කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අග්ගමහා සද්ධම්මජෝතිකධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමේ පුවත අප සිත් තුළ අතිමහත් සංවේගයක් දැනවීමට හේතු විය.
සීලයෙන්, ගුණයෙන් යුතුව සම්බුදු සසුන ශෝභාමත් කළා වූ ද අප්පිච්ඡුතා, සන්තුට්ඨිතා, සුබරතා යනාදී ගුණාංගයන්ගෙන් සුපරිපූර්ණ වූද, ඤාය පටිපන්න, සාමීචිපටිපන්න, ආහුණෙය්‍යෙ, පාහුණෙය්‍යෙ, දක්ඛිණෙය්‍යෙ, අංජලි කරණීය, පුඤ්ඤඛෙත්තං, ලෝකස්ස අනුත්තරං ගුණයෙන් යුක්තවූද මහා සංඝපීතෲන් වහන්සේ නමක් ලෙස අපගේ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සම්භාවනාවට පාත්‍රවූහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නොමද ගෞරවයට පාත්‍ර වූ මහා තෙරනමක් වූ උන් වහන්සේ මෙරට වැඩ වාසය කළ උදාරතර යතිරුවනක් වූහ. එමතු නොව ශ්‍රී ලංකාද්වීපයේ සියලුම බෞද්ධ ජනතාවගේත් ගරුතර සම සංඝරත්නයේත් ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ පැවිදි දිවිය ශෝභාමත් කළ ශ්‍රේෂ්‍ඨ හිමිනමකි.
විදුලකර පිරිවෙන බබළවන මහ පහන් ටැඹ කි. සැනින් සුවහසක් ජනී ජනයා හඳුනන මහා යතිවරයාණෝ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝය. වර්ෂ 1983පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ ධුරයට පත්වූ උන්වහන්සේ 1989 දී තත් විද්‍යාස්ථානයේ පරිවෙනාධිපති ධුරයට පත්වූහ. එතැන් සිට විද්‍යාලංකාර පිරිවෙනට නේතෘත්වය ලබාදෙමින් අප්‍රතිහත ධෛර් යයෙන් කාර්ය කටයුතු සොයා බලමින් වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ ආයතනයට, වැඩවෙසෙන පළාතට හා මුළු මහත් රටටම සිදුකර ඇති සේවාව ප්‍රශංසනීය වේ.
වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙහෙවින්ම පරිත්‍යාගශීලීයහ. දීම නිසා ලැබීමත්, ලැබෙන නිසා දීමත් කෙනෙකුට පහසුවෙන් කළ නොහැකි වුවද ඉතා නිර්ලෝභීව උන්වහන්සේ පරිත්‍යාගයෙහි යෙදෙති. අප යතිවරයාණෝ, නිහතමාණීත්වයේ ප්‍රතිමූර්තියකි. කවර පළාතකින් ලද කවර තරාතිරමක ඇරැයුමක් වුවද උන්වහන්සේ එය බාර ගත්හ. එමතු නොව. නියමිත වේලාවට ඒවා ඒ අයුරින්ම ඉටු කර දීම උන්වහන්සේගේ වැදගත් ලක්ෂණයකි. සභාවක, හමුවක, ඕනෑම තැනක උන්වහන්සේ ප්‍රභාමත් වූ අතර එම ශෝභාව තුළින් එම අවස්ථාව පිරිපුන් විය. උන්වහන්සේගේ දිනපොතෙහි එක පිටුවක එක දිනකදී ලද ආරාධනා පවා රැසකි. මිනිස් ජීවිතයේ දුර්ලභ පින් කටයුතු උන්වහන්සේට සුලභ විය. සාමාන්‍යයෙන් ජීවිතයේදී එක් වතාවක් පමණක් වත් උදානොවන කොත් පැළඳවීම්, විහාර මන්දිර, බෝධි ප්‍රාකාර, ධර්ම ශාලා විවෘත කිරීම ආදී විවිධ දුර්ලභ උත්සව කුසලධම්ම නාහිමියන්ගේ පින්බර සුරතින් සිදු කළ අවස්ථා අපමණය. ලෝභයෙන් ඇලෙමින්, ද්වේශයෙන් ගැටෙමින්, මෝහයෙන් මුලාව සසර සරණා පුහුදුන් දනා අතුරෙහි කලාතුරකින් උඩුගම් බලා යාත්‍රා කරන බුදු සව්වෝ පහළ වෙති. එවන් වූ මහා සංඝපීතෲවරයාණන් වහන්සේ නමක් ලෙස වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැඳින්විය හැකිය. සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා උතුම් ශාසනික සේවාවද ඒ හා සමගම උදාර සමාජයීය මෙහෙවරද ඉටුකරමින් අප යතිවරයාණෝ නූතන භික්ෂූත්වයට පරමාදර්ශී අගයක් එකතු කළ සේක. අප නාහිමිපාණන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශය, ආගමික කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ආදී අමාත්‍යාංශ ගණනාවක උපදේශන කමිටුවල සාමාජිකත්වය දරමින් රටට, ජාතියට, බුදුදහමට හා අධ්‍යාපනයට අනවරත මෙහෙයක් ඉටුකළ බුද්ධ පුත්‍රයෙකි. විදුලකර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ උන්වහන්සේ විවිධ ප්‍රදේශයන්හි ඉතා නිහඬව සිදු කළ මෙහෙවර බොහෝය. ඉතා අප්‍රකටව සිදු කැරෙන එම මෙහෙවර තුළින් උන්වහන්සේ ඉමහත් සතුටට ද පත් වූහ.
