X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


වැඩිපුරම ගංජා ගහන්නේ පාසල් යන ළමයි

509-Page-10-S2-09

මීගමු වෙරළේ පෙම්වතුන්ගෙන් හා විදේශිකයන්ගෙන් කප්පම් ගන්නා පිරිසක් ගැන පසුගිය සතියේ වාර්තා කළෙමු. මේ එහි දෙවැනි කොටසයි.
දේශපාලන බලයෙන් මත් වූවන් පස්සේ යන කිහිප දෙනෙකු එක්ව සුන්දර මීගමුව අසුන්දර කරන අයුරු මෙතැකැයි කියා නිම වන්නේ නැත. ඒ එක් සිද්ධියක් වාර්තා කළ පසු තවත් සිද්ධි කිහිපයකම තොරතුරු ගලාගෙන එන නිසාය.

ගම්මානවල අතුරු පාරවල්හි තාර ඇතිරීම වෙනුවෙට කොන්ක‍්‍රීට් ඇතිරීමට වර්තමාන රජය ප‍්‍රමුඛත්වයක් දුන්නේය. දීර්ග කාලයක් රඳා පැවතීම සහ අඩු පිරිවැයක් දැරීම ඊට හේතුව බව බලධාරීහු කීහ.

මීටර් කියුබ් එකක කොන්ක‍්‍රීට් ඇතිරීමට සාමාන්‍ය මුදල රුපියල් 12000කි. බස්නාහිර ඇතැම් පාරවල්හි එම මුදලට කොන්ක‍්‍රීට් අතුරද්දී මීගමුවේ එය රුපියල් 16,000ක් පමණ විය. වැඩි වූ මුදල රුපියල් හාර දහසකි. ඒ මීටර් කියුබ් එකක් සඳහාය. එවැනි මීටර කියුබ් දහසක් නම් වැඩියෙන් වැය වූ අමතර මුදල රුපියල් හතළිස් ලක්ෂයකි.

මීගමුවේ කොන්ත‍්‍රාත් යන්නේ කාගේ හිතවතුන්ටදැයි සාමාන්‍ය වැසියන් පමණක් නොවන ප‍්‍රදේශයේ බොහෝ දේශපාලනඥයෝද දනිති. මීගමුවේ 09-Page-10-S2-08කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් කප්පම් ගන්නා කතාවක් ද ඇත. මීගමුවේ කොන්ත‍්‍රාත් කරුවනට වන අසාධාරණකම් ද එමට බව ඔවුහු කියති.
දැන් කියන්නට යන්නේ මීගමුවේ වෙන බව කියන තවත් ගැහිල්ලකි. විවධ වැඩවලට මීගමුවට බොහෝ දෙනෙක් එති. ඒ නිසා දිනකට මීගමුවට එන වාහන ගණනද විශාලය. ඒවා නැවැත්වීමට මීගමුවේ රථගාල්ද රැසකි. මේ රථගාල්වලින් වැඩිමනක් පාලනය වන්නේ දේශපාලනඥයකුගේ ඥාතියකු යටතේ යැයි තතු දත්තෝ කියති.

දිනකට ඒවායේ ආදායම රුපියල් ලක්ෂ ගණනක් වුවත් එම මුදල් සම්බන්ධයෙන් කුමක්වේදෝයි කිසිවෙක් නොදනිති. ඒවා ගැන නිසි විගණනයක් කළ යුතු යැයි ද ප‍්‍රදේශවාසීහු කියති.

රථගාල්වල විවිධ මිල ගණන් වලට ටිකට් තිබුණ ද හිතෙන හිතෙන පුද්ගලයන්ට දෙන්නේ හිතෙන හිතෙන ගණන්වල ටිකට්පත්ය. එක් ත‍්‍රීරෝද රථයකට රුපියල් 30ක ටිකට් පතක් දෙද්දී තවත් ත‍්‍රීරෝද රථයකට රුපියල් 50ක ටිකට් පතක් දෙයි. ඇතැම් විට වාහනවලින් නැවතුම් ගාස්තු ගත්තද ඒ සඳහා ටිකට් පතක් නිකුත් කරන්නේ නැත. මෙවැනි අසාධාරණකම් හමුවේ බොහෝ දෙනකු හිස නමන්නේ දේශපාලන හස්තයක් පිටුපසින් ඇති බව දන්නා හෙයිනි.
මසාජ් ක්ලීන් මුවාවෙන් යන ගණිකා ජාවාරම කොළඹ මෙන්ම අනෙක් පැතිවලටද පැතිරී හමාරය. හතු පිපෙන්නා සේ මීගමුවේ බිහි වන ඇතැම් මසාජ් ක්ලීනික් අස්සේ සිදු වන්නේ මොනවාදැයි ප‍්‍රසිද්ධ රහසකි. සුපිරි පන්නයට වැඩ සිදුවන නිසා ඇතැම් ස්ථාන පොලිස් ඇසින්ද මිදී ඇත. වීදි ගණිකාවක් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තත් සුපිරි පන්නයේ ස්ථාන වටලා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි.

