X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 11 වන බදාදා


ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වූ නිදහස් අනුස්මරණ ශාලාව

නිදහස සිහිගන්වමින් ඉදිකෙරුණු නිදහස් අනුස්මරණ ශාලාව එසේත් නැත්නම් නිදහස් චතුරස්‍රය අද දිනයේ කාගේත් අවධානයට පාත්‍ර වේ. නිදහස සිහිගන්වන අද දිනයටත් වෙනත් විශේෂ උත්සව එහි පැවැත්වෙන දිනවලටත් පමණක් සිහිපත් කරන නිදහස් අනුස්මරණ ශාලාව වසරේ අනෙක් දිනවල ව්‍යායාම කරන්නන්ගෙන්ද විවාහ මංගල්‍ය ඡායාරූප ලබා ගන්නන්ගෙන්ද පමණක් පිරෙනු ඇත. කොයි හැටි වෙතත් 1948 වර්ෂයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු එම නිදහස දිනාගැනීම නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ දීර්ඝ සහ ආකර්ෂණීය ඉතිහාසය සංකේතවත් කෙරෙන අනුස්මරණ ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමට එවකට පැවති රජය තීරණය කර ඇත.

අප රටේ පළමු නිදහස් උළෙල පැවැත්වීම සඳහා නිදහස් මන්දිරයක් නොතිබූ අතර, නිදහස් භූමියේම ඉදිකරන ලද තාවකාලික උත්සව ශාලාවක් මේ සඳහා යොදාගෙන තිබේ. විවිධ වර්ණයෙන් යුත් සැරසිලි යොදා ගනිමින් මේ ශාලාව අලංකාර කර තිබී ඇත. එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජු නියෝජනය කරමින්, ලොස්ටර්හි අදිපාදවරයා හා එම මැතිනිය ද නිදහස් උළෙල වෙනුවෙන් සහභාගි වී ඇත. නිදහස් සමරු ගොඩනැඟිල්ලක අවශ්‍යතාව පළමුව ඇතිව තිබෙන්නේ නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතා තුළයි.

එතුමා තම අවශ්‍යතාව දැනුම්දෙන ලද්දේ එවකට ප්‍රවාහන හා රජයේ වැඩ අමාත්‍යවරයාව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා හටයි. ඔහු පළමුවෙන්ම සිදු කරන ලද්දේ නිදහස් සමරු ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සුදුසු භූමියක් කොළඹ නගරය තුළින් තෝරා ගැනීමයි.

තවද ඒ භූමිය දහස් ගණන් ජනයාට රැස්වීමට හැකි ඉඩ අවකාශයන්ගෙන්ද සමන්විත විය යුතුව පැවතිණි. ඒ අනුව තුරඟ තරග සමාජයට අයත් වත්මන් නිදහස් චතුරස්‍රය ඉදිකර ඇති භූමි භාගය ඒ සඳහා තෝරා ගැණුනි. 1949 පෙබරවාරි 4 වැනි දින එනම් දෙවැනි නිදහස් සැමරුම් උළෙලේදී නිදහස් මන්දිරය සඳහා මුල්ගල තැබුණි.

එහි මහනුවර මඟුල් මඩුවේ ආකෘතියට සමාන, තේජවන්ත පෙනුමැති ගොඩනැඟිල්ලක් සැලසුම් කරන ලදී. මේ කාර්යය සඳහා සැලසුම් සකසන ලද්දේ එවකට ඉතා ප්‍රසිද්ධියක් උසුලන ලද ගෘහ නිර්මාණ ශිල්පීන් 08 දෙනෙක් විසිනි. එම කණ්ඩායමට රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ටී.එන්. විනේ ජෝන්ස් නායකත්වය සැපයූ අතර එහි සාමාජිකයන් වූයේ නියෝජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පී එෆ්. එච්. බිලිමෝරියා, විශ්වවිද්‍යාල ගෘහ නිර්මාණ ශිල්පී ෂර්ලි ද අල්විස්, කොළඹ නාගරික සැලසුම්කරු ඔලිවර් වීරසිංහ, සහකාර නිර්මාණ ශිල්පීන් වන එච්. ජේ. බිලිමෝරියා, ජේ. සමරසේකර සහ ඇම්. බී. මොරේනා යන අයයි. රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීමට යෝජිත නිදහස් අනුස්මරණ ශාලාවේ වැඩ කටයුතු සිදුකරන අතරවාරයේ ඩී. එස්. සේනානායක මහතා අශ්වයෙකුගේ පිටින් ඇද වැටී මරණයට පත් විය. මේ නිසා ඉදිකිරීම් කටයුතු නතර වුණි.

