X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


වකුගඩු ලෙඩ හදන වල් නාශකයක් තවමත් රජරට වෙළෙඳ පොළේ

උතුරු මැද පළාතේ පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන පර්යේෂණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අවසන් වාර්තාවේ කරුණු රැසක් හෙළි කොට තිබේ. එහි සඳහන් එක් කරුණක් වනුයේ රජරට ප‍්‍රදේශයේ ජීවත් වන වකුගඩු රෝගීන්ගේ මෙන්ම රෝගීන් නොවන අයගේ රුධිරයේ ක‍්‍රියාකාරී

ආසනික් පර්යේෂණ කණ්ඩායමේ සාමාජික වෛද්‍ය
චින්තක විජේවර්ධන

සංඝටක ලෙස කෘෂි රසායනික කොටස් ඇති බවයි. එය පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ අවසන් වාර්තාවේ සඳහන් කොට තිබේ.
ඒ අනුව රජරට ප‍්‍රදේශයේ කෘෂි කර්මාන්තයට යොදන කෘෂි රසායනික බොහෝමයක මේ රසායනික සංඝටක අඩංගු බවට හඳුනාගත් බවට අවසන් වාර්තාවේ සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුම්වත් කරමින් කියා තිබුණේ සියලූ කෘෂි රසායනික වර්ග තත්ත්ව පාලනයකට හා දැඩි පාලනයකට ලක් කළ යුතු බවයි. එසේම කෘෂි රසායනික අවම ලෙස භාවිත කොට කෘෂි කර්මාන්තය කළ හැකි නම් එය වඩා උචිත බවද එම වාර්තාවේ සඳහන් කොට තිබේ. මෙම ක‍්‍රමවේ ද ක‍්‍රියාත්මක කිරීමට පමාවීමෙන් කෘෂි රසායනිකවල අඩංගු බැර ලෝහ රට පුරා බරපතළ ලෙස ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවද එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාවෙන් මෙරට භාවිත කරන කෘෂි රසායනික වර්ග 10ක් භාවිතයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කොට තිබේ.

 

මේ ගැන අවධානය යොමු කරමින් රජරට වකුගඩු රෝගය ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කළේය. මේ සභාව මගින් විද්වත් කමිටුවක් පත් කොට මේ ගැන සාකච්ඡුාවට බඳුන් කළේය. එම විද්වත් කමිටුව මගින් කෘෂිකර්ම අමාත්‍යංශයට නිර්දේශ කිහිපයක් දෙන ලදි. ඉන් එක් නිර්දේශයක් වූයේ ලංකාවට ගෙන්වන පළිබෝධනාශකවල බැර ලෝහ ඇත්දැයි පරීක්ෂා කර බැලිය යුතු බව හා දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ ප‍්‍රතිපත්ති ගත යුතු බවට නිර්දේශ කිහිපයක් ලබා දුනි. තවද කෘෂි රසායනික වර්ග 10ක් නම් කොට ඒවා ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවද නිර්දේශ කෙරුණි. ඒවා නම් ක්ලෝරොෆයිරිපොස්, ප්‍රොපනිල්කාබරිල්, කාබෝෆියුරාන් හා ග්ලයිෆෝසේට් ඇතුළු වර්ග 10ක්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ අවසන් වාර්තාවේ ද මෙරට කෘෂි කර්මාන්තයේ දී භාවිත කරන කෘෂි රසායනික වර්ග 10ක් භාවිතයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කොට තිබුණි. ඒවා නම්  2, 4D, 2, 4, 5T, 2, 4, 5 - Trichorophenol, iso propoxyphenol, Pentachtorophenol, 3,5 6 - Trichioropyridinal, P - nitrophenol, I - naphthol, 2 - naphthol, glyphosate. මෙම වාර්තා දෙකෙන්ම තහනම් කළ යුතු කෘෂි රසායනික වර්ග පෙන්වා දී තිබිය දී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගියදා කෘෂි රසායනික වර්ග 4ක් ගෙන්වීම තහනම් කළේය. ක්ලොරොෆයිරිපොස්, ප්‍රොපනිල්, කාබරිල් හා කාබොෆියුරාන් යන වර්ග ඒ හතරට අයත්ය. එහෙත් ග්ලයිෆෝසේට් කෘෂි රසායනිකය තවමත් තහනම් කොට නැත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් පත් කළ විද්වත් කමිටුව පෙන්වා දී තිබුණේ ග්ලයිෆෝසේට් නම් රසායනිකය ද මෙරටට ගෙන්වීම තහනම් කළ යුතු බවයි. එහෙත් තවමත් එය තහනම් කොට නැත.

