X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලංකාවේ අලි බලන විදේශීය තරුණියෝ

හෙණ්ඩුවක් අතින්ගත් විදේශීය යුවතියක දහ, දහ කියමින් අලියකුගේ කරේ දම්වැල අල්ලාගෙන ඔය දෙසට පිය නගනු දුටුවිට ඒ ගැන තොරතුරු සොයන්නට මගේ සිතට අදහසක් නැගුණි. සුදු කාන්තාව මෙම අලියා රැගෙන ගියේ අලි නාවන ඔයටය. අලියාද ඇගේ බසට කීකරුවී කටයුතු කළේය. මෙම දර්ශනය දැක ගන්නට හැකිවුණේ කෑගල්ල රන්දෙණිය උපාලි එලිෆන්ට් විලේජ් ආයතන භුමියේය. මෙම සුදු කාන්තාව හා තරුණයන් ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයන්ය. ඔවුන් එංගලන්තය, කැනඩාව, පින්ලන්තය හා ඇමෙරිකාව යන රටවල්වලට අයත් වූවන්ය. මොවුන් මෙරටට පැමිණ අලින් රඳවා සිටින ස්ථානවල නැවතී කුමක් කරන්නේද යන්න තොරතුරු සොයා බැලීම සඳහා මෙම ස්ථානයේ අයිතිකරු වන උපාලි දිසානායක මහතා හමුවූයෙමි. ඒ මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ”පින්නවල අලි අනාථාගාරයට යන කෑගල්ල රඹුක්කන මාර්ගයේ පදිංචි වෙලා ඉන්නවා. දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් මේ මාර්ගයේ දිනපතා ගමන් ගන්නවා ඔවුන් පින්නවල අලි අනාථාගාරයට ගිහින් අලි පැටවුන්ට කිරි පොවල අලි නාවනව බලල ආපසු යනවා. ඔවුන්ට නැවති ඉන්න පහසුකම් තිබුණත් දවස් ගණන් නැවතිලා අලි ගැන අධ්‍යාපනයක් ලබන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන දැන ගන්න උන්ගේ පිටේ නැගල සංචාරයක් කරන්න අවශ්‍ය පහසුකම් තිබුණේ නැහැ. මම පුංචිවිම අලියකු තියාගෙන එහෙම තැනක් පටන් ගත්තා. ඊට පස්සේ මෙතනට ආව බොහො විදේශීය සංචාරකයන්ට අවශ්‍ය වුණා අලින් හසුරුවන ක‍්‍රම අලින්ට කථා කරන භාෂාව ඉගෙන ගන්න ඒ විතරක් නොවෙයි අලින් ගසක බඳින්න, අලින් නාවන්න ඉගෙන ගන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. මෙම ඉල්ලීම ගැන මා ටිකක් කල්පනා කරල ප‍්‍රදේශයේ ඉන්න දක්ෂ අලි බලන්නන් (ඇත් ගොව්වන්) කිහිප දෙනකු කැඳවා මේ ගැන සාකච්ඡා කළා. මොකද අලින් කියන්නේ තිරිසන් සත්තු. මෙරටට පැමිණෙන විදේශිකයන්ට අලියකු පහර දුන්නොත් ඒක මේ රටට විතරක් නොවෙයි. සංචාරක ව්‍යාපාරයටත් කැළලක්. ඒ අනුව අත්දැකීම් බහුල අලින්ට ආදරය කරන ඇත් ගොව්වන් හතර පස් දෙනෙක් මගේ ආයතනයට බඳවා ගත්තා. අලි හතර දෙනකුද සොයා ගත්තා. මේ අයට එක් එක් අලියා බාර දුන්නා. පැත්තක ඉඳන් මම අධීක්ෂණය කළා. මෙම ඇත්ගොව්වන් අලින්ව බලාගන්නේ කොහොමද අලින්ට පහර දෙනවද කියල අලින්ට පහරදිල හෙණ්ඩුවෙන් ඇනල අලි බය කරල පාලනය කරන්න බැහැ. එහෙම වුණාම අලියට කේන්ති ගිය වෙලාවට එයා ඇත්ගොව්වන්ට විතරක් නොවෙයි සාමාන්‍ය මිනිසුන්ට පවා පහර දෙන්න පුළුවන්. ටික දවසක් යනකොට ඒ අයත් තේරුම් ගත්ත මං බලාපොරොත්තු වෙන දෙය. පසුව විදේශීය ස්වේච්ඡා සංවිධානවල පිරිස් පැමිණ අපේ ආයතනයේ හෝ එහෙම නැත්නම් වෙනත් ස්ථානයක නැවතිලා උදේට ඇවිත් අලින් ගැන අධ්‍යයනයක් කරන්න පටන් ගත්ත. ඔය විදිහට තමයි අලි බලන්නන් හැටියට පුරුදු පුහුණු වෙන්න විදේශීය පිරිස් මෙහාට එන්න පුරුදු වුණේ. එහෙම කියල එන්න යන්න ඒ අය අලින් පාලනය කරන්න ඉගන ගන්න හැටි කියල අප එක්කගෙන ගියා. මෙරට පැමිණ සිටි ස්වේච්ඡා සංවිධානයේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කළේ නෙදර්ලන්ත ජාතික ටිම් මහතා ඔහුත් සමග පැමිණ සිටින කණ්ඩායම 05 දෙනකුත් එංගලන්ත තරුණියන් දෙදෙනකුත්  ඕස්ටෙ‍්‍රලියා තරුණියක් හා නෙදර්ලන්ත තරුණයකුත් වුණා. මෙම කණ්ඩායමේ අලින්ගේ භාෂාව හොඳට හසුරුවන්න පුළුවන් දෙන්නකු හිටිය. ඒ තමයි  ඕස්ටේ‍්‍රලියා ජාතික නතාලි අවු 26 හා බි‍්‍රතාන්‍ය ජාතික මෙගන් අවුරුදු 18 යි. මේ දෙන්න හෙණ්ඩුවක් අරගෙන අලින් අරගෙන යනව ඔවුන්ව නාවනව. අලි පන්තියට ගෙනිහින් බඳිනවා. මේ සියල්ල කරන්නේ හරිම සතුටකින්. මේ දේවල් කථා කරමින් සිටින අතරේ මෙම කණ්ඩායමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන නෙදර්ලන්ත ජාතික ටිම් මහතා සමග කතාබහක යෙදෙන්න හැකිවුණා. අප ස්වේච්ඡුා සංවිධානයක සාමාජික සාමාජිකාවන්. අප මේ රටට ආවේ ජුනි මාසයේ. දැන් මාස 6 කට ආසන්න කාලයක් මෙහි රැුඳී ඉන්නවා. අලින් නාවන්න. ඒ අයට කන්න දෙන්න ඒ අය ගස්ගාව බඳින්න. අපට පුළුවන්. අප සතුන්ට ආදරෙයි සතුන්ද අපට ආදරෙයි. එයාලට අප කියන දේ තේරෙනවා. ඉතින් සතුන් එක්ක අප දවස ගෙවන්නේ හරිම සතුටෙන්. අපේ කණ්ඩායමේ අය අලින් ඉන්න තැන් සුද්ධ කරනවා ඒ අයත් පිරිසුදුව ඉන්න  ඕනේ. මෙම විදේශීය පිරිස අලින් හසුරුවන්න උගන්වන මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ඇත් ගොව්වා වන ඩබ්ලිව්. කරුණාරත්න මහතාද හමුවූයෙමි. කරුණාරත්න මහතාගේ වයස අවු. 