X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


ලොවම මවිත කළ එල්ලෝරා

අජන්තා එල්ලෝරා යනු එකට කියවෙන ලොකු කුඩා කවුරුත් දන්නා නමකි. නමුත් ඇතැම් අය සිතා සිටින්නේ අජන්තා එල්ලෝරා යනු එක ස්ථානයක් බවයි. නමුත් සැබවින්ම මේ ස්ථාන දෙකකි. අජන්තා සහ එල්ලෝරා කිලෝමීටර 11 ක පමණ දුරකින් පිහිටා ඇති තරමක් එකසමාන ලක්ෂණ වලින් යුක්ත නමුත් හාත්පසින් වෙනස් ස්ථානයන් දෙකකි. එල්ලෝරා ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ අරුන්ගාබාද් හි පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ලෝක උරුමයකි. එල්ලෝරා යනු පිටසක්වල ජිවින්ගේ සහය ඇතිව නිර්මාණය කරන ලද නිර්මාණයක් ලෙස ඇතැම් ඉන්දියානුවන්ගේ විශ්වාසයයි. ඊට හේතුව එවැනි නිර්මාණයක් සිදුකිරීමට එවකට පැවති තාක්ෂණයේ දියුණුවත් සමග විශ්මය ජනක කරුණක් වීමයි. මෙම ඉදිකිරීම් සිදුකර ඇත්තේ 6 වන සහ 9 වන සියවස්වලයි.  එල්ලෝරා යනු ගල්ගුහා සංකීර්ණයකි ඒ ගුහා තුල සිදුකර ඇති නිර්මාණයන් රැසකි. එසේම ගුහා වලට අමතරව ගලෙන්ම නිර්මාණය කරන ලද ගොඩනැගිලි රැසකි. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික පාෂාණය ඉහල සිට පහලට නෙලාගෙන පැමිණ ඇතුළට සිදුරු කරගෙන නිර්මාණයන් සිදුකිරීමයි. මෙහි ගල්ගුහා හෝ ගලින් නිමවන ලද ගොඩනැගිලි ඇතුලත ඇති සියලු ප්‍රතිමා සහ වෙනත් දේ එම ස්වභාවික ගලෙන්ම නෙලන ලද ඒවා වීම මෙහි විශ්මය ජනක කරුණයි. පිටතින් නෙලා ඇතුලට ගෙනගොස් සවිකරන ලද ඒවා නොවේ. මේ සියල්ලම එකම පාෂාණයක කොටස් වීම මෙහි ඇති අපුර්වත්වයයි.  

යුනෙස්කෝ සංවිධානය මගින් මෙම ස්ථානය ලෝක උරුමයක් බවට නම්කර ඇත. මෙය ගුහා සංකීර්ණයකි. ශෛලමය ගල්ගුහාවල ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ විවිධ ශෛලීන් ගනියි. ප්‍රධාන වශයෙන් ගල්ගුහා 34 ක් මෙහි ප්‍රමුඛ වේ.  බෞද්ධ, හින්දු සහ ජෛන ආගම් වලට අයත් ලෙන් දැකගත හැකිය. බෞද්ධ ලෙන් විහාර ථේරවාද සහ මහායාන සම්ප්‍රදායන් නියෝජනය කරන පරිදි වෙන වෙනම සකස් කර තිබේ.

බෞද්ධ ආගමික ලෙන් විහාර 12 කි. ඉන් කිහිපයක් ථෙරවාද සම්ප්‍රදායට අනුව සකස්කරන ලද ඒවා වන අතර කිහිපයක් මහායාන සම්ප්‍රදායට අනුව සකස් කර ඇත. ඇතුලත සහ පිටත මනරම් කැටයමින් යුක්තව සකස් කරන ලද මෙම බුද්ධ මන්දිර ඇතුලත වෙන වෙනම භාවනා කිරීම සදහා කුටි සකස්කර තිබෙනු දැකගත හැකිය. ඇතුලට පැමිණීමේදී සෘජුවම විශාල බුදු පිළිමය ප්‍රදර්ශනය වන පරිදි ඇතුලත සකස් කර ඇති අතර දෙපැත්තෙන් වන්දනා කිරීමටත් භාවනා කිරීමටත් කුටි සකස් කර තිබේ. ඇතැම් ගුහා තට්ටු හතරක් පමණ වන ලෙස මහල් ආකාරයෙන් සකස් කර ඇත. ඇතැම් කුටිවල සැතපීම සදහා සයනයක් ආකාරයෙන් කොටසක් ගලෙන්ම නිමකර තිබෙනු දැකගත හැකිවේ.  මෙම ගල්ගුහා ඉදිකිරිම පස්වන සහ සත්වන සතවර්ශවල වූ බවට විශ්වාස කෙරේ. මෙම ගල්ගුහා වල ඉදිකර ඇති ගොඩනැගිලි විහාර වල ස්වරුපයක් ගනියි.බුද්ධ ප්‍රතිමා වලට අමතරව බෝධිසත්ව ප්‍රතිමාද දැකගත හැකිය.

