X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක්

 

08pg-18d--main-pgs

 

ජනාධිපතිවරණය තවම හරියට පවත්වන දින කාල වකවානු පිළිබඳව  නිල ප‍්‍රකාශ නිකුත් වී නැති නමුදු ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද කල් තියාම ජනාධිපතිවරණයට වැඩ අල්ලා තිබෙන අයුරු දැකගත හැකිය.

ආණ්ඩුවට අපේෂකයෙක් සිටියි. ඒ ජනපති මහින්දය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යළිත් ජනපතිවරණයකට එන්නට මහින්ද මග සාදා ගත් නමුත් හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා, ජවිපෙ ඇතුළු පිරිස් ප‍්‍රබල නීති තර්කයක් ඉදිරියට ගෙන එමින් මහින්දට තුන් වැනි වතාවටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවට රට ඇතුළේ ගෙන ගිය මතයත් ඉන් ඇති කළ බලපෑමත් එක්ක මහින්ද තීරණය කළේ තමන්ට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රකාරව තුන් වැනි වරටත් ජනාධිපතිවරණයකට තරග කළ හැකි ද නොහැකි ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටීමටය.

මෙම මස දහ වැනි දිනට පෙර ඒ සම්බන්ධව වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමන්ට දන්වන ලෙස ද මහින්ද ඉල්ලා ඇති බව සඳහන්ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මහින්දට ”පුළුවන්” කියයි ද? ”බෑ” කියයි ද? ඒ සඳහා ඇත්තේ තවත් දින කීපයක් පමණි.

ජනපතිවරණයක් සඳහා මහින්දට එරෙහිව කරළියට ගේන අපේක්ෂකයා කවු ද යන්න තවමත් අපැහැදිලිය. ඇත්තේ ද අපැහැදිලි විග‍්‍රහයන්ය. කලින් කියැවුණෙත් රනිල් යූඇන්පී එකෙන් එනවා යැයි කියාය. එන්නේ කොළ පාට අලියාගෙන් බවය.

ඒත් පහුගිය දවස්වල කෝට්ටේ පැත්තේ කෙරුණු තීරණාත්මක සාකච්ඡුා වට ගණනාවකින් පසුව තීරණය වී ඇත්තේ යූ.ඇන්.පී. රනිල් කෙනකුට වඩා පොදු අපේක්ෂක රනිල් කෙනකු වඩාත් හොඳ බවය. අලි රනිල්ට වඩා පොදු අපේක්ෂක රනිල්ට මහින්ද පරද්දන්න පුළුවන් බව ද සාකච්ඡුාවට සහභාගි වූ ඇත්තන්ගේ අදහස වී තිබෙන බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි. රනිල්ගෙන් ද ඒ සඳහා කොළ එළි පත්තු වී තිබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි.

කරුණු කාරණා මෙසේ වුවත් එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස කියන්නේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වෙන කවුරුවත් නොව රනිල්ම බවය. සජිත්ලා ඉන්නේ යූඇන්පී එකෙන් පොදු අපේක්ෂක රනිල් කෙනකු වෙනුවට කොළ රනිල් කෙනකු ඉදිරිපත් විය යුතුය යන මතයේය. යූඇන්පී එකේ අනන්‍යතාවත් එක්ක තරග බිමට බහින රනිල්ව දිනවන්න පුළුවන් කියන මතය හදන්නේ සජිත්ලාය.

යූඇන්පියේ ජනාධිපති අපේක්ෂක රනිල් බවට පසුගිය දිනෙක සිරිකොත පැවැති වෘත්තීය සංගම් රැුස්වීමක දී සජිත් විසින් ප‍්‍රසිද්ධියේම පවසනු ලැබීමත් සමග පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදයක ලකුණු පහළ වන බව පෙනී ගියේය. ඒ බව වඩාත් හොඳින් දැක ගන්නට ලැබුණේ ඊට පසු දිනම එජාප සභාපති කබීර් හෂීම් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳව තවමත් නිල තීරණයක් ගෙන නොමැති බව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කිරීමත් සමගය.

කබීර් එහි දී වැඩි දුරටත් කීවේ රනිල්, කරු, සජිත් මේ ආදී නම් කීපයක්ම යූඇන්පී ජනාධිපති අපේක්ෂකකම සම්බන්ධයෙන් නිර්දේශ වී ඇති බවය. යූඇන්පී එක ඇතුළෙන් ”පොදු මිනිහෙක්” එළියට එයි ද, ”කොළ අලියෙක්” එළියට එයි ද තීරණය අත ළඟය.

