X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


වසර අටසිය පනහකට පසු ඉදිවුණු ලෝකයේ විශාලතම සමාධි බුදු පිළිම වහන්සේ

2    

 

යක්ෂාවේෂ වු ගරිල්ලා සෙබළුන්, ඇෆ්ඝනිස්ථානයේ බාමියන් මිටියාවතේ බලය තහවුරු කරගැනීම සඳහා බුදුවරු 28ක් පහළ වූ මේ භූවනත‍්‍රයේ දේශපාලන සිතියම අකා මකා දැමිය යුතුයැයි 2001 දී තීරණය කර තිබිණි.

 


සීමා රහිත අන්තවාදී මේ 3ආගමික මූනිස්සම, ක‍්‍රි. වර්ෂයෙන් 6 වැනි සියවසේදී ඉදිවුණු කුෂාන් රාජධානිය හරහා ඇදී ගියේය. ඓතිහාසික ඉන්දුxගී‍්‍රක සම්ප‍්‍රදායට අනුව ඉදිවුණු දැවැන්ත චිත්තාකර්ශනීය බුදු පිළිම මේ කලාපයේ පහළ වී තිබිණි. මධ්‍යම ඇෆ්ඝනිස්ථානය තුළ රෝම අධිරාජ්‍යයත්, චීනය හා  ඉන්දියාව අතර පිහිටි තවලම් වෙළඳ මාර්ගය නොහොත් ‘‘සේද මාවතේ’’ සැරිසැරුවනට මෙම බෞද්ධ ඉදිකිරීම් මාහැඟී දැකුම්කලූ නිර්මාණ විය.
උසින් අඩි 123 දක්වා මෙන්ම, අඩි 172ක් වූත්, සියලූ ප‍්‍රතිමා, ඇෆ්ඝන් තලේබාන්වරුන්ගේ වෙඩිබේත්වලින් පිපිරී විනාශ විණි.


ලෝ වැසියන්ගේ පොදු පූජනීය සම්පත් මෙලෙස ආගමික උන්මන්තකයින්ගේ ප‍්‍රහාරයට ලක්වීම ‘‘ලෝක උරුම’’ විනාශය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම, ලක්දිව කුරුණැගල, රම්බඩගල්ල ප‍්‍රදේශයේ දුප්පත් දහම් පාසල් දක්වා සනිටුහන් කළේ හද සසල කරවන කම්පාවකි.
බාමියන් පිළිම විනාශ කරන හැටි පන්සලේ රූපවාහිනියෙන් බලා කුපිත වුණු ශිෂ්‍යයින්ගේ ආවේගවලට හාමුදුරුවන්ට මුහුණ දෙන්නට සිදුවිණි.
‘‘අපේ පිළිම විනාශ කරනවා. අපිත් මුස්ලිම් පල්ලි විනාශ කරමු.’’


‘‘නෑ ළමයෝ බෞද්ධ ඉතිහාසයේ අපට ගහල තියෙනවා. නමුත් අපි ආපසු ගහල නෑ. පල්ලි කඩා බිඳ දැමීම නෙවෙයි අපි කරන්න  ඕනෑ. විනාශ කළ පිළිමය වෙනුවට එකක් හෝ දෙකක් හෝ හදන එකයි. පුළුවන් නම් ගලෙන්ම පිළිමයක් හදනවකෝ....’’ (2001 වසර)
2001 වසරේ වෙසක් මාසය, මැයි 5ට යෙදී තිබිණි. මැයි 3 වැනිදා රම්බඩගල්ල විදුහලේ ප‍්‍රාථමික අංශයේ දරුවන් පොහොය දින වැඩ සටහනට සහභාගි වූහ. උපාසක දානය සඳහා ගම්වාසීන් මහ පිරිසක්ද පැමිණ සිටියහ. ළමාකමට හා උට්ඨානවීර්යට ද සමගාමීව මෙම දහම් පාසල් ළමුන් පිළිම සැදීම සඳහා මුදල් සම්මාදම් කර තිබිණි.


රුපියලේම කාසි 1358 ක් එහි විය.


‘‘ගල් පිළිමෙට සල්ලි’’ ෂොපිං බෑග් තුනකට සල්ලි එකතු කළ ළමුන් තිදෙනාම ලොකු හාමුදුරුවනට කීවේ සතුටින් ඉපිළ යමිනි.


