X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


සන්ධානය ලංගමේට මිලියන 142ක් ණයයි

28_page_25M

 

දිවගංත එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවනු ලැබුවේ ජනතාවට විධිමත් ප‍්‍රවාහන සේවාවක් ලබාදීමේ මූලික අරමුණ ඇතිවය. ලාභයක් නොව සේවයක් වශයෙන් ලංගමය පවත්වා ගෙන ගියද ලාභයක් නොව පාඩු නොමැතිව පවත්වා ගෙන යාම ආයතනයේ පැවැත්මට මූලික වේ. එසේම රජයටද සහනයක් වෙයි.

 

 

එහෙත් මේ පරමාර්ථය වසර කීපයකට පමණක් සීමාවූ බව කිව හැකිය. දේශපාලනය නමැති ඔටුවා ලංගමය නමැති කූඩාරමට රිංගා ගැනීමත් සමඟම මෙම ආයතනයේ ආරම්භක පරමාර්ථය පසෙක තිබියදී බලයට පත්වන රජයේ අභිමතාර්ථ මත ලංගමය පාලනය කිරීම සිදුවූ බව වැඩි දෙනාගේ මතයයි.


හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියත් සමඟ පෞද්ගලික බස් රථ ධාවනයද ආරම්භ විය. ලංගමයේ පිරිහීම ශීඝ‍්‍රයෙන් ආරම්භවූ අතර දේශපාලන බලපෑම දැඩිවීම ආයතනයේ පිරිහීමට ප‍්‍රධාන වූ තවත් හේතුව වී ඇත.


මේ බලපෑම කෙතරම් බලවත්ව සිදුවේ දැයි කිවහොත් රජයක් මාරුවූ වහාම ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ සිට ඩිපෝ අධිකාරිවරු ඇතුළු ප‍්‍රධාන නිලතලවල සිටින සියලූම දෙනා මාරුවීම සිදුවෙයි. උසස්වීම් පත්වීම්, මාරුවීම් වැල නොකැඞී සිදුවෙයි.

 

6

 


උසස් නිලතලවලට දේශපාලන පත්වීම් ලබාදීමේ ප‍්‍රධානම ප‍්‍රතිඵලය වන්නේ දේශපාලන අවශ්‍යතා මත නොපැකිළිව බස් රථ ලබාදීමයි. එවැනි බස් රථ ලබාදීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පසුගිය ජනාධිපතිවරණයට බස් රථ යොදා ගැනීම වෙනුවෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් රුපියල් මිලියන 192ක මුදලක් ලංගමයට අයවිය යුතුවීමයි.


මෙයින් මිලියන 50 ක මුදලක් ගෙවා ඇතත් තවත් රුපියල් මිලියන 142ක හිඟයක් පවතී. මෙම මුදල ගෙවන ලෙස ඉල්ලා ලංගමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, ජනාධිපතිවරණ රැුස්වීම් කමිටුවේ සාමාජික අමල් සේනාලංකාධිකාර යන මහත්වරුනට ලිඛිතව දන්වා යවා ඇත.


මෙම මුදල් ගෙවීමට වගකිවයුත්තන් වශයෙන් ලංගමය සඳහන් කරන දේශපාලනඥයන් තිදෙනාම මෙම මුදල ගෙවීමට ඉදිරිපත් වේද යන්න සැක සහිතය. හේතුව මේ ඔවුන්ගේ පෞද්ගලික කාර්යයක් සඳහා බස් රථ ලබා ගැනීමක් නොවන නිසාය. මෙම මුදල් ලබා නොදුන්නොත් අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බලධාරීන් දැනටමත් තීරණය කර ඇත.


මේ තරම් විශාල මුදලක් නොසළකා හැරීමටද ලංගමයට කළ නොහැකිය. එයට ප‍්‍රධාන හේතුව ලංගමය පාඩු ලබන ආයතනයක් වීමයි. ආයතනයේ ඩිපෝ 106 ක සේවකයන් 35,272කට වැටුප් ගෙවීම සඳහා දැනටත්  රජය රුපියල් මිලියන 16272ක මුදලක් වැය කරනු ලබයි.