 

 

වාර්තාවන අන්දමට ග්ලයිෆොසේට් රසායනිකය මෙරට ඉතා සීග‍්‍රයෙන් භාවිත කරයි. එම නිසා එම රසායනිකය විශාල වශයෙන් මෙරටට ගෙන්වා තිබේ. එම ගෙන් වූ තොග අවසන් වන තෙක් වසරක පමණ කාලයක් ග්ලයිකෝසේට් රසායනිකය භාවිත කිරීමට අවසර දී තිබෙන බවයි.

රජරට ප‍්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනික නම් ග්ලයිෆොසේට් රසායනිකයෙන් ඊට දැඩි බලපෑමක් කරන්නේ නම් තවත් වසරක් පමණ මෙම රසායනිකය භාවිතා කරන්නේ ඇයි ද යන්න ප‍්‍රශ්නයකි. ග්ලයිෆොසේට් රසායනිකය වකුගඩුවල තැන්පත්ව ඇති බවත් එය මුත‍්‍රාවලින් පිට කරන බවත් ආසනික් පර්යේෂණ කණ්ඩායමේ සාමාජික වෛද්‍ය චින්තක විජේවර්ධන මහතාද පවසයි.

මේ රටේ ජනතාවගේ වාසනාවට කෘෂිරසායනික කිහිපයක් හෝ තහනම් කිරීම හොඳ දෙයකි. ග්ලයිෆොසේට් රසායනිකය මිනිස් සිරුරට ඇතුළු වී තිබෙන්නේ කෘෂි රසායනික මගිනි. වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති ප‍්‍රදේශයේ ග්ලයිෆෝසේට් වැඩි වශයෙන් භාවිතා කරයි. එය අත්‍යාවශ්‍ය නොවන කෘෂි රසායනිකයකි. ගොවීන් ග්ලයිෆොසේට් අධික ලෙස භාවිත කරන්නේ වල් මර්දනය සඳහාය. මෙමගින් සියලූ වල් ගස් විනාශ කරයි. වෙනදා කැත්ත උදැල්ල භාවිත කොට වල් මර්දනය කළ ගොවීන් ග්ලයිෆොසේට් අඩංගු වල් නාශක භාවිත කරයි.

මෙම රසායනිකය ක්‍ෂීරපායි සතුන්ට විස නැත. එහෙත් ක්‍ෂීරපායි නොවන සියලූ සතුන්ට විස සහිතය. එනම් එම කාණ්ඩයට අයත් ඒක ශෛලීය සියලූම ශාක හා සත්ව විශේෂවලට ග්ලයිෆෝසේට් විස සහිතය. ග්ලයිෆොසේට් පොළවට ඉසීමෙන් සියලූම ශාක විනාශ වී යයි. ක්ෂුද්‍ර ජීවීන්, පණුවන් ආදී පස සරු කරන සියලූම දේ විනාශ වෙයි. මේ නිසා පස නිසරුවීමට පටන් ගනී. පස මිය යයි. පස මිය ගිය පසු කිසිදු ශාකයක් වර්ධනය නොවේ. යම් හෙයකින් ශාකයක් පැළ වුවත් එම ශාකය වර්ධනය වීමට කෘමි නාශක මෙන්ම රසායනික පොහොර ද යෙදිය යුතුය. ඊට හේතුව පස තුළ අහිතකර බැක්ටීරියා දිලීර වර්ධනය වීමයි. පසේ පෝෂක ප‍්‍රමාණය අඩුවීමෙන් නැවත පස සකසා ගැනීමට අපහසුය. පාංශු ජීවීන් නැති පසක වගා කිරීම අපහසුය. උතුරු මැද පළාතේ කෘෂිකාර්මාන්තය සිදු කරන බොහෝ ප‍්‍රදේශවල පස දැන් එම තත්ත්වයට පත්ව තිබේ.

