පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුවත් මවන ආකරයක් බවට පත්ව තිබේ. එක අතකින් සිසු ගැටුම්ය. ගැටුමකට අදාළ වීඩියෝ පටයක් අන්තර්ජාලය තුළ සැරිසරයි. ගැටුමට නිමිත්ත නවකවදය යැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මැවෙන ඊළඟ පුවත සිසුන්ගේ දිවි නසා ගැනීම්ය.
ගෙවුණු මාස හයක කාලය තුළ සියදිවි නසා ගැනීම් තුනක් වාර්තා වී තිබේ. අලුත්ම පුවත මැවී තිබෙන්නේ විසිහය හැවිරිදි පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමිනි. ඔහු ඉකුත් 2 වැනිදා සිට අතුරුදන්ව ඇති බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පොලිසියට පැමිණිලි කර තිබේ. ඔහු එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වැනි වසර ශිෂ්‍යයෙකි.
අප පුවත්පත වාර්තා කර තිබූ ආකාරයට අතුරුදන් සිසුවා නේවාසිකාගාරයෙන් පිටව යාමට පෙර සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි දෙකක් ලියා තිබේ. එමෙන්ම මෙම ඉංජිනේරු ශිෂ්‍යයා කලක සිට සිත්තැවුලෙන් සිට ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
එක් විශ්වවිද්‍යාලයකින් මාස හයක කාලය තුළ සිසුන් තිදෙනකු සිය දිවි නසාගැනීම් හා එක් සිසුවකු අතුරුදන්වීම සරළ කාරණාවක් නොවේ. එමෙන්ම මෙය එම විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ තත්ත්වයක් නොවන බවද අවධාරණය කළ යුතුය. සිය දිවි නසා ගැනීම් කිසි විටෙකත් වීර ක්‍රියාවක් නොවේ. එය අතිශයින්ම අබල දුබල මනසක් ඇත්තකු ගනු ලබන අඥාන තීරණයකි. කවර හේතු සාධක තිබුණද අපමණ වෙර දැරිය යුත්තේ එම ප්‍රශ්න නිරාකරණය කර ගනිමින් ජීවත් වීමටය. වීර ක්‍රියාව වන්නේ එයය. එහෙත් අප රටේ අතිශයින්ම තරගකාරී විභාගයකින් ඉහළින්ම සමත්ව සරස්වතිය වැඩ ඉන්න පින්සාර සරසවි බිමට පැමිණි සිසුන් දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ නම් කල් නොයවා එයට හේතු සාධක විමර්ශනය කළ යුතුය.
සමාජයක ජීවත් වන පිරිස් විවිධාකාරය. සිතුම් පැතුම් විවිධය. අතිශයින්ම තරගකාරී විභාග වලින් සමත්ව වුවද එවැන්නකුගේ ජීවන දර්ශනය මෙන්ම ඔහු එළැඹෙන අවසන් නිගමනය විභාග ප්‍රතිඵලවලට සමගාමී නොවනු ඇත. එම විභාග ප්‍රතිඵලයට සාධාරණයක් ඉටු නොකරන්නක් විය හැකිය. ඒ ඒ මිනිසුන් වෙනුවෙන් වෙන වෙනම ඇගයීමක් කළ යුතුවන්නේ එහෙයිනි. අප රටේ මනෝ උපදේශන විෂය පවතින්නේ ඉතා දුර්වල හා දුප්පත් මට්ටමක බව අවිවාදිතය. බොහෝ අපරාධවලට එම තත්ත්වයත් බලපා තිබෙන බවද ඒකාන්තය.
‘තරුණ අසහනය’ යනු අප සමාජයේ වැඩියෙන්ම ව්‍යවහාරයට ගැනුණු දෙපදයකි. 1971 කැරැල්ලෙන් පසුව එම කැරැල්ලට හේතු පාදක වූ කරුණු විමසීමට තරුණ අසහන කොමිසමක්ද පත් කෙරුණි. තරුණ අසහනය තුරන් කිරීමට විවිධ ප්‍රගතිශීලී ක්‍රියා මාර්ගද ගැනුණි. එහෙත් එම ක්‍රියා මාර්ග මුළුමහත් සමාජයම පිරිපහදුවට ලක් කිරීමට ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට හේතු වී නැති බව ඔප්පු වූ සත්‍යයකි. 87-89 තරුණ අරගලය එයට නිදසුනකි.
87-89 අරගලය 1971 අරගලයට වඩා බෙහෙවින් කුරිරු විය. 1971 දී මරා දැමුණු තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව විසි දහසක් පමණ බව කියැවෙයි. 87-89 යුගයේදී මරා දැමුණු තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව හැට දහසකට අධිකය. ලෙයින්, යකඩෙන් හා ගින්දරෙන් අරගලය මඩිනු ලැබුවද සමාජය නිස්කාංසුවට ලක්වේයැයි අනුමාන කිරීම වැරදිය. රටේ අද දවසේ තත්ත්වය එය වටහා ගැනීමට අවශ්‍ය ආධාර අනුබලය සපයනු ලැබේ.
මුළු සමාජයම අද සිටින්නේ ඉමහත් පීඩනයෙනි. එමෙන්ම අවිනිශ්චිත භාවයෙහි නරා වළට වැටුණු රට කවදා කෙසේ ගොඩගන්නේද යන්න තරුණ පරපුරට තදින්ම බලපාන බව විශේෂයෙන්ම දත යුතුය. අද තරුණයා පවසන්නේ ඔවුන්ගේ ජීවිතයේ ලස්සනම කාලය කාලකන්ති කර ඇති බවය. එමෙන්ම රට මේ අපා දුකට ඇද දැමුවේ තමන් නොවන බව තරුණයා කියයි. අනුන්ගේ වැරැදිවලට තමන්ගේ ජීවිතයෙන් තමන්ගේ අනාගතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙන බව තරුණයා සිතයි.
මෙම සිතුවිල්ල බරපතළ සමාජ විරෝධයක් කම්පනයක් බවටත් තමන් සම්බන්ධ අපේක්ෂාභංගත්වයක් බවටත් පරිවර්තනය වේ. ජීවිත ජීවත් කරවන්නේ බලාපොරොත්තු නම් එකී බලාපොරොත්තු රඳවා ගත හැකි පරිසරයක් නොවේනම් එහි තාර්කික අන්තය බිහිසුණුවීම වැළැක්විය නොහැක.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකු දිවි නසා ගැනීමත් එක් සිසුවකු අතුරුදන්වීමත් එකී සිදුවීම්වලට පමණක් ලඝු නොකළ යුතුය. එය මුළු රටේ ස්වරූපය හඳුනා ගැනීමේ මානයක් බවට පත් කළ යුතුය. එසේ හඳුනාගෙන කඩිනම් විසඳුම් දිය යුතුය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විශ්ව විද්‍යාලවලින් ඇසෙන ඛේදවාචකවල සුළමුල බලමු
ලුම්බිණි Tuesday, 11 October 2022 04:12 AM
විශ්ව විද්‍යාල වල බිඳ වැටීම පටන් ගත්තේ 1971 කැරැල්ලෙන් පසුවයි. 1971 කැරැල්ල ලාංකික සමාජයේ බොහෝ බිඳ වැටීම් වලට පදනම දැම්ම.
sisira Sunday, 16 October 2022 06:11 AM
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ CCTV (closed-circuit television) පද්දතිය installation සදහා අවශ්‍ය සහයෝගය හෝ මුදල් පරිත්‍යාග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අදයපනය ලද ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයන් / විද්වතුන් හට මැදිහත් විය නොහැකිද ?