X Advertisement
IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවෙන් පනින්නන්ට ඉදිකෙරෙන තමිල්නාඩු වැට

ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් පිරිසක් තමිල්නාඩු වෙරළ තීරයට පැමිණීමත් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් විශාල වශයෙන් තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා එම වෙරළේ ආරක්ෂක දැලක් එළීමට කටයුතු කිරිමත් පසුගිය දිනවල ඉන්දියාවේ මාධ්‍යවලට ප්‍රධාන පුවතක් වී තිබිණි. එම පුවත මෙරට මාධ්‍ය මගින්ද හෙළිකරනු ලැබීය.

මීට පෙරද ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා සරණාගතයන් පිටව ගිය කාලයක්ද තිබිණි. එය යුද්ධය පැවැති තිස් වසරකට ආසන්න කාලය තුළදී සිදුවිය. යුද්ධයට මැදි වී අමාරුවේ වැටීමට අකමැති වූ පිරිස්ද එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිදුකෙරුණු මරණීය තර්ජන සහ බලහත්කාරයෙන් බඳවා ගැනීම්වලින් බේරී සිටීම සඳහාද ඒ කාලයේ උතුරින් තමිල්නාඩුවට බොහෝ දෙනෙක් පලා ගියහ.

ඔවුන් වෙනුවෙන් සරණාගත කඳවුරු පවා ඒ කාලයේදී ඉදිකෙරිණි. යුද්ධය සමඟ බැඳුණු භූ දේශපාලනික කාරණා හේතුවෙන් එදා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලාගිය සරණාගතයන්ට ඉන්දියාවේ රැකවරණය හිමිවූ අතර අපේ එම සරණාගතයන් විඳින දුක්ගැහැටවලට ඉන්දීය මාධ්‍ය හරහා ලොකු ප්‍රචාරයක්ද ලැබිණි. එහෙත් මෙවර තත්ත්වය ඊට මුළුමනින්ම වෙනස් ය.

ඉන්දියානු වාර්තාවලින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් මෙසේ තමිල්නාඩුවට සරණාගතයන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිඟය හේතුවෙන් බවය. මේ හේතූ පදනම් කර ගනිමින් ඉදිරි කාලයේදී  ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් තමිල්නාඩුවට පැමිණිය හැකි බවට ඔවුහු බිය පළකරති. ඉදිරියේදී ඇතිවිය හැකි ශ්‍රී ලාංකික සරණාගත අර්බුදය සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය මධ්‍යම රජය දැනුවත් කරනු ලැබීමෙන් ඒ බව පැහැදිලි වෙයි.

මෙය රටක් වශයෙන් අප ලජ්ජාවට පත්විය යුතු අවස්ථාවකි. මීට පෙර අතීතයේ දී (යුද කාලයේ දී හැර) ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය සරණාගතයන් ගැන අප අසා නොතිබූ නමුත් ඉන්දියාවේ ජීවත් වීමට තිබෙන අසීරුකම් හේතුවෙන් කෑම සහ රැකියා සොයා ගැනීමට ඉන්දියාවෙන් මෙරටට මිනිස්සු පැමිණියහ. ඔවුන් පොදුවේ හඳුන්වනු ලැබුවේ කල්ලතෝනින් වශයෙනි. ඔවුන්ගෙන් පිරිසක් කඳුකරයේ තේ වතුවලට පංගාර්තු වී සෙසු ඉන්දීය සම්භවයකින් යුත් මෙරට වතු කම්කරු ජනතාවට පුරවැසිභාවය ලබාදීමේ දී පුරවැසිකම් පවා ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූහ.

පසු කාලයේ දී ද උතුරු සහ නැගෙනහිර පළාත්වල අස්වනු කැපෙන කාලයට ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරට වෙරළ තීරයට පැමිණෙන තමිල්නාඩු කම්කරු පිරිස් මාස කිහිපයක් මෙරට සිට එම අස්වනු කැපීමෙන් ලැබෙන මිල මුදල්ද අතැතිව ආපසු තමිල්නාඩුව බලා යන බවද ප්‍රසිද්ධ රහසකි. කොවිඩ් වසංගතයට පෙර කොළඹ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් වැඩපොළවලද ඉන්දීය කම්කරුවෝ සේවය කළහ. ඔවුන් සරණාගතයන් නොවුණද මෙරට පැමිණියේ රැකියා සහ කෑම බීම සොයාගෙන බව යථාර්ථයයි. දැන් තත්ත්වය කණපිට හැරී තිබේ.

