X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


විප්ලවය හා ආදරය අතර අතරමංවූ ගඩාපි

19_PAGE_05_RASA     

 

දෙහදක ආලය, ආදරය හට ගන්නේ නොසිතූ නොපැතූ පරිදිය. බොහෝ විට මේ ආදරය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. මෙසේ සිදුවන්නේ ආලය ඊර්ෂ්‍යාවකට පරිවර්තනය වීමෙනි. නව යොවුන් ආදරය තුළ අන්තර්ගත වන්නේ සදාතනික බැඳීමක්ද?

 


පවුල් දිවියක් සාර්ථක වන්නේ ජීවිතාන්තය තෙක් ජෝඩුව අතරේ ආදරය නොවෙනස්ව පැවතුනහොත් පමණකි. ආදරය පහු පහුවන විට කොහු කොහු වන්නේද? ලොව විවිධ රටවල පාලකයින් බවට පත්වූ පුද්ගලයන් බොහෝදෙනා තරුණ අවධියේ පේ‍්‍රමය හෙවත් ආලය පිළිබඳ අවබෝධයක් ලබාගත් අයයි. මොවුන් අතර ඒකාධිපති පාලකයින්ද සිටියහ. මේ ඒකාධිපති පාලකයන්ගෙන් කීපදෙනෙකුට වැරදුන තැන කුමක්ද? තම රට පාලනය කරනවා වෙනුවට අල්ලපු රටවල් ද අල්ලා ගැනීමට උත්සාහ කිරීමයි. ලෝකයම පාලනය කරන්න වෙර වීරිය දැරීමයි. පවුල පෝෂණය කිරීමයි. සල්ලි පස්සේ හඹා යාමයි.

 

19-Page-5-Rasa-04

 


කවුද මේ ගඩාපි


අවුරුදු 42 ක් ලිබියාව පාලනය කළ ගඩාපි මෙවැනි පාලකයන්ගෙන් එක් පුද්ගලයෙකි. අද අපේ කතානායකයා මේ කියන මුවම්මර් ගඩාපිය. සුරූපී තරුණියන් පිරිසක් තම ආරක්ෂාවට යොදවා ගෙන සිටි ගඩාපි ඇමෙරිකාවේ නොම්මර එකේ හතුරෙකු වූ ගඩාපිය. 2011 ඔක් 20 දා මහ මග ඝාතනය කර තිබූ ලිබියාවේ හිටපු පාලකයාය.


ඔහු යුද සෙනෙවියෙකි. රණ ශූරයෙකි. කිසිම ජගතෙකු ඉදිරියේ හිස නොනැමූ මිනිහෙකි. මම මේ ලියන්නේ ගඩාපිගේ නැගීම හා බැසීම පිළිබඳ විවරණයක් නොවේ. ඔහුගේ දිවියේ මෙතෙක් හෙළි නොවූ ඇතුල්පැත්ත පිළිබඳ කෙටි විවරණයකි මේ.

 

19-Page-5-Rasa-08

ගඩාපි තම මුල් බිරිඳ පතිහා සමග

 


ගඩාපිද සදාම් හුසේන් හා පිදෙල් කස්ත්‍රෝ මෙන්ම සාමාන්‍ය දිළිඳු ගොවි පවුලකින් පැවත එන්නෙකි. ජීවිතයේ 68 වැනි සැතපුම් කණුව පසුකරද්දී ඔහු මරා දමනු ලැබුවත් ඔහුගේ නාමය ලෝකවාසීන්ගේ සිත් සතන් තුල රැුඳී පවතිනු ඇත. ඔහු දිවියේ අවසානය තෙක් සටන් කළ සටන්කරුවෙකි.


මේ කියන ගඩාපිටද ලොව අනිකුත් සියළුදෙනාටම මෙන් ආලය, ආදරය නැතහොත් පේ‍්‍රමය එක සමාන විය. හිරිමල් වියේදී මෙන්ම හැඩි දැඩි පාලකයෙකු වූ පසු ද තරුණියන් සමග ඔහු ආදරයෙන් වෙලී සිටි අයුරු අපූරුය. සුන්දරය. මිහිරිය.


