උතුරු කළුතරට නුදුරු තැනකට එන්නට අතුල කතා කරයි. කවුරුත් දන්නා කවුරුත් හඳුනන ලංකාවේ ප්‍රසිද්ධම වැටකේ අඩවියකි. කලින් කල සිදුවූ අපචාර සිදුවීම් ඝාතන ස්ත්‍රී දූෂණ නිසා මේ වැටකේ ගාලට නිතරම හානි සිදුවේ. කිලෝමීටර් ගාණක් එක දිගට විහිද පවතින මේ වැටකේ ගාලට ලංකාවේ සතර දිග් භාගයෙන් එන පෙම්වත්තු රිංගති. එක අන්තයකින් මහා මුහුදත්, අනෙක් පසින් කළුතර මහ සෑයත් මනරම්ව දිස්වේ.
කළුතර වඳින්නට කියා එන පෙම්වතුන් කළුතරත් වැඳගෙන මේ වැටකේ ගාලටද රිංගන්නේ එයටද වැඳ වැටෙමිනි. පෙම්වත්තු කළුතර යාම හරියට ‘දඹුලු ගොස් තලගොයින් මරාගෙන එනවා’ යන පරණ කියමනට සමාන වේ.
විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයත්, විවාහය ළඟ පාතකවත් නැති අයත්, අනියම් ප්‍රේමවන්තයෝත් මහ මුහුද මෙන් පරක් තෙරක් නොපෙනෙන මේ වැටකේ අසපුවට ඇතුළු වන්නෝය.
යම් තැනකින් කැලේට රිංගූ යුවළ ඒ කැලෑවේ කොයිබට ගියා දැයි සෙවීම උගහටය. ඒ තරමට කැලේ මැදින් හිතෙන හිතෙන දිශාවකට අඩිපාරවල් දිගේ යා හැකිය. ඒ හැම තැනම ප්‍රේමවන්තයන් අපූරුවට පෙම් කෙළ ඇති බවට ලකුණු ඕනෑ තරම් තිබේ.
ඇතැම් වැටකේ පඳුරු යට වැටුණු සමහර දෑ දෙස බලද්දී එළිමහන් කාමුක රංග භූමියක් ලෙස දෙවරක් නොසිතා නිගමනය කළ හැකිය. ඒ වාගේම සිගරට් කොට, අරක්කු බෝතල් දිහා බලද්දී මේ වැටකේ ගාල යම් යම් කල්ලිවල රජ දහනක් හැටියටද අපට හැඟේ. අතුලත් මමත් ඇවිද යන්නේ ඒ සා විවිධ-විසම හැසිරුමැති හැංගුණු ලොවක් අස්සේය.
‘මහත්තයෝ... මේ වැටකේ ගාල කළුතරට සම්පතක්. ඒත් මේකේ සිද්ධ වුණ දේවල් එක්ක මේ සම්පත වැරදි විදිහටයි සමාජ ගත වුණේ.’
අතුල කතා අරඹයි.
‘ඉස්කෝලේ යන වයසෙ පිරිමි ළමයි-ගැහැනු ළමයි මේ කැලේට රිගනවා. අවුරුදු 18ට අඩු ළමයින්ට හෝටල් දෙන තැන් ටිකක් අඩුයිනේ. දැන් හෝටලයකට ගියාම සමහරු අයිඩෙන්ටි එක ඉල්ලනවා. ඒවා නැති ළමයින්ගෙ කාමර තමයි මේ කැලේ... පන්ති යනවා කියලා එන හුඟක් දරු පැටවු මේ වගේ කැලෑවලට රිංගනවා.
‘ඔය ඉන්නේ එහෙම දෙන්නෙක්.’
අපේ කතා බහේ සත්‍ය උදාහරණය අප ඉදිරිපිටම ගාලක් අස්සේ සැඟවී සිටියි.
