X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


සියනෑ පුරාවත

අස්ගිරි මහා විහාරයේ වැදගත්කම

ඉතිහාසය කරුණූ පිරික්සිමේ දී ගම්පහ පුරවරයට  හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. විටෙක වර්තමාන ගම්පහ පුරවරය සියනෑ කෝරළය ලෙස හඳුන්වා ඇත. තවත් විටෙක එය ප්‍රේෂර් ආණ්ඩුකාරවරයාගේ නමින් ප්‍රේෂර් ටවුන් ලෙස නම්කර  ඇත.

ගම්පහ ආසන්නයේම මිනුවන්ගොඩ  නගරය වේ. කෝට්ටේ රාජ්‍ය සමයේ නටඹූන් රාශියක් එහි දක්නට  ලැබේ. එනම්  සකල කලා  වල්ලභ රජු උඩුගම්පළ  සශ්‍රීක රාජධානියක් ලෙස පාලනය කර  ඇත්තේ  කෝට්ටේ යුගයේදී  බව මහාවංශ  තොරතුරු වල සඳහන් ව ඇත. සුවිශේෂී  භූවිෂමතා  ලක්ෂණ  වලින් හෙබි ප්‍රදේශයකි. ඒ යටගිය අතීතය සොයා යන ගමනේ මා  පළමුව නැවතුණේ අස්ගිරි පුජා භුමියේය .එය රජමහා  විහාරයකි. සියනෑ  කෝරළයේ දාසියපත්තුවට  අයත් පුදබිමකි.

උදාහිරු කිරණ අස්ගිරි පුජා භුමියටත් වැටි තිබුණි. මම තුරු සිදුරු  අතරින් ගලා එන හිරු කිරණේ චමත්කාරය විඳගත්තෙමි. ගල් පඩි දෙසියක්  තරම් වු දිගු පඩි පෙළක් අස්ගිරි කඳු මුදුනට  වැටී තිබුණි. දෙපසටම හරිත වර්ණ වු තුරුලතාවෝය.

කන්ද මුදුන තරණය කිරිමට  පෙර  කඳු පාමුල පිහිටි පුජා භුමිය නිරික්ෂණය කළෙමි. අක්කර හතළිහක පමණ සංඝාවාසය නවීකරණය කරන ලද සංඝාවාසය යන ආරාම සංකීර්ණය එහි විය.

මම හිමින් හිමින් ගල් පඩි තරණය කිරිම ආරම්භ කළෙමි. කඳු ගැටය පළමු මහලේ ප්‍රතිමා ගෘහයකි. එය  පියවර  තුනකින් නිමවා  ඇත. එනම් ප්‍රතිමා ගෘහයට  ඇතුළු වන ස්ථානය බැතිමතුනට  වන්දනාමාන කිරිම සඳහා  අලුතෙන් එකතු කර  ඇත.

සත් සතිය, විහාර වන්දනාව එහි  ඇති සිතුවම් වලින් කොටසකි. ප්‍රතිමා  ගෘහයේ අවසාන  කොටස පිහිටා ඇත්තේ ගල්ලෙන තුළය. එය ප්‍රතිමා වලින් පරිපුර්ණය. ගෘහය මැද සමාධි බුද්ධ ප්‍රතිමාවකි. වම්පස හිටි පිළිමයකි. දකුණු පස අභය මුද්‍රාව සහිත බෝධී සත්ව ප්‍රතිමාවක් සහ විෂ්ණු දේව ප්‍රතිමාවකි. බිත්ති පුරාවට ජාතක කතා  සිතුවම් කර  ඇත. ප්‍රතමා  ගෘහය නිරික්ෂණය කරන විට දැකගත හැකි වුයේ ජලය ලෙන අභ්‍යන්තරයට  ගලා  නොඑන ලෙස කටාරම් කොටා ඇති  අපුරුවය.

මම තුරු සෙවණේ විඩා  නිවා  හරිමින් ඒ සොබාදහම රස වින්දෙමි. ගෘහයට  ආසන්නව දේව පුජා පවත්වන තවත් ලෙනකි. මම ඉන් එහාට  ඇවිද ගියෙමි. අශ්වයකුගේ  රුව  කොටා  ඇති ගල්තලාවකි. එය ආරක්ෂා කිරිමට  ලී වැටක් ගසා තිබුණි.

කුරුලු කුජනය හැරුණූ කොට මිනිස් කටහඬක්  එහි නොවිය. මම අරලිය මල් පහස ලද ගල් පඩි  තරණය කරමින් නැවතත් ගමන ආරම්භ කළෙමි.

දෙවන මහළ කිරිසුදු පාටින් බබළන චෛත්‍යය වේ. ඒ අසලම බුදු ගෙයකි. චෛත්‍යයට  පිටුපසින් අනාදිමත් කාලයක සිට  මහා වෘක්ෂයක් සේ නැගී සිටින බෝධී  රාජයාණෝය.

එම නිහඬ පරිසරය භාවනාවට  නම් කදිමය.පරිසරයේ සිතල තුරුලතාවන්ගේ ලත් තිළිණියකි. මම යළිත් ගල්පඩි තරණය කරන්නට  වුවෙමි.

අස්ගිරි කන්ද මුදුනට  සියනෑ පුරවරයම මනහර  සිතුවමක් සේ දර්ශනය වේ. සිරි නැරඹීමට  සේම රජ කාලයේ නම් ඔත්තු බැලීමටත් කදිම ස්ථානයකි. මම අවට  පරිසරය නිරික්ෂණය කළෙමි. අලුතින්  ඉදිකළ විවෘත බුදු කුටියකි. තවත්  පසෙකින්  නිදන් හොරුන් හාරන ලද ගල් කුහරයකි. එහි  කුමක්  හෝ රහසක්  ඇතැයි  මට  සිතුණි.

