X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


වැරැද්ද බාරගන්න කියලා පොලිසිිය අපිට ගැහුවා

13_SLT_P7

sh    

 

දිගු මිනිස් ඝාතන වැළක අවසන කොටකෙතන පසුගිය කාලසීමාවේ සන්සුන් වුවද යළිත් උණුසුම් වූයේ පේ‍්‍රමාවතී හා පුෂ්පකුමාරි යන අයගේ ඝාතන සම්බන්්ධයෙන් බන්ධනාගාරගතව සිටි සැකකරුවන් තිදෙනෙකුට පසුගියදා නිදහස ලැබීමත් සමගය. කහවත්ත හා කොටකෙතන ආශ‍්‍රිතව යළිත් ජනතා උද්ඝෝෂණ දියත් විණි. එහි සිදුවූ ඝාතන 16ක නියම අපරාධකරුවන් කවුදැයි යන්න තවමත් සත්‍ය ලෙස හෙළිදරව් නොවී පුද්ගලයෝ ගණනාවක්ම පොලිසියේ අමානුෂික පහරදීම් වලට  ලක්ව අසරණ වී ඇති බව මෙම සිදුවීම් ජාලය තුළට එබී බලන්නෙකුට මැනවින් අවබෝධ වෙයි.

 

sdg
කොටකෙතන පළමු ඝාතනය වූ ආරියවතීගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මාලූ රාජා, අබේ ප‍්‍රියන්ත හා සනත් නන්දන යන අය දෙවසරයි මාස දෙකක් සිරදඬුවම් විඳීමෙන් අනතුරුව ඔවුනට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ගමෙන්ම පළිගන්නා බවට ඔවුහු  ගෝරනාඩු කළහ. ඉන්පසුව මොවුන් තිදෙනාගෙන් මාලූ රාජා හා සනත් නන්දන මේ වනවිටත් අතුරුදන් වී ඇති අතර අබේප‍්‍රියන්ත ද කපා කොටා මහපාරේම ඝාතනය විණි. ඉන් පසුව කොටකෙතන ඝාතන රැුල්ල තාවකාලිකව නැවතිණි. එසේ නම් කොටකෙතන නියම අපරාධකරුවන් ඔවුන්ද? යන සැකය කා තුළත් ජනිත විය හැකිය.


කෙසේ වුවද මෙම සියලූ සිදුවීම් අතරේ කොටකෙතන නියම අපරාධකරුවා අත්අඩංගුවට ගැනීමේ කීර්තිය දිනාගැනීමට පොලිස් නිලධාරීන් අතරේම තරගයක් නිර්මාණය වූ බවද නොරහසකි. ඒ වෙනුවෙන් විවිධ පුද්ගලයන්ට අඩම්තේට්ටම් සිදුකර මූල්‍ය අල්ලස් පවා ලබාදී ඔවුන් අපරාධකරුවන් ලෙස පාපොච්චාරණය කිරීමට සැලැස්වීමට උත්සාහ කළ බවද තතුදන්නෝ පවසති. අවසානයේ මෙම ඝාතන රැුල්ල සම්බන්ධයෙන් බමුණුගේ නාමල් චමින්ද සිල්වා, මිථිල ලොකුගන්හේවා සහ හෙට්ටිහේවාගේ සිසිර පි‍්‍රයන්ත නොහොත් නුෂාර නමැත්තන් අපරාධකරුවන් ලෙස බන්ධනාගාරගත වෙති. එහෙත් දෙවසරයි මාස 8ක් අවසන පිළිගත හැකි සාක්‍ෂි නොමැති බැවින් අධිකරණය ඔවුන් නිවැරැුදිකරුවන් ලෙස සලකා පසුගියදා නිදොස් කොට නිදහස් කර ඇත.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔවුනට මුහුණදීමට සිදුවූ අමානුෂික පහරදීම් හා වධහිංසා නිසාත්, කොටකෙතන ඔවුනගේ නිවාස ප‍්‍රදේශවාසීන් විසින් විනාශ කර දැමීම නිසාත් ඔවුනට අද තමන්ගේ සියලූ සේසත පවා අහිමිව අසරණ වී සිටිති. මේ එම ඛේදවාචකය පිළිබඳව ඔවුන් අපට කී කතාවයි.
ඉහත සඳහන් කළ අත්අඩංගුවට පත් වූ තිදෙනාම වැරදිකරුවන් ලෙස හංවඩු ගසා බන්ධනාගාරගත කිරීමට පොලිසිිය ව්‍යාජ සාක්‍ෂි සකසන්නේ කුලීවැඩ කර ජීවිකාව ගෙන යන සිරිපාල නමැති පුද්ගලයකු හරහාය. මුලින්ම ඔහු අත්අඩංගුවට ගෙන රජයේ සාක්‍ෂිය ලෙස නාමල්, මිථිල හා නුෂාර යන පුද්ගලයින් තිදෙනාම ඊට ඈඳාගන්නට පොලිසිය ගත් උත්්සාහය සිරිපාල නමැත්තා අපට කීවේ දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේය.

