X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 03 වන ඉරිදා


සංචාරක ව්‍යාපාරය නංවනු: බාල්දි පෙරළන වැඩ එපා

ලංකා සංචාරක මණ්ඩලයේ මූලිකත්වයෙන් සකස් කෙරෙන නව සංචාරක පනත සම්බන්ධයෙන් මත භේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙන බව සංචාරක උපදේශක සභාව පසුගිය දා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී සඳහන් වීය. ඇත්ත වශයෙන්ම එම මාධ්‍ය හමුව පැවැත්වීමට පදනම වී තිබුණේ අදාළ පනතට සංචාරක ක්ෂේත්‍රයේ සියලු‍ ප්‍රධාන සංගම්වල විරෝධය ප්‍රකාශ කිරීම සඳහාමය. එසේ තම දැඩි විරෝධය ප්‍රකාශ කළ එම උපදේශක සභාව සඳහන් කරන්නේ සියලු‍ දෙනාගේම සහාය ලබාගෙන සකස් කෙරෙන නව සංචාරක පනතකට තමන් සහයෝගය දක්වන බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන තුරු මේ රටේ සංචාරක ව්‍යාපාරය රටට වැඩිම ඩොලර් ආදායමක් උපයා දුන් මාර්ගයක් වී තිබිණි. ප්‍රහාරයෙන් පසුව කෙටි කලකින්ම යළිත් රටේ සංචාරක ව්‍යාපාරය පණ ගසා ඉදිරියටම පැමිණි අතර කොවිඩ් වසංගතය ලොව ගිල ගැනීමට පෙර වසරක දී ඩොලර් බිලියන 5ත් 6ත් අතර ආදායමක් රටට එයින් හිමිවිය. මේ ඩොලර් උල්පත යළිත් සිඳී යා නොදී රැක ගැනීමත් පෝෂණය කිරීමත් රජයේ ප්‍රමුඛතාව විය යුතුය. සංචාරක කර්මාන්තයේ නියුතුව සිටින සියලු‍ පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඒ වෙනුවෙන් ලබා ගැනීම ද රජයේ වගකීමකි. ඔවුන් මගහැර සීමිත පිරිසකගේ වුවමනා එපාකම් සපුරාදීම වෙනුවෙන් කිසිදු පනතක් සම්මත කර ගැනීමෙන් වැළකීම අවශ්‍ය වන්නේ එබැවිනි.

සංචාරක උපදේශක සභාවේ චෝදනාව වන්නේ අදාළ පනත සකස් කිරීමේ දී සංචාරක මණ්ඩලයේ සභාපතිනිය කර්මාන්තයේ නියුතු පිරිස මගහරිමින් අත්තනෝමතිකව කටයුතු කරන බවය. මේ තත්ත්වය නිවැරැදි මාවතට යොමුකර ගැනීම සඳහා සංචාරක අමාත්‍යවරයාට මැදිහත් වන්නැයි ඔවුන් ඉල්ලීමක් ද කර තිබිණි. ශ්‍රී ලංකාවට වැඩිම ඩොලර් ආදායමක් උපයා දෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මිස කර්මාන්තයේ රැඳී සිටින කර්මාන්තකරුවන් අපහසුතාවට පත් නොකළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා නව පනතක් අවශ්‍ය යැයි රජය තීන්දු කරන්නේ නම් එය කළ යුත්තේ සංචාරක ව්‍යාපාරයේ මේ වනවිට ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරිකයන්ගේ සහාය ද ලබා ගනිමින් මිස ඔවුන් අපහසුතාවට පත් කරමින් නොවේ. ඔවුන්ගෙන් ලබාගන්නා යෝජනා විසිකර දමා සංචාරක මණ්ඩලයේ සභාපතිනියගේ තනි කැමැත්තට තෝරාගත් පිරිසක් සමඟ සකස් කරන පනතක් ඵලදායී වන්නේ නැත. මොනම කර්මාන්තයකට වුවද මෙය අදාළය. එවැනි පනතකට සංචාරක සේවා සපයන ප්‍රධාන සමාගම් විරුද්ධ වීම බලාපොරොත්තු විය යුතුය.