26 වැනි වියේදී ලිබියාවේ පාලනය සියතට ගෙන අවුරුදු 42 ක්ම ලිබියාව අල්ලේ රඳවා ගෙන සිටි මේ පුද්ගලයාට ඔහුගේ ජීවිතයේදී ආලය, ආදරය කරන්නට කාලයක්, වෙලාවක්, අවස්ථාවක් තිබුණාද කියා සැකයක්ද මෙහිදී ඇතිවේ. ඊට හේතුව වයස අවුරුදු 26 පිරෙන්නටත් සෑහෙන කාලයකට පෙර සිට ඔහු එවකට ලිබියාවේ පැවති ඉද්රිස් රජුගේ (IDRIS) පාලනය පළවා හැරීමට විප්ලවය සංවිධානය කරමින් සිටි නිසාය.

 

19-Page-5-Rasa-05

ගඩාපි තම දෙවැනි බිරිඳ සොෆියා සමග

 


ගඩාපිගේ විප්ලවය


තරුණ වියේදීම බෙන්ගාසි හමුදා පුහුණු පාසලට ඇතුළත්වී හමුදා පුහුණුව ලැබුවේය. ඔහුට බි‍්‍රතාන්‍යයටද ගොස් හමුදා පුහුණුව ලබාගැනීමට අවස්ථාවක් ලැබුණි. හමුදා කැරැුල්ලකින් ඉද්රිස් රජුගේ රාජ පාලනය පෙරලා දැමීමට එදා කර්නල් ගඩාපි අධිෂ්ඨාන කරගත්තේය. රජ පාලනය ඉවත් කර ඒකාධිපති පවුල් පාලනය ලිබියාවේ ස්ථාපිත කිරීම ගඩාපිට වැරදුන තැනද? ලෝක පොලිස්කාරයා සමග කැත්තට පොල්ල මෙන් සිටීම කර්නල්ගේ අවසානයට මුලද?
1970 වර්ෂයේ කර්නල් ගඩාපි ග‍්‍රීන්බුක් (GREEN BOOK) ‘‘කොළ පොත’’ ජනතාවට ඉදිරිපත් කළේය. මින් ඔහු ඉදිරිපත් කළේ ලිබියාවට නවෝදය උදා කිරීමේ තම සැලැස්මයි. ඔහුගේ ග‍්‍රීන් බුක් සැලැස්ම සාර්ථක වීදැයි විමංශනයක යෙදීමට මම උත්සාහ නොකරමි. තම අල්ලපු රටවල් දෙකවූ ටියුනීසියාවේ පෙරළියත් ඊජිප්තුවේ මුබාරක්ගේ වැටීමත් තදින්ම බලපෑවේ කර්නල් ගඩාපිටය. අරාබි වසන්තයට ගඩාපි ද ගොදුරුවීද? මේ කියන ගඩාපි ගිය ගමන අතිශයින්ම දුෂ්කරවූ චාරිකාවකි.


ගඩාපිගේ නම යළිත් ලෝක මාධ්‍යයන්හි පළ වන්නට පටන් ගත්තේ 2015 දෙසැම්බර් 12 දාය. ගඩාපිගේ එක් පුත‍්‍රයකුවූ හනිබල් ගඩාපි වසර කීපයකට පෙර ලෙබනනයේ කැරළිකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණි. ගඩාපිගේ මෙම පුත‍්‍රයා ලෙබනන් කැරළිකරුවන් විසින් මුදා හරින ලද්දේ දෙසැම්බර් 12 දාය. මෙම පුවතට ලෝක ජනමාධ්‍ය පුළුල් ප‍්‍රචාරයක් ලබාදුන්නේය.

 

19-Page-5-Rasa-07

සොෆියා ගඩාපි

 


තුවක්කුව හා ආදරය අතර, අතරමංවූ ගඩාපි


ගඩාපිගේ මුල්ම පෙම්වතිය පතිහා අල් නූරිය. ඔහුට ඇය හමුවූයේ 1967 වර්ෂයේදීය. එවිට පතිහා පාසල් ගුරුවරියකි. ගඩාපි හමුදා පුහුණුව ලැබූ සොල්දාදුවෙකි. අහම්බෙන් හමුවූ මේ තරුණ යුවල අතර ආදරය ලියලා ගියේය. ඔහුගේ ප‍්‍රථම ආදරය රස ගුලාවක් නොවීය. 1967 වනවිට ගඩාපි 24 හැවිරිදි තරුණයෙකි. අගහිඟකම් වලින් යුතුව සුබ අනාගතයක් තකා සිහින මැවූ කඩවසම් තරුණයෙකි. තුවක්කුව හා ආදරය අතර අතරමංවූ විප්ලවවාදියෙකි.
මේ තරුණ පෙම්වතුන් යුවල ලිබියාවේ කාන්තාරයේ ඔටුවන් පිට නැගී ගිය ගමන් රිදී තිරයේ දිග හැරෙන පේ‍්‍රම ජවනිකාවලට සමාන විය. ඉස්කෝලෙ හාමිනේගේ තුරුණු රූ සපුවට එදා තරුණ ගඩාපි නැමති ‘‘ආමි’’ කාරයාගේ සිත වශීවී ගියේය. ඔහු ජීවිතය නැමති මුල්ම පාඩම මේ ගුරුවරියගෙන් ඉගෙන ගත්තාද? මේ යුවලට දාව එක් පුතෙකු බිහිවිය. ඔහුගේ නම මොහොමඞ් ගඩාපිය.


