින් දැන හිටියා තරමක් විශ්වාස කළා. අද එය තහවුරු වුණා. සතුටුයි. නැතිවූ දේ අපට යළි ලැබුණා. මෝහන නිද්‍රාවට යැවූහැටි. පෙරභවය කී දරුවා ආර්.ජී. සුදීපා ජානකී 14 වියේ පසුවෙයි. 9වැනි ශ්‍රේණියේ ඉගෙනීම ලබයි. ඇය හඟුරන්කෙත සිරිමා බණ්ඩාරනායක බාලිකා විදුහලේ ශිෂ්‍යාවකි. ක‍්‍රමයෙන් වයස අඩුකොට පෙරභවයට යවයි. දැන් කවුද ඔබ මම මැරිලා. නම සුනන්ද ඔබ කොහොමද මළේ? බස් අනතුරකින් කොතනදිද? සඟරාජගමදි කොහොමද වුනේ පසුපසරෝදෙ ඇඟ හරහා දිග් අතට ගියා කවුද ආවෙ? අම්මා. බස් රථයේ නොම්බරය දන්නෑ. ලංගම බස්එකක්. ඔබ කොහාටද අරන් ගියේ. රෝහලකට මොන රෝහලේද? දන්නෙනෑ ඊට පසු මොකද වුණේ. මම ගියා අම්මා ළඟට අම්මා ළඟට ඇයි ගියේ. මට අම්ම  ඕන. අම්මට මම ආදරෙයි. අම්මට මොකද කිව්වෙ. මම අම්මට කියනව අම්මට මම කියනදේ තේරෙන් නෑ. අම්මා අඬා වැටෙනවා. මම ඒත් කියනවා. මට දුක අම්මට මම කියන එක තේරෙන්නැති එක. ඔබ මොකද කිව්වෙ. අම්ම අඬන්න එපා මම ආයෙත් එනවා. ඔබ කොහොමද එය කියන්නෙ. උඩ ඉඳන් පාවි පාවි අම්මට මම පේන්නෑ. මට අම්ම පේනවා. ඊට පස්සෙ මොකද කළේ ඔබ අම්මා පස්සෙ ගෙදර ආවා. ගෙදරදි ඔබේ මිනිය තිබ්බද? ඔව් මගෙ මිනිය වළතුළ දැම්මා. ඇඟ පුරා කඩියො. වේදනාවක් දැනුනද නෑ මම මැරිලා. ඔබට ආගමික වතාවත් කළාද ඔව්. මම පිං ගත්තා ඔබ කොතනද හිටියෙ අම්ම ළඟමයි. කවුද පාංසකූලයදුන්නෙ හාමුදුරුවරු නම දන්නෑ තුන් මාසෙ පිංකම් කළාද ඔව් මම හිටියෙ ගෙදර කවුද ආපු හාමුදුරුවො ආනන්ද හාමුදුරුවො ඔබේ නම සහිතව පූජාවක් කළා දන්නවද? ඔව් දන්නවා. කේතලයක් තමයි දුන්නෙ. පොත් පත් ආදියත් පූජාකළා දන්නවද දන්නෑ. මතකනෑ. ඔබ පිරිමියෙක් වන්නද කැමතිව හිටියෙ. නැහැ මම කැමති ගැහැණු අයෙක් වෙන්ට ඔබ කොහේවත් යන්න කැමැති නැද්ද? නැහැ අම්මා පසුපස ඔබ කවුරු වශයෙන්ද උපදින්නේ අම්මගෙ දුවක් ලෙසටමයි. කවද්ද දිනය දිනය උදාවුනේ 1998-5-19 වැනිදා හොඳයි ඔබ යළිත් මවුකුසට එන්න. වයස අවු 1-2-7-10 දැන් වයස 14යි (මෝහනය නිමාවිය) ඔබ කවුරුද වෙන්නෙ නැටුම් ගුරුවරියක්. මෝහන නිද්‍රාවට පත් සුදීපා පංසලට කේතලයක් පූජා කළද පංසලේ ස්වාමීන් වහන්සේ පවසන්නේ කේතල් හැඩයකින් යුත් බිත්ති ඔරලෝසුවක් එදින පූජා කළ බවකි. වසර කීපයක් බිත්තිය ඔපවත් කළ එය අක‍්‍රියව විනාශවූ බව උන්වහන්සේ පවසයි. මෙම සිදුවීම සලකා බලන කල සත්‍ය සිදුවීම් රැසක් ඔප්පුකළ හැකි සාධක පවතී. හේන්පිට ගෙදර ක්‍දාණසිංහ හිමියන් අන්තර් භවයක් ඇති බවට කරුණු ලැබූ හෙළි කිරීම මෙහිදී සත්‍යාවාදී වනු ඇත.
රිකිල්ලගස්කඩ ටී.එම්.සෝමපාල
දරුවා එදා...    . අද.. සුනන්ද සමරවීරගේ ඛේදවාචකය 1997 මාර්තු 4 දින ලංකාදීපයේ පළ කළ අන්දම. සුනන්දගේ වියෝවට පළකළ දැන්වීම.



