X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


රුහුණු පොළොන්නරු රජ මාවතේ නිශ්ශංක ගවුවේ සෙල්ලිපිය

රුහුණේ ජනතාවට අවවාද කරනු සඳහා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (1187-1196) විසින් 12 වැනි සියවසේදී රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මනාවුළුපුරය (වර්තමාන අම්බලන්තොටට යාබද රම්බා විහාරය)  සිට පොළොන්නරුව දක්වා වැටී තිබූ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට ”ටැම්ලිපි” පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාවෙන් අනාවරණය වන ශිලා ලේඛන අතර සුවිශේෂී ශිලා ලිපි වර්ගයක් ලෙස නිශ්ශංකමල්ල ගව්ලිපි, ටැම්ලිපි ගණයට අයත් ගාවුත ලිපි ලෙස හැඳින්වීමට හැක.

විශේෂයෙන්ම රුහුණු වැසියන්ගෙන් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදුවූ බාධාවන්  මෙන්ම එවක රාජ්‍ය තත්ත්වයන් පිළිබඳවත් රුහුණේ මානාවුළුපුරයේ සිට පොලොන්නරුව  දක්වා වැටී තිබූ මාර්ගය පිළිබඳව නිවැරදිව කරුණු අවබෝධ කර ගැනීමටත් නිශ්ශංකමල්ල ගව්ලිපි මගින් ලැබෙනා සේවය ඉතා වටිනේය.

මෙම ගව්ලිපි ක‍්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ අක්ෂර සහිතව ශිලාස්ම්භය අවසානයේ ”නිශ්ශංක ගවුවයි”  යනුවෙන්ම කොටවා තිබීම මෙම ශිලා ලේඛන නිශ්ශංකමල්ල රජුගේම බව පැහැදිලිවම හඳුනාගත හැක.ගව්වක් යනු යොදුනෙන් හතරෙන් පංගුවකි. ගව්වෙන් ගව්ව නිශ්ශංකමල්ලයන් විසින් පිහිටවූ මෙම ලිපි මුළු මහත් රෝහණයෙන්ම. විශාල ලෙස සොයා ගැනීමට පසුකාලීනව හැකියාව ලැබුණි.
මෙම ගව්ලිපි විශේෂය පිළිබඳව ප‍්‍රථමවරට අවධානය යොමුකළ ආචාර්ය එඞ්වඞ් මුලර් නම් අබිලේඛනඥයා (Ancient Ceylon 2005p-125) ප‍්‍රථමයෙන්ම ගව්ලිපි දෙකක් පිළිබඳව ඔහුගේ අවධානය යොමුකළේය. ඒවා නම් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැලිගත්ත නම් ස්ථානයෙන් සොයාගත් ගව් ලිපියත්, ඌව පළාතේ බුත්තලට නුදුරු කටුගහගල්ගේ නම් ස්ථානයෙන් සොයාගත් ගව්ලිපිය පිළිබඳව ඔහුගේ Ancient Inscriptions of Ceylon   නම් කෘතියෙන් කරුණු දක්වා ඇත.
තවද නිශ්ශංකමල්ල ගව්ලිපි පිළිබඳව කරුණු සොයා බැලූ දෙවැන්නා වනුයේ පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන ශූරීන්ය. ඔහු කටුගහගල්ගේ සහ යුදගනාව ස්ථානවලින් සොයාගත් ගව්ලිපිවල කරුණු අධ්‍යනය කර කටුගහගල්ගේ ගව්ලිපියේ සංස්කරණයක්, 1933 වර්ෂයේදී ප‍්‍රකාශයට පත්කළ "Epigraphia Zeylanica” අබිලේඛන සංහිතාවේ තෙවැනි වෙළුමේ දක්වා ඇත.

මෙලෙස සුවිශේෂී වූ ගව්ලිපි  මොනරාගල දිස්ත‍්‍රික්කයේ, තිඹිරිගස්ආර, අතලේ, බකිනිගහවෙල වීදිය, තිඹිරිය විහාරය, පොතුබද්දන විහාරය සහ ඉලූක්කාපුදෙන නම් ස්ථාන හයකින් ද මෙම ගව්ලිපි අනාවරණය කරගෙන ඇත.