මසාජ් ක්ලීනික් මුවාවෙන් කෙරෙන ඇතැම් ගණිකා නිවාස පාලනය වන්නේ ද දේශපාලන උණුහුම වැදුණු පිරිසකගේ බලයෙන් යැයි තතු දත්තෝ කියති. ඒවාට පාසල් ළමයින් යන්නේදැයි අපට විස්තර කීවකුගෙන් ඇසූවිට ඔහු කීවේ තමන් ඒ ගැන නොදන්නා බවයි. නමුත් අප කළ සොයාබැලීමේ දී හෙළි වූයේ ටියුෂන් පන්තිය යන ඇතැම් පොහොසත් දරුවන් මෙවැනි තැන්වලට යන බවයි.

ඒ ගැන ප‍්‍රදේශවාසියකු මෙසේ විස්තර කළේය.
‘‘ටියුෂන් යන සාමාන්‍ය ළමයින් නම් යන්නේ වෙරළ අයිනේ තියෙන පොඩි තැන්වලට. ඒත් සල්ලි තියෙන සමහර ළමයින් මේවගේ තැන්වලට එනවා. එයාලා එන්නේ මසාජ් කරගන්න නෙමේ. වෙන වෙන දේවල්වලට. මේවගේ තැන්වලට ගිහින් බලන් හිටියොත් දවසකට කී දෙනෙක් එනවද කියලා බලාගන්න පුළුවන්.’’

මීගමුවේ එක්තරා පොළක වෙළෙඳ කුටි වලින් මුදල් ගන්නා පිරිසක් ගැන ද කඩ හිමියෝ හා ප‍්‍රදේශවාසීහු කණස්සල්ල පළ කරති. එම මුදල් යන්නේ කාගේ 09-Page-10-S2-07සාක්කුවටදැයි ඔවුහු අසති. එම පොළට ගොස් වටේ කැරකි කැරකී සිටියහොත් මුදල් ගන්නා අයුරුද දැක බලා ගත හැකිය.
මීගමුවට මෑතකදී එල්ල වූ අලූ‍ත්ම තර්ජනය වන්නේ මුහුදු ප‍්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් ලියවා ගැනීමය.
‘‘මේ පැත්තේ මුහුදු අයිනේ ඉඩම් ඒ මිනිස්සු බය කරලා ලියවා ගන්න ජාවාරමක් ගැන ආරංචි වුණා. හෝටල් වගේ විවිධ ඉදිකිරීම් වලට තමයි ඒවා ලියවා ගන්නේ.’’

ඒ එක පැත්තකි. මේ තවත් පැත්තකි.
‘‘කුඩු’’කිව් සැනින් මීගමුව මතක් වෙන කාලයක් තිබිණි. ලංකාවේ කොහේ කුඩු හිගයක් ආවත් මීගමුවේ එසේ නොවෙතියි වැඩිදෙනෙක් කීහ. දැන් එය ගංජා වලට ද අදාළවී ඇත. මීගමුවේ ගංජා ව්‍යාපාරයද ජයටම කෙරීගෙන යයි.

‘‘මීගමුවේ ගොඩක් තැන්වල ගංජා තියෙනවා. වෙරළ අයිනේ ගංජා විකුණන පොට් ගොඩක් තියෙනවා. සමහර කඩ වලත් විකුණනවා. මීගමුවට එන විදේශිකයන්ටත් ගංජා විකුණනවා. ඒත් වැඩිපුරම ගංජා ගහන්නේ අපේ කට්ටිය. පන්ති යන ළමයින්.