දේශපාලන බලධාරින් බස් රථ ඉල්ලා සිටි අවස්ථාවක එය ප‍්‍රතික්ෂේප කිරීමට ලංගම බලධාරීන්ට ශක්තියක් නැත. එයට හේතුව බලධාරීන්ගේ යැපීම රඳා පවතින්නේද බලයේ සිටින දේශපාලනඥයන්ට වන්දනාමාන කරන තරමටය.


කළුතර දිස්ති‍්‍රක්කයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක් ලංගම හිටපු සභාපතිවරයකුට තරයේ දොස් පවරා ඇත්තේ හිටපු දේශපාලන ප‍්‍රධානියෙක් ඉදිරිපිටදීය. එයට හේතුව වී ඇත්තේ බස් රථ ලබා නොදීම බව කියැවේ.


ඒ පැමිණිලි කිරීම්වල ප‍්‍රතිඵලය වූයේ සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමයි. මැයි දින රැුස්වීම් සඳහා ජනතාව කොළඹට ගෙන ඒමට රුපියල් 5000 බැගින්වූ මුදලක් ලංගමයට ගෙවා බස් රථ ලබාදීමට මහින්ද රාජපක්ෂ රජය වරක් තීරණය කර තිබිණි. එම තීරණයට අනුව මුදල් ගෙවා බස් රථ ලබාදී තිබිණි.


ඒ හැර දේශපාලන කටයුතු සියල්ලකටම පාහේ බස් රථ ලබාදී තිබුණේ බොහෝ අවස්ථාවල මුදල් අය කිරීමකින් තොරවය.


ඩිපෝව පිහිටි ප‍්‍රදේශයේ දේශපාලන බලධාරියාගේ නියමය මත සෑම ඩිපෝවකින්ම පාහේ බස් රථ ලබාදීම සිදුවූ බව වෘත්තීය සමිති සඳහන් කරති.


පසුගිය ජනාධිපතිවරණයේදී ප‍්‍රථම රැුළියට ජනතාව සහභාගි කරවා ගැනීම සඳහා ලංගම බස් රථ 2000ක් යොදවා තිබූ බව වාර්තාවේ. මීට අමතරව හිටපු ජනාධිපතිවරයා සහභාගිවූ බොහොමයක් මහජන රැළිවලට මහජනතාව එක් රොක් කිරීමට ලංගම බස් රථ යොදා ගෙන තිබූ බව වාර්තාවේ.


ජනාධිපතිවරණ කාල සීමාවට අදාළ දින 36ක් සඳහා බස් රථ යොදා ගැනීම වෙනුවෙන් මිලියන 192 ක් වූ විශාල මුදලක් වැය කිරීම අති විශේෂ සිදුවීමක් බව ලංගම සේවකයෝ සඳහන් කරති.


වර්ෂ 1970 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ මැද භාගයේදී පමණ දේශපාලන කටයුතු සඳහා බස් රථ ලබාගැනීමේ අවස්ථාව සැලසී තිබුණත් එය ඉතා සුළු වශයෙන් බව සඳහන්වේ. පොකුරු බස් සමාගම් වැඩපිලිවෙළ කි‍්‍රයාත්මක වූ පසු ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත දේශපාලන කටයුතු සඳහා බස් රථ යොදා ගැනීම ශීඝ‍්‍රයෙන් සිදුවී තිබිණි. මෙවර ජනාධිපතිවරණය සඳහා බස් රථ යොදා ගැනීම වඩාත් තදබල ලෙස සිදුවී තිබිණි.


ලංගමයට අද යැපෙන්නට සිදුවී ඇත්තේ ආයතනය උපයා ගන්නා මුදලින් නොව රජය ලබාදෙන මුදලිනි. ලංගමය අද රජයට බරක් වන තත්ත්වයට පත්වී ඇත. රජයෙන් යැපුනත් ලංගමයේ බස් රථ අලූත්වැඩියාව, අමතර කොටස් මිලදී ගැනීම, ඩිපෝ අලූත්වැඩියාව ආදී ආයතනවල දියුණුව සඳහා වූ කටයුතු සිදුවන්නේ මන්දගාමීවය. එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ මුදල් නොමැතිවීම මතය. ඊට අමතරව දේශපාලන කටයුතු සඳහාද බස් රථ යෙදවීමට සිදුවීම ආයතනයේ පිරිහීමට බරපතළම හේතුවී ඇති බව කිව යුතුය.


