X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 30 වන බදාදා


වීර මාතාව 99න් දෙනෙත් පියා ගනියි

දරුවන් දහසය දෙනෙකු මෙලොවට බිහි කළ මාතර කරගොඩ, උයන්ගොඩ ඉහළ විටියල පදිංචිව සිටි පුරුක්අකුල වඩුගේ නෝනහාමී මහත්මිය මෙලොවින් සමුගත්තාය. මිය යනවිට ඇගේ වයස අවුරුදු 99කි.

නෝනහාමී මහත්මියගේ පවුලේ දරු මුණුබුරු මි‚පිරියන් ගණන 144 දෙනෙකි. ඔවුහු සියලූ දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටිති.

1913 වසරේදී නාඔටුන්න ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇය විවාහ වී ඇත්තේ නැසීගිය වයි.ජී. සිංඤහාමී මහතා සමගය.

අවුරුදු 108ක් ජීවත්ව ඔහු මිය ගියේ මීට වසර කිහිපයකට ඉහතදීය.

එම දෙපල විසින් බිහි කළ දරුවන් 16 දෙනා අතුරින් දැනට ජීවතුන් අතර සිටින්නේ 12 දෙනෙකු පම‚. ඉතිරි සිව් දෙනා මිය ගොස් ඇත.

වයි.ජී. පේමාවතී, වයි.ජී. කුසුමලතා, වයි.ජී, පේමදාස, වයි.ජී. සුමනාවතී, වයි.ජී. කරුණාදාස, වයි.ජී. සිරිපාල, වයි.ජී. සුමතිපාල, වයි.ජී. කරුණාවතී, වයි.ජී. ගුණදාස හා වයි.ජී. ලීලාවතී  දැනට ජීවතුන් අතර සිටින දරු දැරියෝ වෙති.

වයි.ජී. සෝමාවතී, වයි.ජී. මෙන්දියස් සිල්වා, වයි.ජී. සෝමදාස හා වයි.ජී. සිරිල් යන සිව් දෙනා මිය ගොස් සිටින දරුවන් සිව් දෙනාය.

නෝනහාමි මහත්මිය පෙරේදා (04) මිය යන තෙක්ම හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටි බව ඇයගේ දරුමුණුබුරෝ කියති. ඇය හොඳින් ඇවිද්දාය. ඇස් පෙනීම කොපමණ දැයි කිවහොත් ඉදි කටුවට නූල දැමීමද පසුගිය සතිය වනතෙක්ම සිදු කෙරුණේ ඇය අතිනි.

මිය යන තෙක්ම ඇය ඇස් කණ්නාඩි පාවිච්චි නොකළාය. ඊට අමතරව කිසිදු රෝගී තත්ත්වයකට ඖෂධ ලබා ගෙන නොමැත. කන් ඇසීමද ඉතා යහපත් මට්ටමක පැවති‚.

බොහෝ දෙනා විශ්වාස කළේ නෝනහාමි මහත්මිය අවුරුදු සියයකටත් වඩා වැඩි කාලයක් ජීවත් වනු ඇති බවය. එහෙත් කිසිවකුත් නොසිතු පරිදි ඇය අවසන් ගමන් ගියාය.

නෝනහාමී මහත්මියගේ තෙවැනි දිය‚ය වූ වයි.ජී. සුමනාවතී (63) මහත්මිය මෙසේ කීවාය.

—අම්මා හොඳට පිං දහම් කළා. සෑම පොහොයකටම සිල් ගත්තා. තාත්තා එක්ක 11 වතාවක් සිරිපා වැඳීමට ගොස් තිඛෙනවා. ඒ කාලේ අවුරුද්දට දෙතුන් වතාවක් වට වන්දනාවේ ගියා. අපේ පවුලේ දරු මුණුබුරු මි‚පිරියන් 144 දෙනෙකු සිටිනවා. පසුගිය දවසේ අපි ගණන් බැලූවා. අම්මාගේ දරුවන්ගේ දරුවන් කිහිප දෙනෙකුම ආරක්ෂක අංශයේ සේවය කරනවා. මිය යන තෙක්ම අම්මා හොඳට ආහාර පාන ලබාගත්තා. ඇගේ පවුලේ විශේෂත්වයක් තමයි වැඩි දෙනෙක් අවුරුදු 90කට වඩා ජීවත්වීම. අපේ අම්මත් අවුරුදු 100කට වඩා ජීවත්වෙයි කියලා විශ්වාස කළා. සිය වෙනි උපන් දිනය සමරන්න අපි සිතා ගෙන සිටියා. තවමත් අම්මගේ කටේ දත් ටික තිඛෙනවා. කොන්ඩයේ එක කෙස් ගහක් ඉදිලා නැහැ. සමහර වෙලාවට අම්මා අපිටත් විහිළු කරනවා අපි නාකි වෙලා කියලා. අපේ අම්මවත් හිතාගෙන හිටියේ නැහැ මේ වගේ ඉක්මනින් මැරෙයි කියලා. කිසිදු කරදරයකින් තොරව වේදනාවක් නොමැතිවයි ඇය මිය ගියේ. අම්මට උරුම වූයේ වාසනාවන්ත මරණයක්. ලබන හැම ආත්මයකම අපේම අම්මා වී ඉපදේවායි ප්‍රාර්ථනාය කරනවා.

මියගිය නෝනහාමි මහත්මියගේ වැඩිමහල් දිය‚යගේ වයස අවුරුදු 81කි. බාලයාගේ වයස අවුරුදු 63කි. ඇය කාන්තාවන් අතර උතුම් මවක් වන්නේ දරු දැරියන් 16 දෙනකුම මෙලොවට ජනිත කර තිබීම නිසාය.

