X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


සැමියා රෝද පුටුවේ බිරිඳ පෙම් කෙළියේ

20_PAGE_04_RASA 

 

හැම ආදර කතාවක් වගේම චානකගෙත් පවිත‍්‍රාගෙත් ආදර කතාවටත් හුඟක් සුන්දර මතක සැමරුම් එකතුවක් තිබුණාද කියන්න අපි දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ සුන්දර මතක සැමරුම් විඳින්න ඔවුන්ට අවස්ථාවක් නොතිබුණා වෙන්න පුළුවන්. මේ ඔවුන්ගේ කතාව.

 


පවිත‍්‍රා චානක සමඟ විවාහ වුණේ විවාහ යෝජනාවක් මඟින්. පවිත‍්‍රාට විවාහවීමට ඒ තරම් අවශ්‍යතාවක් සහ ආශාවක් තිබුණෙ නැහැ. එහෙත් මව්පියන්ගේ වචනවලින් බේරෙන්නට බැරිම තැන ඇය ඒ සඳහා ඉදිරිපත් වුණා. චානක වෘත්තියෙන් ඉංජිනේරු සැලසුම් ශිල්පියෙක්. තලෙළු කෙට්ටු සිරුරකට උරුමකම් කී ඔහු සැබවින්ම කාර්යශූර පුද්ගලයෙක්. ඔහු තමන්ට පැවරුණු  ඕනෑම රාජකාරියක් නොපැකිළිව ඉටු කළා.


චානකගේත් පවිත‍්‍රාගේත් විවාහයෙන් පසුව චානකටදාව පවිත‍්‍රාට දරුවකුද ලැබුණා. ඔවුන් අතර බැඳීම ශක්තිමත් වුණේ ඔවුන්ගේ දරු උපතත් සමඟින් කිව්වොත් නිවැරදියි. ඉන් අනතුරුව තමයි පවිත‍්‍රාගේ කැදැල්ලේ සතුට එන්න එන්නම වැඩිවුණේ.

5656
චානක සහ පවිත‍්‍රා සිටියේ චානකගෙ මහගෙදර, චානකගේ පියා මියගියේ චානක තරුණ අවධියේමයි. එතැන් පටන් ඔහුව බලා ගැනුණේ ඔහුගේ මව විසින්. චානක මේවගේ ලොකු තත්ත්වයකට ගෙන එන්න සියළු කැපකිරීම් කළේ ඇයයි. රජයේ ආයතනයක ඔහු හොඳ තනතුරක් දැරූ නිසා ඔහු අලූතින් නිවසක්ද ඉදි කරන්න පටන් ගත්තා.


එසේ අවුරුදු දෙක තුනක් ගෙවී ගොස් චානක විසින් ඉදි කරනු ලැබූ නිවසෙහි වැඩකටයුතු අවසාන වුණා. නමුත් ඒ වන විට ඔහුගේ මවත් ජීවතුන් අතර හිටියෙ නැහැ.


ඒ සියල්ලත් සමඟින් ඔවුන් මහගෙදරින් ඉවත්ව අලූත් නිවහනට ගියා. අලූත් නිවස සාදා තිබුණේද පැරණි නිවසට මීටර් 200 පමණ දුරකින්. එහි තිබූ බඩු භාණ්ඩ සියල්ලක්ද ඔවුන් අලූත් නිවහනට ගෙන ගියා. එසේ දින සති මාස ගෙවී ගියා. දිනක් පවිත‍්‍රා චානකට අලූත් යෝජනාවක් ගෙනාවා.


‘‘ඔයාගෙ මහගෙදර දැන් කව්රුත් නෑනේ... ඒ නිසා ඒ ගෙදර බෝඩිමකට දුන්නොත් හොඳයි නේද? පවිත‍්‍රා දෙවරක් නොසිතාම චානක දෙස බලා පැවසුවා.
ඒවා බෝඩිම්වලට දීලා ගෙදර විනාශ කරයි... චානක පවසා සිටියේ දැඩි අකමැත්තකින්.


