X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


වර්ජනය නිමවුණාට අරගලය දිගටම

අධිකරණය හා විධායකය අතර ගැටුමත් අයවැය බලාපොරොත්තුත් රටේ ආර්ථිකයත් සම්බන්ධයෙන් මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාය.


 

මේ ප‍්‍රශ්න ජනතාවට දරාගන්න බැරි දවසක් එනවා

⋆අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පසුගියදා පහරදීමත් සමඟ විධායකය හා අධිකරණය අතර ගැටුමක් පවතින බවට රටේ පවතින මතයක් ඉදිරියට ඇවිත්. අධිකරණය ගැන වැරැදි හැඟීමක් පවා ඇතිකරගැනීමේදී දෙවරක් සිතන ජනතාවට අද වනවිට ආණ්ඩුවේ ඇමැතිවරුම කියන්නේ අධිකරණය විවේචනය කිරීමෙහි වරදක් නැති බවයි. මේ ගැන ජ.වි.පෙ මතය කුමක් ද? විශේෂයෙන්ම විධායක ජනාධිපති බලය නිර්මාණය වුණාට පස්සේ එය තමන්ගේ පාලනය වෙනුවෙන් සියලූම ආයතන සිය අත්අඩංගුවේ තබාගන්නට උත්සාහ ගනිමින් සිටින්නේ. ඒක ජයවර්ධන මහතාගේ කාලයේත් සිදුවුණා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයෙත් කිසියම් ප‍්‍රමාණයකින් සිදුවුණා. දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී එය වඩාත් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම බලය සම්බන්ධ ප‍්‍රශ්නයේදී කිසිදු සීමාවක් නොදන්න මේ පාලනය සියලූ ආයතන යටපත් කරගෙන පාලන බලතල බුක්තිවිඳීමට යෑමේ ප‍්‍රතිපලයක් විදියට තමයි මේ ප‍්‍රශ්න මතුවෙලා තිබෙන්නේ. කන්න  ඕන වුණාම කබරගොයත් තලගොයා කරගන්නවා වගේ ඒ අයට වාසිදායක අවාසිදායක ප‍්‍රශ්න අනුව වෙනස් ආකාරයට හැසිරෙනවා. එක වෙලාවකට අධිකරණයේ දේවල් කතාකරන්නත් බෑ අධිකරණය උත්තරීතරයි එහි තීන්දු ගැන පාර්ලිමේන්තුව තුළවත් කතාකරන්න බැහැයි කියන ආණ්ඩුවම තමන්ට  ඕන වුණාම අධිකරණය විවේචනය කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න පුළුවන් යැයි කියමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයත් මොකද්දෝ හේතුවක් නිසා ඊට හවුල් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට ජනතාවගේ බලයෙන් පාලනය ගෙනයන්න බෑ. නීති වෙනස් කරමින් ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටිනවා. ඒ ඒකාධිපති ගමනේදී අනිවාර්යයෙන්ම අධිකරණය යටත් කොට ගතයුතුව තිබෙනවා. එය යටත් නොවී සිය සීමාව තුළ සිට කටයුතු කරද්දී ගැටුම් මතුවෙනවා. ඒ ගැටුමේදී අධිකරණය බියවද්දන්න විධායකය කටයුතු කරමින් සිටිනවා. අපි හිතන්නේ මේ වේලාවේ ඒකාධිපතිත්වයට විරුද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලැදි සියලූ ජනතාවගේ වගකීම බවට පත්වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීමයි. අධිකරණය මොකක් වුණත් මේ ව්‍යවස්ථාව තුළින් හදපු එකක්. ඒ නිසා එහි ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම වැදගත්. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා නිතර මතුරනවා. හැබැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබෙන ප‍්‍රධාන මූලධර්මයක් තමයි බලය සංවරණය හා තුලනය. ඒ සඳහා ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය කියලා ආයතන තුනක් තිබෙන්නේ. ඉතින් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කයිවාරු ගහන්නේ මන්ත‍්‍රීවරු බාගෙන තුනෙන් දෙක හදාගෙන ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට අරන්. අධිකරණයත් තමන්ගේ අතට ගන්න පහුගිය කාලයේ උත්සාහ ගත්තා. සාර්ථක වෙච්ච අවස්ථාත් තිබුණා. ඒකට පුංචි හරි බාධාවක් වුණාට පස්සේ තමයි මේ ප‍්‍රහාරාත්මක දේවල්වලට යන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මතුරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමට අවශ්‍ය කටයුතු තමයි කරමින් සිටින්නේ. එහි උච්ඡතම අවස්ථාවක් හැටියට අධිකරණයට කළ පහරදීම හැඳින්වියහැකියි.   ⋆විශ්ව විද්‍යාල ආචාර්යවරුගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය යනු මෑතකාලයේ සිදු වූ දීර්ඝතම වෘත්තිය සමිති සටනයි. එහෙත් ඔවුන් වැඩ වර්ජනය නිමාකර අද සිට නැවත සේවයට වාර්තා කරන්නේ පොරොන්දු කීපයක් ගැන බලාපොරොත්තුවක් පමණක් තබාගෙනයි. ජ.වි.පෙත් ඊට සම්පූර්ණයෙන්ම සහාය පළ කළ පක්ෂයක්. එහෙත් තුනෙන් දෙකේ බලය ඇති ආණ්ඩුව නේද අන්තිමට දිනුවේ? මොන ගැටලූ තිබුණත් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව පොදු වුවමනාවක් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරු කළ සටනට අපේ ගෞරවය අපි පළමුවෙන්ම පුද කරනවා. අපි කවුරුත් දන්නවා වැඩ වර්ජනයක් අනන්තය දක්වා කරගෙන යන්න බෑ. එහෙත් ඉතිහාසයේ දිගම වැඩ වර්ජනය කරන්නට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මහත් කැපකිරීම් කළා. මේ වනවිට රජය සමඟ සාකච්ඡා කර එය නතර කරන්නට ආචාර්යවරුන් තීරණය කර තිබෙනවා. එහෙම තීරණය කරලා තිබෙන්නෙත් සියලූ දෙනාගේ කැමැත්ත උඩ නොවෙයි. ප‍්‍රායෝගිකව මේ අරගලය ඉදිරියට ගෙනයන්න තිබෙන අපහසුව තවත් පිරිසක් පෙන්වා දුන් පසුවයි. හැබැයි වැඩ වර්ජනය නතර කළාට අධ්‍යාපනය වෙනුවෙන් තමන් කළ අරගලය නතර කරන්නේ නැති බව ආචාර්යවරු මෙහිදී ප‍්‍රසිද්ධියේ කියනවා. අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන්කරගැනීම සඳහා කළ සටන වෙනත් මානයන් ඔස්සේ කරගෙන යනවා. මේ වැඩ වර්ජනය නිසා හොඳ දේවල් ගණනාවක් මතුවුණා. පළමු එක අපේ රටේ අධ්‍යාපනයට වෙන්කරන මුදල ඉතාම සුළුයි මීට වැඩි මුදලක් ඊට වෙන්කළයුතුය කියන සංවාදය ජනතාව අතරට ආවා. මීට කලින් කවදාවත් මේ රටේ මිනිස්සු නොදැන සිටි සීයට හයේ කතාව රටම දන්නේ මේ වැඩ වර්ජනය නිසයි. අනෙක් කාරණය දරුවන් ගැන කතාකරන අඩන හොඳම දේ දරුවන්ට යැයි පුරසාරම් දොඩන වර්තමාන ආණ්ඩුව මාස තුනකට වඩා කාලයක් වැඩ වර්ජනයක් කරලත් අධ්‍යාපනයට වෙන්කරන මුදල වැඩිකරන්න සූදානම් නෑ කියලා ඔප්පු කරන්න සමත් වුණා. මේ ආණ්ඩුවේ දුෂ්ටකම ජනතාවට සලකන්නේ නෑය කියන කාරණය මේ දින සීය තුළ ඔප්පු කළා. ඒක දැවැන්ත ජයක්. ඒ වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරු වගේ සාමාන්‍යයෙන් සටන් කරන්නේ නැති කණ්ඩායමක් සටනක් පටන් අරන් ඒක මහපාරට ගෙනැල්ලා එවැනි සටන්කිරීමට තමන්ට ද හැකි බව ඔප්පු කළා. ඒ වගේම ආචාර්යවරු කළ ඉල්ලීම්වලින් කිසියම් ප‍්‍රමාණයක් ලබාදෙන්නට ආණ්ඩුවට සිදුවෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් වර්ජනය නතරකරන්නේ කිසිවක් නොලබා නෙවෙයි. ඉල්ලීම්වලින් යම් ප‍්‍රමාණයක් ලබාගෙන සහ නොලැබුණු ඉල්ලීම් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය තමන් සන්තකයේ තබාගෙනයි. වැඩ වර්ජනයක් පැවැතී එක්වරම නතර වුණාම සමාජයේ යම් තිගැස්මක් ඇතිවීම ස්වාභාවිකයි. වර්ජනය තාවකාලිකව නතර වුවත් නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් වූ සටන ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජ.වි.පෙ පූර්ණ සහාය පළකරනවා.