55ක් වන අතර අවුරුදු 26ක්ම අලි බලන්නා ලෙස කටයුතු කර ඇත. ප‍්‍රධාන ඇත් ගොව්වා වන ඩබ්ලිව්. කරුණාරත්න මහතා- මගේ තාත්තත් අලි බැලූවා. මගේ අයියා මල්ලි පුතා බෑනා මේ ඔක්කොම අලි බලල තමයි ජීවිතය ගෙන යන්නේ. අලි අපේ ජීවිතයේ කොටස්කරුවන්. මගේ තාත්තා මිය ගියෙත් අලියෙක් පහරදීල. මේ සතුන් ගැන හරි අවධානයකින් ඉන්න  ඕනෑ. මම මුලින්ම නාරම්මල පැත්තේ අලියකු බැලූවේ. ඊට පස්සේ තමයි මෙහාට ආවේ. දවසක් මටත් අලියකු ගහන්න හැදුවා. මම අලිය නාවන්න ඔයට දැම්මා. එක පාරටම අලිය සැරෙන් මට ගහන්න හැදුවා. මම පස්සට වෙලා අලිය මෙල්ල කරගන්න උත්සාහ කළත් පැය දෙකක් විතර කාලයක්ම අලිය මට පහර දෙන්න හදනව මමත් අලියාගෙ පස්සට වෙලා කොහොම හරි බේරිලා ඉඳල කකුලට දම්වැලක් දමල ගහක බැඳ ගත්තා. මේ අය එක්ක ඉන්නකොට හොඳ සිහියෙන් වගේම අවධානයෙන් ඉන්න  ඕනෑ. ඒ අයට වතුරට යන්න  ඕනෑ වෙලාව අත් දැකීමෙන් දැන ගන්න  ඕනෑ.මගේ මල්ලිත් මෙතන අලි බලනවා.  ඕනෑම අලියකුගේ උස අලියාගේ ඉදිරි පාදයේ පොළවට පෑගෙන කොටසේ වට රවුම් වගේ දෙකක් උසයි.  ඕනෑම අලියකුගේ ඉදිරි පා සළකුණු බලල අලියගේ උස තීරණය කරන්න පුළුවන්. ඉස්සර කැලේට ගිහින් අලින් අල්ලන්න ගියාම අලින්ගේ අඩිපාර බලල තීරණය කරනව මේ හරියෙ ඉන්න අලිත් මෙච්චර උසයි. මේ වගේ වයස් කාණ්ඩයේ අය තමයි ඉන්නේ කියල. ඉතින් මේ විදේශික තරුණ පිරිස් මෙහාට ඇවිත් ඉස්සෙල්ලම අලින්ගේ හැසිරීම් ඒ අයගේ ජීවන රටාව ඉගෙන ගන්නවා. ඊළඟට අලි පන්තිය (අලි පන්තිය කියන්නේ අලි බඳින ස්ථානය) සුද්ධ කරනවා. මෙහෙම ටික දවසක් ඉන්නකොට අලියටත් ඒ අය හුරුවෙනවා. ඒ වගේම විදේශිකයන්ද අලින්ට තියෙන බිය ටිකක් නැති කරගන්නවා. මෙහෙම ඉන්නකොට අලිය අප අරගෙන යන කොට ඒ අයත් පස්සෙන් එනවා අපි අතේ කෝටුව තියාගෙන විදේශිකයා අතට හෙණ්ඩුව දෙනවා. හෙණ්ඩුවට අලිය ටිකක් බයයි. ඊට පස්සෙ දහ දහ කියල කියන්න උගන්නනවා. මේ අය විදේශිකයන් නිසා දහ දහ කියල කිව්වට එක පාරටම ඒක කියාගන්න බැහැ. හැබැයි ටික දවසක් ගියහම පුරුදු වෙනවා මෙයාල දහ දහ කිව්වට අලිය ඉදිරියට යනවා. හෝව් හෝව් කිව්වම අලිය නවතිනවා.  මේ විදියට තමයි අලින්ව පාලනය කරන්න උගන්වන්නේ. මේ අයත් ඉගන ගන්න  ඕනෑ නිසා උනන්දුවෙන් භාෂාව ඉගන ගන්නවා. දහ කියන්නේ ඉදිරියට යන්න. හෝව් නවතින්න, උද්දෙරි හොඬය ඔසවන්න, බිලxකකුල ඔසවන්න, බිල උද්දෙරි-කකුල හා හොඬය උස්සන්න. හිද- නිදාගන්න, උද්දේරි හිද්මා හොඬයට වතුර අරන් ගහන්න. මේ විදිහට තමයි මේ අය ඉගන ගන්නේ යැයි ඔහු ප‍්‍රකාශ කළේය. මෙම විදේශිකයන්ට අලින් හසුරුවන්න ඉගැන්වීම සඳහා නුවන් සංජීව, සුනිල් සමරසිංහ, නවරත්න බණ්ඩාර යන ඇත් ගොව්වෝද සහය වෙති.

