X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


වාණිජ බැංකුවල ගාස්තු යළි සලකා බලන්න

අලුත් ආණ්ඩුව තාක්ෂණය ගැන අවධානය යොමු කරමින් සිටී. ජනතාවට සේවය කරනු සඳහා තොරතුරු තාක්ෂණය බහුලව භාවිත කළ හැකිය. ලෝකයේ නොයෙක් තැන කෘතීම බුද්ධිය උපයෝගී කරන අතර මිනිස් ශ්‍රමයට නොදෙවෙනි, පැය විසිහතර පුරා සේවය කරන රොබෝවරුන් ලබා දෙන ආර්ථික ජවය බලවත් එකකි. ශ්‍රී ලංකාව පරිවර්තන යුගයක් අභිමුවෙහි සිටී.

පොදු ජනතාව තාක්ෂණයට සමීපය. තාක්ෂණික සාක්ෂරතාව හොඳ මට්ටමක තිබේ. ජනගහනයට වඩා වැඩි දුරකතන සංඛ්‍යාවක් රට තුළ භාවිත කරන අතර එය හොඳ ප්‍රවණතාවකි. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තාක්ෂණයට නතු වෙමින් තිබේ. වසර විස්සකට කලින් තමන්ගේ මුදල් ආපසු ගැනීමට පැය ගණන් පෝලිමේ සිටි අතර අද ස්වයංක්‍රීය මැෂිමකින් මුදල් ආපසු ගැනීමට විනාඩියක් දෙකක් ප්‍රමාණවත්ය. එහෙත් එම විනාඩිය වෙනුවෙන් ගාස්තුවක් අය කෙරේ. මෙරට වාණිජ බැංකු අනුගත වී ඇති තාක්ෂණය පිටුදකින ප්‍රතිපත්ති ගැන අවධානය යොමු කළ යුතුය.

ශ්‍රී ලංකා මහබැංකුව මෙරට වාණිජ බැංකු හා මූල්‍ය ආයතන දෙස අවධානයෙන් සිටී. මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය ගැන සුපරීක්ෂණයක නිරතය. එහෙත් බැංකු අයකරන ගාස්තුවලින් ගනුදෙනුකරුවන් පීඩාවට පත්වන බව කල්පනා නොකරන්නේ ඇයි? තාක්ෂණය භාවිත කරන ගනුදෙනුකරුවන්ට අමතර බදු පැනවීම නුසුදුසුය. අනවශ්‍ය ගාස්තු අය කිරීම ගැන අවස්ථා ගණනාවකදී ජනතාව කරුණු පෙන්වා දී තිබේ. එහෙත් බැංකු ආණ්ඩුවට ගෙවන බද්ද සැලකිය යුතු ප්‍රතිශතයකි. ආණ්ඩුවට ආදායමක් ලැබෙන හෙයින් බැංකු කවර ක්‍රමයකින් හෝ පොදු ජනතාවගේ ගිණුමෙන් යමක් අතට ගෙන තමන්ට ලැබෙන්නට සැලැස්වීම බාධා කළ යුතු පියවරක් යැයි ආණ්ඩුව නොසිතන බව පෙනෙන්නට තිබේ.

2018 අයවැය යෝජනාවලදී පැවැති ආණ්ඩුව මැද මැලන බද්ද බැංකුවලට පැනවීය. රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ආපසු ගෙවීම සඳහා බැංකු දායක වියයුතු අතර උපහාසයෙන් යුතුව පනවන ලද එම බද්ද ගනුදෙනුවලදී සෑම රුපියල් දහසකින්ම ශත විස්සක් රජයට අය කරන යෝජනාවකි. ගනුදෙනුකරුවන්ගෙන් අයකරන බවට මුලින් යෝජනා වූ නමුත් පසුව එය බැංකු විසින් ගෙවිය යුතු එකක් විනා ගනුදෙනුකරුවන්ට බලනොපාන බව නිවේදනය කෙරිණි. ශත ගණනක් යැයි එය නොසලකා හරින්නට ඉඩ තිබේ. පැවැති ආණ්ඩුව වසරකට රුපියල් මිලියන විසි දහසක් උපයන්නට ඉලක්ක කළේය. 2018 වසරේ හා 2019 වසරේ එකී ආදායම මහා භාණ්ඩාගාරයට ගෙවන්නට මෙරට බැංකු ක්‍රියා කළේද යන්න ගැටලුවකි.