dh


‘‘මම කොටකෙතන ගමේ කුලී වැඩ කර ජීවත් වුණු අයෙක්. මට මිනිහෙක් මරණවා තියා සතෙක්වත් මරන්න බැහැ මහත්තයෝ. දවසක් රෑ පොලිසියේ මහත්වරු කීපදෙනෙක් ඇවිත් සාක්කියක් ගන්න කියලා මමත් බිරිඳත් පොලිසියට අරන් ගියා. එහෙම ගෙනිහින් ටික දවසක් අපිව රඳවාගෙන හිටියා. ඒ අතරතුරේ ඒ අය මට පහර දුන්නා. නාමල්, මිථිල හා නුෂාර යන තුන්දෙනා අත්අඩංගුවට ගන්න වුවමනා කරන විදිහේ සාක්කියක් ඒ අයම හදලා අර තුන්දෙනා අත්අඩංගුවට ගත්තම ඒ අය ඉදිරියේ ඒ සාක්කිය ඒ විදිහටම කියපං කිව්වා. එහෙම නොකළොත් මගේ බිරිඳට පොලිසියේ මහත්තුරු කරදර කරනවා කියලා මාව බයකළා. ඊට පස්සේ රත්නපුරේ වහලා දාලා තියෙන හෝටලයකට මාවත් බිරිඳත් අරගෙන ගියා. එතනදීත් මට ගැහුවා. මගේ බිරිඳ කිව්වා මට කරදර නොකර එයාට ගහන්න කියලා. ඒත් පොලිසිය ඇහුවේ නැහැ. ගැහුවා.

fj
ඊට පස්සේ දවසක් නාමල්, මිථිල, නුෂාර තුන්දෙනාම ඒ හෝටලයට ගෙනාවා. මම හිටපු කාමරයට ඒ අය ගෙනාවට පස්සේ පොලිසිය කිව්වා ‘ඇයි අම්මයි දුවයි, උඹලා ඒ අයව මම ඉද්දිම දූෂණය කරපු හැටි කියපං’ කියලා. මම බයට එහෙම කිව්වා. ඒ තුන්දෙනා එහෙම දෙයක් කළෙත් නැහැ. මම එතැන හිටියෙත් නැහැ. මට පොලිසියෙන් ගැලවිල්ලක් තිබුණේ නැහැ. පස්සේ කොළඹටත් ගෙනත් මට පහර දුන්නා. එහේදි මට ගුටිකාලා කලන්තෙත්් හැදුණා.
පොලිසිය රත්නපුරේ මාව කාමරේක දාගෙන ඉද්දී අල්ලපු කාමරේ ඉඳන් ඒ අය බීලා ‘හිඟන්නෙක් හරි කමක් නෑ ගෙනල්ලා ගහල ගහල මරලා කොටකෙතන අපරාධකාරයා කියලා පෙන්වන්න  ඕනෑ’ කියලා කතාවෙනවා මට ඇහුණා. මමත් බිරිඳත් කුලී වැඩ කරලා ජීවත්වුණේ. මගේ පොඩි පුතා ඉදිරියේත් පොලිසිය බිරිඳට කුණුහරුපෙන් බැනලා අඩම්තේට්ටම් කළා. අද අපට කහවත්තට යන්න විදියක් නැහැ. අපිව වරදකාරයෝ විදියට හංවඩු ගැහිලා. ඒත් අවුරුදු දෙක හමාරක් අත්අඩංගුවේ ඉඳලා නාමල්ලා නිදහස් කරන්න මාස දෙකකට කළින් මාව නිදහස් කළා. අපි නොකළ වරදක් නිසා අද අන්ත අසරණ වෙලා.’ ඔහු කීවේය.