යළි ඉදිකිරීම් සඳහා අවධානය යොමු කරන ලද්දේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙරට අගමැති පුටුවට පත් වීමත් සමගයි. එහි ඉතිරි වැඩ නිමකර, 1957 පෙබරවාරි 4 වැනි දින පැවත්වූ නිදහස් උළෙලේදී මෙය විවෘත කළේය. එම නිදහස් උත්සවයට චීන අගමැති චෞ එන් ලායිද සහභාගී විය.

මේ ගොඩනැඟිල්ලේ ආසන 400කට අධික සංඛ්‍යාවක් පැනවීමේ හැකියාව සහ විවෘත භූමියේ 25000 ක් පමණ වූ ජනතාවට රැස්ව සිටීමේ ඉඩකඩ ද සහිතව ඉදිකර ඇත. සෘජුකෝණාස්‍ර හැඩයකින් යුක්ත නිදහස් මන්දිරයට පිවිසීමට දෙපසින් ප්‍රවේශ දෙකක් තිබේ.

ගොඩනැඟිල්ලට අවතීර්ණවීමට කොරවක්ගල්වලින් යුක්ත පියගැට පේළි යුගලයක් තනා ඇත. මන්දිරය වටා ඇති සතර දිශාව වෙත නෙත් යොමු වූ සිංහ රූප තුළින් ශ්‍රී ලාංකික ජනයාගේ අභිමානය සංකේතවත් කරයි.

නිදහස් මන්දිරයේ ඇති කැටයම් කළු ගලෙන් නිමවා ඇති අතර විජයාවතරණයේ සිට ඇරඹි සිංහලයාගේ ඉතිහාසය විදහා දක්වන විවිධ සිද්ධීන් පිළිබඳ චිත්‍ර මෙහි ඇතුළත බිත්ති නිරූපණය කරයි. ජාතික අභිමානයේ නිදහස ලබා ගැනීම සඳහා දිවි හිමියෙන් කැපවූ වීරයන්ගේ ජීවමාන රූප එහි ප්‍රදර්ශනය කර ඇත. රට, ජාතිය වෙනුවෙන් හඬ නැඟූ ඒ අභීත රාජ්‍ය නායකයාණන් වන ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවද නිදහස් මන්දිරය ආසන්නයේම ඉදිකර ඇත්තේ, ලබා දුන් නිදහසට ගෞරව පුද කිරීමක් වශයෙනි.

1983 අප්‍රේල් මස 20 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව නිදහස් මන්දිර ගොඩනැඟිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පවරාදී ඇත. නිදහස් සමරු ගොඩනැඟිල්ලේ ගෞරවය ආරක්ෂා වන අයුරින් අවට පරිසරය වැඩිදියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. නිදහස් මන්දිර ගොඩනැඟිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පැවරූ දින සිට මේ දක්වා නිදහස් මන්දිරයේ හා ඒ අවට භූමියේ සියලු නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි.

නිදහස් චතුරස්‍රය වෙන්ව පවතින්නේ නිදහස් අනුස්මරණයට පමණක් නොවේ. වෙනත් රාජ්‍ය කාර්යයන් සඳහාද මෙය ප්‍රයෝජනයට ගැනේ. නිදහස් අනුස්මරණ කෞතුකාගාරයද කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ නිදහස් මන්දිර බිම් මහලේ පිහිටා ඇත. එය විවෘත කරන ලද්දේ 2008.02.03 දිනයේය.

ශ්‍රී ලාංකිකයන් ලැබූ නිදහසේ අභිමානය ලොවට කියාපාන මේ අපූර්ව මන්දිරය, වරින්වර ශ්‍රී ලංකාවට පැමිණි විවිධ රාජ්‍ය නායකයන්ගේද පැසසුමට ලක්වී ඇත. මුළු මහත් ලෝකයේම ගෞරවාදයට පාත්‍රවන ජාතික ස්මාරකයක් වන නිදහස් මන්දිරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දිනපතා මෙම ස්ථානයට ඇදී එයි.


(*** හෂිනි ඉරේෂා ගුණවර්ධන)

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වූ නිදහස් අනුස්මරණ ශාලාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site