ඔවුන් කැලේ ගහ කොළ අස්සට වී කෙළින පෙම් කෙළිය ගැන ලියන්නට ගියොත් මේක ‘කුනු හරුප’ කතාවකි. ඒ තරම් අශිෂ්ට රංගනයක මේ දෙපළ යෙදී සිටිති. කැලේ අස්සේ සිටින අපි දෙන්නා ඔවුන්ට පේන්නේම නැත.
මේවා නවත්වන්න පුළුවන් සෙල්ලම් නෙමෙයි. සමහරු නම් කැලේවුණත් අශිෂ්ටව හැසිරෙන්න අකමැතියි. ඒ අය වැටකේ ගාලකින් මෙහා තියෙන රු.500-600 කාමරේකට ගිහින් ආපු සැප විඳගෙනම යනවා.’ අතුල කියයි.
‘අද මේ වැටකේ ගාලට ආවේ ඉඳහිට සිද්ධ වෙන අලුත් කතාවක් කියන්න’ අතුල මා තැනකට කැඳවාගෙන යයි. තරමක් නුදුරින් කිසියම් හෝටලයක වැනි ලකුණු පෙනෙයි.
‘සාමාන්‍යයෙන් පාක් එකකට ජෝඩුවක් ගියත්, මුහුදු වෙරළෙ වාඩිවෙලා හිටියත් ඒ දිහා බලාගෙන ඉන්න ‘බැල්මට්ලා’ අහලා ඇතිනේ. මේක මානසික ලෙඩක්... ඇතැම් විට ජීවිතේ මේ වගේ කෙල්ලක් එක්ක කවදාවත් ඇවිදපු නැති අය. ඒ අය තරුණ කෙල්ලෝ කොල්ලෝ හැසිරෙන දිහාව බලලා තැන නොතැන නැතුව තමන්ගේ ආශාව තමන්ම විඳ ගන්නවා. ඔය බැල්මට්ලගේ නියම රංගන බලාගන්න පුළුවන් මේ කැලෑවලදී’
අතුල එවැනි තැනකට මා කැඳවා ඇති සෙයකි. ජෝඩු කීපයක් පෙම් රංගන වල උච්චතම අවස්ථාවේ සිටිති.
‘අන්න බලන්න...’
අතුල මට පෙන්වන්නේ බැල්මට් කෙනෙකි. දැක බලා සතුටු වෙන්නෙකි.
පාක් එකක, මේ දසුන අපට ඇස නොගැටෙන්නකි.
සමහර ජෝඩු ඉස්සරහටම ඇවිත් මේ බැල්මට්ලා බය නැතිව මෙයාලට ලොකුකම් දානවා. ඔය ජෝඩු පිටින් එන අය. ඒ අය එළියට ගිහින් කාට කියන්නද? සමහරු කියන්නේ ග්‍රීස් යක්කු කියලා. ඒ අයත් හිටපු ගමන් මේ කැලේ ජෝඩු අතරින් ඇවිදිනවා. ගෑනු ළමයින්ගේ දත කට පූට්ටු වෙනවා. ඒත් ඒ අයගේ පෙම්වතුන්ට උනත් කරන්න දෙයක් නෑ. මොකද මේ කැලේ අයිති කරගත්තු අයිති කාරයෝ අතර මේ බැල්මට්ලාත් එක පිරිසක්. ළාබාල අය ආවම මේ අයගේ සෙල්ලම් වැඩියි.
හොඳට මතක තියා ගන්න... අපි කියන මේ තැන බැල්මට්ලා නිරුවතින් රඟපාන එළිමහන් රංග පිටියක්.
කතාව ඒක නෙවෙයි...
‘මේ කැලේ ඉඳහිට වෙන ලොකු සීන් එකක් කියන්නම්. ජෝඩු එකතු වෙන තැන් කීපයක් මේ බැල්මට්ලා දන්නවා. ඒ අය මේවා හොඳ අත්දැකීමෙන් දන්න දේවල්.
මේ බැල්මට්ලාගෙන් දෙතුන් දෙනෙක් කැලේ ගස් උඩ, අතුවල වීඩියෝ කැමරා සෙට් කරලා තියෙනවා.’
