X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


ලොකුම භෝජනාගාර සේවය සහ ලොකුම ලොන්ඩි‍්‍රය

 

06_page_15-th

 

ගුවන් ගමනක යෙදෙන විට බොහෝ මගීන් බලාපොරොත්තු වන්නේ, එම ගුවන් ගමනෙහි ආස්වාය විඳ ගැනීම පමණක් නොවේ, ගුවනෙහිදී ලැබෙන සත්කාරය, සේවා සහ ආහාර - පාන ගැන ද වඩාත් උනන්දු වේ. ඒ සියල්ල අමතක නොවන ගුවන් ගමනක සොඳුරු සැමරුම් වන්නේය. නමුත් ගුවනෙහි දී ලබාදෙන ආහාර - පාන සකස් කිරීම සහ පිළියෙල කිරීම නම් ඒ සුන්දරත්වයට එහා ගිය සංකීර්ණ ක‍්‍රියාවලියක් වෙයි. එය සුපිරි තරු හෝටලයක ඇති භෝජනාගාර සේවයටත් එහා ගිය විශේෂී ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් කෙරෙන ක‍්‍රියාවලියකි. එලෙසින් ගුවන් සේවා සඳහා භෝජනාගාර සේවාව ලබාදෙන ආයතන අතරින් ශ්‍රී ලන්කන් කේටරින් හෙවත් ශ්‍රී ලන්කන් භෝජනාගාර සේවයට ලැබී ඇත්තේ ප‍්‍රමුඛස්ථානයකි. ඒ එම සමාගම ආහාර - පාන පිළියෙල කිරීමේදී අනුගමනය කරන සුවිශේෂි ක‍්‍රම වේදයන් නිසාය. 

 

airport01


එහෙත් මෙහිදී කටයුතු කෙරෙන විදිය මෙහි සේවය කරන සේවක පිරිසට හැර පිටස්තර කිසිවකුට හෝ දැන ගත නොහැකිය. ඒ මොන වගේ හේතු නිසාද? මෙහිදී ආහාර - පාන පිළියෙල වන්නේ කෙසේද? මේ ගැන දැනුම්වත් කිරීම සඳහා මාධ්‍යවේදීන් පිරිසක් හට පසුගියදා අවකාශය ලැබිණි. ඒ ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ බලධාරීන්ගේ ඇරයුම පරිදිය. ශ්‍රී ලංකාවේ වඩාත් කාර්යබහුල භෝජනාගාර සේවය සහ විශාලතම ලොන්ඩි‍්‍රය ද සතු එහිදී කටයුතු කෙරෙන අයුරු අප සටහන් කරනු ලබන්නේ මෙලෙසිනි. 


ශ්‍රී ලංකන් කේටරින් ආයතනය පිහිටා ඇත්තේ, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිශ‍්‍රයට යාබදවය. මේ ශ්‍රී ලංකන් කේටරින් ආයතනය වෙත පිටස්තර කිසිවකු හට ඇතුළු වීමේ අවසර නැත. කේටරින් හෙවත් භෝජනාගාර සේවයේ රාජකාරී කටයුතුවල යෙදෙන අයට පවා ඊට ඇතුළත්වීමේදී විශේෂිත ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. ආහාර - පාන පිළියෙල කෙරෙන ස්ථාන වෙත ප‍්‍රවේශවීමට පෙර මෙම සේවක පිරිස විශේෂිත ආරක්‍ෂණ ක‍්‍රමවේදයක් පිළිපැදිය යුතු අතර රාජකාරී අවස්ථාවලදී පැළඳීමට විශේෂිත ඇඳුම් කට්ටලයක්ද ඇත.


බොහෝ විට ආයතනයකට සේවකයින් පැමිණීමේ දොරටුව සහ පිටත්වීමේ දොරටුව තනා ඇත්තේ එක් ස්ථානයක වන නමුදු මේ ආයතනයට පැමිණීමට ඇති දොරටුවෙන් පැමිණීමට හැර, කිසිවකුට හෝ නැවත පිටත් විය නොහැකිය. එලෙසින් දැඩි ආරක්‍ෂක ක‍්‍රමවේදයක් සැලසුම් කර ඇත්තේ විෂබීජ ඇතුළු වීම වළකාලීම වෙනුවෙනි.