1967 වර්ෂයේදී හමුවී, 1968 වසරේ අවසාන භාගයේදී විවාහවී, විවාහයෙන් මාස 6 කට පසු පතිහාගෙන් වෙන්වී ගඩාපි ටි‍්‍රපොලියේ රජ මැදුරට පිය නැගුවේය. ගඩාපිගේ මුල් ආදරයේ හා මුල් විවාහයේ ආරම්භය සහ අවසානය මෙසේ ලඝු කොට දැක්විය හැක. පසු කලෙක ගඩාපි තම සමීපතම මාධ්‍යවේදියකුට පවසා තිබුනේ තමාගේ මුල් පේ‍්‍රමය හා විවාහය පිළිබඳ මතක සටහන් කිසිදාක අමතක නොවන බවය. විවාහ වන විට සොෆියාගේ වයස අවු. 28 කි. ගඩාපිගේ වයස අවු. 38 කි.

 


ගඩාපිගේ ප‍්‍රථම ආදරයේ අවසානය


බලය නැති කාලයේ ආදරය කළ සොඳුරිය, බලය සියතට ගත් පසු අමතක කර පළවා හැරීම ලෝකයම දන්නා මේ ගඩාපි කියන වීර චරිතයට එක්වුණ කළු පැල්ලමකි. ලොව බොහෝදෙනා බලය, ධනය, ශක්තිය, යස ඉසුරු ලැබෙද්දී අමුතුම සත්ව කොට්ඨාශයක් බවට පත්වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. බලය ලැබුන විට තම හත්මුතු පරම්පරාවම ලංකරගෙන පොදු ජනතාව අමතක කර ක‍්‍රියා කිරීම තුළින් ලොව බොහෝ පාලකයින්ට වැඩ වැරදුන බව නොරහසකි.


ගඩාපි 1969 වර්ෂයේ ලිබියාවේ පාලන බලය සියතට ගැනීමෙන් පසු බලවත් සේ රෝගාතුර විය. ඔහු රෝහල් ගතකරනු ලැබීය. ඔහුට උපස්ථාන කිරීමේ කාර්යය සිදුකළේ රෝහල් වාට්ටුවේ සිටි හෙදි තරුණියන් කීපදෙනෙකි. මේ හෙදියන් අතර සිටි සුරූපී සොෆියාගේ ආදර බැල්මට ගඩාපි නැමති ලිබියාවේ සේනාධිනායකයා වශී වුනේය. දිනක් රෝහල් ඇඳේ වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි කර්නල් ගඩාපි අනිකුත් හෙදියන් එහා මෙහා වනතෙක් බලාගෙන සිට නියම අවස්ථාව ලත් විගස සොෆියාගේ මුව මඩල සිප ගත්තේය. රෝහල් පරිසරය මේ තරුණ යුවලගේ පේ‍්‍රම පාරාදීසය බවට පත්වුනේ මෙසේය.

 


ගඩාපි සොෆියා ආදර කතාව


ඒ වන විට සොෆියා (SAFIA) හෙදියක් වශයෙන් ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයකි. හෙදියක් වශයෙන් ඇයට ලැබුණේ සොච්චම් වැටුපකි. ඇයගේ සම්පූර්ණ නම සොෆියා ෆර්කාශ් එල්බ‍්‍රාසිය. (SAFIA FARKASH ELBRASAI) බොහෝ මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වන්නේ මේ සුරූපී හෙදිය තම රූ සපුවෙන් රෝහල තුළදී ලිබියානු පාලකයා වසඟයට පත්කරගත් බවය. කෙසේ වෙතත් විප්ලවකාරී ගඩාපිගේ සිතට ගතට නව පණක් ලැබුණේ සොෆියාගෙනි.