පිහිට විය යුතු තැන නොපැකිලිව පිහිට වී හැමටම මහත් ශක්තියක් ලබාදෙන කුසලධම්ම නායක හාමුදුරුවෝ අසරණ ජනතාව සඳහා නිවාස ඉදි කරදීමත්, ඉගෙනීමට දක්ෂ දරුවන් වෙත විවිධ පහසුකම් සලසාදීමත් තුළින් මහත් සතුටක් ලැබූහ.
උන්වහන්සේගේ චරිතය අපගේ ජීවිතයට මහත් වූ පාඩම් කියා දුන් බවත් උන්වහන්සේගේ අවවාද අනුශාසනා අපට මහත්වූ ශක්තියක් වූ බවත් සිහිපත් කරමි. විශේෂයෙන්ම අපගේ නාහිමිපාණන් වහන්සේ මාගේ දයාබර පියාණන් සමග අතිශයින් ලෙන්ගතුව කටයුතු කළ බව අපගේ මතකයේ තිබේ. එතුමන්ගේ සමාජ සත්කාර කටයුතු කෙරෙහි උන්වහන්සේ මහත් ප්‍රසාදයෙන් කතා කළ අතර ඊට හේතුවන්නට ඇත්තේද උන්වහන්සේ තුළ පැවැති සමාජ සේවය උදෙසා වූ මහත් උනන්දුව නිසා වන්නට ඇත. රට පුරා ආගමික සහ සමාජයීය කටයුතුවලට උන්වහන්සේ දායක වූ අතර වෙහෙස නොබලා ඒවාට සහභාගි වීම උන්වහන්සේ සිදුකළහ.
වරක් අප නාහිමිපාණන් වහන්සේ අනුරාධපුර ප්‍රදේශයේ එවන් ආගමික අවස්ථාවකට සහභාගි වන අතරතුර අදහාගත නොහැකි තරම් බරපතළ රිය අනතුරකට ලක්විය. එම වාහනයේ සිටි කිහිපදෙනෙක්ම එයින් මිය ගිය අතර අප නායක හාමුදුරුවන් වහන්සේගේ ජීවිතයේ පෙර පින් බලයකින් මෙන් සුරක්ෂිත විය. එහෙත් ඒ මොහොතේ බොහෝ දෙනා සිතුවේ උන්වහන්සේගේ ජීවිතයට හානියක් වී ඇතැයි කියාය. මේ පුවත සැලවූ සැනින් මහත් කම්පාවට පත්වූ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අප නාහිමිපාණන් වහන්සේ සැනෙකින් ගුවනින් කොළඹට ගෙන්වා උන්වහන්සේ සුවපත් කර ගැනීමට කටයුතු කළේය. එදින මාගේ පියාණන් කෙතරම් සසලව සිටියාද යන්න මට තවමත් මතක අතර නාහිමිපාණන් වහන්සේ රෝහලට රැගෙන එන විටත් පියාණන් රෝහලට ගොස් සිටියේය.
නිසි වේලාවට ලද ප්‍රතිකාර සහ විශ්මිත සැත්කම් හේතුවෙන් අප නාහිමිපාණන් වහන්සේ කෙමෙන් නිදුක් නිරෝගීව සුවපත් වූ අතර ඉන් පසු උන්වහන්සේ මාගේ පියාණන් සමග පෙරටත් වඩා ලෙන්ගතු වූහ.
කිසිවිටෙකත් ලාබසත්කාර පසුපස හඹා නොගිය යතිවරයාණෝ විනය ගරුකත්වය, අල්පේච්ඡතාව, නිහතමානී බව, උපේක්ෂාව තම පැවිදි ජීවිතයේ විශේෂාංග බවට පත් කර ගත්හ.
සියපතක් සේ සුවඳ විහිදුවාලමින් සියවසක් මුළුල්ලේ මහත් වූ ශාසනික සහ සමාජයීය මෙහෙවරක යෙදුණු සද්ධම්මජෝතිකධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදුකළාවූ අනුපමේය නිවුණු මගක සුවය මේ යැයි අපටද කියා දෙමින් උන්වහන්සේ නිවුණු සැනසුණු මගක වැඩිසේක. උදාරතර පින් බලමහිමයෙන් උතුම් වූ අප මහතෙරුන් වහන්සේට නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.
(***)
විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විදුලකර බැබළවූ මහ පහන් ටැඹ