X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


වෑන්රියේ පිළිස්සූ පස්දෙනාගේ තොරතුරු හෙළිවෙයි

dfyh

 

දංකොටුව බුජ්ජම්පොල ඉරබඩගම කොස්ගේන පාරේ පොල්වත්තක් අසල වෑන් රථයක් තුළ අබිරහස් ලෙස ඝාතනයකර පුළුස්සා දමා තිබූ මළ සිරුරු පහක් පොලිසිය සොයාගත්තේ පසුගිය 11 වැනිදා හිමිදිරි පාන්දරය. පොලිසිය මළ සිරුරු සොයාගන්නා විට ඒවා සියල්ල දැවී අඟුරු බවට පත්ව තිබිණි. ඝාතනයකර ඇත්තේ කාගේ කවුද යන්න කියා සොයාගැනීමට කිසිම සාධකයක් බැලූ බැල්මට පොලිසියට දක්නට ලැබුණේද නැත.


මේනිසා පොලිසියද පත්ව සිටියේ ඉතා අසීරු තත්ත්වයකටයි. එහෙත් පිළිස්සී සුන් බුන්ගොඩක් බවට පත්ව තිබූ නවීන පන්නයේ වෑන් රථයේ අංක තහඩුව සොයාගැනීමත් සමගම පත්ව සිටි ඒ අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට කදිම පොටක් පොලිසියට පෑදුණේය. 


කෙසේ වෙතත් පැය 48ක් යන්නට මත්තෙන් මේ අබිරහස් ඝාතනයේ සුලමුල හෙළිකරගෙන අපරාධකරුවන් පස් දෙනෙක්ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසියට හැකිවිය. ඒ නිසා මේ පංච පුද්ගල ඝාතන නොවිසිඳුණු අපරාධ වාර්තා ගොඩට නොව විසිඳුණු වාර්තා ගොන්නට ඇතුළත් විය. 
ඝාතනයට ලක්වූ පුද්ගලයන් පස් දෙනාම පාතාලයට සම්බන්ධ වූවෝ වෙති.


පන්නල මාකඳුර ප්‍රදේශයේ පදිංචි කාටවත් හිරිහැරයක් කරදරයක් නොමැතිව තමන්ගේ පාඩුවේ වැර වීර්යෙන් පවුල් ජීවිතය ගෙනයන ව්‍යාපාරිකයකුට නිතර මරණ තර්ජනය කරමින් කප්පම් මුදල් ලබාගැනීම මෙවැනි බිහිසුණු අපරාධයක් සිදුකිරීමට මුල්වී ඇති බව මේ වනවිටත් පොලිසිය හෙළිකරගෙන හමාරය.


මේ අබිරහස් ඝාතනවලට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල මාකඳුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් සහ ඔහු යටතේ සේවය කරන සේවකයන් හතර දෙනෙකි. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගයක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසිනි. 


මෙම අබිරහස් ඝාතන පහේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ අමිල නුවන් අල්මේදාය.


විසි අට හැවිරිදිවියේ පමණ පසුවන අමිල නමැත්තා පන්නල බඩල්ගම ප්‍රදේශයේ අත්මේස් කම්හලක බොයිලේරුවක් පවත්වාගෙන ගොස් ඇත. ඒ බොයිලේරුවේ හිමිකරුවා වන මොහුට කර්මාන්තශාලාවෙන් මාසයකට රුපියල් 1,25000ක පමණ මුදලක් ගෙවා තිබේ.


කපිල සෙනරත් බණ්ඩාර නමැත්තා ගෝනවිල් මාකඳුර පාරේ පදිංචි කාලයක් නාවික හමුදාවේ සේවය කර එයින් පලා ඇවිත් කොළඹ ප්‍රදේශයේ මූල්‍ය සමාගමක බදු මුදල් ගෙවීම පැහැර හරින වාහන ලබාගැනීමේ සිටි සීසර් වරයෙකි. මේ නිසා මොහු වඩාත් ප්‍රකටව සිටියේ සීසර් කපිල කියාය. ඊට අමතරව නේවි කපිල කියන නමද මොහුට පට බැඳී තිබිණි.