ඒ කතාවට මම පුදුම වීමි.
ජෝඩුවලට කුලී පදනම මත දෙන කාමරවල මෙවැනි වීඩියෝ පටිගත කිරීම් සිදුවන බව අප දැක ඇත. ජෝඩුව කාමරයට යන විටම කාමරයේ වීඩියෝ කැමරාව ක්‍රියාත්මක වේ. ඉන් පසු එහි වන සියලු දේ එක්කෝ කොම්පියුටරයක පටිගත වේ. නැත්නම් හෝටලයේ කීප දෙනෙකු විසින් රහසේ නරඹනු ලැබේ. සමහර ජෝඩු මේ වීඩියෝ හරහා ‘බ්ලැක් මේල්’ වන බවද අපට වාර්තා වී ඇත. එහෙත් කැලේක වීඩියෝ කැමරා ක්‍රමයක් අප අසා නැත.
තාක්ෂණය සමග පැමිණි ක්‍ක්‍ඔඪ කැමරා ක්‍රමය එළිමහන් පටිගත වීම් සාර්ථකව සිදුවන වීඩියෝ ක්‍රමවේදයකි. එම තාක්ෂණයට වැටකේ ගාලක් යට පෙම් කෙළින දසුන් දැන් වීඩියෝ පටිගත වීමක්...
‘කැලේට ආවම ඔය නංගිලා මල්ලිලා හිතන්නේ ලෝකෙටම වසං වුණා කියලා. ඒක වැරදියිනේ. දැන් රටේ තියෙන තාක්ෂණයත්, කාමුක ලෝලීන් වැඩිවීමත් එක්ක අද කාලේ එළියක තියා කාමරේකවත් ජෝඩුවකට තනි වෙන්න බෑ.
‘මේ බැල්මට්ලා උදේ ගස් උඩ තියෙන වීඩියෝ කැමරා ‘ඕන්’ කරනවා. කැලේට එන මොන මල්ලිද හිතන්නේ ගස් උඩ වීඩියෝ වෙනවා කියලා. හැබැයි මල්ලිලා නංගිලා ඇවිත් තුරුළුවෙලා, කරන හැම සෙල්ලමක්ම හරි ලස්සනට රෙකෝඞ් වෙනවා. මේ කාලය තුළ බැල්මට්ලා ඈත ඉඳන් ඒ දිහා බලනවා මිස ඒ පළාතකටවත් එන්නේ නෑ.
ඊට පස්සේ මොකද වෙන්නේ...?
‘මහත්තයෝ... මේක බිස්නස් එකක්. මේ අය පටිගත කළේ නියම නැචුරල් දර්ශන පෙළක්. මේ දර්ශනවලට ලෝභ බැන්ද ලොකු ලොකු මහත්තුරු ඉන්නවා. එයාලා දේශීය-විදේශීය සංදර්ශනාත්මක බ්ලූ බලලා තිත්ත වෙච්ච අය. පුදුම විදිහට ‘නිල්’ චිත්‍රපටිවලට ඇලුණු අය. ඒ අයගේ ඩීලර්ස්ලා මාර්ගයෙන් මේ කැලේ සිද්ධ වන පටිගත කිරීම් ‘බ්ලූ සීඩී’ විදිහට පැය භාගෙට, පැයට සංස්කරණය වෙලා විකිණෙනවා. බැල්මට්ලා මේ සී.ඩී. එකක් විකුණන්නේ රුපියල් තුන් හාරදාහට. දවසට එකක් දෙකක් කරගත්තොත් ඇති. හැබැයි මේ ‘සීන්’ එක හැමෝටම රහසක්... එකාට එකා දන්නේ නෑ. ලොකු මහත්වරුන් අතරට මේ සීඩී ගෙනියන අයත් ඉන්නවා. ඒ සී.ඩී. වලින් බ්ලැක් මේල් වෙච්ච නංගිලා මල්ලිලාත් ඉන්නවා. ඒ නිසා අපිනම් කියන්නේ කැලේට යන එක පරිස්සමින් කියලයි. උඩින් විතරක් නෙවෙයි හතර වටින්ම ඔයාලා වීඩියෝ රෙකෝඞ් වෙනවා.
