X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


සන්ෂයින් සුද්දා - මදූෂ් - හරක් කටා ගැන කතා

මාතර වැලිගම මිරිස්ස ධීවර වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකි. ඒ ඉකුත් මැයි මස  30 වැනිදා සෙනසුරාදා උදෑසන 7.30ට පමණය.

“සන්ෂයින් සුද්දට ගහල”
“මැරිලා ද?”
“නෑ පැනලා දුවලා ..”

වැලිගම ධීවර වරාය අවට ප්‍රදේශිවාසීන්ට එදින උදෑසන අසන්නට ලැබුණේ එවැනි ප්‍රවෘත්තියකි. ඒ මොහොත වන විට ධීවර වරාය ආසන්නයේ විශාල ජනකායක් එක් රොක් වී සිටියේ ධීවර බෝට්ටු දියඹේ සිට මෙගොඩට ගෙනෙන “මාළු අස්වැන්න” මිලට ගැනීමේ අරමුණෙනි. සාමාන්‍ය ජනතාව අතර නාඳුනන දෙදෙනකු වරාය පරිශ්‍රය තුළ කල්මරමින් සිටින අයුරු එහි රැඳි සිටි කිහිප දෙනෙකුගේම නෙතට හසු විය. පල්සර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ සිටි මොවුන් දෙදෙනා එදින උදෑසන හයේ පමණ සිට මොවුන් දෙදෙනා කුරුමානම අල්ලන්නේ මාළු මිලදී ගැනීමටම නොවන බවට අවට විමසිල්ලෙන් සිටි කිහිප දෙනෙකුටම දැනී තිබිණී. මේ වන විට වරාය පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බළකා සාමාජිකයන් කිහිප දෙනෙකු ද රාජකාරියේ යෙදී සිටි අතර, නාඳුනන්නන් නිලධාරීගේ ඇස්වලින් මිදී පිවිසුම් දොරටුව අසලට විත් සිටියේ  ගොදුරක් ඩැහැ ගැනීමටය. කාලය තත්ත්පරයෙන් තත්ත්පරය ඉගිලි ගොස් මේ කියන කතානායකයා වන “සන්ෂයින් සුද්දා” වරාය පරිශ්‍රයෙන් එළියට පැමිණියේය. වෙඩික්කරුවන් සිය සංදර්ශනය අරඹන්නේ මේ මොහොතේදීය.

සිය දෛනික රාජකාරිය නිමවා නිවෙස වෙත යෑමට වරාය පරිශ්‍රයෙන් එළියට එන මේ පුද්ගලයාට මග රැකවුන් නාඳුනන තුවක්කුකරුවකු ඔහු හඹා ගොස් වෙඩි ප්‍රහාරයක් එල්ල කරයි. මර බියෙන් වෙඩි ප්‍රහාරය කා ගෙනම දුව යන මොහු අසල පිහිටි නිවසකට ගොස් දොරගුලු ලා ගන්නේය.

වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී පල්සර් වර්ගයේ යතුරු පැදියේ සිටි තැනැත්තාට උතුර දකුණ මාරුවන්නට වී ඇත්තේ අවට සිටි පිරිස් ඔහු ළඟට විත් ප්‍රශ්න කිරීමට ලක්කිරීමේදීය. “තව හිටියොත් කන්නයි වෙන්නේ, මෙතනින් මාරු වෙන එක ඇඟට ගුණයි” ඔහු සිතන්නට ඇත. එහෙත් අසන ප්‍රශ්නවලට කිසිදු සාධාරණ පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් ඇති පදම් ගුටි කන්නට ඔහුට සිදුවිය. අවසානයේ ඔහු නතර වූයේ මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. ඔහු සමග පැමිණී වෙඩික්කරු වැරදුණු කුරුමාණම සමගින් ත්‍රීරෝද රථයකට නැගී පලා ගියේය.