කොළඹ පාතාලය සමග සෘජු සම්බන්ධකම් තිබූ බව කියන සීසර් කපිල නමැත්තා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ගේ (අයි.ආර්.සී.) ලැයිස්තුවේද සිටින්නෙකි. 


අයි. ආර්. සී. අපරාධකරුවෙක් ලෙස මොහු ලියාපදිංචි කර ඇත්තේ හබරණ පොලිසියේය.


මොහු ගැන සියලු තොරතුරු කොළඹ අපරාධ තොරතුරු (සී.අයි.ඩී.) වාර්තා කොට්ඨාසයේද ඇත්තේය. නේවි කපිල හා සිසර් කපිල ලෙස ප්‍රකටව සිටින මොහු දකුණේ සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සම්බන්ධතා පවත්වමින් මත් ද්‍රව්‍ය ජාවාරම්වලටද සම්බන්ධව සිටින අයෙක් බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.


ගන්දර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුව කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නේවි කපිල හා ඔහුගේ ගෝලබාලයන් කිහිප දෙනෙක් රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර තිබුණේද පසුගිය 01 වැනිදාය.


අමිල නමැති ව්‍යාපාරිකයාට අත් මේස් නිෂ්පාදනය කරන කම්හලෙන් රුපියල් 1,25000ක පමණ මුදලක් මාස් පතා ගෙවන බව දැනගත් නේවි කපිල නමැති පාතාලයා එදා පටන් ඔහුගෙන් රුපියල් 40,000 බැගින් කප්පම් මුදලක් සෑම මාසයකම ලබා දෙන ලෙසට නියෝගයක් කර ඇත. මේ නියෝගයට අවනත නොවුනහොත් ජීවිතයෙන් වන්දි ගෙවීමට වුවත් සිදුවිය හැකි බවට නේවි කපිල නමැත්තා ව්‍යාපාරිකයාට තර්ජනය කර ඇති බව කියති.
නේවි කපිලගේ හැටි දන්නා නිසා ව්‍යාපාරිකයා ඔහුට මාස්පතා මේ මුදල කප්පම්වශයෙන් නොවරදවාම ලබාදී ඇත.


මේ පාතාලයා පන්නල හා දංකොටුව ප්‍රදේශවල සිටින තවත් ධනවත් ව්‍යාපාරිකයින් රැසකගෙන්ද ඔවුන් බියවද්දා කප්පම් මුදල් ලබාගන්නා නිසා හුඟ දෙනෙකුට ලොකු හිසරදයක් වී තිබුණත් කිසිම කෙනෙක් මොහුට විරුද්ධව කටක්වත් ඇරියේ නැත්තේ ඔහුට තිබූ බිය නිසාය. ඒ නිසා ඉල්ලන ගාන දී කරබාගෙන සිටීමට ව්‍යාපාරිකයින් කල්පනා කර ඇත. මේ විදිහට මූට කොච්චරකාලයක් මම කප්පම් මුදල් ලබාදෙන්නද? මේක ඉවරයක් වෙන්නේ නැහැ ඒ හින්දා මූව ඉවරයක් කරන්න ඕනෑ. අන්න එදාට තමා මුගෙන් ගැලවීමක් තියෙන්නේ කියා බොයිලේරුවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයා ඔහුගේ සමීපතයින් දෙතුන් දෙනෙකුට පවසා තිබේ. 


නේවි කපිල නමැත්තා ව්‍යාපාරිකයාට පසුගිය 9 වැනිදා දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ කප්පම් මුදල අරන් යන්න ගෙදරට එනවා කියාය. ඒ එනකොට හොඳ අරක්කු බෝතල් තුනක් ගෙනල්ලා කටගැස්ම හා ෆ්‍රයිඞ්රයිස් ද පස් දෙනෙකුට සෑහෙන්න සකස්කර තබන ලෙසද නේවි කපිල ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ ඉල්ලීමක් වශයෙන් නොව නියෝගයක් වශයෙනි.


