X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට වසර 38යි

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රෙජිමේන්තු 25 කින් සමන්විතය. ඒ රෙජිමේන්තු අතරින් සුවිශේෂීම රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සරය අදට (14) දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගජබා රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවිශේෂීම රෙජිමේන්තුවක් ලෙස හැඳින්වීමට හේතුවක් ඇත. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින් වීමත් නම ඇසූ පමණනින් ත්‍රස්තවාදීන් සලිත වූ ගජබා රෙජිමේන්තුවේ සැබෑ රණකාමීන් වීමත් නිසාය. ඒ අනුව ජනාධිපතිවරයකු, ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනෙකු මෙන්ම යුද්ධ හමුදාධිපතිවරයකු බිහිකළ එකම රෙජිමේන්තුව ගජබා රෙජිමේන්තුවයි. 

1983 වර්ෂයේදී 1 වැනි රජරට රයිෆල් බළඇණිය හා 1 වැනි විජයබාහු පාබළ රෙජිමේන්තුව එකාබද්ධ කර නව ඒකකයක් ස්ථාපනය කරන ලදී. මෙම බළඇණිය රජරට පුරාණ රජවරුන්ගේ රාජධානියෙහි පිහිටවූ බැවින්, ඒ සඳහා සුදුසු නාමයක් ලබාදීමේදී යුද්ධ ශිල්පයේ නිපුණ රණශූරයකු වු “ඇතෙකුට සමාන ශක්තිමත් හස්තයක් ඇති” යන අරුත ඇති ලංකා ඉතිහාසයේ රණශුරත්වයෙන් කෙළ පැමිණි රජෙකු වූ ගජබා නරේන්ද්‍රයාණන්ගේ නාමයෙන් “ගජබා” නමින් නම්කොට, 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව නමින් 1983 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය. මෙහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් එවකට ලු‍තිනන් කර්නල් විජය විමලරත්න පත්කරන ලදී. අරාලි තුඩුවේදී එල්ටීටීඊය විසින් ඇටවූ පීඩන බෝම්බයකට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වූ මේජර් ජෙනරල් විජය විමලරත්න ගජබා රෙජිමේන්තුවේ පියා වශයෙන් පිදුම් ලබයි.

ගජබා රෙජිමේන්තුව බළඇණියක් වශයෙන් උපත ලැබුවද, ගජබා සෙබළුන් ලෙස හඳුනාගැනීම සඳහා සිරස්ක ලාංඡනයක සහ උදෘත පාඨයක අවශ්‍යතාව ඇතිවූ බැවින් මෙම නව බළඇණිය වෙනුවෙන් සිරස්ක ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ රෙජිමේන්තුවේ නිර්මාතෘ එවකට ලු‍තිනන් කර්නල් විජය විමලරත්න ගේ සංකල්පයක් අනුව, උදෘත පාඨය වශයෙන් “සමගිය ශක්තියයි” යන්න භාවිතා කරන ලදී.
 සිරස්ක ලාංඡනය සඳහා ගජබා රජු යුද්ධ කටයුතු සඳහා භාවිතා කළ කෙටේරිය, පළිහ සහ බෙහෙත් අඟ ඇතුළත් කර කලාත්මකව කළ නිර්මාණය කිරීමෙන් අනතුරුව, සිරස්ක ලාංඡන පැළඳවීම 1984 මාර්තු මස 30 වැනිදා සාලියපුර කඳවුරේදී උත්සවාකාරයෙන් සිදුවිය.


1987 වසරේ මැද භාගයේදී යාපනය අර්ධද්වීපය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද දැවැන්ත ක්‍රියාන්විතයක් වන වඩමාරච්චි මෙහෙයුම සඳහා ගජබා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය හා 3 වන බළඇණිය ඉඳුරාම තම දායකත්වය ලබාදී යුද්ධ හමුදාවේ ධෛර්ය හා ශක්තිය උපරිම මට්ටමකට ගෙන ඒමට සමත්විය. මෙහිදී 1 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් සිටි එවකට කර්නල් විජය විමලරත්න ප්‍රථම වතාවට බළසේනාධිපතිවරයකු වශයෙන් අණදුන් අතර, දෙවන අණදෙන නිලධාරිව සිටි වත්මන් ජනාධිපති එවකට මේජර් ගෝඨාභය රාජපක්‍ෂ විසින් 1 වන බළඇණියෙහි භටපිරිස් සඳහා අණදීම සිදුකරන ලදී.

