X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


වතුර බාල්දියේ සැඟවුණු තවත් මල් කැකුලක්

  19-page-01-Nim-4

මියගිය අහිංසා ඉසුමිණි පහන්‍යා දැරිය.

 

 

වැලේ ගෙඩි වැලට බරක් නැහැයි කියන කතාව දරුවන් සම්බන්ධව දෙමාපියන් විශේෂයෙන් මවක් විසින් දරුවන් කෙරෙහි දක්වන කැපවීම රැුකවරණයට ආදර සෙනෙහසට උපමාවක් වශයෙන් මනාව ගැලපෙන අවස්ථා බහුල වුවද මෙහොතින් මොහොත වෙනස්වන  සමාජයක එය සැබෑවක් නොවන අවස්ථා ද ඇත. මේ එවන් වැලට බර දැනෙන සේ අකාලයේ පීදුණු මල් කැකුලක් බඳු ශෝචනීය ඉරණමකට ගොදුරුව ජීවිතයෙන් වන්දි ගෙවූ හය හතර නොදන්නා සි`ගිත්තියකගේ රුදුරු මරණය පිළිබඳ කතාවයි.

 

 

19-page-01-Nim-3

 

මියගිය අහිංසා ඉසුමිණි පහන්‍යා දැරිය ඇගේ මව අයේෂා කුමුදුනී ජයරත්න සම`ග.


රත්නපුර කුරුවිට ඉසුරු ළමා නිවාසයේ වයස අවුරුදු දෙක හමාරක අහිංසා ඉසුමිණි පහන්‍යා දැරිය පසුගිය 08 දින මරණයට පත්වූයේ ප්ලාස්ටික් වතුර බාල්දියකට වැටීමෙනි.


ළමා නිවාසයේ නාන කාමරයේ ජලය පිරුණු බාල්දියට වැටී මියගිය දැරියගේ මෘත දේහය රත්නපුර මහ රෝහලේදී හඳුනාගත්තේ ඇගේ මිත්තණියවූ රුවන්වැල්ල පදිංචි ඩබ්ලිව්. නිල්මිණි නැමැත්තිය සහ ඥාතීන්ය. මියගිය දැරියගේ මෘත ශරීරය භාර ගැනීම ඔවුන් ප‍්‍රතික්ෂේප කර ඇත.


කුරුවිට පැරඩයිස්වත්ත ඉසුරු සෙවණ රජයේ භාරගැනීමේ ළමා නිවාසයේ භාරකාරත්වයේ රඳවා සිටි අවුරුදු දෙක හමාරක් වයසැති අහිංසා ඉසුමිණි පහන්‍යා දැරිය එම ළමා නිවාසයේ නාන කාමරයේ ජලය පිරවූ ප්ලාස්ටික් බාල්දියකට වැටී සිදුවූ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණය 11 දින රත්නපුර මහ රෝහලේදී අධිකරණ විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතා සිදු කළේය.


එම පරීක්‍ෂණයේදී කුරුවිට පැරඩයිස් ඉසුරු සෙවණ රජයේ භාරගැනීමේ ළමා නිවාසය වෙත ගිය අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් ස්ථානීය පරීක්‍ෂණය සිදුකරන ලදී. මෙහිදී මියගිය දැරිය වැටී සිටි රතු පැහැති අඩි දෙකක් පමණ උස ප්ලාස්ටික් බාල්දිය දැරිය අත තිබූ රතු පැහැති කුඩා රෙදි කැබලි දෙකද ජලය පිටවන ස්ථානයද එම ළමා නිවාසයේ නාන කාමරයේදී වෛද්‍යවරයාගේ පරීක්‍ෂාවට බඳුන්විය.