 නිශ්ශංකමල්ල රාජ්‍ය පාලනය ගැන කියවෙනා ඉතාමත් සුවිශේෂී වූ ගව්ලිපියක් සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරයෙන් ද හමුවේ. මෙම ගව් ලිපියේ පැති තුනක අක්ෂර කොටවා ඇති අතර අක්ෂර කෙටීමේ පහසුවතකා ඉරිරූල් ගසා  ගල්ටැඹ මටසිලිටු කර නිමවා ඇත.

මෙම ගව් ලිපියේ සාමාන්‍යයෙන් අක්ෂරයක ප‍්‍රමාණය අඟල් දෙකේ සිට දෙකහමාර දක්වා විහිදේ. ගව්ලිපියේ විස්තරය මෙසේය.  

 

සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරස්ථානයේ ඇති නිශ්ශංකමල්ල ගව් ලිපිය

ගව් ලිපියේ පළමු පැත්ත
1. ශ්‍රීං රුණුරජ
2. යෙහි ඇත්ත
3. වුන් කෙරෙහි
4. කරුණායෙන්
5. කියම්හ ධන
6. ධාන්‍යා දැසිදා
7. සයන් ඇති
8. වැ ජීවත්ව
9. න්නා කැමත්
10. තම්භ මයාර
11. ජයෙහි පිටි
12. රජයෙහි ඇ
13. ත්තවුන් අ
14. තින්නින්ද්‍රපරි
15. භවනොඅසා
16. ලොභිවැඅනු
17. න් ගැත්තට
18. අශා නොකො
19. ටැ බත් කෑ බු
20. ලත් කෑ මත
21. ට උධත නො
22. වැරුණෙනි
23. වවාචොයැ
24. සුවාමි ප
25. ක්‍ෂපාත
26. ගැත්තො යැ
27. යි කියවා
28. මනුෂ්‍ය ආ
29. ත්ම ලැබීම


* ගව් ලිපියේ දෙවැනි පැත්ත
1. දුලීලභයැ දු
2. කින් ලත් ආ
3. මයා අනායෙහි
4. නසන භ ධම්ම
5. නොවෙයි සුව
6. යෙන් ජීවත්
7. වන්නා කැමැත්
8. තම්භයි මෙ
9. අවවාද කි
10. යා පඬි රට දෙ
11. වරැුකැගොස්
12. තුලාභාර නැ
13. ගි පාඬි රජ්ජු
14. රුවන්ගෙන්බි
15. සොවරුන් ඇ
16. තුන් අසුන්
17. ආදි වූ අය
18. ගෙනැ සොලී

විහාරාධිපති දෙනගම ධම්මරතන හිමි 


19. රටින් පඬුරු
20. ගෙනැලක්දි
21. වට අවුත්
22. තුන් රජය
* ගව් ලිපියේ තෙවැනි පැත්ත
1. වට කොටස
2. මනොළ ආදි
3. වූ දුර්ග බලා
4. වදාළ කළිග
5. චක‍්‍රවර්තීන්
6. වහන්සෙ තර
7. ම් කළ නිශ්ශං
8. ක ගවුවයි