ගෙදර විනාශ කරන්න අපි ගන්නෙ පොඩි උන්යෑ... ලොකු කට්ටියනෙ...


හ්ම් බලමු බලමු...


රජයේ රස්සා කරන කව්රුන්හරි ගනිමු...


ඔය ගෙවල් නිකං තියෙනවට වඩා හොඳයි කව්රුහරි නතර කරන එක... නැත්තම් ඔය ගෙවල් පාළුවට යනවා... කුලියට දුන්නම කීයක් හරි හම්බකරගන්නත් පුළුවන්නේ....


පවිත‍්‍රාට ඇත්තටම උවමනා වුණේ මහගෙදරට බෝඩිම්කාරයෙක් ගෙනැත් එයින් ආදායමක් ලබා ගැනීම... ඇය ඒ ගැන කියා දිගින් දිගටම චානකට පෙරැුත්ත කරන්න වුණා.


ඔයාගෙ කතාව හරි... චානකද පවිත‍්‍රාගේ කතාවට එකඟතාව පළ කළා.


ඉන් අනතුරුව නිවසේ නැවතීම සඳහා බොහෝ දෙනෙක් පැමිණියද චානක ඒ කිසිම කෙනෙකුට කැමැත්ත ප‍්‍රකාශ කළේ නැහැ.


එලෙසට ටික කලක් ගතවෙද්දී ඔවුන්ගේ නිවසේ නවාතැන් ගැනීම සඳහා තරුණ ගුරුවරයකු පැමිණියා.. ඔහු තමයි ගාමිණි. ඔහු පාසලට අලූතින් පත්වීමක් ලබා පැමිණි අයෙක්. චානක ඔහුව නවතා ගැනීමට අකමැත්තක් දැක්වුවේ නැහැ. බැලූ බැල්මටත් ගාමිණීගේ අහිංසක ප‍්‍රියමනාප බවක් දක්නට ලැබුණා.
ඔහුට පත්වීම ලැබූ පාසල පිහිටා තිබුණේද චානකලාගේ නිවසේ සිට මීටර් 800 පමණ දුරකින්....


ඒ විදියට දින සති මාස කෙමෙන් කෙමෙන් ගතවෙද්දි චානකලාගේ බෝඩිමේ නතර වෙන්න ආව ගාමිණි ඔවුන්ගේ නිවසේම කෙනෙක් වුණා. ඔවුනොවුන්ට විවේකයක් ලැබුණු සෑම අවස්ථාවක එකට එකතු වී සුහද පිළිසඳරෙහිද යෙදුණා.


ඒ ඇතැම් දවසක ගාමිණි කෑම පවා ගත්තේ චානකලාගේ නිවසින්.


පවිත‍්‍රාත් චානකත් සතුටින් යුක්තව කල්ගත කළා. ඔවුන් දෙදෙනාගේ අවශ්‍යතා ගැන ඔවුනොවුන් සැලකිලිමත් වුණා. මුලදී පවිත‍්‍රා චානකට අකමැති වුණත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් දෙදෙනාම දැඩි ආදර ස්නේහයකින් බැඳිලයි හිටියෙ.


දරුවාගේ වැඩත්, නිවසේ වැඩත් සියල්ල ඉටු කරමින් පවිත‍්‍රා නිවසට වී කල්ගත කළා. චානකත් ඇයට අවශ්‍ය හැමදේම සහ නිවසට අවශ්‍ය සියලූ දේ නොපැකිලිව ඉටු කළා.


චානකගේ ජීවිතයේ ඉරණම සිදුවුයේ මේ අතරවාරයේ.... තම දරුවා පාසලට ඇරලූ චානක සුපුරුදු පරිදි තම කාර්යාලය බලා පිටත් වෙමින් හිටියා. ඒ යන අතරතුර බස් රථයක් ඉස්සර කිරීමට ගිය ඔහු ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටුණා.