‘‘අපි මෙම භෝජනාගාර සේවය වෙතින් සේවය ලබා දෙන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණක් නොවේ, තවත් ගුවන් සමාගම් ගණනාවකට සේවය ලබා දෙනවා. එනිසා ආහාර - පාන සැකසීමේදී විශේෂිත ආරක්‍ෂණ ක‍්‍රමවේද භාවිත කෙරෙනවා. සියයට සියයක්ම ආහාර - පානවල ප‍්‍රමිතිය තිබිය යුතුයි. ගුවනේදී ආහාර - පාන ආසාත්මික වීමක් කිසිසේත්ම සිදු නොවීමට වග බලා ගැනීම අපගේ ප‍්‍රධාන වගකීමයි.’’ 


ශ්‍රී ලන්කන් කේටරින්හි අංශ භාර ප‍්‍රධානීන් වගකීම් සම්බන්ධව හෙළිදරව් කරන්නේ එලෙසිනි. මෙම ආයතන පරිශ‍්‍රය වෙත ඇතුළු වීමට පෙර අපට ද වෙනම ලෝගුවක් සහ හිස් ආවරණ පැළදීමට සිදුවිණි. සේවක පැමිණීමේ අංශයේ කටයුතු ගැන පැහැදිලි කර දුන් පසුව ඊළඟට ඔවුන් අප කැඳවා ගෙන ගියේ එළවළු, පලතුරු සහ ආහාර - පාන සැකසීම සඳහා අමුද්‍රව්‍ය රැගෙන එන ස්ථානය වෙතය. එතැන ද දැඩි ආරක්‍ෂණ ක‍්‍රමයක් පවත්වාගෙන යයි. ශීත කන්ටේනර් හෙවත් බහාලූම් මඟින් ගෙන එනු ලබන එළවළු - පලතුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය තැන්පත් කර තැබීමට ශීත ගබඩා 68ක් පමණ තිබේ. එක් x එක් අමුද්‍රව්‍යවලට අදාළව වෙන් - වෙන් වශයෙන් ගබඩා කර තබයි. නමුත් ඒ සියල්ල ගබඩා කිරීමට පෙර එළවළු, පලතුරු සහ අනෙක් අමුද්‍රව්‍යයන්හි තත්ත්වය මැන බැලීම මුලින්ම සිදු කරයි. පළුදු හෝ අනාවරණය වූ කිසිවක් ශීත ගබඩා කරා යැවෙන්නේ නැත. මාංශ වර්ග සහ අධි ශීතකරණයන්හි ගබඩා කළ යුතු ද්‍රව්‍යය සඳහා අධි ශීත ගබඩා කාමර 12ක් පමණ තිබේ.


SLD_20141207_B018බිත්තර ගබඩා කර තැබීමේදී සෑම බිත්තරයකම සලකුණු යොදා තිබේ. ඒ අනුව නිෂ්පාදිත දින සහ යොදා ගත යුතු දින ඒවායේ සටහන් කොට තිබේ. මෙම ශීත ගබඩාවල සහ අමුද්‍රව්‍ය තබා ඇති විශාල රාක්ක වෙන් - වෙන් වශයෙන් රඳවා තිබේ. විවිධ ගුවන් සේවා සඳහා ආහාර - පාන සැකසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ-ඒ ගුවන් ලාංඡුන යටතේ ඇති රාක්කවල ගබඩා කර ඇත්තේ පරිහරණයේදී ඇති පහසුව නිසාය. ඒ හැරත් එක් - එක් ගුවන් සේවා සඳහා යොදා ගනු ලබන්නේ එකම වට්ටෝරුවක අමුද්‍රව්‍ය හෝ ආහාර - පාන නොවීම තවත් හේතුවකි. 