මීට පෙර දේශපාලන කටයුතු සඳහා ලබාදෙන ලද බස් රථ වෙනුවෙන් මුදල් අය කළාද? යන්න පිළිබඳව ලංගමයෙන් පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට නොහැකිවිය. ඉතා මෑතදීම පැවැත්වූ මැතිවරණය ජනාධිපතිවරණයයි. එම මැතිවරණය සමයේ පමණක් බස් රථ ලබා ගැනීම වෙනුවෙන් මිලියන 192ක් වියදම ලෙස ගණන් බලා ඇත.


ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2013 වසරේ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 33.7ක් දක්වා සියයට 11.9කින් ඉහළ ගොස් ඇත. මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 3.5ක් වී ඇත.


මේ අලාභය ලාභයක් කර ගැනීමට ලංගමය අදටත් අපොහොසත්වී සිටී. ණයට බස් ලබා ගන්නා දේශපාලනඥයන් එම මුදල් නොපියවා පැහැර හැරීම එයට හේතුවී තිබේ. දේශපාලනඥයන් බොහෝ දෙනෙක් අදහස් කරනුයේ ලංගමය තම පක්ෂයේ පෞද්ගලික බූදලයක් ලෙසටය. ඒ නිසා රිසි පරිදි දේශපාලන කටයුතුවලට ලංගම බස් රථ ලබා ගනිති. ඒ පාඩුව ලංගමයටය.

 

 


ගෙවන්න වෙලා: ඒත් බස් රථ ඉල්ලූ අයවත්, ඒවා ගත් අයවත් අද නෑ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත


ජනාධිපතිවරණ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදාගෙන තිබීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක මුදලක් ගෙවන ලෙසට ලංකා ගමනා ගමන මණ්ඩලය මට ලිඛිතව දැනුම්දී තිබෙනවා.


මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් ලබා ගැනීම සඳහා මිලියන 50 ක අත්තිකාරම් මුදලක් ලබාදී ඇති බවත් ඉතිිරි මිලියන 142ක මුදල ගෙවන ලෙසටත් මට ලිඛිතව දැනුම්දීලා.


මේ බස් රථ ලබාගෙන තියෙන්නෙ කවුද කියල මා දන්නෙ නැහැ. මේ සඳහන් කරන මුදල නිවැරැුදිද කියලත් මා දන්නෙ නැහැ. ගණන් හිලව් නිවැරැුදිද කියලත් මා දන්නෙ නැහැ.


අත්තිකාරම් මුදල් ගෙවා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් ඉතිරි මුදල ගෙවා නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ ලේකම් නිසා මට මේ ලිපිය යොමු කර තිබෙනවා. මේ බස් රථ ඉල්ලූ අයටත් ඒවා ලබාගත් අයවත් අද නැහැ.

 

 


ලංගමය විපතින් ගලවා ගන්න දෙපාර්තමේන්තුවක් කරන්න

 


සමස්ත ලංකා ප‍්‍රන්‍ාහන සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ


ලංකා ගමනා ගමන මණ්ඩලය තනිකරම දේශපාලන පක්ෂ කාර්යාලයක්. රජයක් වෙනස්වන වාරයක් පාසා පත්වීම්, උසස්වීම්, මාරු කිරීම් අනිවාර්යයෙන් සිදුකෙරේ. ඊට අමතරව දේශපාලන අවශ්‍යතා සඳහා ලංගම බස් රථ යොදා ගැනීමත් නිසා ආයතනයට ආදායම් වැඩිකර ගැනීමට ඇති අවස්ථාවක් අහිමිවී ඇත. දේශපාලන රැස්වීම් සඳහා ජනතාව ගෙනයාමට ලංගම බස් රථ පාවිච්චිය 1977 සිටම සිදුවන්නකි. සෑම දෙයක්ම සිදුවන්නේ දේශපාලනය මූලික කර ගනිමිනි.


මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය දෙපාර්තමේන්තුවක් බවට පත් කරන ලෙස සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මතාගෙන් ඉල්ලා සිටී.

