පුරුදු පරිදිම මිදුලට ආ තනුජා බිත්තියේ හේත්තු කර තිබුණු ඉදල අතට ගත්තේ මිදුල අතුගෑමට. නිවෙසේ ඉදිරියට පැමිණි ඇය මිදුල පුරා ඒ මේ අත විසිරී තිබුණු කොළ රොඩු අතුගා දැම්මේ පොල් අත්තක හැඬේට.
මිදුල අතුගාන තනුජාගෙ සායෙ ඇගෙ දරුවා දුවගෙන ඇවිත් එල්ලූණා. තනුජාට ඒක කරදරයක්. බාධාවක්.
‘‘හා හා... යන්න යන්න. අම්මා අතුගානකං අර පුටුවෙ වාඩිවෙලා ඉන්න. කරදර නොකර’’ තනුජා තම දරුවාට කිවුවෙ තරහකින් නෙමෙයි.
ඒත් ඒ කිසිදේකට දරුවා කන් යොමු කළේ නැහැ.
හොඳ පුතා වගේ ගිහින් අක්කා එක්ක සෙල්ලම් කරන්න. තනුජා නැවත වරක් තම පුතුට කියා සිටියේ ටිකක් තීව‍්‍ර හඬකින්. එයින් ඇය උත්සාහ කළේ දරුවා යම් මට්ටමකට බිය ගැන්වීමටයි.
ඉන් අනතුරුව තනූජා ආලින්දය දෙසට නෙත් යොමු කළා. එවිට තම දරුවන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටිනු ඈ දුටුවා.
ඒ අසල තනූජාගේ අම්මා බුලත්විටක් හපමින් නිවෙස ඉදිරියේ වාඩිවී පාරදෙස බලමිනුයි සිටියෙ. ඒ මොහොතේ තනූජා අතුගා එක්කළ කුණු කසළ වත්ත පහළට ගෙන ගොස් දැම්මා. වැඩ අවසන්වෙද්දි ඇයගේ ඇඟ දහදියෙන් තෙත් වෙලයි තිබුණෙ.
ඉන්පසුව නැවත මිදුල දෙසට පැමිණි තනූජා පාර දෙස බලා කල්පනා කරන්නට වුණේ සනත් නිවෙසට පැමිණෙන අයුරුයි. ඇයට එය චිත්ත රූප මවන්නක් සේ දැනෙන්නට වුණා. ගෙදර වැඩ කිරීමෙන් පසු ළමුන් දෙදෙනා නිදි කරවන ඈ ආලින්දයට පැමිණ පුටුවක ඈදිගන්නේ සිතට යම් නිදහසක් ලබාගන්නටයි. සනත් වැඩ ඇරී ගෙදර එන්නේ සවස 4.30 පමණය. ඔහු ඒ ගෙදර එන විට නිවෙසට අවශ්‍ය දේවලූත්, දරුවන්ට රස කැවිලිත් රැුගෙන එන අතර ඔහුගේ පැමිණීම දරුවන්ටද මහත් අස්වැසිල්ලකි.
ඇතැම් දිනක ඔහු නිවෙසට ගොඩවන විට තනූජාට පුටුව මතම නින්ද ගොස් සිටියේ ඇයටත් නොදැනුවත්වම. ඒ සමහරදාට ආලින්දයට පැමිණෙන සනත් තමයි ඇයව අවදි කරන්නෙත්.
තනූජා, දුවේ.
අම්මාගේ කටහඬත් සමග මෙතෙක් ඇය එළඹ සිටි සිහිනලෝකය බිඳවැටිණි.
‘‘ඇයි... අම්මේ’’
‘‘මේ තේ ටික බීලා ඉන්න.’’
කුස්සිය දෙසට යන තනූජා අම්මා විසින් සාදාදෙන ලද තේ කෝප්පය ගෙන බොන්නට සැරසුණේ සනත්ගේ මතකයත් සමඟින්.