අදහස් (0)

රිය අනතුරෙන් මියගිය දරුවා මවු කුසේ යළි උපදී

නන්දන Saturday, 03 November 2012 08:30 PM

මෙය වෙන්න පුළුවං කතාවක්.. හරිම සංවේදීයි..!(නු)

:       0       0

නිස්සංක Sunday, 28 October 2012 10:44 AM

සංජීව, කුහක කම ගෙනාවේ උපදිනකොටමද ? (ස)

:       0       0

භක්ති Sunday, 28 October 2012 11:48 AM

බුදුරදුන් දෙසූ දේ සදාකාලිකව සත්‍යයයි. (නි)

:       0       0

අසංක Monday, 29 October 2012 03:16 AM

දැන් ගොඩක් පුනරුත්පත්ති කතා හැමදාම පළ වෙනවා ප්‍රසිද්ධියට කරනවාද දන්නේ. (අ

:       0       0

සමන් Monday, 29 October 2012 09:50 PM

අදහා ගන්න බැහැ

:       0       0

නීරෝ Wednesday, 31 October 2012 07:22 PM

මේක වෙන්න පුලුවන් දෙයක්. (නි)

:       0       0

සංජු Thursday, 01 November 2012 10:43 AM

හිතාගන්නත් අමාරුයි.. ඒත් ඇත්ත තමයි එහෙම දේවල් වෙනවා (ස)

:       0       0

නාරද Thursday, 01 November 2012 11:01 AM

වෙන්න පුළුවන්

:       0       0

අසේල Thursday, 01 November 2012 01:33 PM

හාස් කමක්

:       0       0

චාමිකර Friday, 26 October 2012 06:57 PM

සංසාරේ හැටි ඔහොම තමයි. අපි මේ දීර්ඝ සංසාරේ මැරී මැරී උපදිනවා. (නි)

:       0       0

චමින්ද Sunday, 04 November 2012 12:41 AM

විශ්වාස කරන්න පුලුවන්. (නි)

:       0       0

කුමාරසිරි Sunday, 04 November 2012 12:00 PM

වැදගත් ලිපියක් බැලුවා. (නි)

:       0       0

නිහාල් Monday, 05 November 2012 12:58 AM

100% වෙන්න පුළුවන් දෙයක්

:       0       0

ඉදුනිල් Friday, 16 November 2012 02:41 PM

පුදුමයි ඒත් ඇත්තයි (ස)

:       0       0

ඉන්දිකා Tuesday, 20 November 2012 12:12 PM

අනේ වාසනාවන්

:       0       0

සුමුදු Wednesday, 21 November 2012 11:08 AM

මට විස්වාස කරන්න එපා

:       0       0

ගයාන් Monday, 03 December 2012 05:21 PM

කොහොමද දෙයියනේ මේ දේවල් අදහා ගන්නේ (දී)

:       0       0

දොන් Saturday, 20 July 2013 11:21 AM

පොඩි කාලේ ඇසූ දේවල් යටි සිතේ තැන්පත් වීමෙන් කරන අනාවරණයක් විය හැකිය (නි)

