X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


වකුගඩුවක් ලක්‍ෂ පහයි

fg

 

මාතලේ මහනුවර ප‍්‍රදේශයේ වතුවල ජීවත්වෙන අඩු ආදායම්ලාභී දෙමළ තරුණ තරුණියන් රවටා දුප්පත්කම දඩමීමා කරගෙන රුපියල් ලක්ෂ පහක මුදලක් අතට දී වකුගඩු ගලවා ගන්නා ජාවාරමක් මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මක වෙයි.

 


වකුගඩු ගලවා අලෙවි කිරීමට තරුණ තරුණියන් සොයාදෙන ක‍්‍රියාවලියේ නිරතවී සිටින පුද්ගලයෝ විසි දෙනකු මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික්ක දෙකේ සිටිති. ඔවුන් කෙළින්ම සම්බන්ධවී සිටින්නේ තවත් ඉහළ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුටය. ”මහනුවර, පොට් එකේ” කොළඹ පොට් එකේ” යනුවෙන් ඔවුහු හඳුන්වා ගනිති.

ddjdj
මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණයෙන් වකුගඩු විකිණීම සිදුවන බව ප‍්‍රදේශයම දනිති. උකුවෙල පුද්ගලයන් කීප දෙනකුම ජාවාරම සිදු කැරගෙන යන අතර,  ඔවුන් එකිනෙකාට හොරෙන් දෙමළ තරුණ තරුණියන් සොයාගෙන ගොස් දැනට වකුගඩු ගලවා අලෙවි කළ පිරිසගේ ඡුායාරූප තොරතුරු මෙන්ම ජංගම දුරකතන අංක ලබාදී කියා සිටින්නේ, එදා වේල කන්න නැතිව සිටි ඔවුන් ත‍්‍රිරෝද රථ මිලදී ගෙන ඉතා හොඳ ජීවිතයක් ගත කරන බවයි.


එම ප‍්‍රකාශවලට රැුවටෙන වතුකරයේ ද්‍රවිඩ තරුණයෝ ජීවිතයේ කවරදාවත් තමන්ටම කියා පාපැදියක්වත් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන නිසා එක වකුගඩුවක් විකුණන්නට තීරණය කරති. එක වකුගඩුවක් සඳහා රුපියල් ලක්ෂ පහකට මිලකර ඇත.


අප මෙම ජාවරම ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ගවේෂණයක නිරත වූයේ උකුවෙල හා මහනුවර ප‍්‍රදේශ කේන්ද්‍ර කැරගෙනය. අපට ලැබුණු තොරතුරු අනුව මමත් මගේ දෙමළ මිතුරකු වූ රවින්ද්‍රත් හිතවත් මාධ්‍ය සගයකු වූ තුෂාර නිරෝෂන් මහතාත් මාතලේ උකුවෙල ප‍්‍රදේශයට ගොස් දින කීපයක් වකුගඩු මුදලට අලෙවි කිරීමේ ජාවාරම ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් ජාවාරම සිදු කරන පුද්ගලයන් පිළිබඳවත් සූක්ෂම ලෙස සොයා බැලූවෙමු.


උකුවෙල මාතලේ ප‍්‍රදේශයේ වකුගඩු විකිණීමේ ප‍්‍රධාන තැරැුව්කරුවා වන්නේ උකුවෙල නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පදිංචිව සිටින ”සලාව්දීන්” නමැති අයෙකි. ඔහු ප‍්‍රදේශයේ ජනතාව හඳුනනු ලබන්නේ ”කිඞ්නි සලාව්” යන නාමයෙනි. ත‍්‍රිරෝද නැවතුම්පොළේ, බස් නැවතුම්පොළේ පමණක් නොව උකුවෙල පිහිටි සෑම වෛද්‍ය රසායන පරීක්ෂණ මධ්‍යස්ථානවල පිරිස් ඔහුව හොඳට දන්නා හඳුනන බව තොරතුරු ගවේෂණයේදී අපට අනාවරණය කැර ගන්නට හැකිවිණි.