මේ කියන වෙඩි වැදුණු “සන්ෂයින් සුද්දා” යනු කවුරුන් ද?”
අමිල ප්‍රසන්න හෙට්ටිහේවා (28) නොහොත් ‘සන්ෂයින් සුද්දා” යනු ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිට මෙරට පැමිණ සිය ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සිටින්නෙකි. පොලීසිය සඳහන් කරන ආකාරයට කිසිදු පෙර වැරද්දක් වාර්තා නොවන මොහුට මේ වෙඩි තබන්නේ කවුරුන්ද? එය කුමන හේතුවක් නිසා විය හැකි ද? ධීවර බෝට්ටු පහක පමණ හිමිකරුවකු වන මොහු ඒවා නඩත්තු කරමින් ව්‍යාපාර කටයුතු සිදුකරමින් සිටින අයකු බව සඳහන් වෙයි. එහෙත් සුළු ප්‍රමාණයක හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටවිල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත සිටින අයකු වන අතර එම නඩුව අධිකරණයේ විභාග වන නඩුවක් වන බවද පොලීසිය පවසයි.

සංවිධනාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මදූෂ්ගේ ළඟම හිතවතකු වන සන්ෂයින් සුද්දා මදූෂ්ට අයිති බෝට්ටුවල පරිපාලනය කරන්නා බවට ද ගම්වාසීන් අතර ප්‍රකට කතාවක් ව පවතී. එසේම, සන්ෂයින් සුද්දාගේ හෝටලය පාතාලයන්ට නවාතැන් දෙන ස්ථානයක් බව ද ගම්වාසීන් කියන තවත් කතාවකි.

සුපුරුදු පරිදි පාන්දර යාමයේ ධීවර වරාය පරිශ්‍රයට විත් රාජකාරිය නිමවා නිවසට යෑමට පෙර අසල තිබූ ආපනශාලාවක තේ බොමින් සිටි සන්ෂයින් සුද්දාට එල්ල වන මේ අවිනිශ්චිත ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අතට තුවාල සිදුවෙයි. වෙඩි තැබීමේ සිද්ධියෙන් මුළු මාතර නගරයම පමණක් නොව මුළු රටක්ම අවධානයට යොමු විය. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය යතුරුපැදිකරු මෙන්ම ත්‍රිරෝද රථයකින් පලා ගිය වෙඩික්කරුද අත්අඩංගුවට ගන්නේය. එමෙන්ම වෙඩික්කරු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනෙක්ද පොලිස් භාරයට පත් වෙති. මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකරුගෙන් පොලීසිය කළ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඔහු සඳහන් කර ඇත්තේ වෙඩික්කරු කවුරුන්ද යන්න තමන් නොහඳුනනා බවත් ඔහු තම යතුරුපැදියට ගොඩවූයේ වැලිගම මිදිගම ගම්මැද්ද ප්‍රදේශයේදී ත් බවත් යන්නය.

“මේ කාගේ වැඩක් ද?”

ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජවාරම් සම්බන්ධයෙන් ඒ වන විටත් දැඩි විමසිල්ලෙන් සිටි එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ මේ “හරක් කටාගේ” වැඩක් බවට තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. මිදිගම චින්තක නොහොත් “හරක් කටා” යනු මාකඳුරේ මදූෂ්ගේ ගෝලයකු ලෙස සිටි අයකු බව සඳහන් වෙයි.

“එහෙනම් ඇයි එකම පැත්තක් මේ මරාගන්නේ?”
මෙම වෙඩි ප්‍රහාරය මිදිගම චින්තක නොහොත් “හරක් කටා” විසින් සැලසුම් කර ඇත්තේ “අංගොඩ ලොක්කා” නැමැති පාතාල ක්‍රියාකාරිකයාගේ වුවමනාවට බව මේ වන විට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මදුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග භාරයේ පසුවෙයි.

කංජිපානි ඉම්රාන් මෙන්ම මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමට පෙර අංගොඩ ලොක්කා ද මොවුන් සමග සිට ඇත්තේ ‘එක වල්ලේ පොල්” මෙනි. ජීවිතයත් පරදුවට තබා සිදුකරන මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් මදුෂ්ගෙන් තමන්ට ලැබෙන්නේ සොච්චමක මුදලක් පමණක් නොවේදැයි කල් යත් යත්ම ‘ලොක්කාගේ’ මනසට කා වැදෙන්නට විය.
“මදුෂ් අපිව කඩේ යැව්වා විතරයි බං. බලපං අපි පට්ට ගේමක්නේ ගහන්නේ. ඌ මස් රාත්තලම ගන්නවා නේ බං. තේරුමක් නැහැනේ බං මේක” අංගොඩ ලොක්කාගේ සිත බිඳි විසිරෙද්දි කංජිපානි ඉම්රාන් එය නැවත යාවත්කාලීන කිරීමට උත්සාහ ගෙන තිබිණි.

