X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


වගුරු බිම් ගොඩකරන දේශපාලකයෝ

 6_SLMA_P_26 

 

පරිසරය ආරක්ෂාකිරීම අතින් අපේ රටට පසුගියදා ජාත්‍යන්තර සහතිකයක් ලැබිණි. ඒ කඩොලාන ශාඛ ආරක්ෂා කරන හොඳම රට වශයෙනි. රටේ ඇති රක්ෂිත කැලෑ පවා දේශපාලකයින්ගේ මැදිහත් වීම මත ජනාවාස බවට පත්වෙන මෙවැනි යුගයක එම සහතිකය පිළිබඳව අප බොහෝ සේ සතුටුවිය යුතුය.

 


කඩොලාන ආරක්ෂා කර රටේ පරිසරය ආරක්ෂා කරගත හැකි නම් ගොඩබිම ඇති පරිසර පද්ධතිය ආරක්ෂා කර ගත නොහැක්කේ මන්දැයි යන ගැටලූව පැන නගින්නේ අපේ රටේ පරිසරය විනාශවෙන අන්දම දකිනවිටය. විශේෂයෙන්ම මෙම පරිසර හානිය පිටුපස සිටින්නේ දේශපාලකයින් වීමම එහි භයංකාර තත්ත්වය පෙන්නුම් කිරීමකි.


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ බොරළු කැපීම හා වැලිහෑරීමට එරෙහිව දැඩි නීති රීති පැනවීමත්, විල්පත්තු වන සංහාරයට එරෙහිව කටයුතු කිරීමත්, පැසසිය යුත්තකි. එහෙත් තවමත් ඉතා හොඳින් ක‍්‍රියාත්මක වෙන පස් කැපීම හා කුඹුරු ඉඩම් ගොඩ කිරීම වැනි පරිසර හානි රටට දැඩි අහිතකර විපාක ඇති කිරීමට සමත් වී තිබේ.

SLMA_26.qxd
නව රජය මගින් අදියර තුනකින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිත උතුරුඅධිවේගී මාර්ගය සඳහා ”පස්” විශාල වශයෙන් අවශ්‍ය වේ. මේ නිසා ගම්පහ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවල ජලපෝෂක කඳුපන්ති රැුසක් ඉදිරියේදී ”පස්” බවට පත්වීම නොවැළැක්විය හැක්කකි.


අධිවේගී මාර්ග වැනි සංවර්ධිත ව්‍යාපෘති වලට පස් අත්‍යවශ්‍ය වූවකි, පස් ජාවාරම්කරුවන්ට මෙම පස් කොන්ත‍්‍රාත්තුව ලබාදුන් විට ඔවුන් විනාශ කරන්නේ පරිසර සමතුලිතාවට අනුකූලතාව දක්වන ජලපෝෂක කඳුපන්තීන්ය. පරිසරයට සිදුවන හානිය පිළිබඳව ඔවුන්ට කිසිදු හැඟීමක් හෝ වැදගත් හෝ වැදගත්කමක් නැත.


වසර ගණනාවක් තිස්සේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ සිදු වූ පස් කඳු සංහාරය නිසා ප‍්‍රදේශ ගණනාවක්ම මේ වන විට ජල උල්පත් සිඳීගිය කාන්තාර බවට පත්ව තිබේ. විශේෂයෙන්ම මිනුවන්ගොඩ හා දොම්පේ කොට්ඨාසවල දශක දෙකක කාලයක් තිස්සේ පැවැති අනවසර පස් ජාවාරම නිසා බොහෝ ප‍්‍රදේශ වල පානීය ජල ගැටලූව උග‍්‍ර වී තිබේ. එසේ හෙයින් උතුරු අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කිරීමට ප‍්‍රථම පරිසරයහානි නොවන ලෙස පස් සපයා ගැනීමට වගකිවයුත්තන් අවධානය යොමු කළ යුතුය.


දේශපාලන බලය යොදා ආරම්භ කරන ලද මිනුවන්ගොඩ හා දොම්පේ ප‍්‍රදේශවල පස් ජාවාරම තවමත් අනවසරයෙන් සිදු කෙරෙන අතර, දොම්පේ ප‍්‍රදේශයේ එය භයානක අන්දමින් ක‍්‍රියාත්මකය. දේශපාලකයකු විසින් ආරම්භ කරන ලද දොම්පේ පස් ජාවාරම තවමත් ක‍්‍රියාත්මක වෙන්නේ එම දේශපාලනඥයාගේ පිහිටෙනි. ප‍්‍රදේශය නියෝජනය කරන යහපාලන රජයේ බලධාරින් ද ඇස් කන් වසාගෙන සිටින්නේ එම පස් ජාවාරමෙන් තමන්ගේ සාක්කුවටත් යම් මුදලක් ලැබෙන නිසාදැයි සැක සහිතය. විශේෂයෙන්ම පහළ දොම්පේ ප‍්‍රදේශයේ තවමත් මහා පරිමාණයෙන් සිදුකෙරෙන පස් ජාවාරමට පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලත්, දෙපාර්ශවයේම දේශපාලන බලධාරින්ගේත්් ආශිර්වාදය හිමිව ඇති බව නම් පැහැදිලිය.