බුදු පිළිමය ඉදි565කිරීමේ මූලික සංකල්පය දැන් සංකල්පයෙන් නිකුත්ව කි‍්‍රයාත්මක ප‍්‍රවේශයකට අවතීර්ණ වී තිබුණත් ‘‘දිවයිනේ සතර දිග් භාගයෙන් තොරතුරු විමසා බැලූවද, මෙම කාර්යය භාර දීමට සුදුසු ප‍්‍රවීණයෙකු සොයාගත නොහැකි විය.’’ වර්තමාන මහනායක හිමි පුජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි ස්වාමින්වහන්සේ ‘‘මේ අතර නුවරඑළියේ රම්බඩ ‘‘හනුමාන් කෝවිලේ’’ තනි කළු ගලින් නිමවන ලද හනුමාන් ප‍්‍රතිමාවක් ඇති බවත්, එම ප‍්‍රතිමාව නරඹා, එම ප‍්‍රතිමාව කරන ලද ශිල්පියා කව්දැයි විමසා බලා පැමිණියහොත් හොඳයැයි සිතා, 2002 පෙබරවාරි 02 වැනි දින රම්බොඩ ගියෙමි. උදේ 10.00ට පමණ අපි එහි ළඟා වීමු. කෝවිල ඉදිරිපස මහතකු කෝවිල වම්පස මිදුලේ පුජා වට්ටියක් අතින් ගෙන එනු දුටිමි. මම කෙළින්ම ඔහු ඉදිරියට පැමිණ ඔහු දෙස සෘජු බැල්මක් හෙළිමි. දෙදෙනාම එකිනෙකා දෙස බැලූවද, සිනා පොදක්වත් හුවමාරු නොවීය. කෙසේ වෙතත් ඔහු හා අපි එක්ව කෝවිල දොරටුවෙන් ඇතුළුවීමු.

කෝවිලේ පැය එකහමාරක් පමණ ගතකොට, ප‍්‍රතිමාවද නරඹා, මේ ප‍්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියා කවුරුන්දැයි දැන ගැනීමට කාර්යාලයට ගියෙමු. එහි වූයේ තරුණයෙකි. අප පැමිණි කාරණය ඔහු සමග කී පසු ප‍්‍රතිමාව සෑදු ශිල්පියා පිළිබඳ තමන් නොදන්නා බව පවසා හනුමන් දෙවියන් පිළිබඳ ලියැවුණු පුංචි පොතක් අප අතට දෙමින් එහි වු ලිපිනයන් දක්වා, එතැනින් විමසන ලෙසත් කියා දුරකථන අංකයක් දුන්නේය. මේ තොරතුරු දැන අප ආපසු පිටවන්නට දොරටුව වෙත පැමිණි කල, එහි සිටි මහතෙකුට අප කතාව ඇසී ‘‘ස්වාමින්වහන්ස, අපේ බොස් මුණගැහිලාම යන්න ’’ යනුවෙන් හතර පස් වතාවක්ම පැවසූ බැවින් අපි මඳක් රැුඳුනෙමු. මේ මොහොතේ ඒ මහතා මීටිමක බැවින් මඳක් රැුදී සිටින්නට දැන්වූ බැවින්ද, වේලාව අපේ දානයට සුදුසු වේලාව බැවින්ද, මීටිම අවසන් වනතුරු අපි දානේ ටිකක් අරගෙන එන්නම් කියා, ඒ ආසන්නයේ පිහිටි තවලම්තැන්න කඩපළට ගියෙමු. දානය හමාරකොට පෙරළා කාර්යාලයට පැමිණියෙමු. දැන් වේලාව මධ්‍යහන 12.30ට පමණ ඇත. අපි කෝවිලේ කාර්යාලයේ රැුදී සිටියෙමු. මා ඉදිරිපස වාඩි වී සිටි තරුණයාගෙන් ගිලන්පස ද ලැබිණි. තවත්  මඳ වේලාවක් ගෙවිණි. මා ඉදිරිපස සිටි තරුණයා දොරටුව දෙස බලා නැගී සිටියේය. මමද එදෙස හැරී බැලිමි. ඒ අපට උදේ මුණගැසුණු මහතාය. ඔහු මා ඉදිරිපස පුටුවේ වාඩි විය.


‘‘අපි මේ රම්බාඩගල්ලේ ඉඳලා රම්බොඩ ආවේ. අර අම33රදත්ත. මම අමරමෝලි’’ මම අමරදත්ත මහතාට අත දිගු කරමින් කීවෙමි.


‘‘රම්බොඩගල්ල හා රම්බොඩ. අමරදත්ත හා අමරමෝලි’’ මේ වචන අසා ඒ මහතා ලොකුවට සිනාසුනේය.