:       0       0

මොරගල Wednesday, 24 October 2012 07:39 AM

අපේ ආගමට අනුව විශ්වාස කරන්න වෙනවා. (නි)

:       0       0

ලලිත් Monday, 22 October 2012 02:19 PM

මම මේ කතාව විශ්වාස කරනවා (නි)

:       0       0

කුමුදුනී Tuesday, 23 October 2012 12:57 AM

අපේ ආගමට අනුව මමත් මේකට එකගයි. (නි)

:       0       0

නදුන් Tuesday, 23 October 2012 03:08 AM

මමත් මෙහෙම ඒවා විශ්වාශ කරනවා. (නි)

:       0       0

ලංකෝනිස් Tuesday, 23 October 2012 06:59 AM

දැන් මේක තමයි අලුත්ම රැල්ල. (නි)

:       0       0

ලක්මිණි Tuesday, 23 October 2012 12:20 PM

මේක තමයි ඇත්ත. මැරෙන හැම කෙනෙකුටම යළි ඉපදීමක් තියෙනවා. (නි)

:       0       0

‍රොෂාන් Tuesday, 23 October 2012 12:45 PM

දැන් මේකද අළුත්ම රැල්ල? එහෙම කියපු ලං‍කෝනිස්ට ලබන ආත්මෙ ගැන වගක්වත් නැතුව ඇති. පව් අපේ ලංකෝනිස්.පින් කලොත් ලබන ආත්මෙදිවත් සැපවත් වෙයි.මතක තියාගන්න.බුද්ධ ධර්මය අනුව ඉන්න කවුරුවත් ඒක ප්‍රචාරය කරන්න බොරු දේවල් කියන්නැහැ.ඒකට හේතුව ඒවා කිව්වට කිසිම ඵලක් නැති නිසා.බුද්ධිමත්ව හිතල බලන්න.(ස)

:       0       0

ශානිකා Tuesday, 23 October 2012 04:06 PM

තමන්ගේම අම්මාගේම කුසේ නැවත ඉපදෙන්න ඒ දරුවා පිං කරලා තියෙනවා.අනේ තමන්ගේ ආදරණීයයන් ළගට නැවත එන්න හැමෝටම වාසනාව ලැබෙනවා නම් කොච්චර දෙයක්ද? (නි)

:       0       4

ෂිෆා Tuesday, 23 October 2012 07:34 PM

පුලුවන් නම් මෙම දරුවා මුණගැසීමට අවස්ථාවක් සළසා දෙන්න. (නි)

:       0       0

දයා-සවුදි Sunday, 21 October 2012 03:48 PM

පුදුමයි. ඒත් ඇත්තයි. මමද විශ්වාස කරමි. (නි)

:       0       0

සමන්ති Wednesday, 24 October 2012 10:17 AM

කියවනකොට පුදුම හිතුණා. මේක ඇත්ත කියලා මම හිතනවා. (නි)

:       0       0

දීපාල් Wednesday, 24 October 2012 01:25 PM

අපේ ආගමට අනුව මේක ඇත්ත (ස)

:       0       0

ශෂිමාල් Wednesday, 24 October 2012 01:27 PM

මෙහෙම වෙන්න පින් කරලා තියෙන්න ඕනි (ස)

:       0       0

සන්ජීව Wednesday, 24 October 2012 03:36 PM

නිකම් වෙලාව නාස්ති වුණා විතරයි (ස)

:       0       0

සාගර Friday, 26 October 2012 02:46 PM

සංසාර ගමනේ කරපු පිං බෙලන් නැවත ඒ අම්මගෙම වෙලා උපදින්න ඇති. (නි)

:       0       0

අලුත්ගම Friday, 26 October 2012 04:24 PM

‍මේක තමයි නියම බුදු දහමේ සත්‍ය . මේක කාටවත් බොරු කියන්න බෑ. තිරෝකුඩ්ඩ සූත්‍රයේ පැහැදිලිවම කියලා තියෙනවා මේ ගැන (ස)

:       0       0

සම්පත් Friday, 26 October 2012 05:23 PM

කවුද මේ මෝඩ කතා කියන සංජීව ???? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site