නේවි කපිලගේ නියෝගයට අවනත වෙමින් ව්‍යාපාරිකයා ඔහු කී විදිහටම සියල්ලම සූදානම් කළේ වෙන කරන්න කිසිම දෙයන් තිබුණේ නැති නිසාය. 
ව්‍යාපාරිකයා ඔහු යටතේ සේවය කරන සේවකයන් හතර දෙනෙකුට ද මේ සාදයට එන්න කියා ඇරයුම් කළේය. සේවකයන් හතර දෙනා එහි පැමිණියේ තම ස්වාමියා කළ ආරාධනයට අනුවය.


නේවි කපිලයි ඌත් එක්ක ආපු අනිත් හතර දෙනයි අරක්කු බෝතල් තුනම හිස් කළා. මුන් පස්දෙනාම කෙලින් හිටගන්න බැරි තරමට වෙරි වෙලා හිටියේ. ෆ්‍රයිඞ් රයිස් පවා මුන්ටික කෑවා. ගෙදර කට්ටිය ඉන්න නිසා මෙතනදි කප්පම් මුදල දෙන්න එපා කියා කපිලයා කිව්වා. කප්පම් සල්ලිටික අරගෙන මාකඳුරේ පොළ ළඟට එන්න කියා උන් පස්දෙනා වෑන් එකේ නැගලා යන්න ගියා. ඊට පස්සේ අපි මාකඳුරේ පොළ ළඟට ගියා යැයි සැකකාර ව්‍යාාපරිකයා රහස් පොලිසියට පාපොච්චාරණය කරමින් පවසා ඇතිබවද පැවසේ.


පස්දෙනා ඝාතනය කළ ආකාරයත් ඉන්පසු ඔවුන්ගේ සිරුරු ඔවුන් පැමිණි වාහනයේම දමාගෙන කොස්ගේන පාරේ පාළු තැනකට පැමිණ පෙට්‍රල් වත්කර සිරුරුවලට ගිනි තැබූ ආකාරයත් පියවරෙන් පියවර සැකකරු රහස් පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත.


නේවි කපිල ඇතුළු පස්දෙනා ඝාතනය කිරීමට පෙර වෑන් රථයේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මකකර එහි හඬ වැඩිකර ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.  එවැනි උපක්‍රමයක් සැකකරුවන් අනුගමනය කර ඇත්තේ පාතාලයින් පස්දෙනා ඝාතනය කරද්දී ඔවුන් නගන හඬ අවට පදිංචිව සිටින අයට ඇසීම වළක්වා ගැනීමටය. 


ඝාතනය කර පුළුස්සා දැමූ පස් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පසුගිය 14 වැනිදා මීගමුව රෝහලේදී පවත්වනු ලැබුවේ එහි ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එම්.එන්. රුහුල් හක් මහතා ප්‍රධාන සහකාර අධිකරණ වෛද්‍යවරුන් සුරංග පෙරේරා, කේ.ඒ.ඩී.එම්.එස්. චන්ද්‍රකාන්ත යන මහත්වරුන් විසින් පවත්වනු ලැබූහ.


මෙම නේවි කපිල නමැත්තාට හිසට මොට්ට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවත් ඝාතනය කිරීමෙන් පසුවද ඔහුගේ පපු ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයකට පිහියකින් ඇන ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවිණි යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. එන්. රුහුල් හක් මහතා පැවසීය.


රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සමන්ත විජේසේකර, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එච්. විජේතුංග, උප පොලිස් පරීක්ෂක තුසිත, පොලිස් සැරයන් අමරසිංහ, සැරයන් මැදගම, කොස්තාපල්වරුන්වන බණ්ඩාර, පුෂ්පකුමාර තිලාන් සහ චන්දන යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.


අත්අඩංගුවටගත් සැකකරුවන් පස්දෙනා මාරවිල මහේස්ත්‍රාත් සහ දිසාවිනිසුරු පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වැනිදා දක්වා රිමාන්ඞ්භාරයේ තැබීමට නියෝග කෙරිණි. 


නේවි කපිලගේ සිරුර හඳුනාගනු ලැබුවේ ඔහුගේ බිරිඳවන කාංචනා ඉසුරු ප්‍රියංගි (46) නැමැත්තිය හා ඔහුගේ ඥාති පුතෙක් විසිනි.