‘‘අපේ ලොකු හාමුදුරුවෝ 1988 දි, ඉන්දුනිසියාවේ ජාකර්තා නුවර ඇක්සිඩන්ට් එකක් වෙලා අපවත් වුණේ. ඉතින් අපි පන්සලේ වැඩ භාරගෙන කි‍්‍රයාකරන කොට 2001 දි ඇෆ්ඝනිස්ථානයේ බාමියන් ප‍්‍රතිමා විනාශය නිසා, අපේ දායක පිරිසට අවශ්‍ය වෙලා තියෙනවා. කළු ගලෙන්ම පිළිමයක් කරන්න. අපේ පන්සලේ කළුගල් තියෙනවා. ඒත් ශිල්පියෙක් තමයි නැත්තේ. අපි මේ ආවේ මේ පිළිම හදාපු ශිල්පියා කවුද කියලා දැනගන්න.’’


මෙවිට ශිල්පියා ගැන මොකුත් නොකියු ඔහු අහනවා, ‘‘කොච්චර උස පිළිමයක්ද කරන්නේ’’
මම කිව්වා ‘‘අඩි 50ක් විතර’’


වහාම පුටුව පසෙ25_SLTK_P_4කට ලා නැගීසිට විස්මයෙන් මෙන් ඇස් ලොකුවට ඇරගෙන දුර බලා ඔළුවේ අත ගසාගෙන ඔහු කියනවා.
‘‘මයි ගෝඞ්    ආඬවනේ ’’


මඳ වේලාවකින් අත පහත දමමින්.......’’ නෑ. මම ස්වාමින් වහන්සේට ෆුල් සපෝට් යනුවෙන් දෙවරක්ම පවසා හෙමින් පුටුවේ වාඩිවිය.


‘‘මම අද හවස මැඞ්රාස් යනවා. මේ ශිල්පියාගේ ගෙදර තියෙන්නේ මැඞ්රාස්වල. නමුත් ඔහු නිතර ගෙදර නෑ. ඇමෙරිකාවෙත් දහදොළොස්පළක වැඩ. ලන්ඩන්, බැංකොක්, මැලේසියාවලත් ඒ මහතාගේ වැඩපොළවල්. ඉන්දියාවෙත් නොයෙක් තැන වැඩකරනවා. ශිල්පියෝ හත් අටසීයක් මෙයාට ඉන්නවා. මම අද මැඞ්රාස් ගියාම බලන්නම් මේ ශිල්පියා මුණ ගැහෙන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් මම මෙහෙට ටෙලිෆෝන් කරනවා. හාමුදුරුවන්ට පුළුවන්ද වීසා ටිකට් හදාගෙන එන්න.’’
සිතන්නට වේලාවක් නොවීය.
එක්වරම ‘‘පුළුවන්’’ කියැවිණි.
ඔහු දෙවරක් කතා කළේ නැත.
වහාම ඔහුත් අමරදන්ත දෙසට හැරී’’ මේ ස්වාමින්වහන්සේට වීසා ටිකට් හදාගන්න උදව්කරන්න’’ යැයි පැවසීය.


අපගේ පිළිම නෙළිමේ කාර්යය සාර්ථක වන බව තේරුම් ගත් අපි ආපසු පැමිණියෙමු. අපට රම්බොඩදී මුණගැසී අප යා යුතු මග හෙළිපෙහෙළි කළ ඒ උත්තමයා උපතින් හින්දු භක්තිකයෙකු මෙන්ම, ඉන්දියානු ජාතිකයෙකු වූ ඞී. ඊශ්වරන් මහතාය. පිළිම නෙළීමේ කාර්යයේ දී ඔහු අපගේ ඉටු දෙවියා විය.’’
මොණරාගල විහාරස්ථානයේ විහාරාධිපති, එගොඩමුල්ලේ අමරමෝලි නා හිමිපාණන්වහන්සේ, ඊශ්වරන් මහතා සමඟ කතා කළේ අඩි 50ක් උස පිළිමයක් නෙළීම සඳහා වුවත්, පසුව ඒ ප‍්‍රමාණය වෙනස් විය. පළමුව ගල මැන බැලූ ස්ථාපති මහතා, අඩි 50ක උස පිළිමයක් නෙළීම සඳහා ඉන්දියානු රුපියල් දශලක්ෂ දහයක් පමණ වියදම් වේ යැයි පැවසීය.