මා සමඟ ගමනට එක්වූ රවීන්ද්‍ර මහතාගේ වකුගඩුව අලෙවි කිරීම මුවාවෙන් උකුවෙල පදිංචි ”කිඞ්නි සලාව්” හමුවීම සඳහා ඔහුගේ නිවසට අප ගියේ උකුවෙල නගරයේ ත‍්‍රිරෝද රථයකිනි.

tj


”මල්ලි අපට යන්න  ඕනේ සලාව්දීන් මහත්තයලාගේ ගෙදරට. අපි හරියට ගෙදර දන්නේ නැහැ” අපි ත‍්‍රිරෝද රථ රියැදුරුට කීවෙමු.


”කිඞ්නි සලාව්” නේද? ඔහු එසේ කියමින් කිසිවක් නොකියා අපව නංවාගෙන පිම්මේ යන්නට ගියේය. අතරමගදී ඇයි ඔයාලා වකුගඩුවක් දෙන්ඩ ද ගන්ඩ ද යන්නේ” මා සමඟ එක්ව සිටි මාධ්‍යවේදී තුෂාර ගත් කටටම කීවේ  මිලදී ගැනීමට යන බවයි. ”ආ... එතැනින් බැරි වුණොත් මට කියන්න තව කීප දෙනෙක් ඉන්නවා. මම සෙට් කරලා දෙන්නම්” ඔහු අපට පිළිතුරු දුන්නේය.


අපි පැමිණි කාරණාව පිළිබඳව සලාව්දීන් මහතාට කීවෙමු. අප ඔහුට කීවේ ”රවි”ගේ ආර්ථික දුෂ්කරතා නිසා වකුගඩුව ලබාදීමට කැමැති බවත්, එය සිදු කරන්නේ කෙසේ ද යන්න දැන ගැනීමට පැමිණි බවත්ය.


ඔහු හා අප අතර වූ කතාව මෙසේය.


”ප‍්‍රශ්නය:- අපිට කියක් ලැබෙනවද? කීයක් වියදම් යනවද? කොහොමද කරන්න  ඕනේ කියලා. දැනගන්න පුළුවන් ද මහත්තයා.
කිඞ්නි සලාව්:-
ලක්ෂ පහක් දෙනවා. මීට ඉස්සර අපි කළේ ලක්ෂ අටයි. දහයයි. ඒත් දැන් එහෙම කරන්න අමාරුයි. නුවරයි කොළඹයි වාට්ටුවලට යනවා කුඩුකාරයෝ. කෙළින්ම දොස්තරලා එක්ක ඞීල් එක දාලා ලක්ෂ දෙකට තුනට දෙනවා. ඒ නිසා අපේ බොසා කීවා ලක්ෂ පහක් දෙමු කියලා. හැබැයි වෛද්‍ය පරීක්ෂණවලට අරකට මේකට කොළඹ හෝ නුවර යන්න වෙනවා. ඒ හැම දවසකටම රුපියල් දාහක් දෙනවා. ඊට අමතර ගමන් වියදම් කෑම බීම සියල්ල දෙනවා. බයවෙන්ඩ එපා. වකුගඩුව දුන්නා කියලා. මොනවත් වෙන්නේ නැහැ. මම සෙට් කරපු කොල්ලෝ ගොඩක් ඉන්නවා. දැන් හොඳට ති‍්‍රවිල් එකක් අරගෙන දැන් සුද්දෝ වගේ ඉන්නවා. කීයක් හරි සොයාගෙන නැත්නම් ඉතින් ඔය වතුවලට වෙලා ඔහේ ඉන්න එක. දවස් 15ක් ඇතුළත වැඩ කරලා දෙන්නම්. කෙළින්ම ඔපරේෂන් තියටර් එකට ගන්න කලින් අතට සල්ලි දෙනවා”

 