පුතා නැතිවෙලා අවුරුදු දෙකකුත් වෙන්න ආවා. පන්සලට දානයක් දෙන්න ඕන. තනූජාගේ අම්මා එසේ පැවසුවේ තේ කෝප්පය හිස් කරන අතරතුරය.
ඔව් අම්මෙ වැඩිය නැතත් පොඩියට හරි දානයක් දෙන්න ඕන. කව්ද හිතුවෙ සනත් මේ තරම් ඉක්මනට අපිව දාලා යයි කියලා. ගහක්, ගලක් වගේ හිටපු මනුස්සයනෙ.
එසේ පැවසූ තනූජාට එදා සිදුවූ දුක්බර සිදුවීම සිහියට නැෙඟන්නට විය.
වැඩ ඇරී ගෙදර ආ සනත් තම කාමරය වෙතට ගිය හැටි, අනතුරුව මහ හඬක් ඇසී ඇය කාමරයට දිවගිය හැටිත් ඒ මොහොතේ සනත් පපුව අල්ලාගෙන ඇඳ අසල වැටී සිටිය හැටිත් සිතුවම් පෙළක් මෙන් ඇයට දිස්වන්නට විය.
‘‘සනත්’’ සනත් ඇය සිය සැමියා බදාගෙන කෑගැසූ හඬ යළිත් මතක් වෙන්නට විය. එය මතකයට නැෙඟන සෑම මොහොතක් පාසාම තනූජාගේ දෙනෙතට කඳුළු ඉනුවේ ඇයටත් නොදැනීමය.
එදින තනූජා සනත් ළඟ වැටීගෙන හඬ නඟද්දී ඒ හඬ ඇසී එතැනට ඇයගේ අම්මාද දිව එන්නට වුණා.
අනතුරුව හිතට දැඩි ශක්තියක් ගෙන සනත් ළඟ තම මව නතර කර ඇය අසල නිවෙසක් වෙත දිවගියේ ත‍්‍රීවිලරයක් ගෙන්වාගෙන ඔහුව රෝහල වෙත රැගෙන යාමටයි. ඉන් අනතුරුව ඇය නිවෙසට පැමිණියේ ගියාටත් වඩා වේගයෙන් අඩියට දෙකටය. ඇය ඒ එනවිටත් සනත් තරමක සුවයක් ලබමිනුයි සිටියෙ.
බයවෙන්න එපා තනූජා මේ පපුවෙ පොඩි ඇවිලිල්ලක්. සනත් එලෙස පැවසුවේ බිඳුණු ස්වරයකිනි.
ඒ මොහොතේ ඇස්වල කඳුළු පුරවාගත් තනූජා සනත්ගේ පපුව පිරිමදින්නට වුණේ දැඩි සෙනෙහසකින් යුක්තවයි.
අපි යමු බෙහෙත් ටිකක් ගන්න. මම හොඳටම බයවෙලා හිටියෙ සනත්. දැන් තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. තනූජා එසේ පැවසුවේ මෘදු ස්වරයෙන්.
”දැන් මට හොඳයි.” සනත් තනූජා දෙස බලා ආයාසයෙන් සිනාසෙමින් පැවසුවේ ඇයගේ මුහුණට ළංවෙමින්.
එහෙම කියලා බෑනේ මම ත‍්‍රීවිලර් එකක් කතා කරන් ආවෙ. අපි කෝකටත් ගිහින් බෙහෙත් ගමු. ඒක හොඳයිනෙ. එතකොට බයක් වෙන්න දෙයක් නෑනේ.
අනතුරුව ලක ලැහැස්ති වී ත‍්‍රීවිලරයට ගොඩවැදුණු සනත් සහ තනූජා නිවෙසින් පිටවුණේ තම මවට දරු දෙදෙනා බලාගැනීමට බාර කරමිනි.
එසේ රෝහල වෙත ගෙන ගිය සනත් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නවතාගෙන තිබුණි.