ඉන් ලිස්සා ඉදිරියට ගිය චානකගේ දෙපා ටිපර් රථයේ රෝදවලට හසුවුණා. අනතුර දැක එතනට රැස් වූ පිරිස් ඔහුව වහාම රෝහලට රැුගෙන ගියත් ඒ වන විටත් ඔහුගේ දෙපා සම්පූර්ණයෙන් බිඳිලයි තිබුණේ.


සිද්ධිය ආරංචි වුණු සැණින් රෝහල වෙත ගිය පවිත‍්‍රාට දැක ගත හැකිවුණේ සිහිසුන්ව ඇඳ වැටී සිටින චානක. එය දුටු පවිත‍්‍රාට අදහාගත නොහැකි වුණා. දැඩි සේ ශෝකයට පත් වූ ඇය පිස්සියක මෙන් හඬා වැළපෙන්න පටන් ගත්තා.


මරුවාගේ කටින් ගොඩ ඒමට චානකට හැකි වූ නමුත් ඔහු සදාකාලික අබ්බගාතයෙක් බවට පත්වූණා.


මාස ගණනාවක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගත් ඔහු නිවස වෙත රැගෙන ගියා. චානක රෝහලේ සිටින කාලය පුරා ගාමිණි ඔහුව බලන්න නිතරම ආවා ගියා. ඔහුට සුව වූ පසුවද නිවසට රැුගෙන ආවේ ගාමිණී....


නිවසට රැුගෙන ආ චානක රෝද පුටුවෙන් යන විට පවිත‍්‍රාට ඇතිවුණේ දැඩි සිත් වේදනාවක්. කර කියා ගත හැකි දෙයක් නොමැතිව ඇය කල්පනා කරන්න වුණා. තම දරු පැටියාත් තුරුළු කරගෙන පපුවෙ පත්තුවෙන ගින්දරත් එක්ක ඇය නොමැරී තමයි ජීවත් වුණේ. අහස උසට මාලිගා තැනුවත් ඒවා කැඞී වැටෙන්නට ගියේ තත්පර ගාණයි.


චානක සදාකාලික අබ්බගාතයකු වූ බැවින් මාස්පතා වැටුපක් ඔහුට ලැබුණා. චානකගේ වැඩත්, දරුවාගේ වැඩත් හැමදේම ඉටු කරන්න වුණේ පවිත‍්‍රාට..... ඒ සෑම කාර්යක්ම ඇය ඉතා හොඳින් ඉටු කළා. කිසිම දේකින් අඩු පාඩුවක් කළේ නැහැ.


චානකට ලැබුණු වැටුප් ප‍්‍රමාණයද ඒ සඳහා ප‍්‍රමාණවත් වුණා. චානකගෙ අනතුරත් සමඟ පවිත‍්‍රාට ජීවිතයේ තනිකමක්, අසරණකමක් දැනෙන්න වුණා. වයස අවුරුදු 26ක් වුණු පවිත‍්‍රා හිටියෙ තරුණ වයසෙ.


ඉඩක් ලැබුණු හැම වෙලාවකම චානකගෙ ලෙඩදුක් බලන්න ගාමිණි නිතරම ආව ගියා. අඩුපාඩු හැමදේම සොයා බැලූවා. දරුවාගේ වැඩකටයුතුත් හොඳින් සොයා බලා ඉෂ්ඨ කළා. හැම පැත්තකින්ම ඔවුන්ට උදව් කළා.


ගාමිණිගේ මේ හිවත්කම පවිත‍්‍රාට ගෙන දුන්නෙ ලොකු සතුටක්... තරුණ කඩවසම් පුද්ගලයෙකු වූ ගාමිණි තාම අවිවාහකයි. ඔහුට දෙවරක් හැරිලා බලන්න පුළුවන් තරමේ පි‍්‍රයමනාප සිත් ඇඳගන්නා සුළු පෙනුමක්ද තිබුණා. ගාමිණි කෙරෙහි පවිත‍්‍රාටද තිබුණෙ දැඩි කැමැත්තක්... ඒ ඔහුගෙ තිබුණු පෞරුෂත්වය නිසා.