වම්පාදයේ කකුලක් හදිසි අනතුරකට ලක්වීම නිසා ශල්‍ය කර්මයකට ලක්කර දමා තිබූ යකඩ ප්ලේට් එකෙන් සහ ගෙල පැළඳ සිටි මාලයේ මැණික්ගල් දෙකක් එබ්බවූ පෙන්ඩන්ට් එකෙන් ඔවුන් නේවි කපිලගේ සිරුර හඳුනාගෙන ඇත.


දියණියන් තිදෙනා තාත්තා මිය ගිය බව දන්නේ නැති බවත් ඔවුන් සිතා සිටින්නේ තාත්තා ජීවතුන් අතර සිටින බවත් යැයි කියා සිටි නේවි කපිලගේ බිරිඳ මේ හේතුව නිසා සැමියාගේ සිරුර බාර ගැනීම ප්‍රතික්ෂේප කළාය. මේ හේතුව නිසා රජයේ වියදමින් සිරුර භූමිදානය කිරීමට පොලිසිය පියවරගෙන ඇත. දන්නා කියන කාලයක පටන් මරණයේ මාවත ඔස්සේ යමින් අපරාධ සිදුකළ අපරාධකරුවන් පස් දෙනෙකු අවසානයේ මරුවා සොයාගියේ අනේක වූ වධ බන්ධනවලට ලක්වීමෙන් පසුවය. 


මෙවැනි අපරාධකරුවන්ට මේ මරණයත් හොඳ වැඩියි කියා පවසන අයද සමාජයේ ඕනෑ තරම් සිටිති. 


මෙසේ රිමාන්ඞ් බාරයට පත්කළේ පන්නල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුවන අමිල නුවන් අල්මේදා, රෝහිත නියෝමාල්, ක්‍රිෂාන්ත (40) රසික ප්‍රදීප්, සුනෙත් මධුශංක (20) සහ කේ. ජේ. සමන් කුමාර (28) යන පස් දෙනාය.


පාතාල කල්ලි හෝ වෙනත් අපරාධ කල්ලි කප්පම් මුදල් ඉල්ලන්නේ නම් බිය නොවී ඒ ගැන ළඟම ඇති පොලිසියට පැමිණිලිකරන ලෙසත් යම්හෙයකින් එම පොලිසිය පැමිණිල්ල බාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ බව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමේ හැකියාව තිබෙන බවත් රහස් පොලිසිය කියයි.

m



අදහස් (0)

වෑන්රියේ පිළිස්සූ පස්දෙනාගේ තොරතුරු හෙළිවෙයි

ශාන් Tuesday, 22 March 2016 11:43 AM

හොද ලිපියක්.(හේ)

:       0       0

සොපි Wednesday, 23 March 2016 12:13 PM

මෙවැනි පාතාල මැරයන්ට එරෙහිව ලංකාවේ නිතිය හරිහැටි ක්‍රියාත්මක වූවානම් මෙවැනි අපරාධ අඩු නොවන්නේද ? (බ)

:       0       0

සරණපාල Sunday, 27 March 2016 11:03 AM

ඔයා හරි සොපි පොලිසිය බාර ගත්තේ නැත්නම් පොලිස් ලොක්කට කියනකොට පාතාලයට ආරංචි වෙලා ව්‍යාපාරිකයට පාංසකූලේ තමා දෙන්න වෙන්නේ. පව් මේ හිරේ තපින පස්දෙනා ගැන. පාතාලය හිරේ ගිහින් එලියට ආවත් එච්චරයි (බ)

:       0       0

නයන් Tuesday, 29 March 2016 02:24 AM

වෙන රටවල මෙවැනි අපරාද කරුවන් විනාශ කරන අයට රාජ්‍ය ගෞරව හිමි වෙනවා. ලංකාවේ පාතාලයට රාජ්‍ය ගෞරව. පොලිසියට පැමිණිලි කලොත් ව්‍යාපාරිකයන්ට අබ සරණයි තමයි. පොලිසියයි පාතාලෙයි ගෑනියි මිනිහයි වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site