මෙම ළමා නිවාසයේ ස්ථාන අටක් සීසීටීවී කැමරා දසුන් සඳහා ආවරණය වන බවත් සිද්ධිය සිදුවූ නාන කාමරයද ඉන් එකක් බවත් ළමා නිවාසයේ ප‍්‍රධාන පාලිකාව මෙම මරණය පිළිබඳ රත්නපුර වැඩ බලන මහේස්ත‍්‍රාත් නිරෝෂ් නින්දවත්ත මහතා විසින් සිදුකළ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයේ පොලිසිය සාක්කි විමසීමේදී පැවසුවා. එසේම මියගිය දැරිය ඇතු`ඵ අවුරුදු පහට අඩු දරු දැරියන් 29 ක් මෙහි සිටි බවත් ඔවුන් රැුකබලාගැනීම සහ නිවාසයේ අනෙකුත් කටයුතු සඳහා සේවක මණ්ඩලය විසි දෙකක් සිටින බවද දරු දැරියන් බලාගැනීමට සේවිකාවන් 10ක් සිටින බවත් ප‍්‍රධාන පාලිකාව එහිදී පැවසුවාය.

 

19-page-01-Nim-2

 

දැරිය වැටී සිටි රතු පැහැති ප්ලාස්ටික් බාල්දිය.


‘‘මම මගේ දුව මියයන විට ළ`ග සිටියේ නැති නිසාත් ඒ සිදුවීම  සිදුවූ ආකාරය පිළිබඳව මා නොදන්නා නිසාත් මට මගේ දුව වතුර බාල්දියට වැටී මියගිය බව විශ්වාස කරන්නට බැහැ. සීසීටීවී දර්ශන මා දුටුවානම් දුවගේ මරණය සිදුවූයේ කෙසේද යන්න මට පැහැදිලි වෙන්නට ඉඩ තිබුණා. නමුත් මා එය දුටුවේ නෑ’’ යයි දැරියගේ මව වන අයේෂා කුමුදුනී ජයරත්න (20) යන අය දැරියගේ මරණය පිළිබඳ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයට අදාළ පොලිසියේ සාක්කි විමසීමේදී කියා සිටියා. එහිදී ඇය මෙසේද පැවසුවාය.


‘‘මම මගේ දුව ළමා නිවාසයට අධිකරණයෙන් යොමුකළ දා සිට අවස්ථා හයකදී ළමා නිවාසයට පැමිණියා. ඒ එන හැම වතාවකම දුව අසනීපව සිටියා. ඒ බව මා දුවගේ භාරකාරත්වය මේ ළමා නිවාසයට පවරන්නට ක‍්‍රියාකළ රුවන්වැල්ල අධිකරණයට පැමිණි පරිවාස නිලධාරිනියට ද දැනුම්දී තිබෙනවා. මේ මගේ දුවට සිදුවූ මරණය ගැන මා දන්නේ 10 දින අම්මා දුරකතනයෙන් කතාකර කියන විටදී. මා දැන් සිටින්නේ අම්මා සම`ග නොවේ.’’


‘‘මම පාසල් ගියේ හය වසර දක්වා විතරයි. මම ඉපදිලා තියෙන්නෙ 1996 අගෝස්තු 08 දින දීයි. වයස දාහතේදී මම අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ ගාමන්ට් එකක වැඩකළා. එහි එන්නට මම නවාතැන් ගෙන සිටියේ රුවන්වැල්ල ඉෂාර මාලිංග යන අයගේ නිවසේ. එය බෝඩිමක්. එහිදී ඉෂාර මාලිංග සමග ඇතිවූ සම්බන්ධතාවක් මත ගැබ් ගැනීමෙන් පසුව ඇතිවූ තත්ත්වය මත මම මගේ අම්මා ළ`ගට ආවා. ඇය සම`ග මේ පිළිබඳව පොලිසියට දැනුම් දුන්නා. ඉෂාර මාලිංග මා විවාහ කර ගත්තේ නෑ. ඒ කාලය, වසර, මාස ගණන් මට මේ වෙලාවේ මතක නෑ. 