 

gg



අදහස් (0)

සන්ධානය ලංගමේට මිලියන 142ක් ණයයි

ශාන සෞදි Thursday, 02 April 2015 11:21 AM

ලංගමයට පොදුපෙරමුණ ණය වී ඇත්තේ ඡන්ද කටයුතු සදහා නම් එය හිටපු ඇමති වරයාට නඩු පවරා වහාම ලබා ගන්න මොකද ඔහු ප්‍රසිද්ධියේ රුපවහිනියේ ප්‍රකාශයක් කළා සියලුම බස් රථ කුලියට දුන් බවත් එ් සදහා ලංගමයට විශාල මුදලක් ලැබුණු බවත් මෙය කර ඇත්තේ ණයටනම් කිසිම රජයක් හෝ ආයතනයක් ණය ගෙවිය යුතු නැ එය ගෙවිය යුත්තේ එම ප්‍රකාශය කල ඇමතිවරයායි (ස)

:       0       0

වාසනා Thursday, 02 April 2015 01:03 PM

කොහොමද ඔය ණය ගෙවන්නේ.? (ර)

:       0       0

සිරිපාල Thursday, 02 April 2015 05:22 PM

හත් දෙයියනේ ඔය දවස් 36 ටම ලංගම බස් වලින් වෙනත් රාජකාරියක් කලේ නැතැයි . (ස)

:       0       0

චතුරි Thursday, 02 April 2015 07:09 PM

කොපමණ වැරදි කළත්, වැරදිකළ කෙනාගෙන් උදවු ලැබුණා නම්, රටට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි නම් ඉන්නේ ලෝකෙන්ම බලගතු රටේ. ඒත් අපිට තිබෙන අමාරුව මේ අයට නැහැ (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 02 April 2015 09:51 PM

දෙවියනේ මේ අපේම සල්ලි නේද? (නි)

:       0       0

දොම්පේ Thursday, 02 April 2015 09:52 PM

මේ වගේ ජාතික අපරාධ කළ අය නැවත බලයට ගෙනෙන්න හදන අය ගැන මොනවද කියන්නේ? (නි)

:       0       0

දයා Friday, 03 April 2015 01:36 AM

චතුරි බලගතුකම අපේ රටේ ඉදන් පෙන්නන්න තිබ්බනේ. එළියේ ඉදන් කිව්වට මොකුත් වෙන්නේ නැහැ (නදී)

:       0       0

අතුල කේ. Friday, 03 April 2015 09:29 AM

මේ වගේ ජාතික අපරාධ කළ අය නැවත බලයට ගෙනෙන්න හදන අය ගැන මොනවද කියන්නේ? දැන් බලයේ ඉන්න අයත් අපරාද කල අය තමයි. ආසියාතික දේශපාලනයේ ඉන්න මිනිස්සු අති දූෂිතයි. (ස)

:       0       0

එන්. රාජපක්ෂ Saturday, 04 April 2015 09:23 AM

ලංගම දැන් දේශපාලකයන්ගේ (නදී)

:       0       0

නිශ්මි Sunday, 05 April 2015 02:24 AM

ඉතින් කොහොමද මේ ආයතන ලාබ ලබන්නේ? (නි)

:       0       0

ඉෂාර Sunday, 05 April 2015 05:13 PM

ඉතින් මේ සේවා අද පවතින තත්ත්වයෙන් අඩපණ වී තිබීම අරුමයක්ද? (නි)

:       0       0

කමල් Tuesday, 07 April 2015 06:23 PM

මේ සල්ලි වලට මොනවා වෙන්න ඇද්ද? (නි)

:       0       0

නලීන් Tuesday, 07 April 2015 06:23 PM

තව කොපමණ මෙවැනි දේවල් ඇද්ද? (නි)

:       0       0

සුමන මානන්දුව Wednesday, 08 April 2015 10:48 AM

"මහින්ද නැවත ඕනා" කියන මහා ඇමැති කෙනෙක් අනුරාධපුරේ තිබුන රැස්වීමට මිනුවන්ගොඩ ඉදලා ලංගම බස්වල සෙනග පටවලා යැවුවේ හරියට අම්මගේ අප්පාගේ බුදලයක් වගේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site