 

සීයට හයේ කතාව ජනතාව අතරට ගියේ මේ වර්ජනය නිසයි

⋆දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන්කරන්නැයි යන්න ඔවුන්ගේ ප‍්‍රධාන සටන් පාඨයක් වුවත් අධ්‍යාපනය සඳහා ඉදිරි වසර වෙනුවෙන් වෙන්කරන කොටස පැවැති ප‍්‍රතිශතයටත් වඩා අඩුවෙලා. මේ අරගලයේ ප‍්‍රතිපල ද? ඕනෑම ආණ්ඩුවකට අසීමිත බලයක් දුන්නොත් ඒ ආණ්ඩුව බලය පාවිච්චි කරන්නේ හිතුවක්කාරී පාලනයකට මිස ජනතාවගේ යහපතට නෙවෙයි. අපේ රටේ ආණ්ඩුව තමන්ගේ බලය හැමතිස්සෙම පාවිච්චි කරමින් සිටින්නේ ජනතාවට එරෙහිවයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කළ ඉල්ලීම තමන්ගේ දරුවන් වෙනුවෙන් කළ ඉල්ලීමක් නෙවෙයි මේ රටේ සියලූ ජනතාවගේ දරුවන් වෙනුවෙන් කළ ඉල්ලීමකුයි. අපි ඒක පිළිගන්නවා කියලා ප‍්‍රකාශ කරමින් කලින් අවුරුද්දේ අධ්‍යාපනයට වෙන්කළ ප‍්‍රතිශතයටත් වඩා අඩු ප‍්‍රතිශතයක් තමයි මේ අවුරුද්දේ අයවැයෙන් වෙන්කරලා භාවිතාව පෙන්වලා තිබෙන්නේ. හැබැයි අධ්‍යාපනයට වෙන්කරන මුදල එහෙම අඩුකළාට ජනාධිපතිවරයට වෙන්කරන මුදල නම් අඩුකරලා නෑ. එනිසා සමහර කාරණා සම්බන්ධයෙන් බලපෑම් කරද්දී ඒක කිසියම් ක්‍ෂේත‍්‍රයක පිරිසකට පමණක් සීමා නොකර ජනතාවත් ඊට සම්බන්ධ වූවොත් පමණයි රජයේ ප‍්‍රතිපත්ති වෙනස් කළහැක්කේ.   ⋆කම්කරුවන් වෘත්තිකයන් ඇතුලූ මෙරට සියලූ ජනයා මෙවර අයවැය දෙස බලාපොරොත්තු දල්වාගෙන සිටින අතරේ දැන් දැන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් තිබෙනවා. විදේශ ණය කන්දකට රට යටවී ඇති බවට සමහරු දිගින් දිගටම චෝදනා කරනවා. එහෙත් මේ අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානීන් කියන්නේ ගෝලීය ආර්ථිකයම අස්ථාවර වෙලා කියලයි? පැහැදිලිවම මේක ලෝක ධනවාදයේ අර්බුදයේ ප‍්‍රකාශනයක්. ලෝක පරිමාණයෙන් ගරාවැටෙමින් තිබෙන ධනපති ක‍්‍රමයට පණදෙන්න හැකි කිසි කෙනෙක් මේ මිහිපිට නෑ. සමාජවාදය පිළිබඳ විශ්වාසය වඩ වඩාත් තහවුරු කරගත යුතුව තිබෙන්නේ මේ නිසයි. ජයවර්ධන මහතා ආරම්භ කළ නව ලිබරල් ධනවාදයේ දෙවැනි ඉණිම තමයි මහින්ද රාජපක්ෂ මහතා අද වනවිට සෙල්ලම් කරමින් ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආර්ථිකය හදන ආණ්ඩුවකට මීට වඩා යමක් කරන්න පුළුවන්කමක් නෑ. ආර්ථික ඝාතකයන් ටිකක් තමයි ආණ්ඩුව ඇතුළේ ඉන්නේ. ඉතින් ජනතාව මත බදු බර පටවමින්  රටේ ඉඩම් ටික සම්පත් ටික විකුණනවා.  