ගොවීන් මෙම කාෂි රසායනිකයට ඉබේම හුරු වූයේ නැත. විවිධ සමාගම් මගින් ගොවීන්ට උපදෙස් දී ග්ලයිෆොසේට් භාවිතා කිරීමට හුරු කර ඇති බව වෛද්‍ය චින්තක විජේවර්ධන මහතා පවසයි. කෘෂිකර්ම නිලධාරීන් පැමිණ ගොවීන් දැනුවත් කිරීම වෙනුවට විවිධ සමාගම් මගින් මේ වැඬේ කරන්නේ ඔවුන්ගේ අලෙවි ප‍්‍රවර්ධන නිලධාරීන්ට සියයට 50ක් කොමිස් ලබාදීමෙන් බව ද වෛද්‍යවරයා පවසයි. ”වල් මර්දනයට මෙය හොඳයි” කියමින් ග්ලයිෆොසේට් කෘෂි රසායනිකය ඉතා සීග‍්‍රයෙන් උතුරු මැද පළාතේ මේ නිසා අලෙවි වෙයි.

 

 

ග්ලයිෆොසේට් ගසා වල් මර්දනය කළත් එම රසායනිකය වගා කරන බෝග මගින් මිනිසාගේ ශරීරයට ඇතුළු වේ. මේ නිසා වකුගඩු තුළට මේ රසායනිකය ගමන් කරයි. මුත‍්‍රා මගින් ග්ලයිෆොසේට් පිට කරන නිසා උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ගේ වකුගඩු තුළ මෙම රසායනිකය අධි මාත‍්‍රා වලින් අන්තර්ගතය. මීට අමතරව රුධිරයෙහි ද මෙම රසායනිකය අන්තර්ගත වී තිබේ. උතුරු මැදපළාතේ සිදු කළ පර්යේෂණ වලින් එය අනාවරණය විය. වකුගඩු රෝගය වැළඳුන රෝගීන්ගේ ශරීර අවයවවල හා මුත‍්‍රා සම්පලවල අධිමාත‍්‍රා වලින් කෘෂි රසායනික අවශේෂ අඩංගු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාවෙන් ද පෙන්වා දෙන්නේ එහෙයිනි. එම රසායනක අතර ආසනික්, මර්කරි (රසදිය) ප්ලැටිනම්, සයනයිඞ් මෙන්ම ග්ලයිෆොසේට් විස අඩංගු රසායනික කොටස් ද තිබේ.

මේ තරම් විස ප‍්‍රමාණයක් මිනිස් ග්ලයිෆොසේට් රසායනිකය අඩංගු විවිධ කෘෂි රසායනික වෙළෙඳපොළ තුළ තිබේ. මේවා විවිධාකාරයෙන් පැමිණ පොළවට මෙන්ම මිනිස් සිරුරට අහිතරක බලපෑම් ඇති කරයි. අද දක්නට තිබෙන බොහෝ ලෙඩ රෝගවලට හේතුව ද කෘෂි රසායනික බව ආසනික් පර්යේෂණ කණ්ඩායම් සාමාජික වෛද්‍ය චින්තක විජේවර්ධන මහතාගේ අදහසයි.

මේ සා කෘෂි රසායනික භාවිතය නිසා බෝ නොවන රෝග වසංගතයක් මෙන් රට පුරා පැතිර තිබේ. මෙය රටටම බෝ වූ රෝගයකි. පසුගිය කාලය පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිපුර මුදල් යොදා ඇත්තේ බෝ නොවන රෝග පාලනයටය. එම රෝග ගැන ජනතාව දැනුම්වත් කිරීමටය. පිිළිකා, හෘද රෝග, අධික රුධිර පීඩනය, වැනි රෝග පාලනයට විශාල වියදමක් දැරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව තිබෙන්නේ කෘෂි රසායනික නිසාය. නමුත් මේ සා ව්‍යසනයක් සිදුවෙද්දී ග්ලයිකොසේට් තහනම් කිරීමට බිය ඇයි ද යන්න ගැටලූවකි.

 

සටහන : ප‍්‍රගීත් සම්පත් කරුණාතිලක

 



අදහස් (0)

වකුගඩු ලෙඩ හදන වල් නාශකයක් තවමත් රජරට වෙළෙඳ පොළේ

ගුණවර්ධන Monday, 06 May 2013 01:11 AM

ජනාධිපතිතුමා මෙයට වහාම පියවරක් ගතයුතුයි. මුදල් නිසා මෙවැනි අපරාධකරන අයට දැඩි දඩුවම් කළ යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site