ප‍්‍රශ්නය:- මේක තහනම් වැඩක් නෙවෙයිනේද? අපි හරියට දන්නේ නැහැ ඒකයි අහන්නේ ...?
කිඞ්නි සලාම්:-
”තහනම් තහනම් එහෙම විකුණන්න බෑ. මේක කාටවත් කියන්න එපා අපි ඔයාලත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. මොකද ඩොක්ටර්ලා මේක කරන්නේ හරි බයෙන්. සල්ලි ගත්තා දුන්නා කියලා අපි වෙනම ගිවිසුමක් අත්සන් කරනවා. එතකොට කැමැත්තෙන් වකුගඩුව දන් දෙනවා කියලා තව එකක් අත්සන් කරනවා. ඒක තමයි අපි නීතියකට ගියොත් පෙන්වන්නේ. මේක විශ්වාසයක් ඇතුව කරන වැඩක්.” හැමතැනම වෙන්නේ  ඕක තමයි. ඔයාලා ලක්ෂ පහට කැමැතිනම් උකුවෙල ටවුමේ තියෙනවා ලේ බලන තැනක් එතනට ගිහින් කියන්න එතැන නංගලා දෙන්නෙක් ඉන්නවා. මම එව්වේ ලේ වර්ගය මොකක්ද කියලා බලන්න අවශ්‍යයි. ඒ රිපෝට් එක අරගෙන යන්න මම එනවා කියලා. මම ඒ සඳහා යන මුදල දීලා රිසිට් එක ගන්නම්”

 


ප‍්‍රශ්නය:- දෙමළ අයගෙ විතරක් ඇයි ගන්නේ අපේ ගන්න බැරිද?
කිඞ්නි සලාව්:-
පුළුවන්. සිංහල අයගේ ගත්තම ටිකක් අමාරුයි. මේක බිස්නස් එකක්නේ. ඉන්දියාවේ අයට තමයි මේවා දෙන්නේ. එයාලා දෙමළ අයගේ කිඞ්නි තමයි  ඕන ගාණක් දීලා ගන්නේ. ඒවා ඉතින් අපේ බොස්ලා තමයි දන්නේ. අපි කවුරුහරි සොයලා දුන්නම කීයක් හරි දෙනවා. සමහර ඒවට අපිට දෙන්නේ ලක්ෂ දෙකයි. හැබැයි හරි සල්ලි කාරයෙක් හම්බ උණොත් ගොඩ. ඔයාලටත් වැඩියෙන් උදව්වක් කරන්න පුළුවනි.


අප සලාව්දීන්ට සමුදී උකුවෙල නගරයේ ස්ථාන කීපයකට මෙන්ම රුධිර පරීක්ෂාව සිදුකරන ස්ථානයට ද ගියෙමු. වකුගඩු ලබාදී ති‍්‍රරෝද රථ ධාවනය කරන තරුණයන් හමුවුණෙමු. ඔවුන් කීවේ කිසිදු ප‍්‍රශ්නයක් මෙතෙක් ඇති නොවූ බවත්. පුංචි පුංචි අමාරුකම් ඇති වුණත් ඊට වඩා වාසිදායක තත්ත්වයක් ඇතිව තිබෙන බවයි. ඔවුන් කීවේ දැන් සලාව්දීන්ට වඩා එම වෛද්‍යවරුන් තමන්ලා සමඟ සමීපවී දැන් වකුගඩු ලබා ගැනීමට පිරිස සොයාදීම තමන් සිදුකරන බවයි. එයින් හොඳ ආදායමක් ලැබෙන බවත් කීය. අපට ද වකුගඩුව ලබාදී පසුව ඔවුන් එක්ක එකතුවී මේ කි‍්‍රයාව සිදුකළ හැකි තවත් එක් අයකු සොයාදීම සිදුකළොත් ලක්ෂ දෙකක මුදලක් ලබාදෙන බවද කීය.