ඔහුගේ මේ හිටි හැටියෙම අසනීප වීම ගැන තනූජාට ඇතිවුණේ දැඩි බියක්. ඇය ඒ ගැන කල්පනා කරන්නට වුණේ ඇගේ සිතේ තියෙන දුක වේදනාව සිතේ තුරුලූ කරගනිමින්.
සනත් එලෙසට රෝහලටවී ප‍්‍රතිකාර ගනිද්දි ඔහුට උදේටත්, දවල්ටත්, රාත‍්‍රියටත් කෑම රැුගෙන යන්නට වුනෙත් ඇයටමයි. එලෙස දිනපතා රෝහලට යන තනූජා වෛද්‍යවරයාගෙන් අසනීප තත්ත්වය පිළිබඳ විමසා බැලූවා.
එලෙසින් අසනීප තත්ත්වය ගැන විමසූ තනූජාට වෛද්‍යවරයා පැවසූ දෙය ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්.
හිත කලබල කරගන්න එපා. ලෙඩාගෙ තත්වෙ ටිකක් හොඳ මදි. මොළේ නහරවල ලේ කැටි හිරවෙලා. අපිට කරන්න පුළුවන් හැමදේම කරනවා ලෙඩා වෙනුවෙන්.
ඒ මොහොතේ ඇයට කරකියාගන්නට කිසිදු දෙයක් තිබුණෙ නැහැ. දෙනෙතේ කඳුළු කැට මුහුණ දිගේ රූරා වැටුණෙ ඉතාමත් ශෝකාකූල බව දනවමින්.
අඬන්න එපා. අපි හොඳ කරගන්න බලමු. ලෙඩාව ගොඩක් සතුටින් තියන්න. දුක හිතෙන දේවල් එහෙම කියන්න එපා.
වෛද්‍යවරයා තනූජාට එසේ පැවසුවේ ඇය අස්වසමින්.
වෛද්‍යවරයාගේ එම ප‍්‍රකාශයෙන් තනූජාගේ හදවත නැවතුනාක් මෙන් වුණා. සනත් තමාගෙන් ඈත්වී යාවිදෝ යන සිතිවිල්ල ඇගේ සිතේ හොල්මන් කරන්නට පටන් ගත්තේ ඒ මොහොතේය.
සනත් රෝහලේ සිටිනවා දැනගත් ඔහුගේ යහළුවන්, නෑදෑයන් බොහෝ දෙනෙක් දිනපතාම රෝහල වෙත ඇඳී එන්නට වුණේ සනත් කාගෙත් සිත දිනාගත් සුහදශීලී පුද්ගලයෙක් නිසා.
සනත් එලෙසට සතියක් පමණ රෝහලේ ප‍්‍රතිකාර ලබද්දි වෙනදාමෙන් ඔහුට කෑම රැුගෙන යන තනූජා රෝහල වෙත යාමට පිටත් වුණේ දැඩි කලබලයෙන්.
ඇය පසුපසින් ආ යතුරු පැදියක් හදිසියේම ඈ අසලින් නැවැත්තුවා.
”ආ... ග‍්‍රාමසේවක මහත්මයනෙ... මම ඒත් බැලූවා මේ කව්ද කියලා.”
”දැන් කොහොමද සනත්ට?”
”දැන් නම් ටිකක් හොඳයි.”
”මමත් බලන්න එන්න ඕන. ඒත් මේ වැඩත් එක්ක නිවාඩුවක් ලැබුණෙ නෑ.”
සනත්ගේ අසනීප තත්ත්වය හිටි හැටියෙම නරක අතට හැරෙමිනුයි තිබුණෙ. තනූජා එදින රෝහල් වාට්ටුවට යන විටත් වෛද්‍යවරු සනත්ගෙ ඇඳ වටා එක් රැස්වෙලයි හිටියෙ.
තනූජා ඇඳ ළඟට යාමට උත්සාහ කළත් එයට ඉඩක් ලැබුණෙ නැහැ. ජීවිතයත් මරණයත් අතර සිටි සනත් බේරා ගැනීමට වෛද්‍යවරු කොතරම් වැර දැරුවත් එය සාර්ථක වුණේ නෑ.
