X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


විදේශ ආයෝජනවල වටිනාකම තේරුම් ගනිමු

ගාලු වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව ඇති බවටත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය දෙන බවටත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා පැවසූ පුවත නොබෝදා පුවත් පත්වල පළ වූයේය.

දැනට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විදේශ ආයෝජන රට  වෙත ඇද ගැනීම, කෙටි කාලීන මෙන්ම දිගු කාලීන වශයෙන් බැලුව ද වඩාත් හොඳ පිළියමක් වනු ඇත. එය කෙටි කාලීන පිළියමක් වන්නේ විදේශ ආයෝජන හරහා රට තුළට යම් විදේශ විනිමය ප්‍රමාණයක් කඩිනමින් රැගෙන එන නිසාය. වර්තමානයේ අප පෙළෙන ආර්ථික ව්‍යාධිය රට තුළට යම් ඩොලර් ප්‍රමාණයක් ගෙන එන ආයෝජන වලින් යම් තරමකින් හෝ සමනය කරගත හැකිය. විදේශ ආයෝජන දීර්ඝ කාලීන විසඳුමක් වන්නේ කාරණා කිහිපයක් නිසාය. විදේශ ආයෝජන ඔස්සේ රට තුළට විදේශ විනිමය ගලා ඒම විදේශ ණය ලබා ගැනීමට වඩා හාත්පසින්ම වෙනස්ය. එම මුදල් අප ආපසු ගෙවිය යුතු නොවීම එක් හේතුවකි.

විදේශ ආයෝජනවලින් අපට නොමැති තාක්ෂණ හැකියාව හා මූල්‍ය හැකියාව යොදා අපගේ යටිතල පහසුකම් වර්ධනය කරගත හැකිවීම ප්‍රධානම වාසියකි. විදේශ ආයෝජන මෙරට සිදුවීම ඔස්සේ තව තවත් විදේශීය ආයෝජකයන් මෙරට ආයෝජන කරන්නට දිරිමත් වීම තවත් දිගුකාලීන වාසියකි. විදේශ ආයෝජකයන් මෙරටට එන්නට දිරිමත් වීම සම්බන්ධයෙන් අප මුහුණ දී ඇත්තේ අතිශය දුක්ඛිත තත්ත්වයකටයි. ඊට අප දෝෂාරෝපණ එල්ල කළ යුත්තේ විදේශ ආයෝජකයන්ට නොව ශ්‍රී ලාංකිකයන් වූ අපටමය. ඒ සම්බන්ධයෙන් ඉතාමත් අමිහිරි අත් දැකීමක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජන සම්බන්ධයෙන් අපි ලැබීමු. ජපානයත්, ඉන්දියානු ආදානි සමාගම් සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම් අහෝසි කර දමන්නට අපි ඒකපාර්ශ්විකව තීරණය කළෙමු. එයින් අප රටට දිගු කාලීනවත් කෙටි කාලීනවත් විඳින්නට සිදුවූ පාඩුව ගැන පොත් ගණනාවක් තරම් ලියන්නට කරුණු ඇත.

මේ ආකාරයේ අණුවනකම් අපි දශක තුන හතරක් පුරාම කර ඇත්තෙමු. මීට දශක දෙක තුනකට පමණ පෙර එක්තරා දැවැන්ත බහු ජාතික සමාගමක් අපට අතිශය වාසිදායක ආයෝජන  කිරීමට සූදානම්ව සිටියේය. මෙරට තාක්ෂණික දැනුම ඒ සඳහා ප්‍රමාණවත් නොවු බැවින් එක්තරා විශ්වවිද්‍යාලයකට අනුබද්ධව එකි තාක්ෂණික දැනුම වර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක් ද එහිදී සූදානම් කිරීමට බලාපොරොත්තු විය. එහෙත් රට තුළ වෘත්තීය සමිති විසින් දියත් කරනු ලැබූ වැඩ වර්ජනයකින් පසු එම සමාගම යළි නොඑන්නට මෙරටින් බැහැරව ගියේය. එම සමාගම අප වෙනුවට වෙනත් ආසියාතික රටක් තෝරා ගත්තේය. එවැනි උදාහරණ ඕනෑ තරම් අපට 80 ගණන්වලින් මෙපිට කාලයේ  පෙන්වාදිය හැකිය.

2021 අවුරුද්දේ ලෝකයේ සෘජු විදේශ ආයෝජන ප්‍රවාහයන්ගෙන් සියයට 40ක් ගලා ආයේ ආසියාකරයටයි. එම ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 619කි. චීනය හැරුණු කොට එම ආසියාතික රටවල් අතර, හොංකොං, සිංගප්පුරුව, ඉන්දියාව හා ඉන්දුනීසියාව ද ඇත. 2020 සහ 2021 කාලය තුළ ලෝකයේ කොරෝනා වසංගතය පැතිර ගිය ද මෙකී ඩොලර් බිලියන 619ක ආයෝජන 2020  වසරට වඩා සියයට 19ක වැඩි වීමකි. ආසියානු  කලාපය ලෝකයේ ගලා එන සෘජු විදේශ ආයෝජන එසේ ආකර්ශනය කර ගනිද්දී අපේ රටේ තත්ත්වය කෙබඳු ද?

අපට 2020 ලැබී ඇති සෘජු විදේශ ආයෝජනවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන දශම හතළිස් තුනකි. (.43) එය 2019 අවුරුද්දේ ලැබූ සෘජු විදේශ ආයෝජනවලටත් වඩා සියයට 41කටත් වඩා පහත වැටීමකි.

 භූගෝලීය වශයෙන් විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට වඩාත් වාසි සහගත පිහිටීමේ ආශිර්වාදය ලත් අප රටට මෙම තත්ත්වය උදාවී ඇත්තේ ඇයි ද යන්න අප යළි යළිත් සිතා බලා අපගේ දළදඬු ආකල්ප වෙනස් කරගත යුතු කාලය එළඹ තිබේ. සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට අදාළ ප්‍රතිපත්තියක් අපට නැති  බව අප කිහිප වාරයක්ම ලෝකයට ඔප්පු කර ඇත. පවත්වාගනු ලැබූ ප්‍රතිපත්ති වෘත්තීය සමිති උද්ඝෝෂණ හමුවේ වෙනස් වී ඇති අවස්ථා ද බහුලය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඉන්දියාව ආදි  රටවල් සෘජු විදේශ ආයෝජන හරහා ආර්ථික ගැටලු නිරාකරණය කර ගනිද්දී අප විදේශීය ආයෝජකයන් තුළ අප ගැන ඇතිකර තිබෙන්නේ හොඳ පින්තූරයක් නොවේ.

අපගේ යල් පීනු මති මතාන්තර බැහැර කොට විදේශ ආයෝජන ඔස්සේ ආර්ථිකය වැටී සිටින ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට දැන් කාලය එළැඹ තිබේ.  

(***)



අදහස් (0)

විදේශ ආයෝජනවල වටිනාකම තේරුම් ගනිමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site