පසුව අප රුධිර පරීක්ෂා කරන ස්ථානයට ගොස් අපමිතුරාවූ ”රවිගේ රුධිර පරීක්ෂාව කරන්නට පැමිණි බව කීවෙමු. එහි සිටි තරුණියන් දෙදෙනා කීවේ දිනකට තුනක් හතරක් පමණ රුධිර පරීක්ෂාවට එන බවයි. අප ඉතා සූක්ෂමලෙස තරුණියන් සමඟ කතාබහට එක් වුනෙමු. ”කිඞ්නි සලාම්” හැමදාම එනවා අපිටත් කියලා තියෙනවා කට්ටිය සොයලා දෙන්න කියලා. ඒත් අපි කැමැති වුණේ නැහැ. ඒකට තවත් කීප දෙනෙක් එනවා. මෙතනට ලේ වර්ගය බලාගන්න. අපි ඉතින් ඒක කරලා දෙනවා. ඒ අය මුදල් ගෙවලා රිසිට්පත අරගෙන යනවා.


පසුව අප වෙනත් ජංගම දුරකථනයකින් ”කිඞ්නි සලාම්” නමැති අයට කතාකොට වකුගඩු රෝගියෙක් සිටින බවත් ඔහුව බද්ධ කිරීම සඳහා වකුගඩුවක් සොයා ගැනීමට අවශ්‍ය බව දැනුම් දුන්නෙමු. ඉතා සමීපව කතා කළ ඔහු ලේ වර්ගය වයස හා මුදල් සොයාගෙන ඇද්දැයි විමසීමෙන් පසු දුරකථනයෙන් සමීප වූ අපට කීවේ දින 10 ක් ඇතුළත අවශ්‍ය වකුගඩුව ලබාදීමට හැකි බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක් පමණ අවශ්‍ය බව ද එහෙත් ඊට වඩා ගොඩක් අඩුවට ලබාදීමට හැකි බව කියන්නට විය. එමෙන්ම කොන්දේසි කීපයකට එකඟවීමෙන් මේ ගනුදෙනුව කළ හැකි බව කියයි. එහි ප‍්‍රධානතම කොන්දේසිය වකුගඩුව ලබාදෙන පුද්ගලයා සමඟ කතා කිරීම තහනම් බවත් ඔහුට ගමන් වියදම් හා පරීක්ෂණ සඳහා පැමිණෙන එක් දිනකට රුපියල් 1000 බැගින් ගෙවිය යුතු බවත් එම තැනැත්තා තමන්ගේ හිතවතෙක් බවට ඒත්තු ගැන්වීම කිසිදු අයුරකින් හෙළි නොකිරීම, දානයක් ලබාදුන් විත්තිය ඇඟවීම මෙම වකුගඩුව ලබාදීමට එකතුවන වෛද්‍යවරු හා පිරිස පිළිබඳව කිසිදු තොරතුරක් හෙළි නොකිරීම ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී.


අහිංසක මිනිසුන් ඉතා අමාරුවෙන් උපයා ගන්නා මුදල් මේ ආකාරයෙන් ලබා ගැනීම පමණක් නොව අනුන්ගේ ශරීර කොටස් මෙසේ අලෙවි කිරීම පිළිබඳව .....? මේ ජාවාරමේ පහළ එකාගේ සිට ඉහළ එකා දක්වාම සිදුවන්නේය. පරීක්ෂණ පවත්වා දඬුවම් ලබා දීමට මේ සාධක ප‍්‍රමාණවත් වන බව අපට පැහැදිලිය. මිනිස් අවයව අලෙවි කිරීමේ ජාවාරම රටපුරා .....? ව්‍යාප්තවී හමාරය. මේ පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුව ඇත.

m



අදහස් (12)

වකුගඩුවක් ලක්‍ෂ පහයි

ප්‍රශීන් Thursday, 23 July 2015 03:42 AM

ඇඟ විකුණා මුදල් හම්බ කිරීමේ ප්‍රතිළුල බුදු දහමේ සදහන් කර ඇත. (ම)

:       0       0

යොහාන් Thursday, 23 July 2015 08:03 AM

මම වකුගඩු රෝගියෙක් . බද්ද කිරීමට වකුගඩුවක් ලක්ෂ 7ක් දී ලබාගෙන සැත්කම කළා. අද මම සුවයෙන් ඉන්නවා . මුදලට හෝ වකුගඩුව දුන් මහතාට කෘතඥ වෙනවා . අද මම ජීවත් වෙන්නේ ඔහුගේ වකුගුඩුවෙන් (ම)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 11:03 AM

