ජේසුස් වහන්සේගේ උපත ලෙස සලකන දිනය නත්තලයි. කතෝලික බැතිමතුන් මේ දිනය හඳුන්වන්නේ ලෝකයට සාමය බෙදාදීමට පැමිණි කුමරාගේ උපන් දිනය ලෙසයි. සාම කුමරාගේ උපන්දිනය සිහිපත් කරන ආකාරය නිවැරදිද, මා බෞද්ධයෙකි, උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධයෙකු වන අයෙක් නොවෙමි. මා බෞද්ධයකු වුවත් මාගේ හෘදයාංගම භක්තියක් තිබෙන මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන්ගේ නත්තල් පණිවිඩයට සවන් දුනිමි. උන්වහන්සේ නත්තල් දින කඳාන දේවස්ථානයේ සිට ප්‍රකාශ කළේ නත්තල් පණිවිඩය පැමිණිය යුත්තේ නිවැරදි යහපත් ගුණගරුක හදවත් තුලින් මිස වටිනා ඇඳුම් පැළඳුම් වලින්වත්, නත්තල් ගස්වලින්වත්, කාබී විනෝදවීමෙන්වත් නොවන බවයි. කෙනෙකු තවත් කෙනකු දෙස මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් උපේක්ෂාවෙන් බැලිය යුතුය.
එවිට ඒ දෙදෙනා තුල ඇතිවන්නේ සතුට, සාමය, සමාදානය බවයි. මා මේ සටහන තැබීමට හේතුව වූයේම කාදිනල් පියතුමාගේ සත්‍ය දකින සත්‍ය ප්‍රකාශකරන චරිතාප්‍රදානය දෙස කීපවිටක් බැලූනිසාය. විටෙක මා සතුටට පත්වන්නේ ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් කතෝලික ආගමේවත් ආගමික නායකයෙකු සතු යහපත් ගුණගරුක නිහතමානී ආගම් බේදයින් තොර හිමිපාණන් කෙනෙක් අප මාතෘ භූමියෙහි සිටීම පිළිබ`දවයි. තවත් විටෙක මා බෞද්ධයෙකු වශයෙන් කණගාටුවෙන්නේ මෙවැනි නිර්ලෝභී නිකෙලෙස් අදහස් ඇති බෞද්ධ ආගමික නායකයින් නොදකින එකයි. (අප්රසිද්ධව සිටිය හැක) මුළු ලෝකයේම නත්තල් සැමරුම් තිබුණත් වෙසක් දිනය උත්සවත්ශ්‍රීයෙන් සමරන්නේ ශ්‍රී ලංකාවේ පමණක් බව මාගේ හැගීමයි. මේ සත්‍ය අවබෝධ ඥානයෙන්ම අවංකව දන්න නිසයි. මහානායක හිමිවරු රටේ නායකයින් ඉදිරියේ ලොවටම ලෝභයෙන් තොරව කාදිනල් පියතුමා ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන බෞද්ධ දේශයක් බව පිලිගත යුතු ලෙසය. මුතු ඇටය යැයි කියූ ශ්‍රී ලංකාව අබ ඇටයක් තරම්වත් ප්‍රතිපත්තියක් සංහිඳියාවාක් නොදකින වෙලාවක මැල්කම් කාදිනල් රංජිත් පියතුමාණන් වැනි ආගමික නායකයෙක්වත් සිටීම ලක්මාතාවට ඉමහත් ගෞරවයක්ය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැබෑ නත්තල් පණිවිඩය
ටෙනිසන් Thursday, 29 December 2016 02:08 AM
හොඳ ලිපියක් (නි)