අධිකරණය ඔහු වරදකරුවෙකු නොකළ ද සමාජය ඉදිරියේ තවමත් ඔහු වරදකරුවෙක්ය. ඒ සමාජය නිවැරදි කරන්නට අද ඔහුට හැකියාවක් නැත.
බමුණුගේ නාමල් චමින්ද සිල්වාගේ උපන් ගම කොටකෙතනයි. වාහන පින්තාරුකරුවෙක් වූ ඔහු කොටකෙතන අපරාධ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ 2012 සැප්තැම්බර් 10 වැනිදාය.


‘‘පොලිස් ස්ථානාධිපතිවරයා 10 වැනිදා සවස 3.00ට තිළිණ, හිරන්ත කියන මිතුරන් දෙදෙනාත් එක්ක රත්නපුරේට එන්න කියලා මට දුරකථන ඇමතුමක් දුන්නා. අපි තුන්දෙනා කහවත්ත නගරයට යද්දී ඒ පොලිසියේ මහත්තයම හිරන්තගේ දුරකථනයට ඇමතුමක් දුන්නා එයලා පැල්මඩුල්ලට එනවා එතනදී අපට එයාලව හමුවෙන්න පුළුවන් කියලා. අපි එතැනට යද්දී එයාලා නිල්පාට කාර් එකක එතැනට ආවා. වාහනේ තවත් සිවිල් දෙන්නෙක් හිටියා. එයාලා අපෙන් ගමේ විස්තර ඇහුවා. රැුකියාව ඇහුවා. තවත් විස්තර ඇහුවා.


රත්නපුරේට ගිහින් පොළ පාරෙන් ටිකක් දුර ගිහින් වහල දැමූ හෝටලයකට අපිව අරන් ගියා. පොලිසියේ 10 දෙනෙක් විතර එතැන හිටියා. අර ස්ථානාධිපතිවරයා මගෙන් ඇහුවා, කලින් දවසේ ගෙදරට කවුරු හරි ආවද කියලා. මම නෑ කිව්වා. ඔයාගේ ගෙදරට රෑ 10.00ට කවුරුහරි එනවා දැකපු කෙනෙක් මෙතැනට ගේනවා කියලා සිරිපාලයි, බිරිඳයි එතැනට ගෙනාවා. එයාලව කලින් ගෙනත් තිබුණා. සිරිපාල අර ස්ථානාධිපතිවරයා කියපු දේම කිව්වා. අපේ ගෙදර රෑ පාටියක් තිබුණා කිව්වා. උදේ 7.30ට මේසේ උඩ අරක්කු භාගයයි වීදුරු දෙකයි තියනවා දැක්කා කියලත් කිව්වා. මගේ බිරිඳ ඒවා අස්කරනවා දැක්කත් කිව්වා.


ඒ වෙලාව වෙද්දි මගේ බිරිඳ ගාමන්ට් එකේ වැඩට ගිහින්.  ඕනනම් ඒ ගාමන්ට් එකෙන් අහන්න කියලත් මම කිව්වා. සිරිපාලගේ කතාව බොරුවක් කිව්වට ස්ථානාධිපතිවරයා පිළිගත්තේ නැහැ. ඊට පස්සේ ඔක්තෝබර් 3 වැනිදා දක්වා ඒ හෝටලයේ තියාගත්තා. හිරන්ත යැව්වා. මමයි, සිරිපාලයි, බිරිඳයි දෙමටගොඩ අපරාධ කොට්ඨාසයට ගෙනාවා. මාව වෙනම කූඩුවක දැම්මා. දවස් 2කට පස්සේ රෑ 10ට විතර මාව තුන්වෙනි තට්ටුවේ කාමරයකට ගෙනාවා. ඒ කාමරේ බිම සිරිපාල වාඩි වෙලා හිටියා. අතේ සිගරට්ටුවක් තිබුණා. තව පොලිස් නිලධාරින් හත් අට දෙනෙක් වටේ හිටියා.


සිරිපාල මට කිව්වා උඹයි, මිථිලයි, නුෂාරයි අම්මයි දුවයි මරලා දූෂණය කරපු හැටි මම මේ මහත්වරුන්ට කිව්වා. උඹට බේරෙන්න  ඕනෑ නම් ඇත්ත කියපං කියලා. මේක සම්පූර්ණ බොරුවක් කියලා මම ඒ නිලධාරින්ට කිව්වා. එතකොට එක නිලධාරියෙක් කිව්වා ‘‘අපිව ගෝඨාභය මහත්තයා එව්වේ මේ කේස් එක ඉවරකරන්න. සිරිපාලගේ කතාව අපට පැහැදිලියි. අපට දැන් උඹව මරන්නත් පුළුවන් කියලා. මිථිලයි, නුෂාරයි දෙන්න ටිකකින් මෙතනට ගේනවා කිව්වා. උඹ රජයේ  සාක්කිකාරයෙක් වෙයන් මාසෙකින් එළියට දානවා කියලත් කිව්වා.


