X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


සාපෙළ දරුවන්ට නොමිලේ උගන්වන අකුරම්බොඩ ‘රෑ ඉස්කෝලේ’

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයට අයත් අකුරම්බඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ ඉගෙනුම ලබන මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසු සිසුවියන්ට විද්‍යාලයේ රාත්‍රී කාලයේ නේවාසිකව නොමිලේ ඉගැන්වීම් කටයුතු කරන අපූරු සිද්ධියක් වාර්තා වේ.

මාතලේ වීර කැප්පෙටිපොළ විද්‍යාලයට රාත්‍රීයේ ගිය අවස්ථාවේ දී සිසු සිසුවියන් 160කට වැඩි  ප්‍රමාණයක් මෙහි  ඉගෙනීම් කටයුතුවල නිරතව සිටින අයුරු දැකගත හැකිවිය.

වසර පහක පමණ කාලයක සිට විද්‍යාලයේ නේවාසිකව දරු දැරියන්ට නොමිලේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම විශේෂත්වයකි. උදෑසන පාසල් වෙලාවේ පාසල් අධ්‍යාපනයත් පසුව පස්වරුවේ දරුවන් බාහිරව පන්ති වලින් ලබාගන්නා දැනුම විද්‍යාලයේ ගුරුවරුන් විසින් උපකාරක පන්ති ලෙස පැවැත්වීම මෙන්ම රාත්‍රී පැය ගණනාවක් ප්‍රශ්න පත්තර පිළිබඳව ගැටලු සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියක් මෙම විද්‍යාලයේ ක්‍රියාත්මක වෙයි.

විද්‍යාලයේ ඇති පහසුකම් යොදාගෙන මව්පියන්ගේ ආහාර පමණක් ලබාගෙන දරුවන් නේවාසිකව මෙයාකාරයෙන් ඉගැන්වීම් කටයුතු කරන බව  විදුහල්පති  ඩී.ජේ.එස්.ජයසිංහ මහතා අප සමඟ පැවසීය.

එමෙන්ම මෙහි විශේෂත්වයක් වන්නේ විදුහල්පතිවරයා විසින් මෙම දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමය. විදුහල්පතිවරයා පැය 24 පුරාම දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරමින් විද්‍යාලයේ රැඳී සිටිමින් පරිපාලන කටයුතුවලට අමතරව දරුවන්ට දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ගණිතය විෂය ඉගැන්වීමේ කටයුතු නොමිලේ සිදු කිරීම විශේෂත්වයකි.

දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසලක් ලෙස නම් දරා ඇති අකුරම්බඩ වීර කැප්පෙටිපොල ජාතික පාසල මේ වනවිට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකොට මේ වන විටත් විද්‍යාලයේ තරග ඉසව් කිහිපයක ජාතික තලයේ වාර්තා පිහිටවූ සිසුන් ඉගෙන ගැනීම විශේෂත්වයකි.

නේවාසිකව සිටින සියලු සිසු සිසුවියන් දැඩි විනයක් ඇතිව කාලසටහනක් අනුව පැය 15 කට වඩා වැඩි කාලයක් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සියලු අධ්‍යාපන ගැටලු පිළිබඳව විද්‍යාලයේ ගුරුවරුන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඉගැන්වීම් කටයුතුවල නිරතව සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉහළ සාමාර්ථයක් සිසු සිසුවියන්ට අත්කර දීම තම එකම අරමුණ බව විදුහල්පතිවරයා සඳහන් කළේය.

ඉතා සංවේදී වූ විදුහල්පතිවරයා කියා සිටින්නේ ගුරුවරයකු වූ තමන් සමාජයට යහපත් පුරවැසියකු බිහි කිරීමේ උදාර කාර්යයට උර දී සිටින බවය.



අදහස් (14)

සාපෙළ දරුවන්ට නොමිලේ උගන්වන අකුරම්බොඩ ‘රෑ ඉස්කෝලේ’

Raveendra Friday, 01 December 2017 12:26 PM

මුදල් පසුපස හබායන සමාජයක ඔබගේ කැපවීම අප අගයකරන්නෙමු. තවද දරුවන්ගේ ඇස් පෑදීමට ඔබ ගන්න උත්සාහයට නිසි ප්‍රතිපල ඔබ ඇතුළු සියල්ලෝටම ලැබෙනු ඇත.

:       0       604

duminda Friday, 01 December 2017 12:39 PM

දිසාපාමොක් පරපුර

:       0       155

චන්දන Friday, 01 December 2017 01:59 PM

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගුරුදෙවියන් ලෙස පැවසිය හැක්කේ මොවුන් වැන්නවුන්ටය. මෙවන් ගුරුවරුන්ට මෙලොව මෙන්ම පරලොවද යහපත සැලසේ. මුදල් පසුපසම හඔායන ගුරුවරුනි, ඔබේ දැනුම ද මෙලෙස සුළු වෙලාවකට හෝ දරුවන්ට ලබාදීමට ඔබේ හදවත උණුවේවා !!!.

:       0       404

kalpa Friday, 01 December 2017 02:05 PM

පාසලේ නමටම ගැලපෙන ගුරු පිරිසක් සිටීම ගැන අපේ ප්‍රණාමය පුදකරමි. මම පොඩි කාලෙත් අපිට හිටියා කේ ඊ හීන්මහත්තයා කියලා මෙවැනිම ගුරු පියෙක්...

