X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


ලොව පළමුවැනි පරිගණකය

 

ඇමෙරිකා හමුදාවේ පළමු පරිගණකය (1943 දී)

 

අද පරිගණකය (කම්පියුටරය) ගැන නොදන්නා කෙනෙක්වත් භාවිත නොකරන කෙනෙක්වත් සොයා ගත නොහැකි තරමට එය ප‍්‍රචලිත වී තිබේ. එහෙත් එහි අතීතය දන්නා අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුය.

  සැබැවින්ම පරිගණකයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. කම්පියුටරය යන වචනය මුලින්ම යොදා ගනු ලැබ ඇත්තේ  1613 දී ඉංගී‍්‍රසි ලේඛකයකු වූ රිචර්ඞ් බ්‍රෙනෙඞ් විසින් රචිත ද යන්ග් මහන්ස් ග්ලීනින්ස් නම් වූ පොතේය.”මම ඇත්තම කම්පියුටරයක් දුටිමි. ඒ  හුස්ම ගන්නා එකම කම්පියුටරය ඔබේ දහසක් දේ කෙටි අංකයක් දක්වා අඩුකරයි.

ඔහු සිය පොතේ එසේ සඳහන් කොට තිබුණේ ගණනය කිරීමට දක්‍ෂ යම් පුද්ගලයෙකු පිළිබඳවය. ”කම්පියුට්” යන ඉංගී‍්‍රසි වචනයේ අර්ථය ගණනය කිරීමය.

කොලොසස් කම්පියුටරය
ඒටනාසොෆ් බෙරී කම්පියුටරය

කම්පියුටර් යනු ගණනය කරන්නාය. විසි වැනි සිය වසේ මැද භාගය දක්වාම කම්පියුටර් වචනය යෙදුණේ ගණිතයෙහි දක්‍ෂයාටය. ඉනික්බිතිව  එය ගණනය කිරීමේ යන්ත‍්‍රය සඳහා යොදා ගනු ලැබිණි.

කම්පියුටර් සංකල්පය මිනිස් සිත් තුළ ජනිත වූයේ 19 වැනි සියවසෙහිය. 1940 ගණන් වන විට එම සංකල්ප නවීකරණය වෙමින් යථාර්ථයක් බවට පත් වූයේය.

 1930 දී ඩොලිස් නිල් හි තැපැල් කාර්යාල පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කළ ඉංජිනේරුවකු වූ ටොමී ෆ්ලවර්ස් දුරකථන හුවමාරුව සඳහා  විද්‍යුත් තාක්‍ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා  බැලීය. 1934 දී පර්යේෂණ මට්ටමේ උපකරණයක් නිපදවීමට ඔහු සමත් වූයේය. දුරකථන හුවමාරු ජාලය සඳහා මෙය යොදාගනු ලැබුවේ තවත් අවුරුදු පහකට පසුවය. එය විද්‍යුත් දත්ත පද්ධතියක් බවට පත් කිරීමට රික්තක නාල දහස් ගණනක් යොදා ගැනීමට  සිදුවූයේය.

ඇමෙරිකාවේ ජෝන් වින්සන්ට් ඒටනාසොෆ් සහ ක්ලිෆර්ඞ් ඊ.බෙරී විසින් ඉයෝවා ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස 1942 දී ඒටනාසොෆ් බෙරී කම්පියුටරය (ABC)  බිහි වූයේය. ප‍්‍රථම  විද්‍යුත්  අංක ගණන උපකරණය වශයෙන් එය වාර්තා වී තිබේ. මේ සඳහා රික්තක නාල 300ක් යොදාගෙන  තිබූ අතර එහි යම් මට්ටමක මතක  ගබඩාවක්ද තිබිණි.