මුල් බිරිඳගෙන් දික්කසාදවී සිටි ගඩාපිගේ සිතට සොෆියා අත්පත් කරගැනීමේ සිතුවිල්ල ඇතුල්වීම කෙළවර වුනේ 1970 දී දෙදෙනා අතර විවාහය සිදුවීමෙනි. ඊළඟ වසර කීපය තුළදී ගඩාපි සොෆියා සොඳුරු කැදැල්ලට පුතුන් 6 දෙනෙකු සහ එක් දුවක් එක්වූහ.

 


සොෆියාට හතර මහ නිධානය පහළ වූ හැටි


සොෆියා රෝහලේ හෙදි තනතුරට ආයුබෝවන් කියා ටි‍්‍රපොලියේ රජ මැදුරට ගිය ගමන අතිශයින්ම විශ්මයජනකය. ගඩාපි ජීවිතය ජය ගත්තාක්මෙන් සොෆියා ලිබියාවේ පාලකයාගේ (රජුගේ) අග මෙහෙසිය බවට පත්වීම අරුමයක් නොවන්නේද? උපතින්ම උරුම කරගත් රූ සපුව නිසා සොෆියාට මෙසේ හතර මහ නිධානය පහල විය. ගඩාපි අවසන් හුස්ම හෙළන තෙක්ම ඔහු අසල සෙවනැල්ලක් මෙන් සිටියේ මේ සොෆියාය.

 


සොෆියාගේ රත්රන් ටොන් 20 කෝ


ගඩාපිගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ සතුව තිබූ මහා ධනස්කන්ධය පිළිබඳව ලෝක ජනමාධ්‍යයන් විවිධ පුවත් පළ කර තිබුණි. සොෆියා සතුව ගුවන් සමාගමක් තිබුණි. මෙහි ගුවන් යානා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදවා ගනු ලැබීය. සොෆියා තමන්ට අයත් පෞද්ගලික ගුවන්යානා වලින් ලිබියාවේ හිත මිතුරු රටවල සංචාරය කළාය. ඇය සතුව තිබූ රත්රන් ප‍්‍රමාණය ටොන් 20 කි. ගඩාපිගේ මරණය සිදුවන විට විදේශ බැංකු ගිණුම්වල ඔහු තැන්පත් කර තිබූ මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 80 කි. බිරිඳ සොෆියාගේ ගිණුම්වල තිබූ මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 30 කි. මේ එම මාධ්‍ය වාර්තාවන්හි සාරාංශයක් පමණකි.


ගඩාපි ඝාතනය කිරීමෙන් පසු සොෆියා තම දියණියවූ අයෙෂා සමග විදේශීය රටකට පළාගියාය. ලිබියාවේ නව රජය මගින් ගඩාපි හා ඔහුගේ බිරිඳ සොෆියා සතුව විදේශ බැංකුවල හා ලිබියාව තුල තිබූ සියළු ධනය රාජසන්තක කිරීමට පියවර ගත්තේ 2013 වර්ෂයේදීය. වසර 42 ක් තිස්සේ ලිබියාව පාලනය කළේ ගඩාපි හා ඔහුගේ බිරිඳගේ පවුල්වල ඥාතීන් හා හිතවතුන් විසිනි.


ගඩාපිගේ එක් පුතෙකු වූ සාදි ගඩාපි ඇමෙරිකාවේ හොලිවුඞ්පුරයේ ජාත්‍යන්තර චිත‍්‍රපට නිපදවීමේ කටයුතුවල යෙදී සිටි මුල් පෙළේ ව්‍යාපාරිකයෙකි. කෝටිපති ධනපතියෙකි. තවත් පුතෙකු රූපවාහිනී ආයතන හා මාධ්‍ය ආයතන රැුසක හිමිකරුවෙකි. මේ ගඩාපිගේ වතගොතවලින් බිඳක් පමණකි. ඔහු තම ආරක්ෂාව තකා සුරූපී තරුණියන් යොදවා ගැනීම පිළිබඳ විවිධ කතාද පළවී ඇත. ගඩාපිගේ දෙවැනි බිරිඳ වූ සොෆියා සහ දුව අයෙෂා ජීවත්වන රට හා ස්ථානය තවමත් මාධ්‍යයන්හි රහසකි.

m



අදහස් (0)