දැනට රට පවතින්නේ පනතක් සම්බන්ධයෙන් කඹ ඇදිය හැකි තත්ත්වයක නොවන බව සියලු‍දෙනා අවබෝධ කර ගැනීම අවශ්‍යය. රටට ඩොලර් උපයන ප්‍රධානම ආදායම් මාර්ගයක් සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකිරීමට කාලයක් නැත. රටට වැඩියෙන්ම අවශ්‍ය ඩොලර් රට තුළට ගලා ඒම වඩාත් පහසුකරන වැඩපිළිවෙළක් අවශ්‍යව තිබිය දී ඒ සඳහා අවධානය යොමු නොකර, එයට ප්‍රමුඛත්වය ලබා නොදී කුමන පියවරක් ගත්තත් පලක් නැති බව පෙන්වා දිය යුතුය.

මේ රටේ සංචාරක ක්ෂේත්‍රය මුළුමනින්ම රැඳී ඇත්තේ පෞද්ගලික අංශය තුළය. රජයෙන් සිදුවන්නේ නියාමන කාර්යයකි. සංචාරකයන් සඳහා යටිතල පහසුකම් සැපයීමේ දී රාජ්‍ය මට්ටමෙන් සිදුවිය යුතු කාර්යභාරයක් ද තිබේ. එසේ වුවද කර්මාන්තය සම්පූර්ණයෙන් පාලනය කෙරෙන්නේ පෞද්ගලික අංශය මගිනි. එහෙත් සංචාරකයන් සඳහා අවශ්‍ය ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම ඔවුන්ට පමණක් කළ නොහැක. මේ දිනවල පවතින විදුලිය කප්පාදුව හේතුවෙන් පැය කිහිපයක් බලශක්තිය සපයාගත යුත්තේ ජෙනරේටර්වලිනි. මහා පරිමාණ හෝටල්වලට ජෙනරේටර් භාවිතය ගැටලු‍වක් විය නොහැකි වුවද සුළු පරිමාණ සංචාරක හෝටල්වලට එය බරපතළ ගැටලු‍වකි. සංචාරක අමාත්‍යාංශයේත් සංචාරක මණ්ඩලයේත් ප්‍රමුඛතාව මේ අවස්ථාවේ දී ලැබිය යුත්තේ එම ගැටලු‍ විසඳා ගැනීම සඳහා මිස පනතක් හරස් කර ගනිමින් සංචාරක කර්මාන්තකරුවන් අධෛර්යයට පත් කිරීම සඳහා නොවේ. ඔවුන් ඉවත්කර කර්මාන්තය රැකගන්නට කතා කිරීමේ පාඩුව රටටමය.

සංචාරක කර්මාන්තය තවමත් පවතින්නේ සතුටුදායක මට්ටමකින් නොවේ. කොවිඩ් වසංගතයෙන් පසුව යළිත් සංචාරකයන්ගේ ඇස ශ්‍රී ලංකාව දෙසට යොමුවීමට වැඩි කලක් ගියේ නැත. එහෙත් කොවිඩ් හේතුවෙන් ඒ ඒ රටවල කොටු වී සිටි සංචාරකයන් ශ්‍රී ලංකාව තමන්ගේ ගමනාන්තයක් ලෙස තෝරා ගත්තත් එහි වාසිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ නිසි සැලැස්මක් නොවූ බව නව පනතකට කුඩ මිටි හරස් කර ගැනීමෙන් පෙනී යයි. දැන් රටට පැමිණෙන සංචාරකයන් දකින්නේ පෝලිම්ය. ඔවුන්ට නිදහසේ ගමන් බිමන් යාමට ඉන්ධන නැත. රාත්‍රී කාලයේ පැය කිහිපයක් රට අඳුරේය. මේ කිසිවක් සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට හේතුවන්නේ නැත.

එවැනි තත්ත්වයක් පවතිද්දී නව පනතක් වෙනුවෙන් සංචාරක මණ්ඩලයත් කර්මාන්තකරුවනුත් අතර මතගැටුම් හට ගැනීම තත්ත්වය තවත් නරක අතට හරවන බවත් පෙන්වා දිය යුතුය.

(***)



අදහස් (0)

සංචාරක ව්‍යාපාරය නංවනු: බාල්දි පෙරළන වැඩ එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site