X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


සංචාරකයන් බියවද්දන මැරයන්ට ඉඩ දෙන්නේ ඇයි?

හික්කඩුව මේ රටේ සංචාරක ක්ෂේත්‍රයේ මුල් බැසගත් නමකි. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම බින්දුවට බැස තිබුණු කාලයේත් ලංකාවේ හික්කඩුව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තවල ඉහළින්ම රැඳී තිබුණේය. කොවිඩ් වසංගතයේ බියකරු බව පහව යද්දී යළිත් ශ්‍රී ලංකාව දෙසට සංචාරකයන්ගේ ආකර්ෂණය ලැබෙමින් තිබේ. හික්කඩුව ඇතුළු දකුණු දිග වෙරළ තීරය නිරීක්ෂණය කරන ඕනෑ කෙනකුට මේ දිනවල එහි සැබෑ රූපය නැරඹිය හැක.

සංචාරකයන්ගේ පැමිණීම ඉදිරියේ දී වර්ධනය වනවිට දකුණු දිග සංචාරක කර්මාන්තයට යළිත් වසන්තය උදාවන ලකුණු හැම අතින්ම පහළ වෙමින් තිබේ. එසේ තිබිය දී හික්කඩුවට පමණක් නොව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සංචාරයට පැමිණෙන සංචාරකයන් ආපසු හරවන තත්ත්වයට වැඩ සිදුවීමට කිසිදු ඉඩක් තැබිය යුතු නැත. පසුගියදා නාරිගම සංචාරක හෝටලයක ඇති වූ සිද්ධිය මෙයට හොඳ උදාහරණයක් සපයා තිබේ.

අදාළ නාරිගම හෝටලය තුළ අලු‍යම් කාලයේ දී පැවැති ඩී.ජේ. සංගීත සාදයක් අතරතුරදී ඒ තුළට මැර පිරිසක් කඩා වැදී මැර ප්‍රහාරයක් එල්ල කර තිබුණේ එහි සිටි සංචාරකයන් එළියට පන්නා දමමිනි. එම මැරයන් හෝටලය තුළට බලහත්කාරයෙන් කඩා වදින විට එහි සිටි සියලු‍ සංචාරකයන් බියෙන් තැතිගෙන ඉවතට පැන ගත් බව ද සඳහන්ය. මේ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයක අලු‍යම් කාලයේ ඉතාමත් ප්‍රීතියෙන් ගතකළ අපූරු විවේකය මර බියෙන් ත්‍රාසයෙන් සහ භීතියෙන් පිරී ගිය මරාළයක් බවට පත් කිරීමට එම කාලකන්නි මැර පිරිසගේ තුච්ඡ ක්‍රියාව හේතු විය. 

තමන්ගේ ඇස් ඉදිරිපිට මෙවැනි මැර ප්‍රහාරයක් තමන් රැඳී සිටි හෝටලයට එල්ල වනවිට මේ සංචාරකයන් මුහුණු පොතෙන්, ඉන්ස්ටග්‍රෑම්වලින් ට්විටර් පණිවුඩවලින් තමන් මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීම් ඒ මොහොතේම ලොව පුරාම යවන්නට ඇත. ඒවා දකින සංචාරකයන් ලංකාවට පැමිණීමට පෙර දෙවරක් සිතනු බවට සැකයක් නැත. එහි ප්‍රතිඵල විඳින්නට සිදුවන්නේ සමස්ත සංචාරක ක්ෂේත්‍රයටමය.

මේ සිද්ධිය පසුගිය 20 වැනිදා සිදුවූ බවත් ඉන්පසුව හික්කඩුව පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසුව  සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය. මේ සැකකරුවන් සංචාරක හෝටලයට ඇතුළු වී එහි දේපළවලට කඩු සහ පොලු‍වලින් පහර දී පාරේ නතර කර තිබූ වාහන දෙකකට ද අලාභ හානි කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම පළාතේ සිදුවූ මිනීමැරුම් තුනක සැකකරුවන් වන ඔවුන් සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් සහ කඩුවක් අත්අඩංගුවට ගත් බව ද සඳහන්ය.