ඒ නිසා කෝකටත් පරිස්සම හොඳයිනේ.
අනවශ්‍ය දේකින් ඔබ බ්ලැක් මේල් වුණොත් ඒක මුළු ජීවිතේටම ප්‍රශ්නයක්.. ඒ වගේම මේ නිල් චිත්‍රපට විදේශිකයන්ට විශාල මුදල් වලට විකුණනවා.
ගණිකාවන් සැපයීමට පෙර පළමු උපක්‍රමය තමයි ලංකාවේ මෙවැනි රහස් චිත්‍රපට විදේශිකයන්ට විකිණීම.
අපි දන්න මේ වගේ බ්ලැක් මේල් සිද්ධි ගොඩක් තියෙනවා. කැලේට-කාමරේට යන නංගිලා මල්ලිලා දන්නේ නෑ එයාලගේ ෆොටෝ, වීඩියෝ එළියට ඇවිත්... ඒ නිසා පරිස්සමින් ආදරේ කරමු.
අතුල මහතා අනතුරක ලකුණක් දෙයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැටකේ පඳුරු යට තහනම් කම්සැප
නිල්මිණි Monday, 25 January 2016 05:46 AM
මීට හේතුව විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමය නිදන කාමරයට සීමා වියයුතු දෙයක් යයි සමාජගතවී ඇති වැරදි මතයයි. ලියුම්කරු කියන ආකාරයට විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයත් මෙහෙම වැටකේ ගාල් වල රිංගීමෙන් පෙනෙන්නේ මේ සමාජය තුළ තරුණ පෙම්වතුන් පත්වී ඇති අසරණ භාවයයි. තරුණයන්ට ආරක්ෂිතව ගෞරවනීය ලෙස පෙම් කිරීමට අපේ රටේ තැනක් නැති වීම තමයි මීට හේතුව. (ම)
නිම්මි Monday, 25 January 2016 03:23 PM
අනිවාර්යයෙන් (බ)
දිනේෂ් Tuesday, 26 January 2016 09:11 AM
කොයි පැත්තෙන් බැලුවත් දෙමාපියන්ට හොරෙන් ප්‍රේම සම්බන්දතා පවත්වන එකත් වැරදි ඒවා මදිවට මේ වගේ තැන තැන මෙලෙස හැසිරීම ඊටත් වැඩියේ ලොකු වැරද්දක්. (කෞ)
තුෂාර Wednesday, 27 January 2016 09:08 AM
මෙවැනි වැඩ නැවත්වීමට රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි(කෞ)
ප්‍රසාදිනී Wednesday, 27 January 2016 11:13 AM
මේ වගේ දේවල් පල කිරීම සම්බන්ද මම ගොඩක් ස්තුති වන්ත වෙනවා ආදරය ලිංගිකත්වය හරි හැටි තේරුම් නොගන්න නිසා (බ)
විජිත Thursday, 28 January 2016 02:28 PM
නිල්මිණිට පිස්සු පෙම් කලින්න නීතියට අනුව කසාද බැදලා. දෙමාපියන්ගේ ආදරය නැති නිසා තමයි ළමුන් මේවට පෙළඹෙන්නේ. නිල්මිණි පොඩි කාලේ ලවු කරලා බැන්දට පස්සේ ඉලව් මොකද ලවු පොඩිකාලේ ඉවරයි (බ)
ජනක Thursday, 28 January 2016 10:47 PM
විජිත, ඔයා හොඳ මානසික දොස්තර කෙනෙක් හමුවන්න. මට එච්චරයි ඔයාට කියන්න තියෙන්නේ. අනික මේ වැනි දේ ලිවීමෙන් ඔයාගේ අනුවණකම පෙන්වන්න එපා. (නි)