“එහෙම නැහැ බං. මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් ඉවර වෙනකල් හිටපංකෝ. අයියා එහෙම උඹට කරන්නේ නැහැ බං. මං දන්නවා නේ.” මදුෂ්ගේ සියලු මුදල් පාලනය කළ කංජිපානි දෙපැත්ත බැලන්ස් කරන්නට එසේ උත්සාහ ගත්තේය.

කෙසේ හෝ උපන්දින සාදයෙන් වැඩේ ලීක් කරගන්නා මදුෂ් නතර වූයේ සීඅයිඩී යේය. කංජිපානි හිර ගෙදරය. ඔවුන් සමග ඩුබායි සිටි බොහෝ පිරිසක් මෙරට පිටුවහල් කිරීමෙන් පසු සී.අයි.ඩීයේ හෝ හිරගෙදරට කොටුවී සිටිති. දැන් ඔවුන්ගේ ජාවාරම කාන්තා පාර්ශ්වය අතට ගොස් ඇති බවට කියැවෙයි. මේ අතර මදුෂ්ගේ ලයින් එක අත්පත් කර ගන්නට අංගොඩ ලොක්කාට ලොකු වුමනාවක් ඇති වී තිබුණේ පෙර සිතේ හට ගත් බල අරගලය සමග මිශ්‍ර වූ ධන තන්හාව නිසාය.

‘වැලිගම ලයින් එක මදුෂ්ගෙන් ගලවා ගන්න ඕන. එසේ නම් එහි අක් මුල් සෙවිය යුතුය. ළඟම එකා කඩා ගන්න බැරිනම් ටිකක් ඈතින් ඉන්න එකා කඩා ගන්න ඕන” එවන් වූ සිතුවිල්ලකින් පසු අගොඩ ලොක්කා සිය මෙහෙයුමට ළංකර ගන්නේ ‘හරක් කටා’වය. ඒ වන විට මදුෂ්ගේ අතිජාත ගොලයන් වන සන්ෂයින් සුද්දා හෝ කැලුම් නොහොත් ‘කැවුමා’ හෝ වෙතට ළංවනවාට වඩා හරක් කටා බිලි බා ගැනීම අංගොඩ ලොක්කා ලේසියෙන් ම කරගෙන තිබිණි. මදුෂ්ගේ දියමන්තියකට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට කැලුම් නොහොත් කැවුමා මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේය. එසේම, ඉකුත් ජනවාරි මස 30 වැනිදා බණ්ඩාරගම දී ගිනි අවි 10ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 192ක් පොලීසිය අත්අඩංගුවට ගන්නා ලද අතර ඒවා කැලුම් නොහොත් කැවුමා විසින් බන්ධනාගාරය තුළ සිට සිදුකළ මෙහෙයුමක් බවට ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ. අහංගම පොලීසියේ ස්ථාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබිණි.

මදුෂ්ගේ වැලිගම ලයින් එක අල්ලා ගැනීමේ එක් පියවරක් වශයෙන් අංගොඩ ලොක්කා ක්‍රියාත්මක වෙයි. එසේම, අංගොඩ ලොක්කාට වැලිගම දියඹට පැමිණි යාත්‍රාවක තිබු කුඩු කිලෝ 150ක් සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුව දී තිබුණේ සන්ෂයින් සුද්දා බවට අංගොඩ ලොක්කා දැනගෙන ඇති බැවින් මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇතැයි යන්න ප්‍රදේශයේ ජනතාව අතර පවතින තවත් කතාවකි. පොලීසියට ඔත්තුවක් ලැබීමෙන් පසු මෙහෙයුමක් සිදු කළ ද දියඹේ නවතා තිබු එම බෝට්ටුවේ මත්කුඩු තිබී නැති බව සඳහන් වෙයි.

