X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


වි.ජ.මු. මිනිස්කමින් පිරිපුන් මිනිසෙක්


ප්‍රවීණ දේශපාලනඥයකු සහ වියත් සාහිත්‍යධරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි.

වි.ජ.මු. මගේ පියතුමන් සමග පාර්ලිමේන්තුවේ සිටි දේශපාලනඥයෙක්. මගේ පියතුමන් කතානායක ලෙසින් සිටියදී, එතුමන් සමග සමීප ඇසුරක් තිබූ තරුණ දේශපාලනඥයකු ලෙස මම වි.ජ.මු. දැන සිටියා.
ගව ඝාතනය සම්බන්ධව වි.ජ.මු. පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අවස්ථාවේදී ඔහුට වෙන් කර තිබූ කාලයටත් වඩා කාලයක් ඔහුට ලබාදෙමින් ඒ ගැන දින දෙකකටම කතා කරන්නට මගේ පියතුමන් අවසර ලබාදුන් අයුරු ගැන ඔහු නිතර මට මතක් කරන අයුරු මගේ සිහියට නැගෙනවා.

මගේ පියතුමන්ගේ සමීපතමයා සමග 1988 සිට පාර්ලිමේන්තුවේ සිටින්නටත් ඔහු සමග කැබිනට් මණ්ඩලයේ එක්ව කටයුතු කරන්නටත් මට භාග්‍යය ලැබුණා.

මගේ පාර්ලිමේන්තු කතා ඇතුළත් කළ ‘මගේ හද ගැස්ම’ කෘතිය සඳහා ඔහු ලබාදුන් අගනා පෙරවදනත්, එම කෘතිය දොරට වැඩි දින කොළඹ ආනන්දයේ කුලරත්න ශාලාවේදී ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගි වෙමින් ඔහු කළ කතාවත් අප මතකයෙන් කිසිවිටෙකත් ඈත්වන්නක් නොවේ.

වි.ජ.මු. දේශපාලනයෙන් ඔබ්බට කතා කළ හැකි විද්වතෙක්. අපේ සමාජය වි.ජ.මු. චරිතය නිවැරැදිව කියවා නොගත් බවත් මට සිතෙනවා. නිවැරැදිව කියවා ගත්තා නම් මෙයට වඩා හැම අතින්ම ඇගයීමට ඔහු පාත්‍ර විය යුතුව තිබුණා.

සංස්කෘතික අමාත්‍යවරයා ලෙසින් සිටියදී ඉතා වටිනා සිංහල සාහිත්‍ය කෘතීන් නැවත මුද්‍රණය කර සමාජගත කරන්නත්, විශේෂයෙන් අපේ අලුත් පරපුරට ලබාදෙන්නට ඔහු ඉටු කළ මෙහෙවරට පැසසුම් කළ යුතුයි. සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර, වදන් කවිපොත, සකස් කඩය, නම් පොත ඒ අතර මගේ මතකයට එනවා.

ආචාර්ය සෙනරත් පරණවිතානයන් සීගිරි ගී ගැන ඉංග්‍රීසියෙන් ලියා තිබූ ඔක්ස්පර්ඩ් මුද්‍රණාලයේ මුද්‍රිත කෘතිය සිංහලෙන් ‘සීගිරි ගී’ නමින් මුද්‍රණය කර, සමාජගත කරන්නට ඔහු කටයුතු කළා.
එමෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ‘පූජිත ජීවිත’ නමින්, අපේ රටේ උදාර නායකයන් පිළිබඳ වූ පොත් පෙළක් එළිදැක්වීම ඔහු ඉටුකළ තවත් අගනා මෙහෙවරක්. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, සේනානායකවරුන්, හික්කඩුවේ සුමංගල හිමි, ආචාර්ය ටී.බී. ජායා, පොන්නම්බලම් රාමනාදන්, අරුනාචලම්, ශ්‍රීමත් රාසික් ෆරීඩ් වැනි අපේ රටේ ශ්‍රේෂ්ඨ නායකයන් රැසක් ගැන මේ පොත් පෙළ ලියැවී තිබුණා.

දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස දේශීය වෛද්‍ය ක්‍රමයට විශාල වටිනාකමක් ලබාදීමට ඔහු කටයුතු කළා. ආයුර්වේදය මෙන්ම යුනානි වෛද්‍ය ක්‍රමය නඟාසිටුවීමටත් ඔහු දැක්වූ කාරුණික සැලකිල්ල මගේ මතකයට එනවා.