ඇත්ත වශයෙන්ම වාණිජ බැංකු හා මූල්‍ය සමාගම් මෙම බද්ද අනියමින් ගනුදෙනුකරුවා වෙත පැවැරීය. මහ බැංකුව එය ඉවසන ලද බව පෙනේ. නොයෙක් විෂම ගාස්තු ගිණුම් හිමියන්ට පනවන ලද අතර ඒවා සාධාරණ නැත. අවම ශේෂය එයින් ප්‍රධාන එකකි. විවිධ බැංකු අවම රු. දහසක සිට උපරිම රු. එක්දහස් පන්සියයක් දක්වා මුදලක් ඉතිරි කිරීමේ ගිණුමේ අවම ශේෂය වශයෙන් පවත්වාගෙන යා යුතු බව නියම කර තිබේ.

ජංගම ගිණුම් වෙනුවෙන් රු. පහලොස් දහසක සිට ඉහළටය. ජංගම ගිණුම කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට සිය තැන්පත් ගිණුම තුළ අවශ්‍ය ශේෂයක් පවත්වාගෙන යාමට බල කළ යුතු නැත. තමන්ට ලැබෙන තැන්පත් නැවත පොලියට දෙන බැංකු එයින් ආදායමක් උපයයි. ගනුදෙනුකරුවන්ගේ ගිණුම ආදායමක් කරගන්නේ ඇයි? ගිණුම් ලක්ෂයක් ඇති බැංකුවකට ලක්ෂ දාහක අරමුදලක් නිරායාසයෙන්ම හැදේ. එක පැත්තකින් මෙම මුදල බැංකුවට ආර්ථික වාසියකි. අනෙක් පැත්තෙන් මෙම අති විශාල මුදල සංසරණය නොවීම ආර්ථිකයට අවාසියකි. රට තුළ ඇති බැංකු පද්ධතිය රඳවා ගෙන ඇති අනිවාර්ය ඉතුරුම් ප්‍රමාණය ගණන් බැලුවහොත් එය සංසරණය නොවීම ආර්ථික වර්ධනය අඩාල කරන හේතුවක් බව පැහැදිලිය.

වර්තමානයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය සිය සේවකයන්ට වැටුප් ගෙවන්නේ බැංකු ගිණුම්වලට බැර කිරීමෙන්ය. ලැබෙන වැටුප සම්පූර්ණයෙන්ම අතට ගැනීම ශ්‍රමිකයන්ගේ අයිතියකි. එයින් කොටසක් ගිණුමේ අනිවාර්ය ඉතිරි කිරීම වශයෙන් පවත්වාගෙන නොයන සෑම ගනුදෙනුකරුවකුම මාසයකට රු. විසිපහක් බැංකුවට ගෙවයි. මෙම ගාස්තුව සාධාරණීකරණය කළ හැකිද? මහබැංකුව මෙම ගාස්තුව ගැන කියන්නේ කුමක්ද? වැඩකරන ජනතාවට සිය වැටුප අතට ගැනීම අවහිරකරන බැංකු ක්‍රමයක් රටට ඵලක් නැත. එම අවහිර කරන ධනය සංසරණය නොකිරීම වරදක් බව නොසිතන ප්‍රතිපත්ති සම්පාදකයෝ මැදමුලන බද්ද වෙනුවෙන් අනියම් ආකාරයකින් අනුමැතිය දී තිබේ.  

සාමාන්‍ය ජනතාව විද්‍යුත් කාඞ්පත් භාවිත නොකර මුදල් ගැනීමට කවුන්ටරයට පැමිණීම වරදක් වී තිබේ. මෙරට ඇතැම් බැංකු රු. ලක්ෂ දෙකක් දක්වා ටෙලර් යන්ත්‍රවලින් ගැනීමට ඉඩ දී ඇති අතර එය භාවිත නොකර කවුන්ටරයට පැමිණ පාස් පොතින් මුදල් ලබා ගැනීමේදී වතාවකට රුපියල් දහයක සිට ඉහළට ගාස්තුවක් අය කෙරේ. එය යුක්ති සහගතද?

