X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලී කුඩු-ගස් මුල්වලින් චිත‍්‍ර අදින කලාකරුවා

වත්තල හැඳල පදිංචි ඩග්ලස් වීරසිංහ මහතා චිත‍්‍ර, කැටයම්, බිත්ති සැරසිලි, මංගල සුබපැතුම්පත්, පෝරු ආදී තල නිර්මාණ කිරීමේ දක්‍ෂයෙකි. සැවැන්දරා මුල්, නෙළුම් රේණු, පත්පාඩගම්, පුස්කොල, මානෙල් රේණු ආදී ඖෂධ මුල්වලින් වළිකුකුලෙක් නිර්මාණය කළ ඔහුට එම නිර්මාණයටත් 2007 වසරේදී ජනාධිපති සම්මාන උළෙලේදී ප‍්‍රථම ස්ථානය හිමි වී ඇත. ඔහු තම නිර්මාන ගැන මෙසේ කීය. මට වයස අවුරුදු 59 යි. මම පාසල් යන අවධියේ නව නිර්මාන සඳහා යොමු වුණේ. මගේ ගම බදුල්ල. මම පාසල් යන කාලේ පොඩි පොඩි නිර්මාණ කරන්න පටන් ගත්තා. ඒ කරපු නිර්මාණයක් දැකල ව්‍යාපාරිකයෙක් ඒ නිර්මානය මට මුදල් දීලා ගත්තා. ඔහු මට උපදෙස් දුන්නා මගේ දක්‍ෂතා දියුණු කරගන්න කියලා. ඔහු මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයෙක්. පසුව ඔහු මට ඇණවුම් අරන් දුන්නා. මම බදුල්ලේ මැණික් ව්‍යාපාරිකයින්ට මගේ නිර්මාණ අලෙවි කරන්න පටන් ගත්තා. කලාකරුවා විසින් නිර්මාණය කළ නිර්මාණ අතර විශේෂත්ව වන්නේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස මහත්වරුන්ගේ රූපත්, නිළිරැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ රූපයත් පිදුරුගස්වලින් ලී කුඩු-ගස් මුල්වලින් චිත‍්‍ර අදින කලාකරුවා නිර්මාණය කර තිබේ. මෙම කලාකරුවා පිදුරු, ගල්කුඩු, ගස්වල පොතු, කොළ ආදී ස්වභාවික දෑ උපයෝගී කරගෙන නිර්මාණ රැසක් ඉදිරිපත් කර ඇති අතර මෙම නිර්මාණවලට ජනාධිපති සම්මාන වලට අමතරව ජාතික ශිල්ප සභාව පවත්වනු ලබන විශ්ව කර්ම සම්මාන, ලක්සැල රජත ජයන්ති සම්මාන, සංචාරක හා කුඩා කර්මාන්ත ඩග්ලස් වීරසිංහ මහතා ලබා ඇති සම්මාන සහ සහතික පත් සමග. අමාත්‍යාංශ ජනාධිපති සම්මාන, කර්මාන්ත, සමාජසේවා හා සංස්කෘතික අමාත්‍යාංශ සම්මාන හා රූපවාහිනී සම්මාන උළෙල ආදී සම්මාන උළෙලවලදී ලබා ඇති සම්මාන අතිමහත්ය. ඡායාරූප හා සටහන - වත්තල සරත් චින්තක



අදහස් (0)

ලී කුඩු-ගස් මුල්වලින් චිත‍්‍ර අදින කලාකරුවා

මෙරංජන් Wednesday, 18 January 2012 12:04 PM

විශිෂ්ඨ වැඩක්..

:       0       0

සංජය Wednesday, 18 January 2012 11:53 PM

වැඩකාරයෝ ඔහොම තමා

:       0       0

Nadee Thursday, 19 January 2012 10:18 AM

හරිම ලස්සනයි. දේශීය දේවල් නිසා තවත් අගය කරනවා. තව තවත් මේ වාගේ දෙවල් කරන්න මුළු හදවතින්ම සුභපතමි

:       0       0

නවෝදය.කොම්. Friday, 20 January 2012 05:48 PM

කලා කරැවෙකු විදිහට මමත් මෙම නිර්මාණ අගය කරනවා .අති විශිෂ්ඨයි.

:       0       0

තිලක් නන්දන Saturday, 07 July 2012 09:47 AM

ඇත්තටම මෙන්න වැඩකරැවෝ.. ඔබට සුභපැතුම්....!!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site