එස්. ගමසිංහ ආරච්චි කෑගල්ල අතිරේක
නතාලි - ඕස්ටේ‍්‍රලියා ජාතික තරුණිය අලි නෑවීමට යන විදේශීය තරුණියෝ අලි නැහැවීම උපාලි දිසානායක



අදහස් (0)

ලංකාවේ අලි බලන විදේශීය තරුණියෝ

සෑම් Tuesday, 04 December 2012 06:11 PM

විදේශිකයන් ඇවිල්ල ඕනෑම ඉල්ලීමක් කලොත් ඒක ඉෂ්ට කලයුතුමද? මේක අලින්ට කරදරයක්.... නොබෝදිනකදී අලි කුලප්පුවෙලා විදේශිකයන් එකෙක් දෙන්නෙක් මැරෙනකන්ද බලධාරීන් බලාගෙන ඉන්නෙ??? අපේ බලධාරීන්ට දුරදක්නා නුවනක් නැතිවීම ගැන අපේ කණගාටුව.... (ස)

:       0       0

ප්‍රනාන්දු Friday, 01 February 2013 09:29 PM

උවමනාව හා කැමත්ත තියනවනමි ඉගනගන්න පුළුවන්.(නදී)

:       0       0

රිස්වි Sunday, 30 December 2012 08:10 PM

අපි අලි වුණා නම්.... (නි)

:       0       0

ගාමිණි Sunday, 09 December 2012 10:43 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ගාමිණි Saturday, 08 December 2012 09:20 PM

අලි නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ලයනල් Saturday, 08 December 2012 12:15 AM

අලි බලන්න ඇවිත් එක මිසක් (දී)

:       0       0

දුමින්ද Friday, 07 December 2012 10:43 AM

සුබ පැතුම් (ස)

:       0       0

ශාන්ත Friday, 07 December 2012 07:53 AM

දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

හේමන්ත Thursday, 06 December 2012 10:28 AM

ගෑණුන්ටත් හෙන්ඩුව නැතුව අලි බලාගන්න බෑ වගේ (ස)

:       0       0

ස්‍රජීව Wednesday, 05 December 2012 01:10 PM

1 වෙනි ෆොටෝ එකේ ඉන්න අලියනම් හරි වාසනාවන්තයි (ස)

:       0       0

මාන්නප්පෙරුම Wednesday, 05 December 2012 07:59 AM

අලියාගේ තරම නොදැන තමයි ඔය (දී)

:       0       0

අමරා ඉරංගනී Tuesday, 04 December 2012 09:44 PM

මටත් පේන්නේ මේ අලි ටික සුදු පාටට වශීවෙලා වගේ (ස)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 02 December 2012 04:51 PM

හොඳයි. ඒත් ටිකක් පරිස්සමින්. අවධානයෙන් ඉන්න ඕනි (ස)

:       0       0

ගිම්හානි Tuesday, 04 December 2012 10:20 AM

ඒ වැඩේ තියෙන අමාරුව තේරෙන්නත් එක්ක හොදයි (දී)

:       0       0

සංජිව Tuesday, 04 December 2012 06:46 AM

සුන්දර දසුනක් (දී)

:       0       0

හිල්ම් Monday, 03 December 2012 09:41 PM

මටනම් හිනාත් යනවා කමක් නැහැ ළමයින්ගේ ආසාවනේ (දී)

:       0       0

මුතු Monday, 03 December 2012 07:27 PM

හැබැයි විදේශිය කාන්තාවෝ අලින්ගෙන් පරිස්සම් වුනත් ඔය ඇත් ගොවුවන්ගෙන් හුගාක් පරිස්සම් වෙන්න ඕනා මන්ද ඇත්ගොවුවාට මදකිපුනොත් ඉතා බයානකයි..(ස)

:       0       0

ගයනි Monday, 03 December 2012 06:49 PM

මේ ළමයින්ට වෙන වැඩ නැද්ද (දී)

:       0       0

දිනේෂ් Monday, 03 December 2012 04:25 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

රොහාන් Monday, 03 December 2012 12:34 PM

වෙන කවුරුත් හිටියෙම නැද්ද (දී)

:       0       0

සනත් Monday, 03 December 2012 09:56 AM

මොකද්ද අප්පා මේ විකාරය (දී)

:       0       0

සෝමා Sunday, 02 December 2012 11:09 PM

මේක අහම්බෙන් සිදුවුණ ඇත්තක්. අලින් හසුරුවනකොට හාල් කීලෝඑකක් හෝ වැලි අරගෙන යන්න. අලියා කුලප්පු වුනොත් එම ද්‍රව්‍ය අලියාගේ ඔලුවට වැටෙන්න සලස්වන්න. එතකොට අලියා මෙල්ලවේ. (ස)

:       0       0

බුද්ධික Sunday, 02 December 2012 07:25 PM

මේ අලි ටික නම් හරිම වාසනාවන්තයි (ස)

:       0       0

ලීලා Sunday, 02 December 2012 05:39 PM

පුලුවන්නම් කමක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site