තවත් බැංකු ශේෂය සහතික කරනවිට රු. හාර සියයක මුදලක් අය කරයි. වීසා හා අධ්‍යයන කටයුතුවල බැංකු ගිණුම්වල පවතින ශේෂය නිවරැදිව පෙන්විය යුතුය. එය ආදායම් මාර්ගයක් බවට හරවා ගැනීම සුදුසු නැත. පරිගණකයකින් කඩදාසි පිටපතක් ගෙන ගනුදෙනුකරුට නිකුත් කිරීමට රුපියල් හාරසියයක් අයකරන බලය මහබැංකුව පවරා දී තිබේද? අනෙක් සමහර බැංකු මුදල් තැන්පත් කිරීම ද යන්ත්‍රවලට බාර දී තිබේ. කවුන්ටරවලට පැමිණ මුදල් තැන්පත් කරන අයගෙන් අමතර ගාස්තුවක් අය කෙරේ. එය බැංකුවල මානව සම්පත සීමාකිරීමේ උපක්‍රමයකි. එහෙත් සාමාන්‍ය ගනුදෙනුකරුවන් වන්දිගෙවිය යුතුය. තාක්ෂණ හැකියාව නැති සාමාන්‍ය ජනතාවට වන හිරිහැරය ගැන බලධාරීන්ට අවබෝධයක් නැත.

වත්මන් ආණ්ඩු සිය පළමු කැබිනට් හමුවේ දී බදු සංශෝධනය කර තිබේ. බැංකු හා මූල්‍ය අංශයේ බලපවත්වන ලද බදු ගණනාවක් ඉවත් කර ඇත. එය වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවලට වාසියකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනවශ්‍ය ගාස්තු අත්හරින පියවරකට යා යුතුය. ටෙලර් යන්ත්‍රයකින් මුදල් ගැනීමේදී ගාස්තු අය කළ යුතු නැත. අවම ශේෂය පවත්වාගෙන යන නීතිය වහාම අහෝසි කළ යුතුය. ගනුදෙනුකරුවන්ගෙන් යැපෙන බැංකු ක්‍රමය නතර කළ යුතුව තිබේ.

සාරා කන්දෙගොඩ



අදහස් (6)

වාණිජ බැංකුවල ගාස්තු යළි සලකා බලන්න

ajith Thursday, 05 December 2019 11:01 AM

කාර්ඩ් මගින් ගෙවීම් කරන විට 3% ක බද්දක් ගැනීම ඉතාම මෝඩ වැඩකි. මෙය විශාල ව්‍යාපාරිකයන් දරන අතර කුඩා ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන්ගෙන් ලබා ගනී. මේ නිසා කුඩා ව්‍යාපාරිකයන් මෙම මැෂින් භාවිතා කිරීමට අධෛර්යමත් වී ඇති අතර නෝට්ටු මුද්‍රණයට විශාල මුදලක් වැයකිරීමට රජයට සිදුවී ඇත.

:       0       207

ranaFriday, 06 December 2019 04:14 AM

3% අය කරන්නේ ගැස් මිලදී ගැනීමේදී පමණයිනේ? ගමට එන්න ගමේ තත්වය තේරුම් ගන්න.

:       135       20

rana Friday, 06 December 2019 04:17 AM

"පොදු ජනතාව තාක්ෂණයට සමීපය. තාක්ෂණික සාක්ෂරතාව හොඳ මට්ටමක තිබේ. ජනගහනයට වඩා වැඩි දුරකතන සංඛ්‍යාවක් රට තුළ භාවිත කරන අතර එය හොඳ ප්‍රවණතාවකි". අම්මලාගේ ණයට මුදල් ගෙන කොලු කෙලි බට්ටෝ ජංගම දුරකතන ගත්තට , ගමට එන්න ගමේ තත්වය තේරුම් ගන්න !!

:       1       1

රුවන් Monday, 09 December 2019 11:32 AM

ගිය සතියේ ගිණුමක් ආරම්භ කලා රු 1000යි. මේ මාසෙ පඩි චෙක් එක දම්මට පස්සේ ගවර්න්මන්ට් ටැක්ස් කියලා රු 200 ගානේ දෙපාරක් අඩුවෙලා.. ඕකයි තත්වේ...

:       0       6

wicky Tuesday, 10 December 2019 03:36 AM

අපිට සල්ලි ගෙනියන්නේ නැතිව කාර්ඩ් පාවිච්චි කරන්න කිව්වා. ලේසි කිව්වා. හැබැයි පොඩි කඩවලින් කාර්ඩ් වලින් ගෙවද්දී 3% අය කරනවා. එක දන්නේ නැති අය ඉන්න බව පේනවා. කොහොම උනත් අපි සල්ලි දාද්දි ගානක් ගත්තනම් අපි සල්ලි දන්නෙම නැතිව ඉන්නවා.. අන්න ඒකයී...

:       0       3

Uthpala Tuesday, 10 December 2019 12:05 PM

වටිනා ලිපියකි. පිටරටකනම් මෙවැනි දේවලට Class action ගන්නවා. ප්‍රශ්නය තියෙන්නේ රටේ එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියන එක.

:       0       11

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site