ඉතින් අයවැයේ ඉලක්කම් විවේචනය කරනවාට වඩා අප මේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි. මේ ආණ්ඩුව යහපත් ආණ්ඩුවක් බවට පත්කරගන්නවාට වඩා කළයුත්තේ මේ ආණ්ඩුවේ සංවර්ධනයේ මිථ්‍යාවන් හෙළිදරව් කොට මේ ක‍්‍රමය පරාජය කර ජනතා බලයක් නිර්මාණය කරගැනීමයි. කෙතරම් දුෂ්කර වුවත් ජනතාවට ඒ මඟ හැර වෙනත් මඟක් නෑ. මේක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නෙවෙයි.   ⋆පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ මුල් අදිවරේදී විවිධ පාර්ශ්ව එය දැඩි දෝෂ දර්ශනයට ලක්කළත් පාර්ලිමේන්තුව තුළ එය ඒකමතිකව සම්මත කරගැනීමේදී ජ.වි.පෙ ද ඇතුලූ විපක්ෂය කටයුතු කළේ කසාය බීපු ගොළුවන් වගේ යැයි ඇතැමුන් චෝදනා කරනවා? ඔය කතාව කියපු අයගෙත් මන්ත‍්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියා. එයා කළේ කුමක්ද කියලත් ඇසිය යුතුව තිබෙනවා. ප‍්‍රශ්නය තිබෙන්නේ මේ පවතින මැතිවරණ ක‍්‍රමය සර්ව සාධාරණය කියලා අපි කාටවත් පිළිගන්න බෑ. මෙහි ප‍්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒ නිසා මේ වෙනුවෙන් පෙනීසිටින්න අපි කාටවත් බෑ. අනෙක් අතට මේක හොඳ නැහැය කියා ගෙනෙන්න යන ඊළඟ එකත් බරපතළ අඩුපාඩුකම් තිබෙන එකක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය ඉදිරිපත් කරමින් අත්‍යවශ්‍ය සංශෝධන යොදා නොගෙන එය ක‍්‍රියාත්මක කරනවාට අපි දැඩිව විරුද්ධ බව පැහැදිලිව කිව්වා. මැතිවරණ ක‍්‍රමයක් සැකැසිය යුතුව තිබෙන්නේ ජනයා ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් එලවා දැමීමේ අරමුණෙන් නොවන බවත් සැම ජන කණ්ඩායමකම කැමැත්ත පාලන ආයතන තුළ සාධාරණව නියෝජනය වන ආකාරයට බවත් ඒ කමිටුවලට ගිහින් මේ පනත හදද්දිම අපේ මතය පැහැදිලිව කිව්වා. අලූතෙන් හදපු එක ආණ්ඩුවට  ඕන විදියට හදාගෙන තිබෙන්නේ. කිසියම් රටක නීතිය වූ කලී එම යුගයේ පාලක පන්තියේ කැමැත්ත වන්නේය කියලා පිළිගත් මතයක් තිබෙනවා. ඉතින් අද අපි දකිමින් සිටින්නේ එයයි. ආණ්ඩුවට තුනෙන් දෙකක් තිබෙනවා. ඉතින් ආණ්ඩුව ඒ තුනෙන් දෙකෙන්  ඕනෑම පනතක් සම්මත කරගන්නවා. දේශපාලන පක්ෂයක් හැටියට අපට තිබෙන්නේ ඒ පාර්ලිමේන්තුව තුළ හඩ නැගීම කරුණු කීම හා එයින් පිටත සංවාදයක් ආරම්භ කිරීමයි.