 යුඇන්පී එක කේන්ද්‍ර කරගත් පොදු අපේක්ෂකයෙක් ගැන කතාව මේ විදියට ඇවිලදේදී යූඇන්පී නොවන කොටස් මාන බලමින් සිටින්නේ සිංහල, බෞද්ධ වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් දිනාගත හැකි අපේක්ෂකයකු තෝරා ගෙන ඔහු හෝ ඇය හෝ පොදු අපේක්ෂක කරන්නටය. මේ අය කියන්නේ සිංහල, බෞද්ධ ඡුන්ද දිනාගත හැකි අයකු අපේක්ෂක නොකර තරගය දිනන්නට බැරි බවය. ඒ කාරණයෙහි ඇත්තක් ද තිබේ.

මේ රටේ පවත්වන  ඕනෑම ජාතික මැතිවරණයක දී තීරණාත්මක සාධකයක් වන්නේ සිංහල, බෞද්ධ ඡන්දය. යූඇන්පී එකෙන් බැහැර මේ පිරිස් සිංහල, බෞද්ධ ඡුන්ද දිනාගත හැකි අපේක්ෂකයන් හැටියට දකින්නේ මාදුළුවාවේ සෝභිති හිමි, කරු ජයසූරිය වැනි කීප දෙනෙකි. මේ ගොඬේ චන්ද්‍රිකා, රනිල් වැනි අය සිටියත් මොවුන්ගේ ගණන් හැදිල්ලට අනුව ඒ සඳහා වැඩි හැකියාව තිබෙන්නේ එක්කෝ සෝභිත හිමිටය. නැති නම් කරුටය.

සමහරුන් හිතන්නේ සිංහල, බෞද්ධ බලවේග දිනාගත හැකිය යන අභිලාෂයෙන් තරග බිමට එන තරගකරුවා කරු බවය. කරු පොදු අපේක්ෂකයා විදියට එනවා නම් මහින්දත් එක්ක විරසකේක ඉන්න හෙළ උරුමයේ සහාය ද ලැබෙනු ඇති බවට මොවුහු තව දුරටත් ගණන් හදති. 

තවත් පිරිසක් මේ සම්බන්ධව ඉදිරිපත් කරන ප‍්‍රබල තර්කයක් වනුයේ විපක්ෂයෙන් කුමන අපේක්ෂකයකු පොදු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කළත් ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුව ඇතුළේ ඉන්න මහින්ද විරෝධී ඇමැති පිල එළියට නොගෙන සටන කරනවා බොරු බවය.

ශ්‍රී ලනිපය සුරැුකීමේ සංවිධානය නමින් නොනිල මට්ටමින් ආණ්ඩුව ඇතුළේ ඉන්න මේ මහින්ද විරෝධී ඇමැති කණ්ඩායම ආණ්ඩුවෙන් එළියට ගත හැක්කේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාට පමණක් බැවින් චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාව වීම වඩාත් සුදුසු බවට ද ඔවුහු මත පළ කරති. නැති නම් එළියට එන්න ඉන්න ඒ ඇමැති ගොඬේ සිටින ජ්‍යෙෂ්ඨතම ඇමැත්තෙක් පොදු අපේක්ෂක කළ යුතු බවට ද යෝජනා කරති. පහුගිය කාලයේ ප‍්‍රසිද්ධ වලව්වක දී චන්ද්‍රිකාව මුණ ගැසුණු ආණ්ඩුවේ ප‍්‍රබලයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ඇමැති පර්ෂදයේ ඉන්න කීප දෙනෙකු ද මේ අතර සිටින බව දැන ගන්නට ලැබේ.

මේ සියලූ කාරණා විමසිල්ලට ගැනීමේ දී පැහැදිලි වන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවු ද යන ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීම සිතන තරම් පහසු නැති බවය. ඒ විපක්ෂ අපේක්ෂකයා එක් පැත්තකින් මහින්ද රාජපක්ෂ හා සමානව රටේ සිංහල, බෞද්ධ ජනතාවගේ ආකර්ෂණයට බඳුන් වන චරිතයක් විය යුතුය. තවත් පැත්තකින් පොදු අපේක්ෂක කතාබහට අත ගසා සිටින හැම පාර්ශ්වයකටම එකඟ විය හැකි අපේක්ෂකයකු විය යුතුය. තවත් අතකින් ආණ්ඩුවෙන් එළියට බැසීමට සූදානමින් සිටින බව පැවසෙන ඇමැතිවරුන් සමග කටයුතු කළ හැකි අයෙකු විය යුතුය.