යාපනයේ සහ මන්නාරමෙන් පසුගියදා තමිල්නාඩු බලා ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිස මේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටින ආර්ථික ඛේදවාචකයේ සැබෑ තත්ත්වයයි. එදා ඉන්දියාවෙන් මෙරට ආ කල්ලතෝනින් වෙනුවට දැන් ලංකාවෙන් ඉන්දියාවට කල්ලතෝනින් හැටියට යන පිරිසක් බිහි වී සිටිති. එහි පළමු කණ්ඩායම 16ක් බවද සඳහන් වෙයි. එහෙත් මේ පිරිස ඉදිරි දිනවලදී අධික වී එය උග්‍ර සරණාගත ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩ තිබෙන බව ඉන්දීය බලධාරීන්ගේ මතය බව පෙනේ.

තමිල්නාඩු වෙරළේ ආරක්ෂක වැටක් නිර්මාණය කර තමිල්නාඩු මුහුදේ සැකකටයුතු හැසිරීමත් දුටුවොත් වහාම බලධාරීන්ට දැනුම් දෙන්නැයි ඉන්දීය ධීවරයන් දැනුම්වත් කර ඇත්තේද මේ ප්‍රශ්නය ගැටලු‍වක් බවට පත්වී අර්බුදයක් දක්වා ඇදී යාමට තිබෙන ඉඩකඩ සලකාගෙන විය යුතුය. එය එසේ නොවන බවට වගබලා ගත යුත්තේ ශ්‍රී ලංකාවේ බලධාරීන් බව කිවයුතු නැත.

අද තමිල්නාඩුවට හෝ පැන ගනිමින් ආහාර සොයා යන තත්ත්වයකට මේ රටේ පුරවැසියන් වැටී තිබීම මෙරට බලධාරීන්ගේ ඇස් අරවන්නකි. එහෙත් ඒ සම්බන්ධයෙන් තවමත් ඔවුන්ගේ ඇස් ඇරී තිබෙන බවක් පෙනී යන්නේ නැත. පැය කිහිපයක් විදුලිය නොමැතිව, ඩීසල්, භූමිතෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල සහ පරිප්පු ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය පෝලිම්වල රැඳී සිටින තත්ත්වයක් යටතේ ජනතාවට වෙනත් රටක සරණාගතයන් වශයෙන් හෝ රැඳී සිටීමට තරම් මානසිකත්වයක් ඇතිවීම ගැන පුදුම විය යුතු නැත.

රටේ ආර්ථික තත්ත්වය දිනෙන් දින පිරිහීමට පටන්ගත් අවධියේම මේ රටේ තරුණ තරුණියන් බොහෝ දෙනකු විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දින ගණන් පෝලිම්වල රස්තියාදු වනු දකින්නට ලැබිණි. ඔවුන්ගෙන් කළ විමසීම්වලදී දැනගන්නට ලැබුණේ කෙසේ හෝ වෙනත් රටකට පැන ගැනීමේ චේතනාවෙන් ඔවුන් එසේ රස්තියාදු වන බවය.

අඩුම තරමින් ඒ අවස්ථාවේදී හෝ රජයේ බලධාරීන් ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරැදි තීන්දු ගත යුතුව තිබිණි. එසේ වූවා නම් මෙරටින් තමිල්නාඩුවට සරණාගතයන් යන තරමට තත්ත්වය දරුණු වන්නේ නැත. තමිල්නාඩු වෙරළේ ශ්‍රී ලංකාවට එරෙහිව ආරක්ෂක වැටක් බිහිවන්නේ ද නැත.



අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් පනින්නන්ට ඉදිකෙරෙන තමිල්නාඩු වැට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site