X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


වෙබ් අඩවිවලට රිංගන හැකර්ලා කවුද ?

04_SLMA_P6_Back

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ හැකර්වරුන් පිළිබඳ කතාබහක් ඇති වී තිබේ. කලකට ඉහත පැවැති ජනාධිපතිවරණයකදී ‘කොම්පියුටර් ජිල්මාට්’ මගින් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ බවට රාවයක් පැතිර ගියේය. එයට හැකර්වරුන්ගේ සම්බන්ධයක් තිබූ බවද ඔවුන් විසින් එම ප්‍රතිඵල වෙනස් කෙරුණු බවද කියැවිණි. හැකර්වරුන් යනු කවුරුන්ද?


පරිගණක භාෂාවේ හැකර්වරයා යන අරුත ‘බුද්ධිමත් පරිගණක වැඩසටහන් සකස්කරන්නා’ යන්නය. එහෙත් වර්තමානයේ හැකර්වරයකු ලෙසින් හැඳින්වෙන්නේ අනුන්ගේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී ඒවායේ ඇති දත්ත විකෘති කිරීම, සොරා ගැනීම හෝ එමගින් විවිධ විසමාචාර ක්‍රියා සිදු කරන පුද්ගලයන්ය. සාමාන්‍යයෙන් එවැනි කාර්යයක් සිදු කළ හැක්කේ එහි ආරක්ෂක පද්ධතියේ පවතින දුර්වලතා හඳුනා ගැනීමේ දක්ෂතාවෙන් හෙබි, මනා තාක්ෂණික දැනුමක් සහිත පරිගණක වැඩසටහන් සකස් කරන්නකුට හෝ ඉංජිනේරුවකුටය. 


විවිධ රටවල ජනාධිපතිවරුන්ගේ නිල වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආරක්ෂක පද්ධති, බැංකු ගිණුම්, ප්‍රකට පුද්ගලයන්ගේ රහස්‍ය ගිණුම් ආදියට හැකර් ප්‍රහාර එල්ල වී ඇතැයි බොහෝ විට අසන්නට ලැබෙයි. පසුගිය සමයේ ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ වෙබ් අඩවියකට යේමන හැකර්වරයකු ඇතුළු වී එහි දත්ත මකා කිසියම් ප්‍රකාශයක් ඇතුළත් කර තිබූ අතර මහත් ආන්දෝලනයට පත් වූ පැනමා ලේඛන එළිදරව්වද හැකර්වරයකුගේ සහයෙන් සිදුවුවකි.


හැකර්වරුන්ගේ ඉතිහාසය සොයා බැලීමේදී මුලින්ම හැකර් ප්‍රහාරයක් වාර්තා වන්නේ වසර 1870 පමණ කාලයෙනි. ඇමෙරිකාවේ තරුණයන් පිරිසක් නගරයේ සවිකර තිබූ දුරකථන කුටිවලින් මුදල් ගෙවීමෙන් තොරව වංචා සහගත අයුරින් දුරකථන ඇමතුම් ලබා ගැනීමේ සිද්ධියක් එවක වාර්තා වී තිබේ. පරිගණක හැකර්වරුන් බිහි වූයේ 1960 දශකයේ විශ්වවිද්‍යාලවල තිබූ MIT පරිගණක ඇසුරිනි. ඔවුහු ඉතා බුද්ධිමත් සිසුන් පිරිසක් වූහ. මුල්ම ඩෙල් පරිගණකය සඳහා භාවිත කෙරුණු සිදුරු කාඞ්පත් භාවිත කරමින් හුදු විනෝදය පිණිස විවිධ ක්‍රියා සිදු කිරීමට ඔවුහු පෙලැඹී සිටියහ. 


කැලිෆෝනියාවේ ‘හෝම් බෘ පරිගණක’ සමාජයේ සාමාජිකයන් දෙදෙනෙක් ‘බ්ලූ බොක්ස්’ නම් උපකරණයක් සාදා අනුන්ගේ දුරකථන සාකච්ඡාවලට රහසින් සවන් දුන්හ. එම පුද්ගලයන් දෙදෙනා පසු කාලයේ ඇපල් පරිගණකය නිර්මාණය කළ ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියාක්ය.