විප්ලවය හා ආදරය අතර අතරමංවූ ගඩාපි

අබරන් Friday, 25 December 2015 03:54 AM

ගෝත්‍රිකයන් මෙන් ජීවත් වූ ලිබියානුවන් ශීලාචාර සමාජයකට ගෙන ඒමට මග පෑදුවේ ගඩාපි නම් වූ ජන නායකයාය. ලිබියාවේ තෙල් සම්පත ඇමෙරිකානුවන් විසින් හූරාගෙන කෑමට එදිරිවූ නිසා ගඩාෆි ට අවසන් ඉරණම නොසිතු ලෙසට කැරකී ආවේ බූමරංගයක් විලසටය. එහෙත් ලිබියානුවන්ගේ සාක්ෂරතාවය සහ අධ්‍යාපනය ඉහල ගියේ මේ අසහාය නායකයා නිසාවෙනි. (ස)

:       0       0

නිල්මිණි Friday, 25 December 2015 09:35 AM

ලිබියාව ගොඩනැගුවේ ගඩාෆි ය. එත් සදාචාර සම්පන්න නායකයන් තමන් දිවි කැපකර ගොඩ නැගු රට තමන්ගේ බුදලයක් කර කොල්ල කන්නේ නැත. විප්ලවය කර ලිබියාව ගොඩනැගු ගඩාෆි කාණුවක මිය යද්දී, විප්ලවයෙන් දකුණු අප්‍රිකාව ගොඩනැගු නෙල්සන් මැන්ඩෙලා ලොව පුරා කුඩා දරුවන්ගේ පවා ෙගෟරවයට පාත්‍ර වූ නොබෙල් සාම ත්‍යාග ලාභී වීරයෙක් ලෙස දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ මේ වෙනස නිසාය. (අ)

:       0       0

චම්පික Sunday, 27 December 2015 12:54 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අමල් Sunday, 27 December 2015 08:49 AM

හොඳ ලිපියක්. (ර)

:       0       0

සුකිරි Sunday, 27 December 2015 07:56 PM

ඔය ග්‍රීන් බුක් කියන එක තනිකර අනුන්ගේ මත තමන්ගේ ඒවා වගේ මුද්‍රණය කරලා දාර්ශනික ගතියක් මවා ගන්ට පාසල් වලට අනිවාර්ය කරපු පොතක්.මෙයා රත්තරන් වලින් ගුවන් යානයක් හදා ගත්ත රුසියාවට කියල.මෙහෙම අය ජනතා වාදියෝද. (ස)

:       0       0

පාල Sunday, 27 December 2015 07:54 PM

ලිබියාව ගොඩනැගුවේ ගඩාෆිනම් මිනිස්සු කැරලි ගැහුවේ මොකෝ... දැන් කස්ත්‍රොට කවුරුත් කැරලි ගැහුවද... මාවොට කැරලි ගැහුවද... වෙන එකක් තියා අර උතුරු කොරියාවේ සියා තාත්ත දැන් පුතණ්ඩියා ඉන්නේ. කවුරුත් මීක් කියනේ නැහැ. (ස)

:       0       0

නීල Sunday, 27 December 2015 07:56 PM

පවුල්වාදියන්ට, එකාදිපතියන්ට, කපටියන්ට, මහජන මුදල් හොරාකන තක්කඩියන්ට, හොඳ පාඩම්. (ස)

:       0       0

රූපා Sunday, 27 December 2015 08:04 PM

ලෝක යුද්දෙන් පස්සේ බිමට සමතලා වෙච්ච රටවල් අවුරුදු 30 ඇතුලත ගොඩ දාපු හැම නායකයෙක්ම ජනතා වාදියෝ. උදා ජපානේ,ජර්මනිය,සින්ගපුරුව,ඉස්රයාලේ, දකුණු කොරියාව, (ස)

:       0       0

රූපා Sunday, 27 December 2015 08:11 PM

ගඩාෆි කියන්නේ හීනමාන කාරයෙක්. ගෑනු මොකටද ආරක්ෂාවට? රත්තරන් ගුවන්යානා, අනුන්ගෙන් හොරකන් කරපු දාර්ශනික අදහස් තමන්ගේ වගේ පාසල් වලට අනිවාර්ය කරේ මොකෝ. පවුල්වාදේ මොකෝ...මානසික රෝගියෙක්. (ස)

:       0       0

කුමාර Monday, 28 December 2015 06:19 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site