‘‘මේ නිර්මාණ ශිල්පියා පාරම්පරික මූර්ති ශිල්පියෙකි.’’ ඊශ්වරන් මහතා කියයි. ‘‘ගඩලාදෙණිය විහාර කර්මාන්තය කිරීම සඳහා ඒ යුගයේ තමන්ගේ පරම්පරාවේ ශිල්පීන් ලංකාවට පැමිණි බව’’ ඔහු නා හිමි සමඟ පවසා ඇත.


‘‘ලංකාවේ දැනට ඉතිරිව ඇති ශෛලමය ප‍්‍රතිමා අතර අවුකන පිළිමය අඩි 37.10 වන අතර මාළිගාවිල පිළිමය අඩි 45.’’
නාහිමියන්ගේ පැහැදිලි කිරීමට ස්ථාපති මහතා පිළිතුරු දෙයි.


‘‘මේ පිළිමවහන්සේලාට වඩා උස පිිළිම වහන්සේලා බාමියන් පිළිම අතරේ තිබෙන්නට ඇති බවත්, ඒ නිසා මුළු ලෝකයට මෙතෙක් නිර්මාණය නොවූ තරමේ උසකින්, එනම් අඩි 67.5ක් උසට පිළිමය නෙළීමේ කාර්යය කළ යුතු බවත්’’ ය. ඒ කතාවට අනුව ලොව මෙතෙක් ඉදිවන විශාලතම ශෛලමය සමාධි ප‍්‍රතිමාවහන්සේ පිහිටවනු ලබන්නේ මොණරාගල විහාරස්ථානයේ බව තීරණය විය. ඒ සඳහා යන වියදම ඉන්දියානු රුපියල් දශලක්ෂ 5.3කි.


මෙම පිළිමය නෙළීමට පෙර ස්ථාපති මහතා සහ ඔහුගේ ගෝල බාලයින් බුද්ධ ප‍්‍රතිමාවක් නිර්මාණය කර නැත. ඔවුන් නිර්මාණය කළේ බැතිමතුන් සඳහා දේවරූප පමණි. ‘


‘‘මේ මවිසින් නිර්මාණය කරනු ලබන එකම සහ අවසන් බුද්ධ ප‍්‍රතිමාවයි. එහි මාගේ කලා කෞශල්‍ය උපරිම අයුරින් ප‍්‍රදානය කිරීම මගේ ද අභිප‍්‍රාය යි.’’
ඞී. ස්ථාපති මහතා
පිළිමය නෙළීම සඳහා තෝරා ගත් ගල වෙත ළඟාවීමට විහාරයේ සිට මද දුරක් ගල් තලාවක් නගිමින් ආ යුතුය. මෙම ගල් පිළිමය නෙළීම සඳහාම ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන්නට ඇතැයි සිතේ. ග‍්‍රැනයිට් වර්ගයට අයත් සුදු පැහැති කළුගල් පර්වතයේ හෙමින් හෙමින් මතු වන බුදු බඳ අන්‍ය ආගමිකයෙකු තුළ වුවද මතු කළේ විස්මය දනවන හැඟීමකි. නෙළීමේ කටයුතු කරගෙන යන අතරතුර, පොළොව යටට තවත් අඩි 17 ක් පමණ ශුද්ධ කරන්නට සිදුවිය. (ඒ අනුව ගල ටිකෙන් - ටික අඩි 40 ක පමණ ප‍්‍රදේශයක් පස්සට ද කඩන ලදී.)


ඉන්දියාවේ මදුරෙයි, වෙල්ලෝරා, කාංචිපුරම් යන ගම්වලින් අවුරුදු 12 ට පෙර මෙහි පැමිණි මේ නිර්මාණ ශිල්පීන්, වැඩ කටයුතු ආරම්භ කරන්නේ පෙරවරු 6.30 ට පමණය. උදෑසන අවදිව දිය නා, ආගම අදහා, නළලත  කොකුම් තබා, හිසේ ජටාවක් බැඳගෙන ආරම්භ කරන මේ කටයුත්තේ දී ඔවුහු ධ්‍යානයකට සම වැදුනා බඳුය.


ප‍්‍රධාන ශිල්පි ස්ථාපති මහතාගේ ගණන් මිනුම් අනුව එක් ශිල්පියෙකු ගල කැඩු අතර අනෙක් ශිල්පීහු ගල් කටුවත් - මිටියත් උදව් කරගෙන ඒ කැඩූ කොටස නිමහම් කරති.


තමන් වැඩ කරන සියdjලූම ආයුධ දෙවියන්ට භාරදීම ඔවුන්ගේ පුරුද්දකි. වැඩ කරන පින් බිමේ ගසක කොළයක් කැඞීම, බිමට කෙළ ගැසීම ඔවුන් අතින් කිසිදා සිදු නොවුනි.