වටාපිටාවේ  සිරි අසිරි බලමින්ම කදු මුදුනත් බෝධියත් අතර වු  අඩිපාර දිගේ පහළට  ගමන්  ගත්තෙමි. එහි  සුවිශාල ලෙනකි. යමෙකුට  සැඟවී  සිටීමට  කදිම ස්ථානයකි. එයද කටාරම් කොටා  තිබුණි.

බාහිර  පරිසරයෙන්  මිදුණූ  මා  අස්ගිරි පුරාණ රජමහා විහාරයේ  ඉතිහාසය සොයා  ගියෙමි. එහිදි  මහා  වංශයේ  සඳහන්  තොරතුරු සේම ජනප්‍රවාද කතා ද බොහොමයක්  දැන ගන්නට  ලැබිණි. 

අස්ගිරි  කන්ද හා  සම්බන්ධ තොරතුරු   අනුරාධපුර  , පොළොන්නරුව කෝට්ටේ සහ මහනුවර  යන යුගයන් හා  සම්බන්ධ වේ.

ජනප්‍රවාදයට  අනුව වලගම්බා  රජු සියනෑවේ  සැගවී සිටිමින්  සතුරාට එරෙහිව සේනා  සංවිධාන කළ ස්ථානයක් ලෙස අස්ගිරිය හඳුන්වා  ඇත. රජු සැඟවි සිටි ලෙන ලෙස මා  නිරික්ෂණ චාරිකාවේ දුටු  ලෙන හඳුනාගෙන ඇත.

පොළොන්නරුව අතර  රහස්  මාර්ගය පිහිටා  තිබි  ඇත්තේ  අස්ගිරිය අසලය. මෙම රහස්  මාර්ගය හඳුනා  ගැනිම සඳහා  හවස හා  රාත්‍රි  කාල වල අස්ගිරි කඳු මුදුනත පහනක්  දල්වා ඇත.

අද වන විට නිදන්  හොරුන්  විසින්  හාරා දමා ඇති  ස්ථානයේ  එම පහන දැල්වු  කුලුන තිබෙන්නට  ඇතැයි  සැලකේ. මින්  පසු  අස්ගිරිය සම්බන්ධවන්නේ කෝට්ටේ  යුගයටය. එනම්  එකල අස්ගිරිය සකල කලා  වල්ලභ රජුගේ  රාජධානියට  අයිති  ප්‍රදේශයක් වී  ඇත.

එක් පිරිසක් අස්ගිරි කන්ද බැලුම් ගලක්  ලෙස  නම් කරන අතර  සකල කලා  වල්ලභ රජු  මෙම කන්දට  පැමිණ සිරිපාදයට  නමස්කාර  කළ බවත්  එය කෝට්ටේ යුගයේ  සිටම පැවති ඓතිහාසික පුජා බිමක්  බවත්  හඳුන්වා  දි  ඇත. ජනප්‍රවාද මත එසේ වුවද මහාවංශයේ ද උඩුගම්පල රාජධානිය හා  සකල කලා  වල්ලභ රජු  පිළිබඳ තොරතුරු දක්වා  ඇත.

මහනුවර  යුගය හා  සම්බන්ධ තොරතුරු දක්නට  ලැබෙන්නේ විහාරයේ  නව ප්‍රතිසංස්කරණ හා  චිත්‍ර හේතුවෙනි. එහි  ඇති නිර්මාණ නිරික්ෂණයේදී ද එවා  මහනුවර යුගයට  අයත්  බව පැහැදිලි වේ.

මෙවැනි  ඓතිහාසික තොරතුරු රැසක්  සහිත අස්ගිරි  පුදබිමේ  නම පිළිබඳව ජනප්‍රවාද කතා  පවති.

අස්ගිරින් හිරු සැඟවී  යන නිසා  අස්තගිරි  වු  බව එකමතයකි. අශ්වයකුගේ  රූපය සහිත වු ගිර අස්ගිරිය වු බව නව මතයක් වේ. මේ  සියලු  තතුසේම අස්ගිරිය යනු පුර්ව ඓතිහාසික යුගයට  අයත්  භුමියක් බවත්  එය විවිධ රාජ්‍ය  යුගයේ  විවිධ ක්‍රියාකාරකම් සඳහා  භාවිතා  කළ බවත්  ස්වභාව සෞන්ද්‍යයෙන් ආඪ්‍ය පිරි පුදබිමකි.

DSC05800 DSC05801 DSC05804 DSC05805 DSC05807 DSC05808 DSC05809 DSC05811 DSC05813 DSC05817 DSC05818 DSC05822

 



අදහස් (0)

සියනෑ පුරාවත

සතිස් Wednesday, 09 December 2015 10:16 AM

ඉතා අගනා ලිපියක්. ඉස්සර අපි පාසල් යන කාලයේ "සමාජ අධ්‍යනය" විෂයට මේවා ඉගැන්නුවා. තමන් ඉපදුන ගම ගැන දැන ගන්න එක, කොච්චර වටිනවද?. ගම්පහ [සියනේ පුරවරය] දැන් නාගරිකකරණය වුනත් තවමත් ඉතා සුන්දර ගම් පළාතක්. (ම)

:       0       0

ජයසේකර Monday, 28 December 2015 07:37 AM

අගනෙයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site