‘‘මට දරුවෝ තුන් දෙනෙක් ඉන්න නිසා නොකරපු වරදකට වරද බාරගන්න බෑ කියලා මම කිව්වාම ආයෙත් මාව රත්නපුරේ හෝටලයට ගෙනත් ඇස් බැඳලා, අත් කකුල්වලින් එල්ලලා පොලූවලින් ගැහුවා. මට අඳින්න ඇඳුම් නෑ කිව්වම බිරිඳට කෝල් එකක් අරන් දුන්නා. ඇඳුම් ගේන්න කියපං කියලා. පස්සේ මට මාංචු දාලා කාමරයකට දැම්මා.


පස්සේ හෝටලයේම වෙන කාමරයක බිරිඳ කෑ ගහනවා ඇහුණා. මම මාංචු පිටින් ඒ කාමරය පැත්තට දිව්වා. එතකොට බිරිඳටත් මාංචු දාලා ඇයටත් ගහලා මුහුණ තුවාල වෙලා බිම වැටිලා හිටියා. ගහද්දී දුවත් එතැන ඉඳලා. එයා පහ වසරේ ඉගෙන ගන්නේ. දවස් හතරක් පහක් එයත් විශාල කම්පනයකින් හිටියේ. බිරිඳට ගහද්දී පොලිස් කාන්තාවක් හිටියේ නැහැ. උදේ එයාව යැව්වා. උදේ නිලධාරියෙක් ඇවිත් පේනවනේ වෙන දේ. උඹ රජයේ සාක්කිකාරයෙක් නොවුණොත් උඹේ ගෑණිවත් මේකට පටලනවා කිව්වා. අවසානයේ බිරිඳව බේරගන්න මම පොලිසිය කියන විදිහට වැඩ කරන්නම් කිව්වා.


මිථිලයි, නුෂාරයි ඊට පස්සේ හෝටලයට ගෙනාවා. උසාවියට සාක්ෂි දෙන්න සිරිපාල කියන සාක්කිය අපට කටපාඩම් කරගනින් කිව්වා. අපි තුන් දෙනාම රත්නපුරේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා ළඟට දැම්මා. මම ඔහුට ඇත්ත විස්තරේ කිව්වා. ඒ වෛද්‍යවරයාට ඇත්ත කිව්වා කියලා මාව රෝහලේ මුල්ලකට ගෙනිහින් හොඳටම පහර දුන්නා.


ඊට පස්සේ අධිකරණයට ගෙනියද්දි සිරිපාලගේ සාක්කිය ඒ විදිහට නොකිව්වොත් දරුවත්් බිරිඳත් මරනවා කියලා පොලිස් නිලධාරියෙක් අඩම්තේට්ටම් කළා. අධිකරණයෙන් අපව අවුරුද්දකට කුරුවිට බන්ධනාගාරයට දැම්මා. තවත් අවුරුද්දයි මාස 8ක් කොළඹ බන්ධනාගාරේ හිටියා. සාක්ෂි පරස්පර නිසා අපිව වරදකාරයෝ කියලා පොලිසියට ඔප්පු කරගන්න බැරිවුණු නිසා අපිව නිදහස් කළා. නමුත් මටත්, මිථිලටත්, නුෂාරටත් වෙන්න  ඕනෑ හැමදෙයක්ම වෙලා. අද ගමට යන්නත් බෑ. ගෙවල් දොරවලූත් විනාශ කරලා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් නැවතිලා. අපි තුන්දෙනාම ලංකාවේ විවිධ පළාත්වල හිතුවතුන්ගේ ගෙවල්වල අන්ත අසරණව කාලය ගෙවනවා. අපට අද ජීවිතය මුල ඉඳන් පටන්ගන්න වෙලා.