දින සති එසේ ගතවෙද්දි ගාමිණිගේත් පවිත‍්‍රාගේත් හිතවත්කම ආදරයක් දක්වා පෙරළුණා. අවසානයේදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ගොඩක් දුර ගිහින් තිබුණා.


ගාමිණි සහ පවිත‍්‍රා අඹු සැමින් ලෙස ජීවත්වීමේ පුවත චානකටද ආරංචි වීමට ගතවුණේ ඉතා ටික කලක් පමණයි.


චානකටදාව පවිත‍්‍රාට උපන් පුතා ගිහාන් මේ වෙද්දි කොළඹ පාසලක නේවාසිකව අධ්‍යාපනය ලබනවා. චානක තවමත් රෝද පුටුවෙන් ඇවිදිමින් ජීවිතය හොයනාව. මේ කතාවෙ විදිහට පවිත‍්‍රා වරදකාරියක්. ඇය වරදකාරියක් වෙන්න හේතු බොහෝමයක් තියෙනවා. ඒ කොහොම වුණත් හැඟීම්වලට ඉඩදීලා ආශාවන් එක්ක ජීවිතේ ගෙවන්න උත්සාහ කරන්න එපා කියලනම් පවිත‍්‍රලාට කිව යුතුමයි.
නම් ගම් මන:කල්පිතයි.

m



අදහස් (0)

සැමියා රෝද පුටුවේ බිරිඳ පෙම් කෙළියේ

ඉන්දික Thursday, 25 June 2015 09:19 AM

සම්ප්‍රදාය අනුවයි මෙතන ගැහැණිය වැරදි කාරියක් කර තිබෙන්නේ. එත් ස්වභාව ධර්මය මිනිස්සු හදාගත්තු සම්ප්‍රදායන් තකන්නේ නැහැ. ස්ව භාධර්මයේ නීති තේරුම් ගත්තු මිනිස්සුන්ට ලෝකේ බරක් කර ගන්නේ නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන්.(ම)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 25 June 2015 09:43 AM

මේ ලිපියෙන් අනියම් ඇසුර සාධාරණය කරලද කියලා හිතෙනවා පල විපාක පෙන්වා නොදී සිද්ධිය කීවට එය විසදුමක් නෙවෙයි. (ර)

:       0       0

ගාමිණී Thursday, 25 June 2015 11:13 AM

මේ වගේ කතාවක් කුරුවිටත් තියෙනවා. (ර)

:       0       0

ඉන්දික ගම්පහ Thursday, 25 June 2015 12:04 PM

වැපිරූ දෙය නෙළාගනීවි යම් දිනක (නි)

:       0       0

සමන් Thursday, 25 June 2015 12:33 PM

හරිම අනුවේදනීයයි. (ර)

:       0       0

උදිත් Thursday, 25 June 2015 08:06 PM

මේක ඉතාමත් සංකීර්ණ තත්වයක්. ස්වභාව ධර්මය අනුව අපි ආත්මාර්ථකාමියි. ඒ වගේම මගේ ජිවිතේ මගේ නමුත් අපි ජීවත්වෙන්නේ සමාජයක නිසා අපි සැවොම එක එකට බැඳිලා ඉන්න නිසා එම සමාජයේ නීති සහ රිති(ආගම, පිළිගත් සිරිත් විරිත්, සංස්කෘතිය, රටේ නීතිය සහ සොබාධර්මයේ නීති) ගරුකොට අපෙන් අන්‍යයන්ට වියයුතු දෙය ගැන අවබෝධයෙන් ජීවත්වීම තුළ අපේ ජිවිතත් අනිත් අයගේ ජීවිතත් අනවශ්‍ය කරදර නැතුව ගෙවා දමන්න පුළුවන්. (නි)