 

අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමයි වැදගත්

⋆ඔබ කියන ආකාරයට රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතිය අභියෝගයට ලක්වෙද්දී දේශපාලන ක‍්‍රියාකාරින් පක්ෂ ගෝලීයව ක‍්‍රියාත්මක වන එවන් වෙනත් ආයතන සමඟ අත්වැල් බැඳගැනීමේ දේශපාලන සම්ප‍්‍රදායන් ලෝකය තුළ ක‍්‍රියාත්මක වෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ හුදු අධිරාජ්‍යවිරෝධයක හිරවෙලා ඒ සංවාදයට යෑමට සූදානම් නැති තත්ත්වයක නේද අද සිටින්නේ? පැහැදිලිවම ප‍්‍රශ්න මතුවෙච්ච ගමන් ඒවාට උත්තර එන්නේ නෑ. උත්තර හොයන්න කාලයක් ගතවෙනවා. ජනතාව තේරුම්ගත යුතු වෙනවා, ඉගෙන ගත යුතු වෙනවා, අත්දැකීම් ලබාගත යුතු වෙනවා. ඒ අතර මේ ප‍්‍රශ්න ජනතාවට දරාගන්න බැරි තත්ත්වයට එනවා. එක රැයින් මේ ප‍්‍රශ්නවලට උත්තර හොයන්න බෑ. මේ සමාජය තුළ අපට අරගල ගණනාවක් තිබෙන බව අපි දකිනවා. පාර්ලිමේන්තුව ඇතුලූ මහජන ආයතන තුළ අපට අරගලයක් තිබෙනවා. ඒ ආයතනවලින් පිටත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සීමා ඇතුළේ අපට අරගලයක් තිබෙනවා. ජාත්‍යන්තරවත් අපට අරගලයක් තිබෙනවා. ඒ සියලූ අරගල ආකෘති පාවිච්චි කරමින් ජනතාව ඒකරාශි කළ යුතුයි සංවිධානය කළ යුතුයි. ඒක ටිකක් අමාරු කාරියක්. එහෙත් ඒක තමයි අප ඉදිරියේ තිබෙන එකම පිළිතුර. කිසිම නීතියකට කිසිම බලගතු පුද්ගලයකුට වඩා ආයතනයකට වඩා අතිශය බලවත්වන්නේ ජනතාවය යන්න අප දන්නා පරම සත්‍යයයි. වෙනසක් කරන්න  ඕනය කියලා කිසියම් විදියකින් ජනතාවගේ බහුතරය තීරණයක් ගත්තොත් ඒක වළක්වන්න කාටවත් පුළුවන්කමක් නෑ. ජනතාව සතු බලය දැඩිව විශ්වාස කරන අපි තමන්ගේ බලය ගැන නොදන්නා ඒ ජනතාවට ඇත්ත කියලා වටහාදීලා ඒකරාශි කරනවා. කිසියම් වෙලාවක මෙසේ එකතුවන ප‍්‍රමාණාත්මක පීඩාවන් ගුණාත්මකව පිටාර ගියාම මේ ජනතාවම ඊට එරෙහිව සටන්කරනවා. ලෝක ඉතිහාසය ඊට අවශ්‍ය උදාහරණවලින් පිරිලා තිබෙන්නේ.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