මෙසේ සැකකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හික්කඩුව පොලීසියට ප්‍රශංසා කළ යුතුය. ඒ සමඟ කිව යුත්තේ මේ අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන බලධාරීන්ගේ බලපෑම්වලට යට නොවී නීතිය ක්‍රියාවේ යෙදවීම අවශ්‍ය බවය. සංචාරක හෝටල් තුළ මෙවැනි සිදුවීම් යළිත් ඇති නොවන බවට වගබලා ගැනීමද පොලීසියේ වගකීමක් බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තය යනු ඩොලර් උල්පතක් වී තිබිණි. කොවිඩ් වසංගත හේතුවෙන් එම උල්පත මුළුමනින්ම සිඳී ගියේය. දැන් යළිත් එය පෑදෙමින් තිබිය දී මෙවැනි මැර ක්‍රියා සිදුවීම සියතින් ගෙල සිඳ ගැනීමක් බඳුය. සංචාරකයන් ගෙන්වා ගැනීම වර්ධනය කර ගැනීමට නම් රට මැර ක්‍රියාවලින් තොර සංචාරකයන්ගේ මිත්‍රශීලී රටක් බවට පත් කළ යුතුය.

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සැලකෙන්නේ සංචාරකයන්ගේ පාරාදීසයක් ලෙසිනි. තවමත් ලොවේ හොඳම ගමනාන්තයක් වශයෙන්ද ශ්‍රී ලංකාව ඉහළින්ම සැලකුම් ලබයි. එහෙත් නාරිගම හෝටල් සිද්ධිය ඒ සියල්ල කණපිට හරවන සංචාරකයන් අධෛර්යයට පත්කරන මරිමෝඩ වැඩකි. මිනීමැරුම්වල සැකකරුවන්ට හෝටල්වලට පැන මැරක්‍රියා සිදු කළ හැකි වාතාවරණයක් තිබීමත් එවැනි පුද්ගලයන් කැඳවාගන්නා තැනට කටයුතු කිරීම ගැනත් නාරිගම හෝටලයේ අයිතිකරුවන්ද වගකිවයුතු බවද සඳහන් කළ යුතුය. සංචාරකයන්ගේ ආරක්ෂාව අංක එක බව කුමන මොහොතකවත් අමතක කළ යුතු නැත. එසේ නොවන විට ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රය තුළ ඇති කරගෙන තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි සිදුවීම වළක්වා ගත නොහැකි වනු ඇත.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශය හා අනුබද්ධිතව ක්‍රියාකරන සෙසු ආයතනද දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යය. විදෙස් සංචාරකයන් සඳහා විවෘතව පවතින හෝටල්වල දී සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීමට එම හෝටල්වල කළමනාකාරීත්වය දැනුවත් කිරීම ද මෙහිදී ඉතා වැදගත් සාධකයකි. විශේෂයෙන් දකුණු පළාතේ මුහුද අද්දර කුඩා සංචාරක හෝටල් තුළ මෙවැනි මැර ක්‍රියා නිතරම සිදුවෙයි. ඒවා වැළැක්වීමට සංචාරක අමාත්‍යංශයේ මැදිහත්වීම අවශ්‍ය බවද පෙන්වා දෙමු.

තමන්ගේ ආරක්ෂාවට වග නොකියන සංචාරක ගමනාන්තයක් කොතරම් සුන්දර වුවද එවැනි ස්ථානවලට පැමිණීමට සංචාරකයන් සූදානම් නැත. සංචාරකයකුට හානිදායක ඕනෑම සිදුවීමක් සමස්ත සංචාරක ක්ෂේත්‍රයටම සිදුකරන බලපෑම ඉතා විශාල විය හැකි බැවින් ඒවා වැළැක්වීමට දකුණු පළාතේම සංචාරක හෝටල් හිමියන්ගේ අවධානයද යොමුවිය යුතුය.



අදහස් (0)

සංචාරකයන් බියවද්දන මැරයන්ට ඉඩ දෙන්නේ ඇයි?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site