අවසානයේ සනත් තනූජාත් දරුවන් දෙදෙනාත් තනිකර නොඑන ගමනක් යන්නෙ ඔවුන්ගේ පවුලේ සැමට දැඩි වේදනාවක් ඉතුරු කරමින්.
තනූජාගේ ඒ ජීවිත කතාව ඇයට මුල සිට අග දක්වාම සිහියට නැඟුණේ ඒ ආකාරයෙන්.
ඒ මොහොතේ ඇයගේ දෙනෙතින් ගලාගිය කඳුළැලි ඇය දකුණතින් පිසදැම්මේ සනත්ගේ මරණය නැවතත් ස්මරණය කරමින්.
සනත් සේවය කළේ සමෘද්ධි නියාමකවරයෙක් විදියට. ඔහුගේ මරණයෙන් පසු විශ‍්‍රාම වැටුප් සෑම මසකම තනූජාගේ අතට ලැබුණා. නමුත් ඒ මුදල දරුවන් දෙදෙනාටත්, ඇයටත්, අම්මාටත් ජීවත්වීමට ප‍්‍රමාණවත් වුණේ නැහැ. ළමයින්ගේ පාසල් ගමනටත්, ගෙදර අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමටත් මුදල් මාස්පතාම වැයවුණා. ඔවුන් ජීවත් වුණෙත් කුලී ගෙදරක.
ඒ සියල්ල එසේ සිදුවෙද්දි සනත්ගේ මරණින් පසුව ගමේ ග‍්‍රාම සේවක වූ සුනිල් තනූජාට බොහෝ සෙයින් කුළුපඟ වුණා. පාර තොටේ හමුවූ විටද දුක සැප සොයා බලන්න අමතක කළේ නැහැ.
සුනිල් එක්දරු පියෙක්. ඔහුගේ බිරිය නගරයෙ අධ්‍යාපන කාර්යාලයක සේවය කළ ලිපිකාරිනියක්. බිරිඳ නිතර රාජකාරියට කැපවී සිටි නිසා සුනිල් යම්කිසි පාළුවකින්, තනිකමින් තමයි හිටියෙ.
සුනිල් තනූජාට බෙහෙවින් ඇළුම් කළේ ඇගේ රූප ස්වභාවයට. දරුවන් දෙදෙනෙකුගේ මවක වුවද තනූජාගේ රූපයත් ශරීර විලාසයත් අවිවාහක තරුණියකගේ විලාසයක් පෙන්නුම් කළා.
එසේ දින, සති, මාස ගණන් ගතවෙද්දි සුනිල් ඈ ගැන සොයා බලා ඇගේ නිවෙසට යන්නත් පුරුදු වෙලයි හිටියෙ. ඔහුගේ උදව් උපකාර ඇය මුලදී ප‍්‍රතික්ෂේප කළත් පසුව එසේ නොකරන්නට හේතු වුණේ සුනිල්ගෙ පෙරැත්තය නිසා.
සුනිල්ගේ මේ සැලකිල්ල නිසා තනූජාගේ ගෙදර අගහිඟකම් දුරුවී මුදල්වලට අමතරව හාල්, පොල්, එළවළු කිසිම අඩුවකින් තොරව ලැබෙන්නට වුණා.
ඔහුගේ මේ හොඳ ගතිගුණවලටත්, පරිත්‍යාගශීලීත්වයටත් තනූජාගේ සිත ඔහු වෙතට කාන්දමක් මෙන් ඇදී ගිහිනුයි තිබුණෙ. ඇය ඔහුට ගොඩක් සමීප වුණා සේ දැනෙන්නට වුණා. ඇය කවදාවත්ම සනත්ගෙන් පසුව වෙන පිරිමියෙක් දෙස බැලූවෙ නැහැ.
විවාහකයකු වූ සුනිල් කෙරේ ඇගේ සිත තදින් බැඳුණෙ ඇයිදැයි කියන්නටත් ඇය සමත්වුණේ නැහැ. ඇයගේ සිත සුනිල්ට පෙම්කරන්නට වුණේ ඇයටත් හොරෙන්.