ඉතාම ප්‍රසිද්ධියකින් යුක්ත ලෙන් විහාරය වන්නේ චේතිය ශාලාව නමින් හදුන්වන ලෙන් අංක 10 යයි. මෙම විහාරය විශ්වකර්ම ලෙන වශයෙන්ද හදුන්වනු ලබයි. මෙම ලෙන් විහාරයේ විශේෂත්වය වන්නේ ඉතාම සැලසුම් සහගත ලෙස ප්‍රවේශවීමේ දොරටු සහිතව නිර්මාණය කර තිබීමයි.  මෙම විහාරයේ මධ්‍යයේ අඩි පහලවක් පමණ උසකින් යුක්ත බුදු පිළිමයක් ඇත. මේ සියල්ලේ විශේෂත්වය වන්නේ තනි පාෂාණයක් සැලසුම් සහගත ලෙස නෙලීම මගින් මේ සියල්ල නිර්මාණය කර තිබීමයි. විශ්වකර්ම විහාරය ඇතුලත ඇති නිර්මාණ අජන්තා ලෙන් විහාර වල දක්නට ඇති නිර්මාණයන් හා සමාන ලක්ෂණ දරයි. නමුත් අජන්තා හි නිර්මාණ සහ එල්ලෝරා හි නිර්මාණ වෙනස් තත්වයන් දෙකක් වේ. අජන්තා ලෙන් විහාර නිර්මාණය කර ඇත්තේ පහල සිට ඉහලට පාෂාණය නෙලීම මගිනි එල්ලෝරා හි නිර්මාණය සිදුකර ඇත්තේ පාෂාණයේ ඉහල සිට පහලට නෙලිමෙනි.

හින්දු ගල් ගුහා 6 වන සියවසේ මැද භාගය සහ 8 වන සියවස අවසන් භාගයේදී  වන විට නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ගල්ගුහා අංක 17 සිට 29 දක්වා ඇත්තේ මෙම හින්දු සම්ප්‍රදායට අයත් ගුහාය. මෙම ගුහා අන්තර්ගතයේ විශාල දේව ප්‍රතිමා නිර්මාණය කර ඇත. විශේෂයෙන් ශිව දෙවියන්ගේ මුර්ති මෙහි දක්නට ලැබේ. හින්දු ගල් ගුහා වලට අමතරව මෙහි ශිව දෙවොලක් ඉදිකර ඇත. එය සම්පුර්ණයෙන්ම තනි ගලකින් නිර්මාණය කරන ලද්දකි. දෙවොල ඇතුලත ඇති සියලු මුර්ති සහ ඇතුලත කොටස් සියල්ල එම පාෂාණයේම කොටස් වේ. ඉහල සිට පහලට දෙවොල නෙලාගෙන පැමිණි පසු දෙවොල ඇතුලතට පාෂාණය සුදුසු පරිදි සිදුරු කරමින් ගොස් ඇතුලත කොටස් සියල්ල එකම පාෂාණයෙන් නිර්මාණය කර ඇත. මෙම දෙවොලේ ඇතුලත ඇති කිසිවක් පිටතින් රැගෙන විත් සවිකරන ලද්දක් නොවේ. සියල්ලම මව් පාෂානයට බද්ධව පවතියි. මෙම දෙවොල කෛලාශනාථ දෙවොල වශයෙන් හදුන්වයි. මෙහි ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ සහ ඵෙතිහාසික වැදගත්කමත් යන කරුණු දෙකම මත ඉන්දියාව තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් දෙවොලකි. මෙම දෙවොල ක්‍රිෂ්ණා නමැති රජු විසින් ඉදිකරන්නට ඇති බවට විශ්වාස කෙරේ. එය පල්ලව සම්ප්‍රදායට අනුව ඉදිවූවකි. එහි පදනම මීටර් 82 ක් සහ මීටර් 46 ක දිග පළලකින් යුක්ත වේ. ශිව පාර්වතී මුර්ති වලට අමතරව විෂ්ණු දෙවියන්ගේ දස අවතාරය සහිත මුර්තිද මෙම සංකීර්ණයේ දක්නට ලැබේ. කෙසේ නමුත් සියලු හින්දු ලෙන් වල ප්‍රධාන ස්ථානයක් දී ඇත්තේ ශිව දෙවියන්ටයි.

