X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 11 වන බදාදා


ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නිදහස් සැමරුම්

මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමඟ නීතිගත විය.

සෑම වසරක් පාසාම පෙබරවාරි 04වන දින ශ්‍රී ලාංකිකයන් සමරනු ලබන්නේ ශ්‍රී ලංකාවට නිදහස උදාවීමේ මතක සැමරුමයි. මෙවර අභිමානයෙන් යුතුව සමරනු ලබන්නේ නිදහසේ 73වන සංවත්සරයයි. ඔබ අප මතකයේ රැන්දූ විශේෂිත සිදුවීම් සමඟින් සමරන ලද නිදහස් උත්සව කිහිපයක් පිළිබඳ තොරතුරු මේ ලිපිය ඔස්සේ දිග හැරීමට අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම 1948 පෙබරවාරි 04 වනදා ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තාවකාලිකව ඉදිකළ ශාලාවකදී පැවැත්විණ. ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ මේ ඵෙතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරන  ලදී.  ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර්ගේ සහභාගීත්වයෙන් උත්සවය ආරම්භ විය. ප්‍රථම නිදහස් සමරු දින නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස තේරීපත් වූ ඩී. එස්. සේනානායක මහතා ගුවන් විදුලිය ඔස්සේ ලංකාවාසීන් අමතන ලදී.  එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රමුඛ අදහසක් වූයේ ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ඉදිරියට ගෙන යාමට සියලු ජාතීන් අතර සමඟිය පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි. ප්‍රථම නිදහස් දින උත්සවය ඇරඹුවේ එදින උදෑසන 7.00ට වන අතර පළමුව මෙරට පළමු ආණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර් දිව්රුම් දුණි.

‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය මෙරට ජාතික ගීය ලෙස තෝරා ගැනීමෙන් පසුව ප්‍රථමවරට ගායනා කොට ඇත්තේ 1949 පෙබරවාරි 04 දින පැවැත්වූ මෙරට දෙවන නිදහස් සමරුවේදීයි. එය ගායනා කරන ලද්දේ ටොරින්ටන් චතුරස්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය වෙනුවෙන් පැවති උත්සවයේදී ය. ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත වර්තමානයේ අප ජාතික ගීතය වන නමෝ නමෝ මාතා ගීය 1940 දීී රචනා කර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයීය සිසුන් තුළ ජාතික හැඟීම වැඩි වර්ධනය කිරීම සඳහාය. කොළඹ මියුසියස් විද්‍යාලයීය සිසු දරුවන් 50 දෙනෙක් විසින් නමෝ නමෝ මාතා ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ මෙරට දෙවන නිදහස් සමරු උළෙලේදීය.

1815 මාර්තු 02වන දා බිම හෙළුවේ සිංහලයේ පැරණි ජාතික කොඩියයි. සිංහල රාජ්‍ය ඉංග්‍රීසීන් විසින් පවරා ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සිංහලයේ පැරණි ජාතික කොඩිය ඉංග්‍රීසීන් යටතට ගැණුනි. මෙරට සඳහා නිල වශයෙන් ජාතික කොඩියක් තෝරා ගැනීම සඳහා ජාතික ධජ කමිටුව නමින් විශේෂ කමිටුවක් 1948 වසරේදීම පත් කරන ලදී. 1950දී ධජ කමිටු වාර්තාව රජය වෙත බාර දුන් අතර 1951 දී එම වාර්තාවේ සඳහන් ජාතික කොඩිය මෙරට නිල ජාතික කොඩිය වන බව පිළිගන්නා ලදී. එම නිර්දේශයන්ට අනුව මෙරට සුළු ජාතිකයන් නියෝජනය සඳහා කොළ සහ තැඹිලි පැහැති වර්ණ තීරු 02ක් එක් කරමින් නැවත ප්‍රතිනිර්මාණය කළ ජාතික කොඩිය 1952 වසරේ පැවති නිදහස් උත්සවයේ ලෙළ දුනි. හය වැනි ජෝර්ජ් රජුගේ අභාවය එම මස සිදු වූ බැවින් ගිනි කෙළි සංදර්ශනවලින් තොරව සරල සහ චාම් අයුරින් එය පවත්වන්නට යෙදුණි.

1961 වසරේ මෙරට මෙන්ම සමස්ත ලෝකයේද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීයි. එවකට ජාතික ගීයේ මුල් වචන අරඹයා විවිධ මතභේදාත්මක අදහස් පළ වූ අතර නමෝ නමෝ හි ‘න’ ආරම්භ වන බැවින් නමෝ නමෝ යන්න වෙනුවට ‘ශ්‍රී ලංකා මාතා’ යන වදන් එක් කරමින් 1961 දී ජාතික ගීයේ වචන රචකයාගේ අනුදැනුමකින් තොරව වෙනස් කරන ලදී. එබැවින් මහනුවර පැවැත්වූ නිදහස් උලෙළේදී ජාතික ගීයේ අනුවාදනය පමණක් වාදනය කෙරුණු බවද සඳහන්ය.

1978 වසර මෙරට පළමු විධායක ජනාධිපතිවරයා අභිෂේක ගැන්වූ වසර විය. එනම් ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලද්දේ ද 1978 වසරේ නිදහස් දිනයේදී වීම විශේෂ අවස්ථාවකි.

1998 වසරේ මෙරට නිදහස් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ මහනුවරදීය. නමුත් නිදහස් දිනට දින කිහිපයකට මත්තෙන් දළදා මාළිගාවට දරුණු කොටි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එබැවින් මහනුවර පැවැත්වීමට නියමිතව තිබූ නිදහස් උළෙල කොළඹදී පැවැත්විණි. රුදුරු ත්‍රස්තවාදී භීෂණය අතරතුර සැමරූ නිදහස් දින සෑම එකක්ම පාහේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂිතය.

ත්‍රස්තවාදය මෙරටින් මුලින් උපුටා දැමීමත් සමඟ 2010 වසරේ සැමරූ මෙරට 62 වන නිදහස් සමරුව අභිමානයෙන් යුතුව සැමරූ තවත් නිදහස් දිනයකි. 30 වසරක් මු`ඵල්ලේ මෙරට ජනයා පීඩාවට පත් කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කිරීමත් සමඟ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ එම නිදහස් දිනය උත්කර්ෂයෙන් යුතුව සමරන ලදී.

2021 වසරේ සැමරෙන මෙරට නිදහසේ 73 වන සමරුව ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟී සියලු ජාතීන්ගේ එකමුතුභාවය තුළින් අභිමානවත් ලෙස සැමරිය යුත්තකි.


(*** හෂිනි ඉරේෂා ගුණවර්ධන)

 



අදහස් (0)

ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නිදහස් සැමරුම්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site