අමුද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයෙන් අනතුරුව ඊළඟට අප ප‍්‍රවේශ වූයේ ආහාර පිළියෙල කෙරෙන ස්ථානය වෙතය. මැස්සකුට හෝ කෝඳුරුවකුටවත් එතැනට ඒමට අවකාශය නැත. පිසින ලද සහ පිළියෙල කරන ආහාර - පාන ඇසුරුම් කිරීමට පෙර, ඒවායේ පිරිසිදු බව තහවුරු කර ගනී. ඒ සඳහා රස පරීක්‍ෂණ කටයුතු සහ ප‍්‍රමිතිය සියල්ල ගැන පරීක්‍ෂණ පැවැත්වීමට මීට යාබදව වෙනමම ස්ථානයක් තිබේ. ආහාර පාන ඇසුරුමට සුදුසු ද නැතිද යන වග තීරණය වන්නේ රස පරීක්‍ෂක හෝ එදින සේවයේ නියුතු පරීක්‍ෂිකාවගේ අනුමැතිය යටතේ පමණි. 


ආහාර පාන සියල්ල ඇසුරුම් ගත කෙරෙන්නේ අදාළ ගුවන් සේවා මගීන් වෙත පිළිගන්වනු ලබන වට්ටෝරුවලට අදාළවය. හැඳි, ගෑරොප්පු සියල්ල ඇතුළු වට්ටෝරුව පිළිගැන්වීමේදී ලබාදිය යුතු සියල්ල ගුවන් සේවාවලට අදාළව වෙනස් වේ. ඒ අනුව ඇසුරුම් කිරීම සිදුවෙන්නේද ඒවාට අදාළවය. 


පළමු වැනි පංතියේ සහ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන්ට අදාළව ආහාර පාන පිළියෙල කිරීම සහ ඇසුරුම් කිරීම ද වෙනස් වේ. ආහාර පාන ඇසුරුම් කිරීමෙන් අනතුරුව ඒවා බහාලන්නේ ගුවනේදී යොදා ගන්නා විශේෂිත ට්‍රොලි සහිත බහාලූම්වලය. ඒ සියල්ල ඊළඟට අදාළ ගුවන් යානය වෙත යවයි. 


ගුවනේදී ආහාර - පාන රැුගෙන එන මෙම ට්‍රොලි මෙන්ම, භාවිතයට ගත් සියල්ල පිරිසුදු කිරීමේ ස්ථානයක් වෙනමම තිබේ. එම ට්‍රොලි සහ බහාලූම් සියල්ල පිරිසුදු කිරීම එහිදී කෙරෙන කාර්යය වන්නේය. මෙලෙසින් වූ කර්තව්‍යයේ අවසනට එළැඹීමට පෙර, අපට තවත් ස්ථානයක් වෙත යා යුතුව තිබිණි. ඒ ශ්‍රී ලංකන් භෝජනාගාරය සතු විශාල ලොන්ඩි‍්‍රය වෙතය.


එය ඒරෝ ක්ලීන් ලෙස නම් කර තිබේ. ගුවනේදී මගීන් වෙත පිළිගන්වනු ලබන බ්ලැන්කට්ටුවේ සිට සියලූ රෙදි පිළි සෝදා පවිත‍්‍ර වීම සිදු කෙරෙන්නේ එහිදීය. නවීනතම රෙදි සෝදන යන්ත‍්‍ර, රෙදි මැදීමේ සහ වියළා ගැනීම සඳහා වූ යන්ත‍්‍ර විශාල සංඛ්‍යාවක් මේ ලොන්ඩි‍්‍රය සතුය. මෙහි ඇති රෙදි සෝදන යන්ත‍්‍ර අප ගෙදර දොර භාවිත කෙරෙන ප‍්‍රමාණයේ ඒවා නොවන්නේය. ලිනන් වර්ගයේ රෙදි ඇතිරිලි කිලෝ ග්‍රෑම් 215ක් පමණ මිනිත්තු 50 ක දී සෝදා ගැනීමේ පහසුව ඇති යන්ත‍්‍ර මෙහි අඩංගුය. වියළා ගැනීමේ සහ මැදීම සඳහා වු යන්ත‍්‍ර ද එලෙසින් වූ ඒවාය. මෙම ලොන්ඩි‍්‍රය පැය 24 පුරාවටම විවෘතව තිබේ. පැය 24 පුරාවටම සේවය ලබාදීමට සිදුවීම ඊට හේතුවය. මාසයේ කිසිදු දිනෙක මෙය වසා තබන්නේ නැත. එක් දිනෙකට කිලෝ ග්?ම් 6,500ක ධාරිතාවයකින් යුතු රෙදිපිළි තොගයක් දිනපතා සේදීමේ සහ වියළීමේ මෙන්ම පිළියෙල කිරීමේ කටයුත්ත සිදුවේ. 