ආචාර්ය ටී.බී. ජායා මැතිඳුන් නමින් ඔහු සිහිපත් කරනුවස් ධර්ගානගර සාහිරා විද්‍යාලයට සහ ශ්‍රීමත් රාසික් ෆරීඩ් මැතිඳුන් සිහිපත් කිරීම සඳහා කොළඹ මුස්ලිම් බාලිකා විද්‍යාලයට ඔහු ලබාදුන් මහල් ගොඩනැගිලි තුළින් අපේ රටේ ජාතික වීරවරයින්ට භේදයෙන් තොරව උපහාර දක්වා සිටියා.

මුනිදාස කුමාරතුංගයන් ගැන මහත් භක්තියකින් සිටි වි.ජ.මු. මුනිදාස කුමාරතුංග සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නට කටයුතු කර සිටියා.

දුරකතන ඇමතුම්වලදී ‘ආයුබෝවන්’ කියමින් ඇමතීම මෙන්ම ‘ඔසු පැන්’, ‘කොළකැඳ’ වැනි වචන භාවිතය සමාජගත කරන්නට ඔහු මුල් වී කටයුතු කළ අයුරු මගේ මතකයට එනවා.
ගුවන්විදුලියේ ‘රසදීපනී’ වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළ අයුරු සහ ඒ සඳහා ගායකයා, රචකයා සහ සංගීතඥයා ද සහභාගි කරගනිමින් අපේ මිනිසුන් යහපත් මිනිසුන් බවට පත්කරගැනීමේ අරමුණ සඳහා ගීතය, කවිය ආදිය ඔහු අවියක් කරගත්තා.

වි.ජ.මු. ඉතාම දක්ෂ කථිකයෙක්. ඔහු හොඳින් පොත්පත් ඇසුරු කළ කෙනෙක්. ඒ නිසා කතා පවත්වනවිට අදහස් ගලාගෙන ඒම අප දුටුවා. ඔහු සාමාන්‍ය මිනිසාට මෙන්ම ඉහළම තලයටත් කතා කරන්නට සමතෙක් වුණා. ඔහුගේ කතා නිතර හාස්‍යයෙන් ද පිරී තිබුණා. එම නිසා ඔහුගේ කතා අසා සිටීම ආස්වාදජනක වුණා.

වි.ජ.මු. වෙතින් වචනයක අරුත ඇසුවොත්, ඊට සමාන පාලි, සංස්කෘත පද මෙන්ම ඉංග්‍රීසි වචන ද සමගින් ඒ වචනයේ පසුබිම ගැන කියන්නට තරම් ඔහුට දැනුම් සම්භාරයක් තිබුණා. පෙර අපර භාෂා ගැන ඔහු වැනි දැනුම තිබුණු අය දැකීම ඇත්තෙන්ම දුර්ලභය. කතානායක ලෙසින් සිටියදීත් ඔහු පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකුව සිටි අයුරු මට මතක් වෙනවා. තම දැනුම ඕනෑම කෙනකුගෙන් පෝෂණය කරගත් අයකු මෙන්ම ඒ දැනුම නිර්ලෝභීව අනුන් වෙත බෙදා දුන් අයකු ද වුණා.

වි.ජ.මු. යහපත් දේශපාලනඥයෙක්. හොඳ සහෘදයෙක්. විද්වතෙක්. හොඳ සමතෙක්. සියල්ලටම වඩා මිනිස්කමින් පිරිපුන් මිනිසෙක්. එතුමන් අපගෙන් සමුගන්නේ අප සමාජයට යහපත් ආදර්ශයන් සමූහයක් ලබාදෙමින්.

එතුමන් විශ්වාස කළ දහමට එකඟව එතුමන්ට නිවන් සුව ලැබීමට ප්‍රාර්ථනා කරන්නෙමි.

 

(***)
ඉම්තියාස් බාකීර් මාකාර්



අදහස් (2)

වි.ජ.මු. මිනිස්කමින් පිරිපුන් මිනිසෙක්

nihal Wednesday, 17 February 2021 06:51 PM

රට ආපස්සට අරන් යන අය නම් ඉවරයි.

:       0       4

සුරිය බණ්ඩාර - හපුතලේ Thursday, 18 February 2021 10:52 PM

මෙයාගේ කරුණාව 88 - 89 කාලය මට සිහිවෙනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site