“ගේමක් ගහමු”
මිදිගම නදුන් චින්තක වක්‍රමරත්න නොහොත් “හරක් කටා” මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමේ සහ බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට එළියට ඇවිත් සිටිය දී මේ කොන්ත්‍රාත්තුව භාර ගත්ත්තේය. මොහු රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණ කොරෝනා වසංගතය පැවැති දිනවලින් පසු දක්නට නොලැබුණු බව එම ප්‍රදේවාසීන් සඳහන් කරති.
ඔහු වැඩේ භාර දෙන්නේ අතුරුගිරියේ ජෙරා නැමැත්තාටය. ජෙරම්, අංගොඩ ලොක්කාගේ වෙඩික්කරු බවද සඳහන් වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්  විසින් වැලිගම පොලිස් වසමේ තුන්මෝදර පාලම අසල දී ජෙරම් කෝලිත ද සිල්වා නොහොත් අතුරුගිරියේ ජෙරා නැමැත්තා අත්අඩංගුවට ගන්නේ ඉකුත් 03 වැනිදාය. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 34යි මිලග්‍රෑම් 200ක ප්‍රමාණයක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

“අතුරුගිරියේ ජෙරා” යනු කවුරුන්ද?
යුද හමුදා විශේෂ බළකායට අනුයුක්තව වසර 10ක පමණ සේවා කාලයක් අවසන් කළ මොහු 2013 වර්ෂයේ දී යුද හමුදාවෙන් පලා විත් එකතු වන්නේ පාතාල ලෝකයේ අයියා කෙනෙකු ළඟය. ඔහු යුද හමුදාවේ සේවය කළ කාලයේ මීටර් සීය කෙටි දුර ධාවනය කෙටිම කාලයකින් අවසන් කිරීම සමබන්ධයෙන් ශ්‍රී ලංකා වාර්තාවක් ද තබා තිබෙන දක්ෂ ක්‍රීඩයකු බවද එම ලංකා වාර්තාව මෙතෙක් කිසිවකු හෝ බිඳ දමා නොමැති බව පොලීසිය පවසයි. තවමත් 34 හැවිරිදි වියේ පසුවන මොහුට වෙඩිතැබීම්, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම්, කොල්ලකෑම් හැරුණු විට ඔහුගේ නම කියැවෙන වෙනත් යමක් නොමැති බව පොලීසිය කියයි.

ඉකුත්  සමයේදී පාතාල ගැටුම් හේතුවෙන් වඩාත් උණුසුම් වූයේ කොළඹ මරදාන අලුත්කඩේ ප්‍රදේශය සහ කඩුවෙළ, මාලඹේ, අතුරුගිරිය යන ප්‍රදේශයන්ය. මාලිගාවත්ත ව්‍යාපාරිකයකු වූ  රිස්වාන්ගේ ජීවිතය වෙනුවෙන් කොස්මල්ලිගේ ජීවිතය ලබා ගැනීමට මදුෂ් උත්සුක වූ බව කවුරුත් දන්නා කතාවකි. කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළ අවසන් ගමන් ගිය සමයංගේ ගෝලයකු මෙන්ම කොස්මල්ලී සමීපව ඇසුරු කළ තලගලගේ නිමල්සිරි නොහොත් “පොඩි සුදු” අතුරුගිරිය ගල්වරුසාව පාරේදී වෙඩි කා මිය යන්නේ ඉකුත් 2019 වර්ෂයේ මාර්තු මස 19 වැනිදාය. මෙම සිදුවීමෙන් සතියකට පසු එනම් මාර්තු 26 වැනිදා අලුයම මාලඹේ ජොතිපාල මාවතේ පිහිටි සූජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගල මහතාගේ  නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි. මෙම නිවස ඉලක්ක කර වෙඩි 18ක් තබා තිබූ බව පොලීසිය කියයි. මෙම සිදුවීම් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නේය. එහි ප්‍රධානතමයා වන්නේ ජෙරාම් කෝලිත ද සිල්වා නොහොත් “ජෙරා” ය. මේ සැකකරුවන් අතර, බුලත්සිංහලගේ ප්‍රදීප් මධුසංඛ කුරේ නොහොත් “ඈෂ්ලි” නානායක්කාරලාගේ කාවින් ද ඉසුරු නොහොත් පූට්ටුවා සහ වැලිවිටයාගේ නිලන්ත කුමාර නොහොත් ආනා යන අයවලුන් ද වෙති. මොවුන් සියලු දෙනාම අංගොඩ ලොක්කාගේ සුවච කීකරු ගෝලයන් බව පොලීසිය පවසයි. අංගොඩ ලොක්කා කෙලින්ම සිය ඕඩර් මොවුන්ට ලබා දෙන්නේ නැත. ඒ සඳහා ඔහු ළඟ ලඩියා මෙන්ම මධුරංග වැන්නවුන් සිටින බව සියල්ලෝම දනිති.