2002 සැප්තැම්බර් 13 වැනි දා පළමුව ම පිළිමය නෙළීමේ කාර්යයට අත ගසන ලදී.


නෙළීමේ කාර්යයේ දී ශිල්පීහු කණ්ඩායම් තුනක් ලෙස කොටස් වී සිටියහ. ස්ථාපති මහතා කැන්දාගෙන ආ පළමු කණ්ඩායම කළේ  පිළිමය නෙළීමේ කාර්යයට අවශ්‍ය පරිදි ගල කඩා පසුබිම සකස් කිරීමයි.


ඔවුන් ගිය පසු යෝගනාදන් මහතා යටතේ දෙවැනි කණ්ඩායම පැමිණියේය.


මෙම අවධියේ දී පිළිමයේ මුහුණ තරමක වටකුරු හැඩයකට ආ බවත්, තමන් වහන්සේට එම හැඩය වෙනස් කිරීම සඳහා යම් යම් ප‍්‍රතිසංස්කරණ කරන්නට සිදුවූ බවත් නායක හාමුදුරුවන්ගේ මතකයයි. (කර්තෘ සම්මුඛ සාකච්ඡුා 14-4-15) පොළොන්නරුව වටදාගෙයි පිළිමයෙහි අනුරුව පිළිබඳව තමන්වහන්සේ දැඩි ලෙස අවධාරණයෙන් හා සුපරික්ෂාවෙන් සිටි බව ද උන්වහන්සේ පවසති.


තෙවැනි කණ්ඩායම වූ මුරුගන් මහතාගේ පැමිණීමත් සමඟ අවසන් ප‍්‍රතිඵලය ගැන තිබූ සියලූ සියුම් විචිකිච්ඡුා ඉවත්විය. සිත් පිත් නැති කළු ගලකට ජීවය කවා, සතර බ‍්‍රහ්ම විහරණය ඉන් මතුකොට, ලෝකයාට නිවන් සැප හදාදීමේ උත්තම කාර්යය වූ බුදුබඳ මතුකොට නිමා කිරීම, උන්වහන්සේගේ පරම පවිත‍්‍ර චේතනාව විය.


ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරිය ලෙස සේවය කළ කාලයේ දී, නිරූපමා රාවෝ මැතිණිය තම රටින් මෙහි පැමිණ විස්කම් පාන ස්ථාපති මහතාගේ දක්ෂතා දැක බලා ගැනීමට දිනක් මොණරාගල විහාරයට පැමිණියාය. ඉදිවෙමින් පවතින සමාධි පිළිමයත්, ශිල්පියාගේ දක්ෂතා ද සිය ඇසින් දැක බලා සතුටුව, පිළිමය නෙළීමේ කාර්යය සඳහා රුපියල් ලක්ෂ විසිපහක (25* මුදලක් පරිත්‍යාග කළාය. එවැනි විශාල මුදලක් ඒ වන විට ලැබී නොතිබිණි. එතුමිය ද හින්දු භක්තිකයෙකි.


පසුව 2004 වසරේ දී ජපානයේ තනාකා මෙහෙණියගෙන් ලක්ෂ පහක මුදලක් ද, 2008 දී ලංකාවේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන නන්දදාස රාජපක්ෂ මහතා මගින් රුපියල් ලක්ෂ 30ක් පමණ ද, සෙල් පිළිම ගිණුමට ලැබිණි.


ප‍්‍රතිමාවක් නෙළීමට පළමුව ශිල්පීහු එහි ප‍්‍රමාණය පිළිබඳ නිගමනයකට බසිති. බුදු සිරුර නිමාවන්නේ නිග්‍රෝධ පරිමණ්ඩල කාය යන සංකල්පයකට අනුවය. නුග ගසක වැඞීම සිදුවන්නේ එහි උසට සරිලන පරිදි කඳ ද තිරස්ව පැතිර යාමෙනි. මථුරා කෞතුගාරයේ ඇති ජාම්පුර් හිඳි පිළිමය හා සාරානාත් හිඳී පිළිමය මේ ලක්ෂණය මනාව ප‍්‍රකට කරයි. මුර්ති ශිල්පීහු බුදු සිරුරේ උස මහත අත් පා ආදිය නෙළීමේ දී මේ ක‍්‍රමය අනුගමනය කරති. අනුරාධපුර සමාධි ප‍්‍රතිමාව උස අඩි 7 අඟල් 6 ක් වන අතර දෙදණ අතර සීමාව ද 7.6 ක් වේ. ඉන් අදහස් වන පරිදි මොණරාගල සමාධි පිළිමයේ උස අඩි 67.5 ක් වන අතර දෙදණ අතර පරතරය අඩි 67.5 ක් වන බවය. උසේ තරමට, පළල බුද්ධ ප‍්‍රතිමාවල ලාංඡුන ලක්ෂණයට ද වැදගත් තැනක් දී ඇත. ඉන් සිදුවන්නේ බුදු සිරුරේ අත්ල හා පාද දෑලක ආකාරයෙන් නිර්මාණය වී තිබීමය. මෙහිදී අපට ‘නරසීහ ගාථා’ සිහිපත් වේ. යශෝදරා දේවිය රාහුල කුමාරයාට තම පියා හඳුන්වා දී ඇත්තේ බුදු සිරුරේ කායික ලක්ෂණ විස්තර කර දීමෙනි. බුදු පිළිමයේ අධ්‍යාත්මික ප‍්‍රභාව නිරුත්සාහයෙන්ම ප‍්‍රකට වන්නේ මේ බාහිර අංග ලක්ෂණ අනුවය.