1980 කාලයේ පරිගණක හැකර්වරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. නිලධාරීහු සමත් වූහ. එම හැකර්වරු සෝලන් පිළිකා ආයතනය හා ලොස් ඇල්මෝස් ජාතික ලොතරැයි ආයතනය ඇතුළු ආයතන 60 ගණනකට අනවසරයෙන් ඇතුළු වී තිබිණි.


එවක සිටි ප්‍රධාන පෙළේ හැකර්වරුන් වූයේ ඇමෙරිකාවේ ‘ලීජන් ඔෆ් ඩූම්’ කණ්ඩායම සහ ජර්මනියේ ‘චාඕස් පරිගණක සමාජයේ’ සාමාජිකයන්ය. ඇමෙරිකානු ආරක්ෂක අංශ මගින් පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් නිර්මාණය කළේ හැකර් ප්‍රහාර වළක්වා ගැනීම අරමුණු කර ගනිමිනි. පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලය ආශ්‍රිතව එය ආරම්භ කෙරිණි. එහි අරමුණ වූයේ පරිගණක පද්ධතිවලට එල්ලවන හැකර් ප්‍රහාර හඳුනා ගැනීම සහ විමර්ශනය කිරීමය.


හැකර් ප්‍රහාරයට ලක්වූ පළමු වාණිජ බැංකුව වූයේ චිකාගෝ බැංකුවය. පරිගණක හැකර්වරයකු එම බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී ඩොලර් මිලියන 70ක් සොරකම් කර තිබිණි. මැක්ඩොනල් සමාගමේ පරිගණක පද්ධතියට ඇතුළු වූ ‘ෆ්‍රයි ගයි’ නම් පුද්ගලයකු නීතියේ රැහැනට හසු කර ගැනීමට ඉන්දියානා පොලිසියට හැකි විය.


1990 කාලයේ ඇමෙරිකානු හමුදා පරිගණක පද්ධතියට ඇතුළු වූ කෙවින් ලී පවුල්සන් නමැත්තා හමුදාවේ රහස් ලේඛන රැසක් සොරකම් කළේය. ‘ඩාක් ඩාන්ටේ’ නමින් හැඳින්වුණු එම හැකරා මාස 17කට පසු අත්අඩංගුවට පත් වූයේය.


හැකර්වරයකු වරක් නාසා ආයතනයේ පරිගණක පද්ධතියට, ග්‍රිෆිත් ගුවන් හමුදා කඳවුරේ පරිගණක පද්ධතියට හා කොරියානු පරමාණු පර්යේෂණ ආයතනයේ පරිගණක පද්ධතියටද ඇතුළු වී තිබිණි. එම හැකර්වරයා 16 හැවිරිදි බි්‍රතාන්‍ය තරුණයකු බව පසුව හඳුනා ගැනිණි.


ටෙක්සාසයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගේ පරිගණක පද්ධතියට රිංගූ හැකර්වරයකු එම මහාචාර්යවරයා යැවූ ආකාරයට ජාතිවාදී ඊමේල් පණිවිඩ 20,000කට අධික ප්‍රමාණයක් යවනු ලැබීම හේතුවෙන් ඔහුට මරණ තර්ජන එල්ල විය. අවසානයේ එය හැකරකුගේ ක්‍රියාවක් බැව් අනාවරණ වීම නිසා චෝදනාවලින් ඔහු නිදොස් විය.


1990 දශකයේ මුල් භාගයේ ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව, සී.අයි.ඒ. ආයතනය සහ නාසා ආයතනය හැකර් ප්‍රහාරවලට ලක් විය. 1995 වසර තුළ පමණක් ඇමෙරිකානු ආරක්ෂක අංශ පරිගණක හැකර් ප්‍රහාර 250,000කට අධික ප්‍රමාණයකට ලක්වී ඇතැයි ඇමෙරිකානු පොදු ගිණුම් කාර්යාලය මගින් තහවුරු කර තිබේ. 