* අදහස: යහපතක්ම වේවා. රුහුණු රාජ්‍යයෙහි ජීවත් වන්නා වූ ඇත්තන් කෙරෙහි කරුණාවෙන් කියමි. ධන ධාන්‍ය සහ දැසි දස්සන් සහිතව සියලූ සම්පතින් ආඪ්‍යව ජීවත්වීම ඉතා යහපත් වෙයි. මායා රටෙහි සහ පිහිටි රටෙහි ජීවත් වන්නා වූ අයගෙන් නින්දාවට පරිභවට ලක්වීම උචිත නොවෙයි. ලෝභීව අනුන්ගේ දේවල්වලට ආශා කිරීමද රුහුණු වැසියන්ට නොගැලපෙයි.
බත්කෑ බුලත් කෑ පමණින් උද්දච්ච නොවී රුහැණන් ස්වාමි පක්ෂපාති ගැත්තන් විය යුතුය. මනුෂ්‍ය ආත්මය ලැබීම දුර්ලභ වෙයි. දුකින් ලද ආත්මය අර්ථයක් නොමැතිව ජීවත්වීම යහපත් නොවෙයි යනුවෙන් මේ අවවාද ලබා දී පාණ්ඪ්‍ය රාජ්‍යයට දෙවරක් ගොස් තුලාභාර දී පාණ්ඪ්‍ය රජුගෙන් බිසෝවරුන්, ඇතුන් අසුන් ආදී වූ තමාට අයවිය යුතු ලැබීම් ලබා සොලී රටින් ත්‍යාග ලබාගෙන ලංකාවට පැමිණ තුන් සිංහලයම (රුහුණු, පිහිටි, මායා) පැදකුණුකොට සමනොළකන්ද ආදී වූ දුර්ග  බලා පැමිණි කාලිංග චක‍්‍රවර්තී ස්වාමීන් වහන්සේ පිහිටවූ නිශ්ශංක ගව්වයි.

සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරස්ථානයේ දැනට ඉතාමත් සුරක්ෂිතව ඇති නිශ්ශංකමල්ල ගව් ලිපිය පිළිබඳ අදහස් ප‍්‍රකාශ කරනා වතුරුවා රාජමහා විහාරාධිපති පූජ්‍යපාද දෙනගම ධම්මරතන ස්වාමීන් වහන්සේ,

12 වැනි සියවසේ රාජ්‍ය පාලනය කළ නිශ්ශංකමල්ල රජුගේ කාල සීමාව තුළදී එතුමන් විසින් ගව්වෙන්  ගව්වට පිහිටවූ ගව් ලිපි අතරින් ඉතා වැදගත් ගව් ලිපියක් අද වනවිට සෑම දෙනාටම දැක ගැනීමට හැකි ලෙස වතුරුවා රාජමහා විහාරස්ථානයේ පිහිටා තිබීම විශේෂත්වයක් වෙනවා. මේවායින් එකල සමාජයීය පැතිකඩක් මැනවින් විග‍්‍රහ කෙරෙන අතර රාජ්‍ය පාලනය පිළිබඳව ද වටිනා අදහස් ලබා ගැනීමට ද උපකාරී වේ. ලංකා ඉතිහාසයේ නිශ්ශංකමල්ල ගව් ලිපි පිළිබඳ ගවේෂණයකදී සෙල්ලකතරගම ගව් ලිපියෙන් ද විශේෂ කරුණු සොයා ගැනීමට හැකියාව ලැබීම අප ලද මාහැඟි දායාදයක් වේ.

 

ඡායාරූප සහ සටහන - කතරගම විශේෂ රුක්මන් රත්නායක

 



අදහස් (0)

රුහුණු පොළොන්නරු රජ මාවතේ නිශ්ශංක ගවුවේ සෙල්ලිපිය

නීල් රණා Tuesday, 06 August 2013 12:16 AM

රුහුණේ මිනිසුන්වත්, මායා රටවත් 'කාලිංග ලෝකේශ්වර' නම්වූ ඉන්දියානු ආක්‍රමණිකයාව ගණන් ගත්තේ නැහැ. අපි කාලා බීලා හිටපු එක ගැනත්, ඒකට තිබුනේ කුහක ඉරිසියාවක් බවත් එයාගෙම සෙල්ලිපියෙන් තහවුරු වෙනවා. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 10 November 2014 09:25 PM

හෙළදිව ඉතිහාසය සම්බන්ධයෙන් විවිධ විද්වතුන් විසින් ලංකාදීප පුවත්පතේ අපේ උරුමය පිටුවේ මෙතෙක් පළකර ඇති ගවේෂණාත්මක ලිපි සියල්ලම පාහේ මම කියෙව්වා . ඒ අතුරින් ඉහත ලිපිය ඉතා වැදගත් වන්නේ සෙල්ලිපි වල දක්වා ඇති කරුණුය. හෙළයන්ගේ පෞඪ ඉතිහාසය අපේ දරුවන්ටත් දැනගැනීමට හැකිවනසේ අපේ ඉතිහාසය නැවත ලියන ලෙස මා ආයාචනා කරන්නේ කැනඩාවේ සිටය (නි)