කුඩුත් ඒවගේම තමයි. ගොඩක් තැන්වල කුඩු තියෙනවා. විවිධ පැතිවල පන්ති යන ළමයින් පන්ති නොයො මීගමු වෙරළක් අයිනට ඇවිත් කුඩු, ගංජා ගහනවා. මීගමුවේ වෙරළ වැඩිය සෙනග ගැවසෙන්නේ නැති පැතිවල ගියොත් මේවගේ දර්ශන  ඕනෑ තරම් දැක බලා ගන්න පුළුවන්.
මීගමුවට වැඩියෙන් කුඩු ගේන්නේ හලාවත පැත්තෙන්. හොඳ හොඳ වාහනවල තමයි කුඩු ගංජා එහෙට මෙහෙට යන්නේ. කුඩු ගන්න තියෙන තැනක් ළඟට ගිහින් බලාගෙන ඉන්න බඩු එන්නේ කොහොමද කියලා. එතතොට  ඕනෑම කෙනකුට තේරේවි මේකේ හැටි.‘

මීගමුවේ කප්පම්, වංචා, දුෂණ, කුඩු සහ ගංජා නැතිවුවහොත් ඇතැම් අයගේ ජීවන තත්ත්වය කඩා වැටෙන අයුරු බලා ගත හැකිය යන්න වැඩි දෙනකුගේ මතයකි. පොලිසිය වෙනදාට වඩා මේ පැත්ත ගැන අවධානය යොමු කරයි නම් සති දෙකක් තිස්සේ අප ඉදිරිපත් කළදෑහි ඇත්ත නැත්ත හොඳහැටි වැටහෙනු ඇත.

09-Page-10-S2-06

2”මීගමු වෙරළේ කප්පම්කාරයෝ” යන හිසින් 2014 අගෝස්තු 3 වැනිදා ඉරිදා ලංකාදීප 16 වැනි පිටුවේ පළවූ ලිපියෙහි අඩංගු කරුණුවලින් මතු වන මීගමුව පුරවරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතාගෙන් ඉල්ලා සිටියි.

නියෝජ්‍ය ඇමැතිවරයා යවා ඇති ලිපියේ මෙසේ ද සඳහන් වේ.09-Page-10-S2-10
කළපු පද්ධතිය සමග ශ්‍රී ලංකාවේ සුන්දරම වෙළෙඳ නගරය වශයෙන් මීගමුව සංවර්ධනය කරන්නට ජනාධිපතිතුමා සමගත් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සමගත් සාකච්ඡුා කර අවශ්‍ය ප‍්‍රතිපාදන ගෙන එම කටයුතු ආරම්භ කෙරෙමින් පවතින මෙවන් යුගයක පළවූ එම ලිපියේ සඳහන් කරුණු මීගමුවට පමණක් නොව විදේශිකයන් පවා එයට මුහුණපා තිබීමෙන් රටක් වශයෙන් අපකීර්තිමත් වූවකි. ඉන් පෙන්වා දී තිබූ කරුණු පහත පරිදි සම්පිණ්ඩනය කර දැක්විය හැකිය.

 

  •  බ‍්‍රවුන්ස් බීච් ඇතුළු මීගමු වෙරළට පැමිණෙන අසරණ පෙම්වතුන්ගෙන් කප්පං ලබා ගැනීම,
     
  •  වෙරළ නෛතිකව පවා පොදු භාවිතයට වෙන්ව ඇතත් එහි නිදහසේ ගත කරන්නට පැමිණෙන්නන්ට අවි පෙන්වා තර්ජනය කිරීම හා එම පිරිස්වල මානුෂික අයිතීන් උල්ලංඝණය වන පරිදි කටයුතු කිරීම,
     
  •  කප්පම්කරුවන්ට එකඟ නොවන කාන්තාවන් දුෂණය කිරීම හා ඔවුන්ව හිංසනයට ලක් කිරීම,
     
  •  නීති විරෝධී ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම,
     
  • විවිධාකාරයේ ටිකට් පොත් හා වෙනත් ආකාරවල මුදල් එකතු කිරීමේ ජාවාරම්වල නිරත වීම,
     
  • පිහි වැනි අන්තරායකර අවි සහිතව නිදැල්ලේ හැසිරීම,
     
  •  වෙරළේ නිදහසේ ගත කිරීමට පැමිණෙන දේශීය විදේශීය පිරිස්වලට කායිකව හා මානසිකව පීඩාවට පත් වන ආකාරයට ඔවුන්ව ඡායාරූපගත කිරීම හා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ල වන පරිදි අනවසර මැදිහත් වීම්,
     