:       0       354

abaran Saturday, 02 December 2017 01:18 AM

ටියුෂන් පන්තියක් දමා ගත්තා නම් ගෝල බාලයෝ වැඩි කරගෙන පාර්ලිමේන්තුවටත් යන්න තිබුනා.. දැන් ඔය ඉන්න සමහරු වාගේ..

:       0       57

anura rahal Saturday, 02 December 2017 03:10 AM

අපේ පාසල දෙමාපියන් ආදී සිසුන්ගේ දේශපාලනය නිසා ඇද වැටී ඇත. පාසලේ තිබු ප්‍රධාන ගොඩනැගිල්ලද අහිමි කරගෙන ඇත. ඔවුන්ගේ දේශපාලනයෙන් දරුවන්ට වෙන යහපතක් නොවෙන බව මේ මුග්ධ මිනිසුන්ට තේරුනේ නැහැ. දකුණේ අපගේ ආගම දේශපාලනය වී ඇත. ඒ රතු, කොළ, නිල් වශයෙනි. අද ඔවුන් වැස්සට තෙමිතෙමී එම බාගෙට නිම වූ කණු අතරේ රැස්වීම් පවත්වන අයුරු අපි කණගාටු වුවත් දෙමාපියන්ට ආඩම්බරයකි. ඒ තම දේශපාලනය ජයගෙන ඇති බව සිතමිනි.

:       0       52

Amaranath Saturday, 02 December 2017 04:38 AM

මෙය ඉතාමත් වටිනා කාර්යයක්..

:       0       54

Thilak Melbourne Saturday, 02 December 2017 06:39 AM

මේකට ප්‍රචාරය පමණක් මදි... සම්මානයක් දී අගය කල යුතුය... තවම එක්කෙනෙක්, දෙන්නෙක් හරි නියම ගුරුවරු ඉන්න එක ගැන සතුටු යි...

:       0       251

kumar (gulf) Saturday, 02 December 2017 10:27 AM

දරුවන් කෙලසන ගුරුපරපුරක් ඉන්නා රටක.. මේ විදුහල්පතිතුමා හා ගුරුවරුන් ලැබීම දරුවන්ට කප්රුකක් සේය. ඔබ තුමන්ලාට ජයශ්‍රී !!!

:       0       155

samapriya Saturday, 02 December 2017 05:21 PM

මේ දරුවන්ට ළමා කාලයක් නැත්ද? පාසල් කාලය තුල උගන්වා අවසන් කල හැකි විෂය නිර්දේශයක් සකස් කර ගැනීමට බැරි තරම් අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය අසමත් වී ඇත්තේ ඇයි? මේ තරම් ඉගැන්වුවත් ලංකාව සැමදාම තුන්වන ලෝකයේ රටක් වී ඇත්තේ ඇයි? ලංකාව තාක්ෂණයෙන්, අධ්‍යාපනයෙන් ඉදිරියට නොයන්නේ ඇයි? මේ ළමයි විභාගයෙන් සමත් වූවත් ජීවිතයෙන් අසමත් නොවී ඉඳියිද? මේ ගුරුවරු සහ විදුහල්පති මානසික වෛද්‍යවරයෙකුට නොපෙන්වන්නේ ඇයි?

:       151       101

abaranSunday, 03 December 2017 09:31 PM

ඔයාට මේ ඉස්කෝලේ ළමයින් සහ විදුහල්පති ගැන පමණක් එසේ සිතෙන්නේ ඇයි? මේක ලංකාවටම අදාලයි නේද?

:       0       0

STPMonday, 04 December 2017 03:11 AM

මුකුත්ම නැති දුප්පත් ළමයට මේක අග්‍ර පලයක්. ඔයා හිතනවා ඇති කොලඹ විදියට. එක තමය ඇත්ත. මේ දරුවෝ දවලට කුඹුරු කොටනවා. ඔයා කියන දෙයත් මම හොදටම දන්නවා.

:       0       0

STP Monday, 04 December 2017 03:17 AM

මුදලට යටවුන සමාජයක මේක සම්මානයට පත්විය යුතුම දෙයක්. මෙම ගුරුවරුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයද සාර්ථක වේවා !!!!!!!!!!!!!

:       0       0

kapila Monday, 04 December 2017 03:48 AM

ඉතා යහපත් ක්‍රියාවක්. 3 වන ලෝකයේ රටක් වෙන්න හේතුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලොකු වැරැද්දක් නෙමෙය්. එ්කට ප්‍රධානම හේතුව පාර්ලිමේන්තු දේශපාලනයේ අද ඉන්න පාලකයන්. මේ රටට ගැලපෙන සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා වෙනුවට පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කටයුතු කිරීමට දේශපාලකයන් කටයුතු කරනවා.. ඒ වෙනුවෙන් ඡන්ද දායකයන් විදියට ඔබත් පෞද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලනය කරනවා. එකී මේරට තවමත් 3වන ලෝකේ රටක් වෙලා ඉන්නේ.. එකතු වෙමු රට වෙනුවෙන් වැඩ කරන්න දේශපාලකයන්ට බල කරමු. පාර්ලිමේන්තුවේ සිටින 225ත් ට රට වෙනුවෙන් වැඩ කරන්න බල කරමු රට ඉදිරියටමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site