අනවසරයෙන් සිදු කෙරෙන මෙම පස් කැපීමෙන් ලබාගන්නා පස් යොදා ගොඩකරනු ලබන්නේ ද අපේ රටට බත සපයන කුඹුරුය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්තරා දේශපාලනඥයකු තමන්ගේ නමින්ම දේපළ වෙළෙඳ සමාගමක් පිහිටුවා ගත්තේය. ඔහු ඉඩම් නිර්මාණය කර ගනු ලැබූවේ කුඹුරු ගොඩකිරීමෙනි. ගම්පහ හා යක්කල ප‍්‍රදේශ වල කුඹුරු ඉඩම් ගොඩකිරීමට මෙම දේශපාලනඥයාට කිසිදු තහනමක් නොතිබිණි. රුපියල් දාහට, දෙදාහට කුඹුරු ඉඩම් පර්චසයක් මිලට ගත් දේශපාලකයා ඒවා ගොඩකර විකුණනු ලැබූවේ පර්චසය මිලියන ගණනකටය. ඔහුගේ මෙම අන්තනෝමතික කුඹුරු ගොඩකිරීම පසුගිය කාලයේදී ගම්පහ නගරය ජලයෙන් යට කරන්නට ද සමත් විය.


පේ‍්‍රමදාස පාලන සමයේ නියෝජ්‍ය ඇමතිවරයකු ගම්පහ අවට කුඹුරු යායක බලය යොදා අනවසරයෙන් ගොඩකර සුවිසල් හෝටලයක් ඉදි කළේය. කුඹුරු අක්කර විශාල ප‍්‍රමාණයක් ගොඩකර ඉදිකළ මෙම හෝටලය නිසා තමන්ගේ සාක්කුවට එන සුවිසල් මුදල ගැන පමණක් සිතූ දේශපාලකයාගේ මෙම පරිසර විරෝධී ක‍්‍රියාව නිසා අදටත්, එම ප‍්‍රධාන මාර්ගය වැසිදාට ජලයෙන් පිරීගොස් මහා ගංවතුරක් ඇති කරයි. පසුව බලයට පත් වූ රජයට පක්ෂපාතී වී එම රජයේ ප‍්‍රබලයකුටම රුපියල් කෝටි 05ක මුදලකට එම හෝටලය විකුණා ගන්නට දේශපාලකයා සමත් වූයේය.මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ දේශපාලනඥයකු ද කුඹුරු යායක් මේ දින වල ගොඩ කරමින් සිටියි. පසුගිය මැතිවරණ කාලයක තමන්ගේ කාර්යාලයක් ද මෙම ඉඩම තුළ දේශපාලඥයා විසින් පවත්වා ගෙන ගනු ලැබූ අතර නගරයට ගංවතුර තර්ජනයක් එල්ල විය හැකි අනතුරක් පෙනි පෙනීම විපක්ෂය නියෝජනය කරන මෙම දේශපාලනඥයාගේ පරිසර විරෝධී ව්‍යාපෘතිය ඉදිරියේ යහපාලන රජයේ වගකිවයුතු දේශපාලනඥයින්ද මුනිවත රැුකීම ද ජු‍්‍රගුප්සාජනකය.

 

6

දේශපාලකයකු ගොඩකරමින් සිටින ප‍්‍රධාන නගරයක් අසල කුඹුර


පරිසරයට හානි කරන කර්මාන්තශාලා ද අපේ රටේ බොහෝ තිබේ. බොහෝ ඒවා දේශපාලනඥයින්ට අයත් ඒවාය. නැති නම් ඔවුන්ගේ ඥාතීන්ය. නැතිනම් හිතවතුන්ගේය. රතුපස්වල වැනි මතභේදාත්මක කර්මාන්තශාලා ද දශක ගණනාවක් පුරා පරිසරය දූෂණය කළේත්, පරිසර නීති රීති තුට්ටුවකට ගණන් නොගත්තේද කර්මාන්තශාලාවට තිබූ දේශපාලන ශක්තිය නිසාය.