සනත්ගේ ආදරය අහිමිවූ තනූජාගේ ජීවිතයට සුනිල්ගේ පැමිණීම ලොකු අස්වැසිල්ලක් වුණා. ඇය ඔහුට ගොඩක් ඇලූම් කළා. ඔහුත් ඇයට එසේම ඇලූම් කරන්නට වුණා. ඔවුන්ගේ සබඳතා එලෙස වැඩිදියුණු වෙද්දි දෙදෙනාටම ඔවුන් එකිනෙකා නැතිව ඉන්න බැරිවුණා. අවසානයේ දෙදෙනා ඔවුනොවුන්ට පේ‍්‍රම කරන්නට පටන් ගත්තා. තහනම් ආදරයේ සුව විඳින්නට වුණේ ඒ අතරවාරෙදි. සනත්ගේ වියෝවෙන් ඇයට ලැබුණු දුක්ගින්න තරමක් හෝ සමනය වුණේ සුනිල් තමාට ළං වූ පසුව බව ඇයටම දැනෙන්ට වුණා. තමා මේ කරන්නෙ වැරැුද්දක් බව සිතන්නට තරම් ඇයට බුද්ධියක් තිබුණෙ නැහැ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රූපයට පෙම් බැන්ද ග‍්‍රාම සේවක
සලිත ප්‍රසාද් Thursday, 20 August 2015 12:11 PM
මේ මොකක්ද ? (නදී)
කුමාර Thursday, 20 August 2015 05:22 PM
සමාජයේ වෙන්න පුළුවන් දෙයක්. කෙනෙක් මේ වරදේ බැඳිලා ඉන්නවා නම් මේක දැක්කොත් එය තේරුම් අරගෙන ඒක හදාගනීවි (නි)
ප්‍රසාද් Thursday, 20 August 2015 09:50 PM
ග්‍රාමසේවකගේ පවුල් අවුලක් අතළඟ බවයි මට නම් පෙනෙන්නේ. තමන්ගේ බිරිය මියගිය සැමියෙක් මේ පවුලට නීත්‍යානුකූලව සම්බන්ධ වුණා නම් දෙපැත්තටම සාධාරණයි. (නි)
නිශානි Friday, 21 August 2015 02:55 AM
අනේ මන්දා මේවා! (නි)
ටියුඩර් Friday, 21 August 2015 04:02 AM
හැඟීම් දැනීම් දැනෙන මිනිසුන් ඇති සමාජයක මෙවන් දේවල් ගැන පුදුම වියයුතු නැත (නි)
අසෝකා Sunday, 23 August 2015 10:12 AM
මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කරන්නේ වරදක් තමයි. මේ කතාව බලල තමන්ගේ වරද හදා ගන්නවා නම් ඔවුන් තමන්ගේ දරුවන්ට හෝ සෙතක් කලා කියල හිතන්න පුළුවන්. (ම)
ධම්ම Monday, 24 August 2015 04:57 AM
ග්‍රාමසේවකලා විස්වාස කරන්න අමාරුයි. ඔවුන් පොලීසියේත් නොවෙයි, පරිපාලනයේත් නොවෙයි, මහජනතාවත් නොවෙයි.(නදී)
නදී Monday, 24 August 2015 09:57 AM
හැගීම් දැනීම් අැතිවෙන පලියට මෙවැනි තත්වයන් අැති වුනොත් එවැනි අයගේ දරුවන්ට බිරියන්ට මොකද වෙන්නේ එවැනි හැගීම් දැනීම් මිනිසාට පාලනය කරගැනීමට හැකි විය යුතුයි.(හේ)
අජිත් Monday, 24 August 2015 02:40 PM
මෙය අනුමත කළ නොහැක. හැගීම් දැනීම් පාලනය කරගන්ට තමයි ආගම ධර්මය තියෙන්නේ. ඒවා පිලිපදින්ට ඕනේ.(හේ)