:       0       0

උදිත් Thursday, 25 June 2015 08:12 PM

මේකට හොඳම උත්තරය මා නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා මා මෙන්ම අනිත් සත්වයෝද නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන දේ තමා තුළ ප්‍රායෝගිකව පිහිටවා ගැනීම (නි)

:       0       0

තිෂානි Friday, 26 June 2015 05:36 AM

හරිම සාමාන්‍ය දෙයක්. නමුත් සෑම අඹු සැමි ආදරයක් තිබිලා නැහැ‍. දරුවො නිසා හරි අගහිඟකම් නැති නිසා හරි සතුටින් හිටියට බැඳිමක් තිබිලා නැහැ. එහෙම එකක් තිබුණා නම් වෙන මිනිහෙක් එක්ක ඉන්න බැහැ සැමිය රෝද පුටුවේ දුක් විඳිද්දි . සැමියා ගැලපෙන්නේ නැත්නම වෙන මිනිහෙක් එක්ක ගියාට කමක් නැහැ. ඔහුගේ වරදක් නැතුව මේ වගේ වෙලාවක එහෙම කළ එක වැරදියි.(ම)

:       0       0

පිටිගල මිලානෝ Friday, 26 June 2015 10:54 AM

උදිත් 'මා මෙන්ම අනිත් අයත් නිදුක් වෙත්වා' කියන්න ඔබ මොන තරම් නීරෝගීද? ඔබ පතන්නේ අනිත් සියලු දෙනාම ඔබ වගේ වෙන්න කියාද? ඉතින් ඔබ වගේ අනිත් සියලු දෙනාත් විය යුතුයි කියා කියන්නේ ඇයි? මා නම් ඔබ වගේ විය යුතු නැහැ. (ර)

:       0       0

සම්පත් -ඩුබායි Saturday, 27 June 2015 07:37 AM

ආදිකලේ පණ්ඩිතයෙක් කියපු කතාවක් මතක් උනා. වෙලාව ආවම ගැහැණිය වරදෙහි බැදෙනවා (නදී)

:       0       0

අජිත් කුමාර Sunday, 28 June 2015 10:33 AM

අනේ මන්දා මට කාටවත් වැරැද්දක් කියන්න බැහැ (බ)

:       0       0

බද්ධිකා Sunday, 28 June 2015 01:40 PM

ලකාවේ ගැනු සියයට හැත්තෑ පහක් ඔය විදියි. ටිකක් මිනිහ දුරස් උනොත් සල්ලි තිබුනට වැඩක් නැහැ.. සැමියා ජීවත් වෙද්දී මෙහෙම නටන ගෑනුන්ට සෞදි නීතිය වඩාත් ගැලපෙනවා..(අ)

:       0       0

දිනෙත් Tuesday, 30 June 2015 07:51 AM

කවුරු වුණත් අවස්ථාව ලැබුණාම අතහරින්නේ නෑ නේද එක තමා මනුස්ස ස්වභාවය (ම)

:       0       0

උපේක්ෂා ඉරෝෂණි Wednesday, 01 July 2015 02:54 AM

පවිත්‍රාගේ සිතේ ඇත්තේ සැබෑ ආදරයක් නොවේ. තමාගේ ආදරය ඔහුගේ ශරීරයට පමණක් සීමාකර ඇති බව පෙනේ. ඇයගේ ඇත්තේ ආධ්‍යාත්මික ආදරයක් නොව ලිංගික ආදරයකි. ලොව ජීවත්වන්නාට, යථාර්ථවාදීයාට වැදගත් වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. මෙවැනි අනියම් සබඳතා හුදු පහත් මිනිසුන්ගේ අණුවන ක්‍රියාවකි. බුදුදහමට අනුව ජීවත්වන්නෙකු මෙවැනි ක්‍රියාවන් නොකරයි. කරන කලට පව් මිහිරියි මී සේ. (නි)

:       0       0

ගයාන් Thursday, 02 July 2015 09:09 AM

කතාවනම් තේරෙනවා එත් මොකක්ද ප්‍රශ්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site