ඔවුහු ජීවිතයේ හෙට දවස වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලූ සේසත අහිමිව සුසුම්ලති. නමුත් තවමත් මෙම ඝාතන ජාලයට අදාළ නියම අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන්නට පොලිසිය සමත්වී නැත. ඝාතන ආරම්භ වූ මුල් කාලයේ කොටකෙතන ගම්වාසීන්ට මූල්‍ය අල්ලස් දී අපරාධකරුවා තමා යැයි පාපොච්චාරණය කරවන්නට පොලිසිය උත්සාහ ගත්තා යැයි සමාජයේ කතා පැතිරිණි. විවිධ දේශපාලන කණ්ඩායම් මේ සිදුවීම් ජාලය දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් උපයෝගී කරගැනීමට ද උත්සාහ දැරූ බව පෙනෙන්නට තිබිණ. නාමල්, මිථිල, හා නුෂාර යන සැකකරුවන් තිදෙනා පසුගිය දිනවල නිදහස ලැබීමෙන් අනතුරුව කහවත්ත නගරයේ ගම්වාසීන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයේදී ද මෙම දේශපාලන චරිත පෙනී සිටියේ ඉදිරි මැතිවරණවලදී වාසි ලබාගැනීම වෙනුවෙන් වේදිකාවල කෑමොර දෙන්නට පසුබිමක් සකසා ගැනීම වෙනුවෙන් විය හැකිය.


වාස් ගුණවර්ධන මහතා විසින් කොටකෙතන ඝාතන සම්බන්ධයෙන් සකස් කරන ලද සමීක්ෂණ වාර්තාව අධිකරණය දක්වා ගියේ නැත. එම වාර්තාව තුළ මෙම ඝාතකයන්ට සම්බන්ධ වැදගත් කරුණු තිබෙන්නට පුළුවන. ඒවාට අනුව නිවැරැුදි අපරාධකරුවන් හඳුනාගත්තේ නම් පේ‍්‍රමාවතී හා පුෂ්පකුමාරි ඝාතනවල අපරාධකරුවන් ලෙස බන්ධනාගාරගතව පසුව නිදහස ලැබූ නාමල්, මිථිල හා නුෂාර වැන්නවුන්ට නිරපරාදේ පහර කන්නට සිදුනොවෙන්නට ඉඩ තිබිණි. කෙසේ වුවද ඔවුනට අද උපන් ගම හා තමන්ගේ හෙට දවස අහිමිය. වරදකරුවන් තවමත් නිදැල්ලේ ද  විය හැකිය. කොටකෙතන ජනතාව තේරුම් ගත යුතු යථාර්ථය ද මෙයයි.

m



අදහස් (0)

වැරැද්ද බාරගන්න කියලා පොලිසිිය අපිට ගැහුවා

සොපී Wednesday, 17 June 2015 11:50 AM

රටේ නීති තියෙන්නේ මොනවටද, කා වෙනුවෙන්ද කියල හිතාගන්න බැහැ.(නදී)

:       0       0

බුද්ධි Wednesday, 17 June 2015 01:47 PM

අනේ මන්දා කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? (නි)

:       0       0

මොහ‍ොට්ටාල Wednesday, 17 June 2015 11:17 PM

මට නම් මේ මොකුත් හිතාගන්න බැහැ (නි)

:       0       0

රණසිංහ Thursday, 18 June 2015 12:43 AM

මෙම ලිපිය පළකීරිම සම්බන්ධයෙන් මගේ ප්‍රණාමය පුද කරන්නේ හෙට දින තවත් අසරණයකුට මෙය පිහිටක් වන බැවිනි (නි)

:       0       0

ඒෂාන් Thursday, 18 June 2015 07:28 AM

පුජ්‍ය පක්ෂය සහ මානව හිමිකම් සංවිදාන ඉදිරිපත් විය යුත්තේ මෙවැනි අපරාද නැවැත්වීමට නේද ? (නදී)

:       0       0

කුමා Thursday, 18 June 2015 03:21 PM

මේකේ මුල ප්‍රබල දේශපාලන හස්තයක් තියනවා රත්නපුර අය මේක දන්නවා, එකෙක් පැනල ඉන්නේ, එ්ක නිසා වාස් හිරකරලා කියල මිනිස්සු සැකකරනවා උන් බේරිලා සමහරවිට අහිංසකයෝ බැට කනවා (බ)