දොම්පේ ප‍්‍රදේශයේ ද පරිසරයට හානි කර කර්මාන්තශාලාවකි. කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කෙළින්ම බැහැර කරන්නේ අසල පිහිටි ඇළ මාර්ගයටය. වසර හතරක පහක සිට සිදුවන මෙම පරිසර හානිය නිසා අවට කුඹුරු අක්කර සිය ගණනක් අස්වැද්දීමට නොහැකිව ගොස් ඇත. ගොවිතැන් කිරීමට කුඹුරුවලට බසින ගොවියන්ගේ කකුල් කුණු වෙන්නට පටන් ගත්තේය. ඇළ මාර්ගයෙන් ජලය බිව් ගවයින් රැසක් මරණයට පත් විය. ඇළ මාර්ගය ඔස්සේ කෘමිනාශක ගලාගෙන විත් දොම්පේ-පහුරුවිල පරිසර කලාපයම දූෂණය වී එහි සිටි මාළු දහස් ගණනක් මිය ගියහ.


මේ ගැටලූවට ප‍්‍රදේශයේ දේශපාලකයාගෙන් විසඳුම් ගන්නට සිතූ ප‍්‍රදේශයේ ජනතාව දේශපාලකයා වෙත ගොස් සිද්ධිය දැනුම් දුන්හ. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ දූෂිත කර්මාන්තශාලාවෙන් තම පරිසරය ආරක්ෂා කරදෙන ලෙසය. දේශපාලනඥයා ප‍්‍රදේශයේ ගොවියන්ද ගෙන්වා කර්මාන්තශාලාවේ රැුස්වීමක් තිබ්බේය. දේශපාලනඥයා කර්මාන්තශාලාවේ සේවකයින් අමතා ප‍්‍රශ්න කළේ ”මේ කර්මාන්තශාලාවේ වැඩ කරලා ඔයගොල්ලෝ කාගේ හරි කකුල් කුණුවෙලා තියෙනවාද? විෂවෙලා කවුරු හරි මැරිලා තියෙනවාද?’’ යනුවෙනි. සේවකයෝ කිසිවෙක් කතා නොකළහ.


”පේනවා නේද මේ වැඩපළේ වැඩ කරන අයට හානියක් නැතිනම් අනිත් අයට හානියක් වෙන්නේ කොහොමද?” කියමින් දේශපාලනඥයා කර්මාන්තශාලාවට පක්ෂව තීන්දුව දුන්නේය. එදිනම විශාල මුදල් කුට්ටියක් රැගෙන දේශපාලනඥයා කර්මාන්තශාලාවෙන් එළියට ආ බව දන්නෝ දනිති. ඇළේ වතුර විෂ වී තම හරකුන් මිය ගිය ගොවි මහතුන් ආපසු ගියේ හිස් අතිනි. එහෙත් හරකා කවුරුන්දැයි ඔවුන්ට තේරුම් ගොස් තිබුණි.


කඩොලාන ශාක රැුකීම අතින් අපේ රට අගැයීමට ලක්වූවද මීගමුව කළපුව ආශ‍්‍රිතව කඩොලාන ශාක විනාශ කර හෝටල් ඉදිකර ඇති අන්දම අප නිරීක්ෂණය කළේ එහි කළ සංචාරයකදීය. කඩොලාන ශාක කපා දමා බොහෝ හෝටල් ඉදිකර ඇති අතර, තවත් බොහෝ හෝටල් වලට සෙවණ ගෙන දෙන්නේ කඩොලාන ශාකයි. පසුව අපට අනාවරණය කරගත හැකි වූයේ පරිසර විරෝධීව කළපුවේ ඉදි කර ඇති මෙම හෝටල් බොහෝමයක් දේශපාලනඥයන්ට අයත් ඒවා බවය.


රටක ආර්ථික, සමාජීය හා සංස්කෘතික දියුණුවත් සමග පරිසරය ආරක්ෂාව ද සමගාමීව ගමන් කළ යුතුය. පරිසරයෙන් තොර දියුණුවක් නොමැති බව දියුණුවට පත් බොහෝ රටවල් සනාථ කර තිබේ. ඩුබායි, අබුඩාබි හා සාජා වැනි කාන්තාර වැනි රටවල අප කළ සංචාරයකදී පෙනී ගියේ දුෂ්කර කාන්තාර වැනි ඒ රටවල ද මහත් අපහසුවෙන් වූූවද ගස්වැල් සිටුවා ඒවාට සත්කාර කරන ආකාරයයි. ආර්ථික අතින් කෙතෙක් දියුණුවක් ලැබුණත්, පරිසරය මැළවෙන තත්ත්වයක පවතී නම් එම රටේ දියුණුව ද මන්දපෝෂණයට ගොදුරුවනු නිසැකය.

m



අදහස් (0)

වගුරු බිම් ගොඩකරන දේශපාලකයෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site