X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


වෙලේ සුදා සමඟ කරළියට එන කුඩු ලෝකයේ තෝරු මෝරු

ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියෙක් ලෙස සැළකෙන සමන්තකුමාර හෙවත් වෙලේ සුදා සමග ගනුදෙනු කළ බව කියන ලොකු ලොක්කන් ගණනාවක් ගැන දැනටමත් පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇති බව දැන ගැනීමට තිබේ.


වෙලේ සුදාට මත් ද්‍රව්‍ය ජාවාරම් කරගෙන යාමට නොයෙක් ආකාරයෙන් උදව් පදව් කරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් හම්බ කරගෙන මාළිගාවල් තනාගෙන දැඩි සුඛෝපභෝගි යාන වාහන ලබාගෙන සුර සැප වින්ඳ ලොකු ලොක්කෝ දැන් දියෙන් ගොඩටගත් මාළුන් සේ ගැහෙමින් සිටින්නේ කොයි මොහොතේ තමන්ගේ දෑතට විලංගු වැටේ දැයි කියා බියෙනි.


වෙලේ සුදාගෙන් යැපුණු ලොකු ලොක්කෝ එසේ මෙසේ අය නොවෙති.


දේශපාලනඥයින් පොලිස් නිලධාරින් සහ රාජ්‍ය නිලධාරි ගණනාවක් වෙලේ සුදාගෙන් වරප‍්‍රසාද වරදාන ලබමින් යැපුණු අය අතර සිටිති.
මේ සියලූ දෙනා ගැනම රහස් පොලිසිය වෙන වෙනම පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යන්නේ වෙලේ සුදා හෙළිකර ඇති තොරතුරු තව දුරටත් තහවුරු කරගෙන ඔවුන් නීතියේ රැුහැනට කොටුකර ගැනීමටය. 


මේ පාර කොටුවීමට යන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටි තෝරු මෝරුන්ය.


වෙලේ සුදා සමග සම්බන්ධවී මහා පරිමාණයෙන් මත් ද්‍රව්‍ය ජාවාරම් කළ ඒ තෝරු මෝරු අල්ලා ගැනීමට පොලිසිය දැනටමත් දැල එළා හමාරය.
වෙලේ සුදාගෙන් වරප‍්‍රසාද ලැබූ පොලිස් නිලධාරින් අතර පොලිසියේ ඉහළ තනතුරක් දරා විශ‍්‍රාම ගොස් සිටින පොලිස් ලොක්කෙක්ද සිටින බව දැන ගැනීමට ඇත.


විශ‍්‍රාම ගොස් ඇති මේ පොලිස් ලොක්කාට වෙලේ සුදා ලක්ෂ ගණන් වියදම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
වෙලේ සුදාට නොයෙකුත් ආකාරයෙන් ආධාර උපකාර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙක් ගැනද තොරතුරු පරීක්ෂණ කණ්ඩායම් හෙළිකරගෙන ඇතැයි කියති.


මේ පොලිස් පරීක්ෂකවරයා වෙලේ සුදාගෙන් මාස්පතා ලක්ෂ ගණනින් පඩි ලබාගත් අයෙක් බවද වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන ආකාරයට මේ පොලිස් පරීක්ෂකවරයා වෙලේ සුදාගේ ගෝලයින්ට මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේදී රැුකවරණය පවා සලසා ඇත. 


ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක වන මත් ද්‍රව්‍ය ජාවාරම් ජාලය ගැන පරීක්ෂණ පවත්වා ඒවාට සම්බන්ධ අය අල්ලා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා පොලිස් මත් ද්‍රව්‍ය නාශක කොට්ඨාසය සුවිශේෂි කාර්යයක් ඉටුකර ඇති අතර දැනටත් ඒ සඳහා ඇපකැපවී සිටිති.


පොලිස් මත් ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ බොහෝ නිලධාරින් ඇපකැපවී මත් ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාලයෙන් තර්ජන ගර්ජන එල්ලවී තිබියදීත් තම ජීවිත ගැනද නොතකා ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට මෙහෙයුම් කරද්දී අතළොස්සක්වූ දුෂිත නිලධාරින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය ලබාදෙමින් ජාවාරම්කරුවන්ගෙන් වරප‍්‍රසාද ලබා ගන්නා බව කියති.


මත් ද්‍රව්‍ය ජාවාරම් කරගෙන යාමට වෙලේ සුදාට ආධාර උපකාර කළ බව කියන පොලිස් මත් ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ (නාකොටික්) නිලධාරින් කිහිප දෙනෙකුගේද සහාය ලැබී ඇති බවට තොරතුරු මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට ලැබී ඇතැයිද පැවසේ. 


වෙලේ සුදා සමග සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරින් ද සිටින නිසා මේ පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය කරගෙන යන්නේ ඉතාම රහසිගතවය.
පරීක්ෂණවල යම් යම් තොරතුරු ප‍්‍රසිද්ධ වුවහොත් එය ඉදිරි පරීක්ෂණවලට බාධාවකි.