නෝනහාමී මහත්මියගේ අවසන් කටයුතු හෙට (07) සවස කඹුරුපිටිය ආදාහනාගාරයේදී සිදු කෙරේ.

ආගම දහමට ඉතා ලැදිව කටයුතු කළ නෝනහාමී මාතාව ආදර්ශවත් කාන්තා චරිතයක් යැයි ඛෙංගමුවේ නාලක නාහිමියෝ පවසති.

(දරුවෝ දොළොස් දෙනක් ද, මුවුබුරෝ දෙදෙනෙක් ද මෙහි වෙති.)

 



අදහස් (0)

වීර මාතාව 99න් දෙනෙත් පියා ගනියි

කපිල Tuesday, 08 January 2013 06:25 PM

ඔබතුමියට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සුසන්ත Monday, 21 January 2013 10:52 AM

අම්මේ නුඹේ ගුණ ලෝකයටම පෙන්වා දරු මුණූපුරන් එකසිය ගාණක් හදලා නිරෝගි දැහැමි ජීවිතයක් නිමකරලා නිවන් සුව ලබන් පැතුමන් ඉටුවීලා... (නි)

:       0       0

නිස්ත්‍රා Friday, 18 January 2013 11:24 PM

ඔබට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

රත්නේ Thursday, 17 January 2013 02:56 PM

මෙවන් උතුම් මෑණිවරුන් අපේ රටට සම්පතකි. (නි)

:       0       0

කසුන් Tuesday, 15 January 2013 02:16 PM

මෙවැනි අම්මලා අද බිහිවෙන්නෙ නැත්තෙ ඇයි.. (ස)

:       0       0

රුවන් හේවා Tuesday, 15 January 2013 09:10 AM

උතුම් රුහුණු වීර මාතාවට නිවන් සුව!ඔබ ජාතියේ උන්නතියට කළ මෙහෙවරින් හැබෑම වීර මාතාවකි.වාසනාවන්ත මවක්. මෙවැනි වූ මෑණිවරුන් තව තවත් ලංකාවේ බිහිවේවා!(ස)

:       0       0

අජිත් ඩී Tuesday, 15 January 2013 07:35 AM

මෑණියෙනි , ඔබ සැබවින්ම වීර මාතාවකි. ඔබට නිවන් සුව ලැබේවා....(ස)

:       0       0

රාජපක්ෂ Saturday, 12 January 2013 05:02 PM

නිවන් සුව ලැබේවා (දී)

:       0       0

නොයෙල් Friday, 11 January 2013 11:07 PM

මවුනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

ජගත් Thursday, 10 January 2013 06:18 PM

නිවන් සුව අත් වේවා (දී)

:       0       0

දර්ශන Wednesday, 09 January 2013 10:23 AM

නිවන්සුව පතමි. , යහපත් දරුවන් ලොවට දායාද කීරීමම පිනක්(ස)

:       0       0

ආනන්ද හිමි Wednesday, 09 January 2013 09:42 AM

ඔබ ජාතියේ උන්නතියට කළ මෙහෙවරින් හැබෑම වීර මාතාවකි. ඔබ වැනි මවුන් මේ යුගයට රත්තරන් වටී. එවන් මවුවරු තවත් අප අතර පහළ වේවා!!! ඔබට නිවන් දොර විවර වේවා!!! (නි)

:       0       0

රොෂාන් Tuesday, 08 January 2013 09:27 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

රුවන් Tuesday, 08 January 2013 07:42 PM

උතුම් අම්මා කෙනෙක්. නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

කමල් Sunday, 06 January 2013 05:22 PM

මෙවන් මාතාවන් ජාතියටත් රටටත් සම්පතක්. මෑණියනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 01:55 PM

උතුම් මව් තුමියක්.නිවන්සැප ලැබේවා (ස)

:       0       0

කරුණාදාස Tuesday, 08 January 2013 07:21 AM

රුහුණු වීර මාතාවට නිවන් සුව! (නි)

:       0       0

සඳුන් Monday, 07 January 2013 10:02 PM

නිවන් සුව ඔබට (දී)

:       0       0

මංජුල Monday, 07 January 2013 04:57 PM

වාසනාවන්ත මවක් (දී)

:       0       0

අචිනි Monday, 07 January 2013 03:36 PM

වාසනාවන්ත මවක්. නිවන්සුව පතමි ..!(ස)

:       0       0

අලිවිස් Monday, 07 January 2013 03:32 PM

මෙවැනි මව් වරුන් තමයි දැන් අපිට අවශ්‍ය . ඔබ තුමියට නිවන්සැප ලැබේවා (ස)

:       0       0

ගයාන් Monday, 07 January 2013 03:26 PM

ඔබට නිවන් සුව අම්මේ (දී)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:46 PM

වාසනාවන්ත මවක් , ඔබතුමියට නිවන් සුව !!(ස)

:       0       0

අනුර Sunday, 06 January 2013 11:17 PM

අම්මේ, ඔබතුමියට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

තරුෂ Sunday, 06 January 2013 09:40 PM

මෙවැනි වූ මෑණිවරුන් තව තවත් ලංකාවේ බිහිවේවා! එතුමියට බුදුන් දැක නිවන් දකින්නට මේ පිනම සෑහේවි. (නි)

:       0       0

දුසන්ත යග්ගහවිට Sunday, 06 January 2013 08:58 PM

රුහුණු වීර මාතාවට නිවන් සුව! (නි)

:       0       0

ජීවා Sunday, 06 January 2013 07:58 PM

අද කාලේ ළමයින් පාරේ දාලා යන අම්මලා එක්ක බලද්දී මේ අම්මා මතු බුදුවන අම්මා කෙනෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site