  •  වෙරළ තීරයේ අටවාගෙන ඇති තාවකාලික වෙළෙඳසල්වලින් හිතු හිතූ මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම. ඒ නිසා මිල පාලන දෙපාර්තමේන්තුවේ හා පාරිභෝගික අධිකාරියේ නීති රෙගුලාසි පමණක් නොව සිවිල් සමාජයේ පිළිගත් නියමයන් පවා උල්ලංඝණය වී තිබීම,
     
  • මත් කුඩු හා වෙනත් නීති විරෝධී අකටයුතු ක‍්‍රියාවලට සම්බන්ධකම් පැවතීම සහ ඒවාට අනුබල දීම,
     
  • විදේශික සංචාරකයන් අපහසුවට හා පීඩාවට පත් කිරීම සහ ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හා රටේ අභිමානයට බරපතළ ලෙස හානි පැමිණවීම.

     

හිතවත් ලේකම්තුමනි, මීගමුව ආසනයේ මහජන නියෝජිතයා මාය. එහෙත් එම ලිපියෙන් පෙන්වා දී තිබුණේ එකී අකටයුතුකම්වල මෙහෙයුම්කරුවා එක්තරා දේශපාලකයකුගේ ඥාතියකු බවය. ඒ අනුව මීගමුව නමැති දෙවොලේ මෙලෙස පහරන්නේ කවුරුන් ද යන්න මීගමුවේ ජනතාව දන්නා බව එම ලිපියේ සඳහන් කර තිබීම ඒවා අනුමත නොකරන දේශපාලනඥයකු වශයෙන් මම එකී පුවත්පතට ස්තුතිවන්ත වෙමි.

හිතවත් ලේකම්තුමනි, ජනාධිපතිතුමා 2005 වසරේ බලයට ආවේ ”මහින්ද චින්තනය” නමැති ලියවිල්ල රට කරවන සිය න්‍යාය පත‍්‍රය වශයෙන් ඉදිරිපත් කරමිනි.

සාර්ථකව එහි ඉලක්ක වෙත යාමෙන් පසු 2010 දී ”මහින්ද චින්තන ඉදිරි දැක්ම” එතුමා විසින් ඉදිරිපත් කළ බව රටම දන්නා සත්‍යයකි. මේ වන විට එයිනුත් ඔබ්බට ගොස් ඇති බැවින් ”මහින්ද චින්තන ආශ්චර්යයේ පිවිසුම”ට රට ගෙන යා යුතුව ඇත. 2016 වසර සංචාරක කර්මාන්තයේ ඉලක්ක වසරක් වශයෙන් ගෙන සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමටත් ඒ තුළින් ඇමරිකන් ඩොලර් බිලියන 2.8ක වාර්ෂික ආදායමක් ලබා ගැනීමටත් අපේක්ෂිතය. මෙය ජනාධිපතිතුමාට තනිව ජයගත හැකි ඉලක්කයක් නොවේ. එහි වගකීම පැවරී ඇති සියලූ ආයතන හා වගකිව යුත්තන් ඒ සඳහා අවංකව කැපවිය යුතුය. මා කියන්නේ වැඩ කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලන රටාව ආදර්ශයට ගෙන රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුව යා යුතු බවය. එබැවින් වෙළෙඳ නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජිත මීගමුව විනාශ වෙන්නට නොදී පොලිසියේ කාර්යය ඔවුන් විසිනුත්, ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වගකීම් එම අධිකාරිය විසිනුත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යයන් එහි නිලධාරීන් විසිනුත්, මීගමුව මහ නගර සභාවේ වගකීම් ඔවුන් විසිනුත්, මිල පාලන දෙපාර්තමේන්තුවේ හා පාරිභෝගික අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල කාර්යයන් ඒ ඒ ආයතනවලිනුත් නොපමාව ඉටු විය යුතුය. ඔවුනොවුන්ගේ වගකීම් නිසි පරිදි ඉටු වූයේ නම් අති බහුතරය ගුණ යහපත් මිනිසුන් ජීවත් වන මාගේ හදවත බඳුවූ මීගමුව, ඉරිදා ලංකාදීප පුවත්පතින් එලෙස අපවාදයට ලක් වන්නේ නැත.

