X Advertisement
IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථාවේ අඩුපාඩු හදන්න සුදුසුම කාලය එළැඹිලා

අපේ රටේ ව්‍යවස්ථාව මේ දිනවල පවතින දේශපාලන බල හුවමාරු කතාවේ කේන්ද්‍රය වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරනු ලැබුවේ ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල අනුවය. එම පත්කිරීම නීති විරෝධී බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ද ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි තමන් ව්‍යවස්ථානුකූල අගමැති බව සඳහන් කරමිනි. බලපෙරළිය මෙසේ ව්‍යවස්ථාවේ වගන්ති අතරේ සැරිසරද්දී පවතින ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් නිවැරැදි කර ගැනීමට එය කදිම අවස්ථාවක් පාදාදී තිබෙන බව අපගේ විශ්වාසයයි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වශයෙන් පවතින්නේ 1978 වසරේ දී එවකට රටේ නායකයා වී සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන් දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. එදා සිට මෙදා දක්වා ගතවූ වසර 40ක කාලය තුළදී එම ව්‍යවස්ථාව සංශෝධනය වූ වාර ගණන 19කි. අවසන් වරට සිදුවූ 19 වැනි සංශෝධනය සහ 1987 දී සිදු වූ 13 වැනි සංශෝධනය මේ අතුරින් කැපීපෙනෙයි. ’87 සංශෝධනය ඉන්දු - ලංකා ගිවිසුමට අදාළව සිදු කෙරුණු අතර එය ද මෙරට දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන සිදුවීමකි.

2015 මැයි මාසයේ දී සිදුවූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද මෙරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වූයේ ප්‍රථමවරට ප්‍රධාන පක්ෂ දෙකම එක්වී බලයේ සිටින ජනාධිපතිවරයකුගේ බලතල අඩු කිරීම එමගින් සිදුවූ බැවිනි. එම පක්ෂ දෙකම එකතු වී බිහිකළ හවුල් ආණ්ඩුව අවසන් කෙරුණේ ද එකී 19 වැනි සංශෝධනයම උපයෝගී කර ගනිමින් වීම දෛවෝපගත සිද්ධියකි. දැන් වඩ වඩාත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ඇතිවීමට හේතුව ද එම බලපෙරළියට ව්‍යවස්ථාව උපයෝගී කරගැනීම නිසාය. ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු සකස් කිරීමට මෙය හොඳ අවස්ථාවකි. මහජනතාවගේ අවධානය ද ව්‍යවස්ථාව දෙසට යොමුවී තිබීම එයට උත්තේජනයක් ලබාදී තිබේ.

රටක ව්‍යවස්ථාවෙන් එරටේ ස්ථාවරභාවය හොඳින්ම රැක දීම අවශ්‍යය. එයට කිසියම් අභියෝග එල්ල වන්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත්වී රට තුළ සංවාදයක් ඇතිකොට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට ක්‍රියාකිරීම අවශ්‍යය. රටක ව්‍යවස්ථාවක් ඕනෑ ඕනෑ වෙලාවට සංශෝධනය කළ නොහැක. එහෙත් කාලානුරූපව සිදුවිය යුතු වෙනස්කම් නොවුණොත් එය රටේ දේශපාලන ස්ථාවර භාවයට බරපතළ ප්‍රශ්න ඇතිකිරීමට ඉඩ තිබේ. නිරන්තරව එසේ සිදුවීම රටක පැවැත්මට යහපත් තත්ත්වයක් නොවේ.අපේ රටේ ව්‍යවස්ථාවට ගෙනඑන සංශෝධන පිළිබඳ කතාබහේදී ජනවාර්ගික ගැටලුව ද සලකාබැලීම අවශ්‍යය. රටේ තිස් වසරක යුද්ධය අවසන් වුවද තවමත් උතුරේ පවතින දේශපාලන ගැටලුවලට නිසි විසඳුම් ලැබී නැත.