2006 වසරේ පළමු වරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදා රාජකාරි සඳහා ගජබා රෙජිමේන්තුවට අයත් සියලු නිත්‍ය හා ස්වේච්ඡා බළඇණි වලින් සමන්විත වනසේ නිලධාරීන් 35 ක් සහ සෙසු නිලයින් 523 දෙනෙකුගෙන් සමන්විත සාමසාධක බළඇණියක් 2006 ජූනි මස 05 වැනිදා සිට 2006 දෙසැම්බර් මස 19 වැනිදා දක්වා හයිටි රාජ්‍යයේ රාජකාරි සඳහා පිටත්ව ගියහ.


2007 ක් වූ ජනවාරි මස 16 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යුද්ධ හමුදා මූලස්ථාන සරඹ භූමියේදී ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ගජබා රෙජිමේන්තුවට ප්‍රදානය කරන ලදී.

2019.08.18 වැනිදා යුද්ධ හමුදාධිපතිධුරයට පත් වූ ලු‍තිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 38 වසරක ගජබා රෙජිමේන්තු ඉතිහාසය තුළ රෙජිමේන්තුව වෙතින් යුද්ධ හමුදාධිපති ධුරය සඳහා පත්වූ පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයා ලෙස ඉතිහාසයට එක්විය. ගජබා රෙජිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවටම නිලධාරියකු ලෙස පත්කළ පළමු නිලධාරියා මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරීන් අතරින් වැඩිම වීර පදක්කම්ලාභී නිලධාරියා වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරියකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ත්‍රිත්වයම දෙවන ලු‍තිතන්වරයකු  වශයෙන් සිටියදීම ලබාගත්  සුවිශේෂී එඩිතර නිලධාරියෙකි.

එමෙන්ම ගජබා රෙජිමේන්තුවට අයත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකු මෙන්ම 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරිවරයෙකු වූ කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ (විශ්‍රාමික) මැතිතුමන් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

එමෙන්ම ගජබා රෙජිමේන්තුවේ තවත් දක්ෂ එඩිතර නිලධාරියකු මෙන්ම හිටපු රෙජිමේන්තු අධිපතිවරයෙකු වූ මේජර් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) 2019.11.20 වැනිදා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත්විය.

ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා කාල සීමාව තුළ දියත් කරන ලද සියලු‍ම ක්‍රියාන්විතයන් සදහා සිය උපරිම දායකත්වය ලබාදී ඇති ගජබා රෙජිමේන්තුවට අයත් සාමාජිකයින් අතරින් නිලධාරින් 175 ක් සහ සෙසුනිලයින් 4075 දෙනෙකු මවිබිමේ නිදහස වෙනුවෙන් සිය ජීවිතය පුද කර ඇති අතර, නිලධාරින් 180 ක් සහ සෙසුනිලයින් 4030 දෙනෙකු එහිදී රණක්ෂිතයට පත්ව ඇත.

ත්‍රස්තවාදයෙන් මව්බිම බේරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වඩමාරච්චි, ත්‍රිවිධ බලය, අකුණුපහර, ජයසිකුරු, සත්ජය, රිවිරැස ආදී වූ දැවැන්ත ක්‍රියාන්විතවලදී මෙන්ම නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයම්වලදී ගජබා රෙජිමේන්තු සාමාජිකයන් රණබිමේදී දක්වන ලද සුවිශේෂී වීරක්‍රියා ඇගැයීමට ලක් කරමින් පරම වීර විභූෂණ පදක්කම් 04ක්, වීරෝදාර විභූෂණ පදක්කම් 03ක්, වීර වික්‍රම විභූෂණ පදක්කම් 65ක්, රණ වික්‍රම පදක්කම් 774ක්,  රණශූර පදක්කම් 3829 ක්, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් 12ක්, උත්තම සේවා පදක්කම් 682 ක් වීරෝදාර ගජබා නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත ප්‍රදානය කර ඇත.


දිලංක ගුණතිලක යුද හමුදා මාධ්‍ය අංශය



අදහස් (1)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට වසර 38යි

ධර්මන් Saturday, 16 October 2021 02:48 PM

වීරෝදාර රණවිරුවනි, අපි ඔබට ණයගැතියි...

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site