දෙමළ, මුස්ලිම් ඇතුළු සුළු ජාතික ඡුන්ද ආකර්ෂණය කර ගත හැකි අයකු වීම ද වැදගත්ය. රනිල්, සෝභිත හිමි, කරු, චන්ද්‍රිකා යන මේ අයගෙන් කවරෙකුට අදාළ තත්ත්වයන් හා ගැළපෙමින් කටයුතු කළ හැකි වනු ඇති ද?  ඔහු හෝ ඇය හෝ පොදු අපේක්ෂකකමට වඩාත් සුදුස්සා වනු ඇත.

 

upul

 



අදහස් (0)

විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක්

කුමාර් Wednesday, 12 November 2014 10:46 AM

මේ තුන්දෙනාටම බෑ ජනාධිපතිකම කරන්න, මෙයාල අපට එපා. (බ)

:       0       0

සුමන මානන්දුව Wednesday, 12 November 2014 01:02 PM

හොඳම අපේක්ෂකයා ගරු මාදුළුවාවේ සෝභිත හිමි බව මගේ අදහසයි. (නි)

:       0       0

නිසාර් Wednesday, 12 November 2014 01:50 PM

බැරිද වන්නියල ඇත්තන්ගේ කවුරු හරි පොදු අපේක්ෂක කරන්න. එතකොට ඔය ජාති බේද නැහැනේ. (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 13 November 2014 12:18 AM

දෙවැනි ලෝක යුද්ධය දිනවපු චර්චිලුත් ඊළඟ ඡන්දෙන් පැරදුනා කියලා මම අහලා තියෙනවා (නි)

:       0       0

සඳුනි Thursday, 13 November 2014 04:07 PM

මේ සියල්ලන්ටම පරාජය සදා උරුමය.(හේ)

:       0       0

රුවන් Thursday, 13 November 2014 05:32 PM

අපි නම් දැනටමත් පරාජයවෙලා ඉවරයි (නි)

:       0       0

විතානගේ Thursday, 13 November 2014 05:32 PM

එකසිතින් ඔබට ජය පතමි! (නි)

:       0       0

අබ්දුල් Friday, 14 November 2014 04:30 AM

සජිත් ඉල්ලනවනම් උඩින්ම දිනනවා (බ)

:       0       0

ප්‍රසන්න Friday, 14 November 2014 06:21 AM

කුලල් කා ගන්නැතුව එකතුවෙයල්ල (බ)

:       0       0

බුළුවන Monday, 17 November 2014 03:43 AM

සුදුසුම පොදු අපේක්ෂකය - චම්පික රණවක. මොකද උගත්, බුද්ධිමත්, තරුණ, පිරිසිදු දේශපාලන චරිතයක්, අනාගත හරි පිළිවෙළක් ඔහුට සතුව තිබෙන නිසා. ආගම රජය පරිපාලනයෙන් ඉවත් කළ යුතුයි. (බ)

:       0       0

ඌෂා Monday, 17 November 2014 03:44 AM

සජිත් ඉල්ලනවනම් උඩින්ම දිනනවා. (බ)

:       0       0

සරත් පියසේන Monday, 17 November 2014 05:30 AM

මොන පොදු අපේක්ෂක ආවත් මහින්ද රාජපක්ෂ පරදන්න කිසිවෙකුටවත් බැහැ (නි)

:       0       0

සුපුන් Monday, 17 November 2014 05:51 AM

මම දන්න විදිහට නම් ජනාධිපති වෙන්න ඉදිරිපත්වෙන කෙනා විවාහක අයෙක් විය යුතුයි. එතකොට සෝභිත හමුදුරුවෝ කොහොමද ඉල්ලන්නේ? (නදී)

:       0       0

බංඩාර Monday, 17 November 2014 05:54 AM

අනුර කුමාර විතරයි මහින්ද මහත්තයට තරඟයක් වත් දෙන්න පුළුවන් එකම කෙනා (නදී)

:       0       0

ගාමිණි Tuesday, 18 November 2014 04:42 AM

කරු ආවොත් පායයි හිරු. එකතුකරයි සමගියේ තරු. බොරු නොකරයි දිවි ඇති තුරු. හැර යයි කී ලෙස තනතුරු.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site