මදක් දිගටි මුහුණකින් හා ලම්බකර්ණ, උරහිස තෙක් දිග කන් ද සහිත මෙම පිළිමයේ හිස අක් බඹරු වී ගොස්, මුදුන උස් වූ ආකාරයට නෙළා ඇත. දකුණු උරහිස නිරාවරණය වන පරිදි සිවුර නිමවා ඇති අතර ඉන් වම් ඌර්ධව බාහුව ද වැසී ඇත. සිවුරේ රැුළි මනාව චාම් මටසිලූටු ගතියක් ප‍්‍රකාශ වන අයුරින් සිවුර ඇඟටම ඇලී සිටින ආකාරයටත් පෙන්නුම් කරයි.


2015.4.14 වැනි දින වන විටත් මුහුණේ, නළළේ උර්ණ රෝම ධාතුව සළකුණු කර නොතිබුණත්, ඒ ගැන තවමත් තීරණය සීමිත සාකච්ඡුාමය තත්ත්වයකින් පවතින බව අමරමෝලි නාහිමියෝ පැවසුහ.


28.4.15 වැනි දින සපැමිණෙන ප‍්‍රධාන මුර්ති ශිල්පියාගේ විධිවිධාන ප‍්‍රකාර, පූසාරින් විසින් පැය 5 ක් පමණ ස්ත්‍රෝත‍්‍රකර සිදු කරනු ලබන පැන් අභිෂේකයකින් පසුව, නේත‍්‍රා ප‍්‍රතිෂ්ඨාපනය තීන්දුයි.

1

 

m



අදහස් (0)

වසර අටසිය පනහකට පසු ඉදිවුණු ලෝකයේ විශාලතම සමාධි බුදු පිළිම වහන්සේ

කමල් Sunday, 07 June 2015 03:00 PM

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී! සියලු දෙනාටම යහපතක්ම වේවා! (නි)

:       0       0

ශ්‍රීමා Saturday, 16 May 2015 03:07 AM

සාදු සාදු සාදු!!! (නි)

:       0       0

විජේන්ද්‍ර Saturday, 16 May 2015 03:08 PM

ප්‍රමිතියකින් තොර සහ කලාත්මක බවෙන් තොර නිර්මාණ කරන යුගයක මෙය අති විශිෂ්ට කලා නිර්මාණයකි.(බ)

:       0       0

ගාමිණී සෙනවිරත්න Sunday, 17 May 2015 12:43 PM

මමත් සුළුවෙන් දායක උනා. ස්තුතියි (නදී)

:       0       0

තුෂාර Tuesday, 19 May 2015 07:06 AM

ආරම්භ කළ ළමයින්ටත් අපේ හාමුදුරුවන්ටත් බුදු සරණයි! (නි)

:       0       0

ඩිලාන් Tuesday, 19 May 2015 09:04 AM

අන්තවාදී බෞද්ධයන්ට හොඳ උත්තරයක් මෙහි සපයනවා. මමත් සිංහල බෞද්ධයෙක්. (බ)