දෙවැනි ලෝක යුද සමයේ දී ජර්මන් හමුදාවේ සන්නිවේදන කි‍්‍රයාවලියට බාධා කරන්නට බි‍්‍රතාන්‍ය විසින් කම්පියුටර් තාක්‍ෂණය යොදා ගනු ලැබිණි. යුද්ධය සඳහා එය වඩාත් කි‍්‍රයාශීලීව යොදා ගැනීම සඳහා පර්යේෂණ කිරීමට ෆ්ලවර්ස්ට බාර දෙනු ලැබුවේ ඉනික්බිතිවය. 1943 පෙබරවාරි මාසයේ මුල් කාලයේ සිට මාස එකොළහක් තිස්සේ වෙහෙසුණු ඔහු පළමු කොලොසස් කම්පියුටරය නිපදවූයේය. නිශ්චිත වැඩසටහන් සැලැස්මක් සහිත ප‍්‍රථම විද්‍යුත් අංක කම්පියුටරය වන්නේ කොලොසස්ය. එහෙත් එය සම්පූර්ණ කම්පියුටරයක් නොවිණි.

වඩාත් වේගවත් හා නම්‍යශීලි කම්පියුටරය ලෙස වාර්තාවී ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලැබූ ENIAC ය. මෙයද මුල්කාලීනව යොදා ගනු ලැබුවේ ඇමෙරිකාවේ යුද හමුදාවේ ගණනය කිරීම්වලටය. නොයෙකුත් උපාංග යොදා ගනිමින් මෙය සංවර්ධනය කළේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජෝන් මෝච්ලි සහ ප්‍රෙස්පර් එකර්ට්ය.

 මේ යන්ත‍්‍ර එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම වර්ග මූලය සෙවීම ආදී ගණනය කිරීම් වේගයෙන් කළ හැකි වූයේය.  එහි මතකය වචන 20ක් (බයිට් 80ක්)  විණි. මෙය කි‍්‍රයාකාරී තත්ත්වයට ගෙන ඒමට ඔවුන්ට වසර දෙකක් ගතවී තිබිණි.

අද කම්පියුටරය අතේ හෝ සාක්කුවේ ගෙන යා හැකි තරමටම කුඩා වුවද එදා ඔවුන් විසින් නිපදවන ලද යන්ත‍්‍රය අතිවිශාල විය. එහි බර ටොන් 30කි. ඒ සඳහා යොදා ගනු ලැබූ විදුලිය ප‍්‍රමාණය කිලෝ වොට් 200කි.


 



 



අදහස් (0)

ලොව පළමුවැනි පරිගණකය

බණ්ඩා Wednesday, 19 February 2014 08:49 PM

එතකොට චීන්නු මොකුත්ම හොයාගෙන නැත්ද (දිල්)

:       0       0

සේරම් Monday, 24 February 2014 02:29 PM

නොරොච්චෝල විදුලිබලාගාරය, අන්න ඒක චීන්නුන්න්ගේ. (ස)

:       1       0

රණි Tuesday, 25 February 2014 02:19 AM

අපේ උන්දලා... ඇමරිකන් විරෝදෙන් බෙරිහන් දෙන තරම කොච්චරද කියනවා නම්... ලංකාවේ තියන කොම්පියුටර් තොගේ දැක්කම මට හෝන්දු මාන්දු උනා....(අ)

:       0       0

සේන Tuesday, 25 February 2014 02:21 AM

කිරි අප්පට බල්ලෝ පැනපි..... පරිගණක හොයා ගත්තේ ඇමරිකන් කාරය කියල මන් දනන් උන්නේ නැහැනේ..... ඔය ලංකාවේ තියන පරිගණක ටික ඔක්කොම දමන්න මුහුදට... (අ)

:       0       0

නීලා Tuesday, 25 February 2014 02:25 AM

බණ්ඩා..... චීන්නු හොයා ගත්ත කඩදාසි, මාලිමාව, ඩයිනමයිට්.... නමුත් ආසියාවේ තියන උතුම් සංස්කෘතියට සහ ගුරුමුෂ්ටියට පින් සිද්ද වෙන්ට ඒවා චිනෙම වැල ලුන. ඒ කාලේ සේද මාවතේ වෙළඳාමේ අපු සුද්දෝ ඕව හොරකන් කරලා වැඩි දියුනුකරලා ලෝකෙටම නොබෙදුවා නම් අදටත් රහසක්. (අ)

:       0       0

සුරංග Thursday, 06 March 2014 04:50 PM

එතකොට චීන්නු හදපු ඇබකස් එක ගැන සදහන් වෙන්නේ නැතිද? (නදී)

:       0       0

ෂරීෆ් Saturday, 17 May 2014 05:05 PM

චීනය කලේ කොපි සහ ප‍ේස්ට් විතරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site