වෙලේ සුදාගේ මත් ද්‍රව්‍ය ජාවාරම්වලට වසර කිහිපයක් තිස්සේ සිට ඔහු ළඟින්ම ඇසුරු කරමින් ආධාර උපකාර කරන දේශපාලනඥයෙක් ගැනද වෙලේ සුදා වමාරා ඇත.


මේ කියන දේශපාලනඥයා ඔහුට ඇති යම් යම් වරප‍්‍රසාද යොදා ගනිමින් වෙලේ සුදාට ආධාර උපකාර කර ඇති බව දැනටමත් ප‍්‍රසිද්ධ රහසකි. 


වෙලේ සුදා ව්‍යාජ පාස්පෝර්ට් එකක් සාදාගෙන රටින් පලා ගියේ ඔහු පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයන නිසාය.


හොර පාස්පෝර්ට් එකකින් වෙලේ සුදාට පලා යාමට සෑම උදව් උපකාරයක්ම කර ඇති බව කියන්නේද මේ දේශපාලනඥයාය.


රටින් පලා යාමට උදව් උපකාර කිරීම වෙනුවෙන්ද වෙලේ සුදා මෙකී දේශපාලනඥයාට ලොකු ගණනක් ලබා ඇති බව පැවසේ.


වෙලේ සුදාට රටින් පලා යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව කියන්නේද මෙම දේශපාලනඥයාට ඇති වරප‍්‍රසාදවලට මුවාවී යැයි කියති.
දේශපාලනඥයෙක් ඉදිරිපත්වීම නිසා කිසිකෙනෙක් සැක කරන්නේද නැත.


වෙලේ සුදාට රටින් පලා යාමට හොර පාස්පෝර්ට් හැ¥ අය ගැනද තොරතුරු හෙළිවෙමින් පවතී. 


මෙම දේශපාලනඥයාට වෙලේ සුදා මාස්පතා ලක්ෂ ගණනින් මුදල් ලබාදුන් පසු දේශපාලනඥයා ඔහු ළඟ සිටින පාතාල අපරාධකරුවන් යොදවා වෙලේ සුදාගේ මත් ද්‍රව්‍ය ප‍්‍රවාහන කටයුතු සඳහා යොදනු ලබන බව කියති.


මෙම දේශපාලනඥයාගේ පාතාලයින් වෙලේ සුදාගේ ආරක්ෂකයින් වශයෙන්ද කටයුතුකර ඇතැයි කියන අතර ඔවුන්ටද වෙලේ සුදා අතදිගහැර වියදම් කර ඇත.


වෙලේ සුදා පකිස්ථානයට පලා යාමෙන් පසුවද මෙම දේශපාලනඥයාට මුදල් ගෙවීම නතර කර නොමැත.


බිරියගේ මාර්ගයෙන් වෙලේ සුදා ඒ මුදල දේශපාලනඥයා අතට ලැබීමට සලස්වා ඇතැයි පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවී ඇත. 


මගේ කුඩු බිස්නස්වලට බාධා කළ තවත් කුඩුකාරයෝ කිහිප දෙනෙක්ම හිටියා. ඔවුන් නිහඬ කර මගේ බිස්නස් එක කරදරයක් නැතිව කරගෙන යාමට මේ දේශපාලඥයාගේ පාතාල ගෝලයන් උදව් කළා යැයි වෙලේ සුදා පොලිස් නිලධාරින් සමග පවසා ඇති බව පැවැසුවේ උසස් පොලිස් නිලධාරියෙකි.
වෙලේ සුදාට ආධාර උපකාර කරමින් ඔහුගේ මත් ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය වූ බව කියන තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙක් ගැනද තොරතුරු පොලිසියට ලැබී ඇති අතර ඒ දේශපාලනඥයින් ගැනද පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.


මත් ද්‍රව්‍ය ජාවාරම්වලට වෙලේ සුදාට උදව්පදව් කර මාස් පතා ලක්ෂ ගණනින් පඩි ලබාගැනීමට අමතරව ඔවුන්ට සුඛෝපභෝගී යාන වාහන නිවාස පවා ලබාදී ඇති බව දැන ගැනීමට ඇත.


සමහරුන් පවුල් පිටින් විදෙස් සංචාරවල යෙදී ඇති බව කියන්නේද වෙලේ සුදාගේ අනුග‍්‍රහයෙනි. 


වෙලේ සුදා සමග ඍජුවම සම්බන්ධතා පැවැත්වූ හය දෙනෙක් ගැන දැනටමත් සවිස්තර තොරතුරු අනාවරණය කරගෙන ඇති පොලිසිය රටින් පලා යාමට නොහැකිවන ලෙස ඔවුන් ගැන තොරතුරු ගුවන් තොටුපොළ බලධාරින්ට දැනුම්දී ඇත.