ඉන්පසුව මම රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගයකින් බොරැුල්ලේ ගැලවීමේ හමුදාව භාරයේ ඇති නේවාසික ස්ථානයේ රැුඳී සිටියා. එහිදී මම දරු ප‍්‍රසූතියට සොයිසා රෝහලට ඇතුළ් කිරීමෙන් පසුව 2013 අප‍්‍රියෙල් 08 දින දැරියගේ උපත සිදුවුණා.  ඉන්පසුව මාස 03 ක පමණ කාලයක්  බොරැුල්ලේ එම ස්ථානයේ රැුඳී සිටියා’’ යයි පැවසූ ඇය මේ වන විට දරුවාගේ පියා වන තැනැත්තා පිළිබඳව රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු විභාගය සිදුවෙමින් පවතින බවත් ඇය එහිදී කියා සිටියාය.


එසේම දැරියගේ මව තමා වුවද තමාට රැුකියාවක් නැති නිසාත් තම මවටද දැරියගේ නඩත්තු කටයුතු සිදුකළ හැකි ආර්ථික තත්ත්වයක් නැති නිසාත් රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම්දීමෙන් පසුව දැරියගේ භාරකාරත්වය වසර පහකට මෙම ළමා නිවාසයට භාරකර එහි රැුකවරණ යටතේ තැබීමට අධිකරණය ක‍්‍රියාකළ බව කියා සිටියාය. එසේ දැරිය මෙම ළමා නිවාසයට භාරදෙනවිට දැරියගේ වයස මාස හයක් පමණ ඇති බවද ඇය කීවාය.
මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ කේ.එම්.ටී.බී. ගුණතිලක මහතා විසින් දැරියගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කර තිබුණි.


මේ පොලිසියේ සාක්කි විමසීම කුරුවිට පොලිසියේ (29953) පොලිස් සැරයන් සරත් මහතා විසින් සිදු කළේය.


මියගිය දැරියගේ අවසන් කටයුතු සිදුකිරීමට පෙර රත්නපුර මහ රෝහලේදී ආගමික වතාවත් සිදුකිරීමට අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ප‍්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට මියගිය දැරියගේ මව සහ මිත්තණියද සහභාගීව සිටිනු දක්නට ලැබුණි.


මේ වන විට ඒ පිළිබඳව ඇය භාරව සිටි කුරුවිට පැරඩයිස්හි ඉසුරු ළමා නිවාසයේ සේවිකාවක් වූ කිරිඇල්ල හාන්දුකන්ද පදිංචි ජයන්තා පියසීලී නැමැත්තිය කුරුවිට පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතාගේ නියෝගය පරිදි ලබන 17 තෙක් රිමාන්ඞ් භාරයට පත්ව ඇත. 


අඩි දෙකක් පමණ උසැති ප්ලාස්ටික් බාල්දියේ එම ගැහැණු දරුවා වැටෙන ආකාරය ළමා නිවාසයේ සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධතියේ පටිගතව ඇතිබව කුරුවිට පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබුණි. මෙම සිදුවීම සිදුව ඇත්තේ 08 දින පෙරවරු  9.45ට පමණ බව පොලිසිය සඳහන් කරයි.


කුරුවිට පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති කුමාර පල්ලෙවෙල මහතා විසින් අධිකරණයට කරුණුු වාර්තා කරමින්  ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 298 වගන්තිය අනුව මෙය නොසැලකිලිමත් ක‍්‍රියාවක් නිසා මරණය සිදුකිරීම යන චෝදනාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කර තිබුණි. එදින සැකකාරිය වෙනුවෙන් ලලිත් පීරිස් සහ අසංක විජේසිංහ යන නීතිඥවරුන් ඉදිරිපත්ව සිටියහ. කුරුවිට පොලිසියේ ස්ථානාධිපති කුලතුංග මහතා ඇතු`ඵ නිලධාරීන් විසින් මේ පිළිබඳ විමර්ශන සිදුකරයි.

m



අදහස් (0)

වතුර බාල්දියේ සැඟවුණු තවත් මල් කැකුලක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site