නමවෙනි සහ දහවෙනි ශතවර්ෂ වලදී ජෛන සම්ප්‍රදායට අයත් ගල්ගුහා නිර්මාණය කර තිබේ. ජෛන දර්ශනයේ ඇති විවිධ ලක්ෂණ නිරුපනය කරමින් ඉදිවී ඇති නිර්මාණ ප්‍රධාන එල්ලෝරා ලෙන් සංකීර්ණයෙන් තරමක් දුරින් පිහිටා ඇත. සංචාරකයන්ට එම ස්ථානයට ලගාවීම සදහා බස්රථ යොදවා තිබෙනුද දැකගත හැකි නමුත් පයින් ගමන්කිරිමටද හැකිය.  මෙහි ඉන්ද්‍රා සභා යනුවෙන් තනි ගලින් නිමවන ලද ගොඩනැගිල්ලක් ඇත. සැබවින්ම මෙම පාෂාණය ලෙනක් ලෙස නිර්මාණය නොකර මහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මාණය කරන ලද්දකි.

එල්ලෝරා යනු ඉන්දියාවේ පවතී ආගම් දර්ශනවාද තුනක් එක්තැන් කල ස්ථානයකි. මෙම ස්ථානය හුදෙක් පුරාවිද්‍යාත්මක සහ සංචාරක ස්ථානයක් බවට පමණක් පත්ව ඇත. ලංකාවේ සංචාරකයන් වැඩි වශයෙන් ඉන්දියාවේ සංචාරයේ යෙදුනද මෙම ස්ථානය දැකබලා ගැනීම සදහා පැමිණෙන්නේ ඉතාම දුලබ වශයෙනි. එයට හේතුව මෙම ස්ථානය ආගමික වතාවත් සිදුකරන ස්ථානයක් නොවී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් වීම යැයි සිතිය හැක. එසේම මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඉදියාවේ පිහිටා තිබෙන ප්‍රධාන බෞද්ධ සංධිස්ඨාන වලට තරමක් ඈතිනි. නමුත් මෙම ස්ථානය මිට වසර ගණනාවකට පෙර ථේරවාද සහ මහායාන භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළ භාවනා යෝගීව දිවිගෙවූ ස්ථානයන් වේ. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංචාරයේ යෙදෙන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම පැමිණිය යුතු ස්ථානයක් ලෙස එල්ලෝරා ලෙන් සංකීර්ණය හදුන්වා දිය හැකිය. පුරාවිද්‍යාත්මක වටිනාකම මෙන්ම එම නිර්මාණයන්ගේ දක්නට ලැබෙන විසල්බව සහ ආශ්චර්යය දෙස් විදෙස් සංචාරක නෙත් සිත් ආකර්ෂණ කර හමාරය.

DSC00009 DSC00023(1) DSC00028 DSC00035(1) DSC00052 DSC00081(1) DSC00082 DSC00121



අදහස් (0)

ලොවම මවිත කළ එල්ලෝරා

ඉන්දු Thursday, 21 July 2016 11:26 PM

ඉතාම වැදගත් ලිපියක්. ස්තුතියි ලංකාදීප! (නි)

:       0       0

තුසිත Friday, 22 July 2016 05:27 AM

ගොඩාක් ස්තුතියි ලංකාදීපයට සහා නන් අයුරින් සහාය දැක් වූ සැමට .ඒ වගේම නොදන්නා දේවල් ගැන දැනුවත් කළාට . ස්තුතියි ..(බ)

:       0       0

අසේල Friday, 22 July 2016 07:07 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ශශික Friday, 22 July 2016 09:33 AM

ස්තූතියි ලංකාදීප! මේක නම් පුදුමාකාරයි. පුලුවන්නම් තව විස්තර හා පුරාවිද්‍යා මත සහිතව ලිපිපෙළක් ඉදිරිපත් කරන්න. අධ්‍යාපනික වශයෙන් ඉතා වටිනවා. (නි)

:       0       0

ගයාන් Thursday, 04 August 2016 05:20 AM

ඉතා හොඳ වැදගත් ලිපියක්.තවත් මෙවැනි ලිපි ඉදිරිපත් කරන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site