X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වැඩිම උණුසුම ඇති උණු දිය උල්පත ටැම්පිටියෙන්

ලංකාවේ මෙතෙක් වැඩිම උෂ්ණත්වයක් ඇති උණු දිය උල්පත වාර්තා වන්නේ මහඔය ටැම්පිටිය කපුරුල්ලෙනි. මේ මහඔය ටැම්පිටිය කපුරුල්ල උණුදිය උල්පතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 64.5 ක් බවත් එය ලංකාවේ පිහිටා ඇති උණුදිය උල්පත් වලින් වැඩිම උෂ්ණත්වය වාර්තාවන උණුදිය උල්පත බවත් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීපාල් සුබසිංහ මහතා ප‍්‍රකාශ කරයි. ඉකුත් මාසයක් වැනි කාලපරාසයකදී කළ පර්යේෂණ මගින් මෙම උණුදිය උල්පත අධික උෂ්ණත්වයක් ඇති උණුදිය උල්පත බව සොයාගැනීමට හැකිවූ බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය. මෙය නැරඹීමට යන්නේ නම් මහඔය 69, හන්දිය මඩකළපු පාර, පිල්ලූමලේ හන්දිය හරහා ටැම්පය මාවතින් ළඟාවිය හැකියි. මෙම ප‍්‍රදේශයේදී එවකට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් අතින් යුද හමුදාවේ සහ ග‍්‍රාමආරක්ෂක භටයින් 17 දෙනකු ඝාතනය වූ බවද ජනතාව කියති. මෙම උණුදිය උල්පතට ළඟාවීමට ඇති දුෂ්කරතාවක් පසුගිය කාලයේ තිබූ කලබලකාරී වාතාවරණයත් සමග මේ පිළිබඳ පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් නොලැබූ බවද දීපාල් සුබසිංහ මහතා කීවේය. මෙතෙක් කල් වැලිකන්ද නෙළුම් වැව උණුදිය උල්පත සෙල්සියස් අංශක 62 ක් වාර්තා වී අංක එකට වාර්තා වී තිබූ බවද දීපාල් මහතා පැවසීය. උණුදිය උල්පත් ඇතිවන්නේ කොහොමද? පොළව අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයක් පවතිනවා එහෙයින්ම ඉතා ගැඹුරට යනවිට ද්‍රව වූ පාෂාණ මැග්මා (ලෝදිය) ලෙස පවතිනවා. පොළව තුළට යනවිට සාමාන්‍ය උෂ්ණත්ව අනුක‍්‍රමණය කිලෝමීටරයකට සෙල්සියස් අංශක 30 ක් පමණ වෙනවා. මේ අනුව කිලෝමීටර් 10 ක් ගැඹුරේදී උෂ්ණත්ව අනුක‍්‍රමණය පෘථිවියේ තැනින් තැන වෙනස් වෙනවා. ගිනිකඳු ආශ‍්‍රිත ප‍්‍රදේශවල මේ අනුක‍්‍රමණය කිහිප ගුණයකින් වැඩිවිය හැකියි.පෘථිවි අභ්‍යන්තරයේ ඇති භූතාපයෙන් 1/5 ක් පමණ පෘථිවි නිර්මාණය වූ අවධියේ තිබූ තාපයෙන් ඉතිරිවී කොටසක්. ඉතිරි පහෙන් හතර විකිරණශීලී මූලද්‍රව්‍ය ක්ෂය වීම නිසා ඇතිවෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ ඇති මැග්මා එකවරම පිටවන ස්ථාන ගිනි කඳු ලෙස අප හඳුන්වනවා. නමුත් සමහර ස්ථාන වල පෘථිවි පෘෂ්ඨය ආසන්නයට පැමිණ මතු පිටටම නොපැමිණ නැවතී ඇති මැග්මා හෝ ආග්නේය පාෂාණ තිබිය හැකියි. එවැනි ස්ථානවල භූතාප අනුක‍්‍රමණය සාමාන්‍ය අගය එනම් කි.මී. 1 ට අංශක 30 ට වඩා වැඩියි. එවැනි ස්ථානවලට ඇතුළුවන භූගත ජලය පාෂාණයේ ඇති තාපයෙන් කොටසක් උරාගෙන උණුසුම් වී උණුදිය උල්පතක් ලෙස පොළොව මතුපිටට පැමිණිය හැකියි. ඒ එක ක‍්‍රමයක්.එසේම ඉතා ගැඹුරට විහිදී ගිය කුස්තුර පද්ධතියක් ඇති ප‍්‍රදේශවල භූගත ජලය ඉතා ගැඹුරට ගොස් වැඩි උෂ්ණත්වයකට රත්වී පොළව මතුපිටට පැමිණිය හැකියි. විකිරණශීලී ක්ෂය වීමෙන් ඇතිවන තාපය නිසාද උණුදිය උල්පත් ඇති විය හැකියි. උණුදිය උල්පතක් ඇතිවීම පිණිස තාප ප‍්‍රභවයක් සහ ඒ තාප ප‍්‍රභවය ආසන්නයට ජලය ගමන් කිරීමට හැකි ලෙස කුස්තුර පද්ධතියක් ඇති පාෂාණත් තිබිය යුතුයි. ප‍්‍රමාණවත් තරම් භූගත ජලයද තිබිය යුතුයි. බොහෝ රටවල් උණුදිය උල්පත ආශ‍්‍රිතව විදුලි උත්පාදනය කළ හැකි දැයි පර්යේෂණ කටයුතු කරනවා. ඒ ගැන ඔබ මොනවද කියන්නෙ. භූතාප ශක්තිය ඉතා දීර්ඝකාලයකට අඩු නොවන නිසා එය පුනර්ජනනීය බලශක්ති විශේෂයක් ලෙස භාවිත කළ හැකියි. ප‍්‍රමාණවත් තරම් තාප ප‍්‍රමාණයක් ඇති නම් විදුලිය ජනනය කිරීමටත් යොදා ගත හැකියි.මේ විදුලි උත්පාදනය කාලගුණික සාධක මත රඳා නොපවතින වසර පුරාම එකසේ ලබාගත හැකි පරිසරයට ඉතා අඩු බලපෑමක් කරන ක‍්‍රමවේදයක් නිසා මේ ගැන මූලික අධ්‍යයන ආයතනය විශේෂයෙන්ම පර්යේෂණ පවත්වනවා. මේ සඳහා භූ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ භූගර්භ විද්‍යාව සහ අංශ කිහිපයක්ම යොදා ගන්නවා. ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිට ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශය දක්වා විහිදෙන කලාපයකයි. පාෂාණ විද්‍යාත්මකව ගත්කල ශ්‍රී ලංකාවේ ඇති ප‍්‍රධාන පාෂාණ කලාප දෙකක් වන කඳුකර සංකීරණය සහ විප්යානු සංකීරණය අතර මායිමද උණුදිය උල්පත් පිහිටා ඇති ප‍්‍රදේශවලට ආසන්න ලෙස පවතී. මේ නිසා ඉහත පාෂාණ කලාප අතර මායිමෙන් උණුදිය උල්පත් ඇතිවීමත් අතර යම් සම්බන්ධයක් ඇතැයි විද්‍යාඥයෝ උපකල්පනය කරති.

ගුරුළුපොත - බන්දුල ගොඩකුඹුර
ගවේෂක කණ්ඩායම උණු දිය ළිඳ දීපාල් සුබසිංහ



අදහස් (0)

වැඩිම උණුසුම ඇති උණු දිය උල්පත ටැම්පිටියෙන්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site