:       0       0

සිරිවර්ධන Sunday, 24 May 2015 05:18 AM

මම දැනට ජීවත් වීන්නේ ජිනීවා නුවර 1972.04.20 මම ගම්පොල අම්බුළුවාව කඳුමුදුනට ගියේ සිංහපිටියේ කෙසෙල්වත්ත පාරේ සරත්, නිහාල් සමග ඒවනවිට මගේ වයස 20. එදා කඳුමුදුනේ තිබුන අඩි 6 පමණ අලංකාර බුදුපිළිමයේ පපුව හරහා ලිය තිබුන අකුරු පේලිය මගේ හිත තුල ලියවුනේ සදා නොමැකෙන ලෙසින. මා මේ වදන් පෙලෙ මෙහි ලියන්නේ දරුවනි නුබලා වෙනුවෙනි! මෙවැනි රුකඩ ඇටවීමෙන් අනාගත පරපුර සාගින්නේ මිය යා හැක. ( ජනතා විමුක්ති පෙරමුණ ) ඒ අනාගත පරපුර මා අද දුටුවෙමි .සාදු, සාදු, සාදු, දරුවනි මතු බුදු වන්නේද නුබලාමය (බ)

:       0       0

අරුණ මලින්ත Sunday, 24 May 2015 05:24 AM

මම අන්‍ය අාගමිකයෙක්. මම කැමැති.හොඳ නිර්මාණකරුවන්ට තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා.(බ)

:       0       0

නදීර Friday, 29 May 2015 11:14 AM

මෙවැනි නිර්මාණ කරන්න පින් ලැබේවා.(හේ)

:       0       0

අසිත ජයසූරිය Saturday, 30 May 2015 04:30 PM

සතුටු සිතින් අනුමොදන්වෙමි ! සාධු ! සාධු ! සාධු! (බ)

:       0       0

බුද්ධික Monday, 01 June 2015 12:27 AM

පෙර පින් නිසා මේ භවයේදී අපිට ලෝකයෙන්ම ලොකුම අපේ බුදුහිමි දකින්න ලැබුණු පිනෙන් සිංහල ජාතියට රට ජාතිය ගැන ආදරයක් ඇතිවේවා! (නි)

:       0       0

සුගත් Monday, 01 June 2015 07:49 AM

සාදු සාදු සාදු සියලු ලොවාසින්ට පින් ලැබේබා. අපේ රටේ සාමය සමගිය රජ වේවා. (ම)

:       0       0

කුමාර Friday, 15 May 2015 07:13 PM

සාධු සාධු සාධු! මෙවන් උදාර නිර්මාණයක් කිරීමට දායක වූ සැමදෙනාටම උතුම් වූ නිර්වාණ ශාන්තියම ලැබේවා! (නි)

:       0       0

ශාන් Thursday, 11 June 2015 02:54 AM

මේ උතුම් ක්‍රියාව කළ අයට තවත් ශක්තිය වැඩිවේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

සුමිත් Thursday, 11 June 2015 08:18 AM

ඉතාමත් උතුම් පින්වත් ක්‍රියාවට ඹබ වහන්සේ ඇතුලු සියලු දෙනාට බොහෝ පින් සිදුවේවා! (නි)

:       0       0

කලණි Thursday, 18 June 2015 11:34 AM

මෙම උතුම් කාර්ය කල අයට පින් අත්වේවා.! (ර)

:       0       0

රසංග/රසික Tuesday, 23 June 2015 01:10 PM

සාධු! සාධු!! සාධු!!! (ර)

:       0       0

සමරසේකර Thursday, 25 June 2015 07:11 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

අංජන ගිහාන් Tuesday, 07 July 2015 02:34 PM

ඉතාම හොඳ සද්ක්‍රියාවක් (නි)

:       0       0

තිලින මල්ෂාන් Wednesday, 08 July 2015 03:47 AM

සමාධි බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරිමට සහය දුන් සැමට නිදුක් නිරෝගි ආයු සැප සමිපත්තියම ලැබෙිවා. මෙත් මල් පිබිදේවා සිත් තුල කරුණා ඉතිරේවා (ම)

:       0       0

අරුණ ශාන්ත Wednesday, 05 August 2015 01:47 AM

ඉතාම හො‍ඳයි (නි)

:       0       0

චින්තක Monday, 10 August 2015 04:09 AM

බොහොම පිං ,සාදූ සාදූ සාදූ (ම)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 08 October 2015 05:50 PM

බුදුරුවක් තැනීම ඉමහත් පුණ්‍යකර්මයකි.මෙම සද්ක්‍රියාවට අත හිත දුන් සියල්ලට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ගීත් Sunday, 10 May 2015 05:30 AM

හරිම උතුම් කාර්යක්.(හේ)

:       0       0

ශ්‍රියානි Thursday, 07 May 2015 12:12 PM

සාධු ! සාධු !! සාධු !!! (නි)

:       0       0

සුනිල් ජයන්ත හෙට්ටිආරච්චි Thursday, 07 May 2015 12:42 PM

සාධු! සාධු!! සාධු!!! (බ)