සංවාදය -  බිඟුන් මේනක ගමගේ



අදහස් (0)

වර්ජනය නිමවුණාට අරගලය දිගටම

සමන් Monday, 15 October 2012 12:31 PM

කෙලින්ම කියන්නකෝ බොරු වැල්වටාරම් නැතිව (ස)

:       0       0

හසිත් Monday, 15 October 2012 01:27 PM

රතු පාට දැක්ක ගමන් බය හිතෙනවා (ස)

:       0       0

අසේල Monday, 15 October 2012 02:28 PM

71 මතක් වුණා අයියෝ (ස)

:       0       0

සුපර් Monday, 15 October 2012 08:56 PM

ජීවත් වෙලා ඉන්නකම් මේරට වනසන්න (ස)

:       0       0

නන්දේ Monday, 15 October 2012 09:08 PM

බල්ලෝ පිදුරු කන්නෙත් නෑ කනගොනාට දෙන්නෙත් නෑ (අ)

:       0       0

සංජීව Tuesday, 16 October 2012 07:15 AM

මේ අයගේ සද්දේ විතරයි. (නි)

:       0       0

ගාමිණී Tuesday, 16 October 2012 09:29 AM

මෙයාලා හොඳ බයිලා කාරයෝ...වචන හරඹේ විතරයි (ස)

:       0       0

ධම්මික Tuesday, 16 October 2012 11:46 AM

ඔයාලගේ ස්ථීර ප්‍රතිපත්තියක් නෑ (ස)

:       0       0

ගුණරත්න Tuesday, 16 October 2012 01:02 PM

කට විතරයි..ඡන්දෙකදි හුලං (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 17 October 2012 12:32 AM

පිංතුරය නම් ලස්සනට තියෙනවා. (නි)

:       0       0

සමරවික්‍රම Wednesday, 17 October 2012 09:50 AM

අපි ජීවත්වෙන ටික කාලේ අපේ යුතුකම සහ වගකීම හරියට ඉටුකරමු (නි)

:       0       0

එන්.නයනසුන්දර Thursday, 18 October 2012 03:44 PM

ජේ.වී.පී. එත කළේ මේ රටේ හිටිය කොල්ලො කෙල්ලො දං ගෙඩියට අරගෙන ගිය එකයි..!(නු)

:       0       0

ශාලුක Friday, 19 October 2012 06:52 AM

‍බොරුවයි සද්දෙයි විතරයි (ස)

:       0       0

ලලිත් Saturday, 20 October 2012 04:17 AM

94 ට පෙර තිබු ජ වී පෙ කළ වැරදි මතක් කරමින් ඔවුන්ට අවමන් කිරීම නතර කොට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වූ 94 ට පසු කළ කී දේ පමණක් කතා කිරීම වඩාත් ශුභවාදී යයි සිතමි. 94 ට පසු මේ රටේ සිදුවූ සෑම ආණ්ඩු පෙරළියකදීම ඔවුන් කළ බලපෑම අවතක්සේරු කළ නොහැක. යුද්ධය දිනීමේදීත් ඔවුන් කළ මෙහෙය විශේෂය. එබැවින් මේ පක්ෂයේ හොඳ දේවල් වලින් සමාජයට යහපතක් කිරීමට ඔවුන්ට අවස්ථාව දීම අප සතු යුතුකමකි. ඇරත් ඔවුන්ගේ අවංක භාවය සහ කැපවීමත් ජනතා දේපල සුරා නොකෑමද අගය කළයුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site