එමිරේට්ස්, සවුදි, මැලේසියා, බි‍්‍රතාන්‍ය, කොරියන්, තුර්කි,  ඕමාන්, මිහින් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා සඳහා මෙම ලොන්ඩි‍්‍රය වෙතින් සේවා සැපයෙයි. මෙම ලොන්ඩි‍්‍රයේ ඇති ධාරිතාව අනුව ගුවන් සේවා සමාගම්වලට පමණක් සීමා නොවී, රටේ වෙනත් සමාගම් වෙත ද සේවය ලබාදීම බලධාරීන්ගේ අරමුණය. ඒ මඟින් දැනට උපයන ලාභයටත් වඩා විශාල මුදලක් උපයා ගත හැකි බව ඔවුනගේ අරමුණ වේ.


ගුවන් ගමනකදී ලබන ආස්වාදය මෙන්ම ගුවනේදී ලැබෙන සත්කාරයන්හිදී ආහාර පාන පිළිගැන්වෙනතුරු මගීන් මහත් රුචියෙන් පසුවෙයි. ඒ වෙනුවෙන් ආහාර පිළියෙල වීමේ ක‍්‍රියාවලිය නම් මෙතරම් සංකීර්ණ නොවන වග ඔබ දැන සිටින්නනට ඇත. නමුත් අප මේ සටහන් කළේ ඒ ක‍්‍රියාවලිය කෙරෙන ආකාරයයි. මේ සටහනේ නිමාවට පෙර ශ්‍රී ලංකන් කේටරින් එකේ දිනෙකදී පිළියෙල කරනු ලබන වට්ටෝරුවලට අදාළ ආහාර ඇසුරුම් සංඛ්‍යාව 15,000ක් පමණ වේ. ගුවන් යානා 75කට පමණ මෙම සේවය දිනපතා ලබාදෙයි. 

 

06_page_15

 

ආහාර - පාන රඳවා තබා ගැනීම සඳහා භෝජනාගාර ස්ථාන 19ක් සහ ශීතකරණ ගබඩා 12ක් පමණ යොදා ගනී. ශ්‍රී ලංකන්, මිහින් සහ ඊට අමතරව අන්තර්ජාතික ගුවන් සේවා 12කට පමණ ශ්‍රී ලංකන් කේටරින් සේවය ලබා දෙන අතර, වාර්ෂික රුපියල් බිලියන ගණනක ආදායමක් ලබන බව මෙහි ප‍්‍රධාන විධායක සරත් ප‍්‍රනාන්දු ඇතුළු බලධාරීහු පවසති.එසේ නම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන්නේ කෙසේද? එය වෙනම සමාගමක් වන අතර ශ්‍රී ලන්කන් කේටරින් ඊට අයත් නොවන වෙනමම සමාගමක් වීම ඊට හේතුව බව මෙහි ප‍්‍රධානීහු පවසති. එලෙසින් කටයුතු කෙරෙන ශ්‍රී ලන්කන් කේටරින්හි කටයුතු සහ සේවා මීටත් වඩා පුළුල් කිරීම ඔවුන්ගේ අරමුණු වෙයි.


ස්තුතිය:- ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප‍්‍රධාන විධායක ඇතුළු පාලනාධිකාරියට සහ මාධ්‍ය කළමනාකාර - දීපාල් වී. පෙරේරාට.

 

 

sandun-gamage

 



අදහස් (0)

ලොකුම භෝජනාගාර සේවය සහ ලොකුම ලොන්ඩි‍්‍රය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site