:       0       0

කමල් Friday, 19 June 2015 08:40 AM

මොවුන් වරදකරුවන් හෝ නිවැරදිකරුවන් විය හැකියි. නමුත් දදරුවන් ඉදිරියේදී මවට පහර දුන් එක ගැන සහ වද හිංසාවට භාජනය කිරීමට ගැන පරීක්ෂා කල යුතුයි. පොලීසියට නීතිය අතට ගැනීමට ඉඩ නොදිය යුතුයි. (නදී)

:       0       0

සුනිල් Friday, 19 June 2015 02:28 PM

පහර දීල බොරුවට නඩුවලට පටලවන එක අැත්ත (බ)

:       0       0

රොහාන් සෞදි Saturday, 20 June 2015 10:29 AM

මේ අපරාධය සම්බන්ධව මේ අය කියන කතා සත්‍ය නම් ශ්‍රී ලංකා පොලිසිය ලැජ්ජා වෙන්න්න ඕනෑ තමන්ගේ නොහැකියාව ගැන. ඒ වගේම පරීක්ෂණයක් තියලා මේවා ඇත්ත නම් එම නිලධාරින්ට දඩුවම් කරන්න ඕනෑ. (නි)

:       0       0

සුභාෂ් Sunday, 21 June 2015 04:37 AM

කැලේට හාවෙත් අතෑරලා සිරි ලංකාවේ පොලෝසිය ඌව හොයන්න ගිහින් "අනේ සර් මම තමයි හාවා" කියමින් පොලෝසිය සමඟ කැලෙන් එලියට ආ වළහෙක් ගැන කතාවක් අසමින් අපි සිනාසුනෙමු. මේ ඒ විහිලු කතාවේ සැබෑ කතාවලින් එකකි. (බ)

:       0       0

සරණපාල Sunday, 21 June 2015 11:28 AM

කුමා ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. වාස් මහත්මය ඕක විසඳුවා. තව අය මේක හංගනවා (නදී)

:       0       0

සිංහගේ Sunday, 21 June 2015 04:02 PM

රටේ නායකයෝ මෙච්චර ඉන්දැද්දී මේ වගේ පොළුව නුහුඋලන අපරාධ වෙන්නේ කොහොමද? නායකයෝ අපරාධ කාරයෝ වුනාම එකේ ප්‍රතිපල තමයි මේ. (බ)

:       0       0

ප්‍රියන්ත Monday, 22 June 2015 04:08 AM

දැන් අම්ම මැරුවා කියලා පුතාව අල්ලලා තියෙන්නේ ඔය විදිහට තමයි . නමුත් පරීෂණ නොමැත (ම)

:       0       0

උපසේන Monday, 22 June 2015 07:05 AM

මෙම පහරදීම් වලට සම්බන්ධ වුණු පොලිස් කාරයින්ට දඬුවම් දෙන්න (ම)

:       0       0

සුනෙත් හේමන්ත Monday, 22 June 2015 01:37 PM

මොවූන්ගේ කට උත්තර වලින් අදාළ පොලිස් නිලදාරීන් හට දඬුවම් දීමට හැකියාව තියෙද්දී එහෙම නොකරන්නේ දේශපාලන බලවේග නිසා. මොකද ඇත්ත දන්නේ මේ අහිංසකයන්ට බොරුවට ගහපු පොලිස් නිලදාරීන්ය. (ර)

:       0       0

රූපවතී Monday, 22 June 2015 07:31 PM

මාත් කියන්නේ වැරදි හදලා බලෙන් මිනිසුන්ගේ ඇඟ පටවන පොලිසියේ මුදලාලිලාට නීතියෙන් දඩුවම් කර ඔවුන්ගේ දේපල රාජසන්තක කළයුතුයි.එහෙම අලුතින් නීතියක් ඇති කළොත් වැරදි කරන්නට මොවුන් බියවේවි. අනික දරු පැටවුන් ඉදිරියේ දෙමාපියන්ට පහරදීම නම් තිරිසන් වැඩකටත් අන්තයි. අපි දරුවෝ දිහා බලන්නේ මල් කැකුළක් දිහා බලනවා වගේ. එහෙවු දරුවෙකු ඉදිරියේ මවකට පියාට පහරදෙද්දී ඒ දරුවගේ මානසිකත්වය කොහොම වේවිද?ඒ වගේ කම්පනයක් තියා මේ වගේ ලිපියක්වත් කියවන්න අපට නොලැබේවා! වන සතුරෙකුටවත් මෙවන් දෙයක් නොමවේවා...!!! නියම වැරදිකරුවන් නීතියේ රැහැනට හසුවේවා..!!!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site