:       0       0

සුපුන් Tuesday, 23 September 2014 05:05 PM

නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ අපේ රටේ සංචාරය කළ හොඳ සංචාරකයෙක්. ගොඩක් සෙල්ලිපි විවිධ ස්ථාන වල තියෙන්නේ ඒක නිසයි (නි)

:       0       0

සුපුන් මදුරංග Tuesday, 23 September 2014 05:05 PM

නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ අපේ රටේ ඇවි දපු හොද සංචාරකයෙක්. ගොඩක් සෙල්ලිපි විවිද ස්ථානවල තියෙන්නේ එ්ක නිසා (නදී)

:       0       0

චමන්ද Thursday, 13 February 2014 09:10 PM

අපේ උරුමය දිවි හිමියෙන් රැක ගනිමු (අ)

:       0       0

වික්‍රම Monday, 21 October 2013 04:22 PM

ඒකටත් දෙවියන්ගේම පිහිටයි. (ස)

:       0       0

දිනූෂා Wednesday, 09 October 2013 02:22 AM

රුහුණේ හැටි අපි දන්නේ නැද්ද ස්වර්ණ? (නි)

:       0       0

රුම් Tuesday, 01 October 2013 09:06 AM

ස්තූතියි (නි)

:       0       0

ස්වර්ණ Tuesday, 27 August 2013 10:23 AM

රුහුණ නැත්නම් අද අපේ රටත් නැහැ.... (ස)

:       0       0

සත්‍යා Monday, 19 August 2013 07:19 AM

අද උදාවෙලා තියෙන තත්වය 12 වෙනි සියවසේ සිටි අපේ සිහලුන් දුටුවා. (නි)

:       0       0

සාගර Wednesday, 07 August 2013 05:14 PM

ජාතික උරුමය රැක ගනිමු අනාගත පරම්පරා වලට ජාතියේ උරුමයන් ගැන දැනගැනීම සදහාවත් (නි)

:       0       0

සුදේශ් Tuesday, 12 March 2013 10:49 AM

ඉස්සර රුහුණ හොද ආදර්ශවත් පුරවරයක්. (නි)

:       0       0

සුජාන් Thursday, 20 June 2013 03:02 PM

කොහොමත් ඉතින් අපේ ජාතියට උරුම නිශ්ශකමල්ල රජ්ජුරුවන්ගේ දේ තමා. වළගම්බා රජ්ජුරුවන්ගේ ඒවා වෙන අයට උරුම වුනානේ. (නි)

:       0       0

මංජුල Thursday, 13 June 2013 10:22 AM

මෙවැනි ස්ථාන රැකගැනීම අපගේ යුතුකම වේ.(ස)

:       0       0

සමන් Friday, 31 May 2013 08:30 AM

අපේ උරුමේ ලිපි පලකරන්න (අ)

:       0       0

පොල්සම්බෝල Tuesday, 28 May 2013 04:50 PM

අපේ සිංහල උරැමය සුරකිමු බොහොම ස්තුතියි.

:       0       0

නුවන් Wednesday, 22 May 2013 07:26 PM

මේ අපේ ඉතිහාසයයි (නි)

:       0       0

ටෂ්මි Friday, 17 May 2013 08:27 AM

මෙම ලිපිය මට බොහොම වැදගත් වුණා‍. බොහොම ස්තූතියි. (නි)

:       0       0

ඉන්දික Monday, 15 April 2013 03:36 PM

අපේ සිංහල උරුමය සුරකිමු (නි)

:       0       0

දිලිප් Thursday, 04 April 2013 05:00 PM

ඒ කියන්නේ දැන් රුහුණත් හොද නැද්ද? (නි)

:       0       0

නිත්‍යා Friday, 22 March 2013 11:35 AM

අපේ අතීත උරුමයන් සුරකිමු (ස)

:       0       0

මේනක Thursday, 21 March 2013 11:58 AM

මේ අපේ උරුමයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site