එබැවින් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මීගමුව ආසනයේ ශ්‍රී ලනිප ආසන සංවිධායකවරයා ලෙසත් මීගමුව සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසත් මා ඔබතුමාගෙන් තරයේ ඉල්ලා සිටින්නේ ඉරිදා ලංකාදීපයෙන් හෙළි කර ඇති පරිදි සුළු පිරිසකට මීගමුවේ පහරන්නට නොදී මෙය රන් දෙවොලක් කිරීමට මට සහාය වන ලෙසය.

 

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

 

01



අදහස් (0)

වැඩිපුරම ගංජා ගහන්නේ පාසල් යන ළමයි

ප්‍රියන්ත Tuesday, 12 August 2014 04:18 PM

මේ ලිපිය පළකළ ඔබතුමන්ලාට ගොඩාක් පින් (නි)

:       0       0

චානක Wednesday, 13 August 2014 09:02 AM

අපිට කවදා සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි (නි)

:       0       0

නුවන් Wednesday, 13 August 2014 01:11 PM

කතා වලින් අපට වැඩක් නැහැ.වැඩක් කරලා පෙන්වන්න.(අ)

:       0       0

රණවක Thursday, 14 August 2014 08:37 AM

ඉතින් ඒ දේශපාලකයා වහාම අත්අඩංගුවට ගන්න බැරිද (දී)

:       0       0

කමල් Thursday, 14 August 2014 11:02 AM

පත්තරෙන්ද දැක්කේ, නිදිද? (නදී)

:       0       0

මංජු Friday, 15 August 2014 12:26 PM

අපි නම් ඉතින් ඔය කොයි දේ ගැනත් දන්නවා හොඳට (නි)

:       0       0

තිසේරා Sunday, 17 August 2014 12:12 PM

නීති විරෝධී ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම කියන්නෙ නීති විරෝදී නොවන මධ්‍යස්ථානත් ත් තියෙනවද? (දී)

:       0       0

ලක්මාල් Monday, 18 August 2014 11:47 AM

තිසේරා, ඔබ ඇසු පැනයම ඇසීමට අදහස් කළද ඔබ එය අසා ඇත. කෙසේ නමුදු මේ දිවයිනේ බොහෝ වැරදි සිදුකරන්නේ දේශපාලනය කරන පුද්ගයන් බව හැමෝම දන්නා ඇත්තකි. නියෝජ්‍ය ඇමතිතුමනි, ඔබට හැකිනම් මේ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනඑන්න. ඔබ ගැන අපට විශ්වාස කළ හැක එහෙත් මෙය නිවැරදිව සිදුවනතෙක් අපි බලා සිටින්නෙමු (නි)

:       0       0

මහින්ද Monday, 18 August 2014 12:15 PM

ඕවා කරන අය ගැන වගකිවයුත්තන් නොදන්නේද? (නි)

:       0       0

සුනිල් සී බංඩාර Monday, 18 August 2014 01:51 PM

ඔන්න මහත්තයා ඡන්දය ටිකක් වැඩිකරගන්න අවස්ථාවක් උදාකරගත්තා (නදී)

:       0       0

අජිත් Tuesday, 19 August 2014 12:45 PM

හොද වෙලාවට ලංකාදීප පත්තරේ දැකල තියෙන්නේ. නැත්නම් මේ ඇමතිය තවමත් නිදි.... නිදි....හොදටම නිදි....පව් අනේ .... මෙයාව ඇහැ ඇරෙව්වේ ...අර ගණිකාවෝ ටිකත් වට කරගෙන නිදාගන්න දෙන්නේ නැතිව.(අ)

:       0       0

නේතුක Tuesday, 19 August 2014 06:35 PM

මීගමුවේ පමණක් නොව අද පාසල් ළමුන් බොහොමයක් ගංජා වලටත්, අසැබි දර්ශන නැරඹීමටත් ඇබ්බැහි වෙලා (නි)

:       0       0

නිමල් Wednesday, 20 August 2014 01:19 PM

මමත් මීගමුවට ගොඩක් ළඟ ඉන්නේ. මමත් මේ ගැන දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site