නූතන මාංශ වෙළදාමක්. (ර)

:       0       0

වී අලවත්ත Saturday, 25 July 2015 12:23 PM

සල්ලි ගන්න එකේ වැරද්දක් මට නම් පෙනෙන්නේ නැහැ. අතර මැදීයා ඉවත් කලානම් හොඳයි සමහරු දෙනවා පින් තකා. (නදී)

:       0       0

ජානක Saturday, 25 July 2015 12:51 PM

ඕන ජරා වෙළදාමක් පස්සේ ඉන්නේ කව්ද? හිතන්නට කාලයක් ? (නදී)

:       0       0

රූපවතී Sunday, 26 July 2015 05:26 AM

මෙය වෙලඳාමකට නොකර මිනිසෙකුට ජීවත්වීමට පරිත්‍යාගයක් කිරීම වරදක් නොවෙයි. අතරමැදි සලාම්ලාගෙන් රටේ ජනතාව බේරා ගැනීම අමාරු කාර්යකි. එය යුද්දය කටත්වඩා බැරෑරුම් කාර්යකි..! (නදී)

:       0       0

සංජීව Monday, 27 July 2015 05:08 AM

ජානක, හිතන්නට යමක් ඔබේ කොමෙන්ටුවේ තියෙනවා. වෙන කවුද ඉතින්. මතකනේ අර ප්‍රසිද්ද කෝපි කඩේක කල් ඉකුත් උන ජාති දාලා අහු උනා. අැයි මේ ලදී ගෙනාපු අර ස්ප්‍රේ කෝලා. කොහොම උනත් මිනිහෙක් තමන්ගේ අැඟේ කොටසක් විකුණලා හරි සල්ලි හොයන්න යොමු වෙන්නේ අැයි කියන එකට විසඳුම් දෙනව නම් මේ අතරමැදි සලාම් ලට මේ වගේ ජාවාරම් කරන්න පුළුවන් වෙන්නේ නෑනේ. (ස)

:       0       0

DR MARTEN Sunday, 29 September 2019 04:19 AM

ඔබට වකුගඩුවක් මිලදී ගැනීමට අවශ්‍යද? නැතිනම් ඔබේ විකිණීමට අවශ්‍යද? වකුගඩු? ඔබද? ඔබේ වකුගඩුව මුදල් සඳහා විකිණීමට අවස්ථාවක් සොයමින් මූල්‍ය බිඳවැටීම හේතුවෙන් ඔබ කුමක් කළ යුතු දැයි ඔබ නොදනී.. ඔබේ වකුගඩුව සඳහා ඩොලර් 400,000 ක්. අපේ රෝහල වකුගඩු සැත්කම් පිළිබඳ විශේෂ වන අතර අපිද කටයුතු කරන්නෙමු..

:       2       5

Shenara manuhansiFriday, 15 January 2021 08:46 AM

මම වකුගඩුව විකුණනවා...

:       0       3

Tharupathi KavindaSunday, 21 November 2021 12:31 PM

ඩොලර් 400000ක් දෙනවා නම් මම ඉදිරිපත් වෙනවා ඒ සඳහා...

:       0       2

Tharupathi Kavinda Sunday, 21 November 2021 12:29 PM

ලක්ෂ 25ක් දෙනවා නම් මං දෙනවා වකුගඩුවක්. ලක්ෂ 5කට බාල්දු කරලා ඉල්ලන්න එපා. විකුණන්නේ ලක්ෂ 25ටනේ. ඉතින් කෙලින්ම අතට ලක්ෂ 25ක් එනවා නම් අපිත් කැමතියි. පුංචිම පුංචි හීනයක් වෙනුවෙන්...

:       0       0

කරැණාරත්න Tuesday, 22 March 2022 04:01 PM

ප්‍රශ්නවලින් නිදහස් ⁣වෙන්න මමත් කැමැතියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site