දැනට උතුරේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වන ටී.එන්.ඒ. නායක ආර්. සම්පන්දන් රටේ ව්‍යවස්ථාවට සිදු කෙරෙන වෙනස්කම් හරහා තම ගැටලුවලට තිරසාර විසඳුමක් ලබාගත හැකි බවට විශ්වාසය තබා සිටින නායකයෙකි. එවැනි නායකයකු සමඟ ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඵලදායී වනු ඇතියි අපගේ වැටහීමය. එසේම දැන් අග්‍රාමාත්‍යධුරය හොබවන මහින්ද රාජපක්ෂ මහතාට ද උතුරත් සමඟ සිදු කෙරෙන දේශපාලන ගනුදෙනු සම්බන්ධයෙන් හොඳ වැටහීමක් තිබීමද වාසියකි. උතුර සමඟ කරන ගනුදෙනුවලදී දකුණේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ද අමතක නොකළ යුතුය. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් කෙරෙහි දකුණේ ජනතාව වඩාත් විශ්වාසය තබනු ඇතැයි කිවහැක්කේ ඔහු යුද්ධය ජයග්‍රහණය කර දුන් නායකයාවීම හේතුවෙනි. අවශ්‍ය වන්නේ මේ සියලු අවස්ථා එකට ගළපා ගැනීමය. 

පවතින ව්‍යවස්ථාවට සංශෝධන ගෙනඒම අවශ්‍ය නැතැයි කෙනකුට තර්ක කළ හැකිය. බැලූ බැල්මට එය රටේ සාමාන්‍ය ජනතාවට බලපාන්නා වූ කාරණයක් නොවන බැවින් ඔවුන් එසේ කියනවා විය යුතුය. එහෙත් දේශපාලන ස්වාධිපත්‍යය අභියෝගයට ලක්වන විට, පාර්ලිමේන්තුව තුළ බල අරගල සිදුවන විට ඒවා ජනතාවට බලනොපාන්නා වූ කරුණු යැයි කෙනකුට කීමට හැකියාවක් නැත. උතුරේ ගැටලු දෙස ද ඒ ආකාරයට බැලීම අවශ්‍යය. ඔවුන්ටද විසඳා ගතයුතු ගැටලු රාශියක් තිබෙන බව ද ඒ අතරින් ඇතැම් ගැටලුවක් කෙළින්ම රටේ ව්‍යවස්ථාව හා සම්බන්ධ බව ද ප්‍රකාශවී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඒ කෙරෙහි රටේම අවධානය යොමුවීම අවැසි බව අප​ෙග් හැඟීමය.

මේ කරුණු කෙසේ විස්තර කළ ද රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල එකඟත්වයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අවකාශයක් නැත. ප්‍රධාන දේශපාලන පක්ෂ අතර අව ශ්‍යයෙන්ම සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය හැකි නම් එය ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ මාවත හෙළි පෙහෙළි කරදෙනු ඇත. එසේ නොවු​ෙණාත් සිදුවන්නේ එක් පක්ෂයක් ඉදිරිපත් කරන මතයට අනෙක් පක්ෂ විරුද්ධ වීමය. එයට දේශපාලන කාරණා ද හේතුවිය හැකිය. තවදුරටත් කල් නොයවා සියලු දේශපාලන පක්ෂවල එකඟත්වයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට මුල පිරිය හැකිනම් මේ එයට කාලය බව පෙන්වා දීමට කැමැත්තෙමු.



අදහස් (2)

ව්‍යවස්ථාවේ අඩුපාඩු හදන්න සුදුසුම කාලය එළැඹිලා

jaya Saturday, 10 November 2018 11:39 PM

කරපු සංසෝධන වලින් 19 හොද එකක් . එකටත් පයින් ගහනව නම් තවත් මොකටද .......?

:       0       2

Perakum Sunday, 11 November 2018 01:25 PM

මහජන නියෝජිතයින් මුදලට/පගාවට පක්ෂය මාරු කිරීමේ හැකියාව ව්‍යවස්තානුකුලව ඉවත් කල යුතුය. අප යලිත් කලින් තිබු අන්දමට බ්‍රිතාන්‍ය ක්‍රමයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සකස් කර ගත යුතුය. මන්ත්‍රී වරයා දිස්ත්‍රික්කයට නොව තමා නියෝජනය කරන කොට්ඨාසයට සීමා විය යුතුය. පක්ෂය මාරුකළහොත් අසුන අහිමිවන ලෙසට ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුය. අතීතයේදී මේ ක්‍රමය අප රටේ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. එමගින් නිවැරදි මහජන මතය පාර්ලිමේන්තුව තුල නියෝජනය විය. මෑතදී සිදුකල මන්ද බුද්ධික අමන ව්‍යවස්ථා සංශෝධන නිසා අද විකාර රූපී පාර්ලිමේන්තුවක් බිහිවී ඇත. කලයුතු පිළියම කවුරුත් දනිති. එහෙත් කිසිම දේශපාලුවෙක් ඊට කැමති නැත. මන්ද පගාවට බිලී බාගැනීමේ හැකියාව නැතිව යන බැවිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site