ප්‍රකට හැකර්වරයකු වූ කෙවින් මිට්නික් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඔහු නිදහස් නොකරන්නේ නම් ‘න්‍යාය බෝම්බයක්’ මගින් නත්තල් දිනයේ ‘යාහු වෙබ් අඩවිය’ අක්‍රිය කරන බවට හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර තිබිණි. ඉන් නොනැවතුණු ඔවුහු එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වෙබ් අඩවියට පිවිස කෙවින් නිදහස් නොකරන්නේ නම් මහා මිනිස් සංහාරයක් සිදු කරන බවටද තර්ජනය කළහ.


පෙන්ටගනයේ ආරක්ෂක වෙබ් අඩවියකට පිවිසි හැකර්වරු පිරිසක් හමුදා සැටලයිට් පද්ධතියට අයත් මෘදුකාංගයක් සොරකම් කර ගත්හ. එම මෘදුකාංග ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අලෙවි කරන බවට ඔවුහු තර්ජනය කර තිබුණාහ. ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව මගින් ජාතික යටිතල පහසුකම් ආරක්ෂක මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගැනුණේ ජාතික විදුලි සන්දේශ, තාක්ෂණික හා ගමනාගමන පද්ධතිවලට හැකර්වරුන්ගෙන් සිදුවන ප්‍රහාර වළක්වා ගැනීම අරමුණු කර ගනිමිනි.


හැකර්වරුන් කොටස් දෙකක් ලෙස වර්ග කළ හැකිය. එක් පිරිසක් මිත්‍ර හැකර්වරුය. අනෙක් පිරිස වංචනික හැකර්වරුය. මින් පළමු පිරිස නව සොයාගැනීම් කරමින් වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිසිය හැකි මාර්ග හඳුනාගෙන වෙබ් අඩවි නිර්මාණකරුවන්ගේ දෝෂ නිවැරැදි කර ගැනීම සඳහා සහය දක්වන්නෝ පිරිසකි. දෙවැනි කණ්ඩායම අනුන්ගේ වෙබ් අඩවි වෙත පිවිස ඒවායේ රහස්‍ය දත්ත සොරකම් කිරීම, මුදල් වංචා කිරීම, ආරක්ෂක පද්ධති බිඳ දැමීම වැනි ක්‍රියාවල නිරතවන පිරිසකි. එමෙන්ම විවිධ වෛරස නිර්මාණය කර ඒවා පරිගණක පද්ධතිවලට ඇතුලත් කොට ඒවායේ ඇති දත්ත විනාශ කිරීමට ඔවුහු ක්‍රියා කරති. මොවුහු සමාජයට අහිතකර වෙති. හැකර්වරුන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වූයේ සයිබර් අවකාශයේ නව ඉසව් සොයා ගැනීමත් සමඟය. හැකර්වරුන් යහපත් කටයුතු සඳහා යොදා ගත හැකි නම් ජාතික සම්පතක් වනු ඇත. මන්ද ඔවුන් සුවිශේෂී පුද්ගලයන් පිරිසක් වන හෙයිනි. ඇමෙරිකාවේ හැකර්වරයෙක් අත්අඩංගුවට ගැනුණු විට ඔහු සිරගත කරද්දී ඊශ්‍රායලය විසින් ඔවුනට උසස් රැකියා පිරිනමා තම සේවය පිණිස යොදා ගනු ලබන්නේ ඔවුන්ගේ අගය දන්නා හෙයිනි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 25වැනි බ්‍රහස්පතින්දාය. එම වෙබ් අඩවියට ඇතුළු වූ හැකරා එහි වූ දත්ත මකා දමා ඔහුගේ ඉල්ලීම් කිහිපයක් එයට එක් කර තිබිණි. සිංහල අලුත් අවුරුද්ද යෙදෙන හෙයින් අ.පො.ස. උසස් පෙළ විභාගය අප්‍රේල් මාසයේ නොපවත්වන ලෙසත්, ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිවල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, ජනාධිපතිවරයාට රට පාලනය කළ නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසටත්, සරසවි සිසුන්ගේ ප්‍රශ්න විසඳීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසටත්, අගමැතිවරයාගේ ඇතැම් ක්‍රියා නවත්වන ලෙසටත් හැකරා ඉල්ලා තිබිණි. ඔහු එම ඉල්ලීම් කර තිබුණේ ‘ශ්‍රී ලාංකීක තාරුණ්‍යය’ නමිනි.


වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති වෙබ් අඩවිය හසුරුවන පිරිස සමත් වුවද සිකුරාදා දිනයේ එයට යළි ප්‍රහාරයක් එල්ල වූයේ ඔවුන් විමතියට පත් කරමිනි. විමර්ශන නොමඟ යැවීම පිණිස තමා විදේශිකයකු ලෙස හැඟෙන ආකාරයට හැකර්වරයා කටයුතු කර තිබිණි. මෙය ශ්‍රී ලංකාවේම හැකරුන් පිරිසකගේ ක්‍රියාවක් බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනුමාන කළේය. රහස් පොලිසියේ තොරතුරු තාක්ෂණ අංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පරීක්ෂණ ආරම්භ කළ අතර හැකර්වරයා ජනාධිපති නිල වෙබ් අඩවියට ඇතුළු වූ අයි පී ලිපිනය සොයා ගැනීමට ඔවුහු සමත් වූහ.


ඒ අනුව අනවසරයෙන් වෙබ් අඩවියට පිවිසි හැකර්කරුවා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි විය. මෙම හැකරා 17 හැවිරිදි පාසල් සිසුවෙකි. කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ‘ඒ’ සාමාර්ථ නවයක් ලබාගත් තරුණයෙකි. ඔහු මෙම වෙබ් අඩවියට පිවිස ඇත්තේ ලැප්ටොප් පරිගණයකින් බවද මින් ඉහත රාජ්‍ය ආයතන හා පුද්ගල වෙබ් අඩවි ගණනාවක් හැක්කර තිබෙන බවද අනාවරණ වී තිබේ. ඔහුගේ මව්පියෝ මහනුවර ප්‍රදේශයේ උසස් රැකියාවන්හි නියුතු පුද්ගලයෝ බවද වාර්තා වේ. 


මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යටතේය. මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 3ක දඩයක් හා වසර 3ක් දක්වා වන සිරදඬුවමකට යටත් කළ හැකිය.


නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වුවද මේ තරුණයා දක්ෂ, බුද්ධිමත් සිසුවකු බව පැහැදිලිය. තවමත් ඉතා ළාබාල වියේ පසුවන ඔහුට දඬුවම් කිරීමට පෙර එවැනි ක්‍රියාවකට පෙලැඹුණේ මන්දැයි යන්න සොයා බැලිය යුතුය. එමෙන්ම ඔහුගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමටද කටයුතු කළ හැකිය. මෙයින් දශක කිහිපයකට පෙර ඇමෙරිකාවේ පෑන් ඇම් ගුවන් සේවයට වංචනික අයුරින් චෙක්පත් නිකුත් කොට මාසික වැටුපක් ලබා ගත් තරුණයකුගේ දක්ෂතා හඳුනාගත් ඇමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යංශයේ නිලධාරීහු එම තරුණයා ව්‍යාජ චෙක්පත් හඳුනා ගැනීමේ විශේෂඥයකු ලෙස සේවයට බඳවා ගැනීමට ක්‍රියා කළහ.


මේ අතර ළමා නිවාසයක රඳවනු ලැබසිටි සිසුවා හා ඔහුට උපදෙස් දෙනු ලැබූ බව කියන තරුණයා ඇපමත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉකුත් සිකුරාදා නියෝග කළේය.

m



අදහස් (0)

වෙබ් අඩවිවලට රිංගන හැකර්ලා කවුද ?

කලීල් Saturday, 10 September 2016 03:22 AM

මේ පොඩි ළමයට දඬුවම් කරන එක නෙමෙයි හරි. ඔහු ඒ පිළිබඳ වැඩිදුර ඉගෙනුමට යොමුකරන එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site