:       0       0

ප්‍රියානි Thursday, 07 May 2015 01:57 PM

සාධු!සාධු!සාධු! මෙම පිළිම වහන්සේ නෙලීමට දායක වූ සියලු දෙනාටම පින් කුසල් රැස් වේවා! (ත)

:       0       0

වසන්ත Friday, 08 May 2015 08:28 AM

හරිම ලස්සනයි. (හේ)

:       0       0

සරත් කුමාර අතුකෝරාල Friday, 08 May 2015 05:24 PM

සාදු,සාදු (නදී)

:       0       0

සරත් කුමාර අතුකෝරාල Friday, 08 May 2015 05:39 PM

සාදු,සාදු,සාදු,මටත් මේ මහගු පින්කමට සුලුවෙන් හෝ දායකවීමට ලැබීම ගැන මා ඉතා සතුටට පත්වෙමි(නදී).

:       0       0

නුවන් Saturday, 09 May 2015 12:50 AM

සාධු ! සාධු !! සාධු !!! මේ ඇති උතුම් කර්තව්‍යයට සහ සම්බන්ධ වූ සියලු දෙනාටම, උතුම් චතුරාර්ය සත්‍යාවබෝධයෙන් සසර දුක් නිමා කර ගැනීමට මේ පිනම හේතු වේවා ! වාසනා වේවා !!! (හේ)

:       0       0

ඉනෝකා Saturday, 09 May 2015 06:55 PM

බුදු හිමි පාමුල නෙලුම් මලක් වී පරවී යන්නම්!!.(හේ)

:       0       0

අශාන් Sunday, 10 May 2015 03:33 AM

මේ දේවල් දකිනකොට හිතට ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

සුරංග Sunday, 10 May 2015 05:29 AM

සාදු සාදු මෙම පිළිම වහන්සේ නෙලීමට දායක වූ සියලු දෙනාට සහ උත්තරීතර දක්ෂ ශිල්පින්ට සම්මා සම්බුදු සරණි නිවන් දැක බුදු බව ලැබෙන්න ඕන දෙවිපිහිටි බුදුසරණයි.(හේ)

:       0       0

චන්දන Thursday, 07 May 2015 02:27 AM

ඉතා උතුම් ක්‍රියාවක්.මේ සදහා දායක වු සෑම පින්වතෙකුටම උතුම් වු පරම සත්‍ය අවබෝධ කිරීමට මේ පින හේතු වාසනා වේවා.. (ම)

:       0       0

ඉන්දික Sunday, 10 May 2015 12:17 PM

ඉතාමත් සත්ගුණවත් කාර්යයක්..සියලු දෙනාටම ගොඩක් පින්. (නදී)

:       0       0

කනිෂ්ක Monday, 11 May 2015 09:04 AM

බන අසනා එය වඩනා මොහොතක වේවා... හිමි බුදුවන මොහොතක මා බෝ මැඩ වේවා.. සාධු සාධු සාධු !! (අ)

:       0       0

සුජීව Tuesday, 12 May 2015 06:03 AM

ආගමික සහජීවනය හොදටම පේනවා.ජාති ආගම බේදයක් නැතුව සමගියෙන් සහෝදරත්වයෙන් ජිවත් වෙමු.(හේ)

:       0       0

හේරත් Wednesday, 13 May 2015 01:47 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

මුදියන්සේ Wednesday, 13 May 2015 02:38 PM

බුදුබණ ඇසුවා නිරන්තරේ බුදු බන කිඋව නිරන්තරේ ... ගති ගුණ අතින් අපි තවමත් ...වනන්තරේ ...වනන්තරේ .. (අ)

:       0       0

අනුර-නාවලපිටිය Thursday, 14 May 2015 06:28 AM

හොඳ දෙයක් බුදුසසුන බැබළේවා (ම)

:       0       0

චතුරංග Thursday, 14 May 2015 09:38 AM

සාධු සාධු සාධු (ම)

:       0       0

කැළුම් Friday, 15 May 2015 03:02 AM

බුදුසසුන බැබළේවා (ම)

:       0       0

චන්ද්‍රසිරි Friday, 15 May 2015 12:17 PM

බොහොම හොද වැඩක් පින්සිදු වෙවා (අ)

:       0       0

ගුණවර්ධන Friday, 15 May 2015 12:41 PM

සාදු සාදු සාදු ' මෙවන් පින්වතුන්ට චතුරාර්ය සත්ත්‍ය අවබෝධ වේවා .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site