“පොඩි සුදු” ඝාතනයෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත වන අංගොඩ ලොක්කාගේ වෙඩික්කුරු වූ ජෙරා මීට දින කිහිපයකට පෙර ඇප මත එළියට පැමිණ නැවත වැඩ අරඹන්නේ වැලිගම සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව භාරගෙනය. අතුරුගිරියේ සිට සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමට එන ජෙරාට ප්‍රවාහන පහසුකම් සපයා ඇත්තේ තලංගම පොලීසියේ කොස්තාපල්වරයෙකි. මේ වන විට එම පොලිස් කොස්තාපල්වරයා ද පොලීසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර ඇති අතර, තමන්ගේ පාසල් මිතුරකු වන ජෙරම් උදව්වක් ඉල්ලූ නිසා මාතරට වාහනයෙන් ගෙනත් ඇරලූ බව පොලිස් කොස්තාපල්වරයා සඳහන් කර ඇතැයි විමර්ශකයෝ කියති.

ජෙරාගේ වෙඩිල්ලට වඩා සන්ෂයින් සුද්දාගේ ජීවිතය බලවත් විය. අනූනවයයි දශම නවයෙන් ජීවිතය බේරාගත් සන්ෂයින් සුද්දා ගැන අද වන විට මුලු රටක් කතාබහට ලක් කර ඇත. හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළෙඳපොලේ බලය තහවුරු කර ගැනීමත්, අධික ලාභයත් හේතුවෙන් ඉක්මන් ගමන් යන පාතාලයන් අවසන නතර වන්නේ බන්ධනාගාරයෙනි. නොඑසේනම් නැවත නොඑන්නට එළොව ගොසින්ය. තවමත් හිරිමල් යෞවන වියේ පසුවන මොවුන් “අයියා“ කෙනෙකුට වැඩ කරමින් අයියලාට නතු වෙමින් සිට තවත් අයියා කෙනෙකුගේ ගෝලයකු අතින් සඳහටම ලොවින් නික්මෙන්නේ ජීවත්ව සිටිය දී සමාජයෙන් ශාප විඳිමින්ය. පාතාලය වර්ධනය වන්නේ අවශ්‍යතා අනුවය. ලොව ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් සම්බන්ධයෙන් විමසා බැලීමේ දී ඒ ළඟටවත් යාමට අපේ මේ අයියලාට නොහැකිය. බන්ධනාගාරයක සිට ජංගම දුරකතනයෙන් එළියේ සිටින තම ගෝලබාලයන්ට වැඩ භාර දෙන අයියලාගේ මේ මල්ලිලාගේ සෙල්ලම් පිළිබඳව අපි ඉදිරියේදිත් විමසිල්ලෙන් සිටිමු.

(*** විමුක්ති කුමාරසිංහ)

 



අදහස් (4)

සන්ෂයින් සුද්දා - මදූෂ් - හරක් කටා ගැන කතා

rana Friday, 19 June 2020 09:40 AM

අප්පච්චියේ විමුක්ති කුමාරසිංහ දන්න දේ? මෙයා පොලිස්පති කරමු.

:       115       114

විජේ Friday, 19 June 2020 02:17 PM

ඇයි රනා, අවුල්ද? එහෙනං ඔයා ලියන්නකො ආටිකල් එකක් යාලු.

:       0       0

janabala Sunday, 21 June 2020 09:16 AM

මේ තිදෙනාම පාර්ලිමේන්තුවට පත්කළ යුතුය... හොඳින් හෝ නරකින් රට පාලනයට දායක වනු ඇත.

:       0       0

Anura Friday, 19 June 2020 01:18 PM

මට නම් මෙතන පුදුම වෙන්න තියන එකම දේ තමයි පාතාලයින් දරුණු අපරාධ කරලා පොලිසියට අහුවෙලා උසාවී දැම්මම කොහොමද සති දෙකෙන් ඇප ගන්නේ කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site