(කාංචන කුමාර ආරියදාස)
දැනට විදේශ රටවලින් මෙරටට ඇනවුම් කොට තිබෙන රසායනික පොහොර බෙදාහැරීමේදී දේශීය ලොකු ලූනු ගොවියාටද එම පොහොරවලින් යම්කිසි ප්‍රමාණයක් ලබාදී භූමිත තෙල් මිල දී ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සකසන ලෙස අනුරාධපුර, මාතලේ, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල දේශීය ලොකු ලූනු ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටිති.
දේශීය ලොකු ලූණු වගාව සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති අවස්ථාවක නැවත රජය කෙරෙහි තැබූ විශ්වාසය මත දේශීය ලොකු ලූනු ගොවීහු යම් මට්ටමකින් ලූනු වගාවට අවතීර්ණ වී සිටිති.
ඒ අනුව අනුරාධපුර, මාතලේ , මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍රමාණයක් දේශීය ලොකුළ ලූනු පැල සිටුවීම මේ දිනවල ගොවීන් විසින් ආරම්භ කර තිබේ.
දේශීය ලොකු ලූනු නිෂ්පාදනය කිරීම නිසා විදේශ රටවලට මෙරටින් ගලායන ඩොලර් විශාල වශයෙන් ඉතිරි වන බව පෙන්වා දෙන ගොවීන් කියා සිටියේ ගොවිතැන තමන්ගේ රැකියාව නිසා එය අහිමි කරගැනීමට නොහැකි නිසා වහාම ඉදිරි වි වගාව සඳහා මෙරටට ගෙන්වන රසායනික පොහොරවලින් යම්කිසි ප්‍රමාණයක් ඉතා සුළු වශයෙන් සිටින දේශීය ලොකු ලූනු වගාවට ලබාද දීම සිදු කළ යුතු බවය.
එමෙන්ම ලූනු වගාවට අත්‍යවශ්‍ය වන ජලය සපයා ගැනීම සඳහා භූමිතෙල් හෝ ඩීසල් ඉන්ධන පිරවුම්හල්වලින් ලොකු ලූනු ගොවීන් සඳහා ලබා ගැනීමට යම්කිසි සාධාරණ වැඩපිළිවෙළක් සකසා දුනහොත් මේ මාස තුන හමාරක් ගත වෙද්දී දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම සිදු කළ හැකි බවය
එවිට මෙරට ඇති ඩොලර් සංචිතය ලොකු ලුණු සදහා විදේශ රටවලට ගලා යන එක සම්පූර්ණයෙන්ම නැවතී දේශීය ලොකු ලූනු වලින් මාස ගණනාවක් ජනතාවට ආහාර සපයා ගැනීමට හැකිවන බව ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දන්වා සිටිති
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොකු ලූනු ගොවියාගෙන් ඇමතිට පණිවිඩයක්