වෙලේ සුදා ඩුබායි හා පකිස්ථානයේ සැඟව සිටි කාලය තුළ ඔහු මේ හය දෙනා සමග නිතර දුරකථනයෙන් කතා කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී තිබේ.


එක්තරා පොලිස් නිලධාරියෙක් වෙලේ සුදා පකිස්ථානයේ සිටියදී නිතර නිතර කතා කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි. 


දුරකථන ජාල සම්බන්ධතා පරීක්ෂාකර බැලීමට පොලිසිය අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර එම තාක්ෂණ පරීක්ෂණවලදී වෙලේ සුදා සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ ප‍්‍රබලයන් ගැන කරුණු හෙලිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.


වෙලේ සුදාට ආධාර උපකාර කළ අයට ඔහු අත දිග හැර වියදම් කරමින් ඔවුන්ගේ සෑම  ඕනෑ එපාකමක්ම ඉටුකර ඇත.


පකිස්ථානය හා ඩුබායි රටේ වෙලේ සුදාට අයත් බැංකු ගිණුම් ගණනාවක් ඇති බවට තොරතුරු පොලිසිය විසින් හෙළිකරගනු ලැබ ඇති අතර එම ගිණුම්වල කෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇති බවටද සැක කරයි.


පකිස්ථානයේ හා ඩුබායි රටේ වරින්වර සැඟව සිටි කාලයේ වෙලේ සුදා සමග ලක්ෂ ගණනින් මුදල් ගණුදෙනු කරගත් අය ගැන වැදගත් තොරතුරු රැුසක්ම දැනටමත් පොලිසිය හෙළිකරගෙන ඇත. 


පකිස්ථානයේ හා ඩුබායි යන රටවල සිට මෙරටට පමණක් නොව තවත් රටවල් දෙක තුනකටද වෙලේ සුදා හෙරොයින් මත් ද්‍රව්‍ය තොග පිටින් වරින් වර යවා ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.


මෙරටට හෙරොයින් තොග එවා ඇති ආකාරය ඒ සඳහා යොදා ගන්නා උපක‍්‍රම මෙන්ම ඒවා මෙරටදී භාරගෙන රටපුරා බෙදා හැරීම දක්වා සිදු කෙරෙන කි‍්‍රයා පිළිවෙත් හා ඒ සඳහා හවුල්වන පුද්ගලයන් ගැනද තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ඉහළ පෙළේ එම පොලිස් ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තවත් අංක එකේ ශ‍්‍රී ලාංකික පුද්ගලයෙක් ගැනද තොරතුරු වෙලේ සුදා හෙළිකර ඇති අතර ඔහු මුස්ලිම් ජාතිකයෙකි.

මෙම ශ‍්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම්කරු දැනට ඩුබායි රටේ සැඟවී සිටින බවත් වෙලේ සුදා තොග වශයෙන් හෙරොයින් වරින්වර මෙරටට එවා ඇත්තේ මෙම පුද්ගලයා සමග එක්වී බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

 

 

06

 



අදහස් (0)

වෙලේ සුදා සමඟ කරළියට එන කුඩු ලෝකයේ තෝරු මෝරු

සරත් පියසේන පොතුපිටිය Monday, 26 January 2015 08:02 AM

වෙලා සුදා පන්සල් කියක් හදල සාසනයට දුන්නද .දුප්පතුනට ගෙවල් කියක් දුන්නද .(හේ)

:       0       0

අකිත Monday, 26 January 2015 08:44 AM

මොහුට උපරිම දඩුවම් දිය යුතුයි.මොහු වටා ඉඳ මොහුට උපකාර කළ සියළු දෙනාටම දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

දයා අලහකෝන් Monday, 26 January 2015 12:37 PM

තෝරුන්ගේ මෝරැන්ගේ නම් හෙළිවෙලා තියනවා නම් ඇයි වෙලේ සුදා පමණක් අත්අඩංගුවේ ඉන්නේ.අනිත් අයත් හිර කළානම් නේද හොඳ? මේ වගේ දේවලදි තරාතිරම බල්ලට දාන්න. (අ)

:       0       0

ටෝනි Wednesday, 28 January 2015 09:52 AM

බලමුකෝ ඉස්සරහට... (නි)

:       0       0

සොපියා Friday, 30 January 2015 11:38 AM

ඔය තෝරු -මෝරු ටිකත් දඩුවම් ලබනකම් ජනතාව අවදියෙන් (නදී)

:       0       0

මහින්ද පෙරේරා Sunday, 01 February 2015 04:29 PM

තවත් එක දේශපාලන මඩ ගැසීමක් ද මෙය. ඊයේ පෙරේදා ඉදල හැමදාම අරක අහු උනා, මේක අහු උනා කියා කියනවා. එහෙම අහු උනා නම් කෛවාරුව නැතිව නිතිය හමුවට ගෙනල්ලා නිසි දඬුවම් දුන්නොත් නේද හොඳ. ඔය ක්‍රියාවලිය ඒ අදහසින් කරන එකක් නම් එ්ක අසාර්ථක බව සලකන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site