X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සියලු දේ දේශපාලන කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා හේෂා විතානගේ සිය පක්ෂ තනතුරුවලින් සහ ආසන සංවිධායක  ධූරවලට සමුදීමට තීරණය කර තිබුණි. හිටි හැටියේම එවැනි තීරණයක් ගැනීමට හේතුව හා වත්මන් දේශපාලන කාරණා පිළිබඳ අදහස් දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ‘රජවීදිය’ හා එක්විය.

ප්‍රශ්නය - ඔබ සහ හේෂා විතානගේ මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ සඳහා බලපෑ ආසන්නම හේතුව කුමක්ද?

පිළිතුර - මම සංවිධායක ධුරයෙන් අයින් වෙන්න සංවිධායක ධුරයේ කටයුතු කළෙත් නැහැ. හේෂා විතානගේ මන්ත්‍රීවරයාත් තමන්ගේ දිස්ත්‍රික්කයේ ගැටලුවක් සම්බන්ධයෙන් මහ ලේකම්වරයාට දැනුම්දී තිබුණා. ඒ ගැටලුව කාටවත් පිටතට ගිහින් තිබුණේ නැහැ. පක්ෂය ඇතුළේ තිබෙන කාරණා මෙහෙම එළියට ආවේ කොහොමද? කියලා පක්ෂ නායකත්වයෙන් අපි ප්‍රශ්න කළා. අපි මේක මාධ්‍යයට දුන්නේ නැත්නම් ඒක කොහොමද එළියට ආවේ කියන එකයි ප්‍රශ්නය. එතනදී අපි හිතපු දේ තමයි එහෙනම් පක්ෂ මූලස්ථානය යම් කිසි තීන්දුවක් ගන්න ඇති කියන කාරණාව. ඇයි මේ විදියට පක්ෂය කටයුතු කළේ කියන එක අප සාකච්ඡා කළා. එතනදී අපිට තේරුණු දේ තමයි ආණ්ඩුවේ බැරි බැරියාව වහගන්න සමහර කණ්ඩායම් මේක පාවිච්චි කරනවා කියන එක. මේ කුණු වෙච්ච ගඳ ගහන ආණ්ඩුවට සම්බන්ධ වෙන්න අපට කිසිම උවමනාවක් නැහැ. ආණ්ඩුවේ ඇතුළේ අර්බුදය වහගන්න අපේ පක්ෂයේ අර්බුදයක් තියෙනවා කියලා ඒ අය පෙන්නන්න හදනවා. අපිට තියෙන ප්‍රශ්නය අපි එළියට නොකියපු දෙයක් කොහොමද එළියට ආවේ කියන එක.

ප්‍රශ්නය - සංවිධායක ධුරවලින් අයින් වුණාට වෙනත් දේශපාලන තීන්දුවක් ගන්න අදහසක් නැහැනේ.

පිළිතුර - මට සංවිධායක ධුරවයෙන් අයින් වෙන්න කියලා කිසිම අවස්ථාවක පක්ෂ නායකත්වය මට කියලා නැහැ. සජබේ දේශපාලන කඳවුරු අත ඇරැලා වෙනත් දේශපාලන කඳවුරක වාඩි වෙනවා කියන අදහස අපි තුළ නැහැ. අපිට එජාපය තුළ දේශපාලනයක් තියෙනවාද නැද්ද කියලා හැමෝටම තේරෙනවා. එජාප නායකත්වයට එරෙහිව පාක්ෂිකයෝ පසුගිය මහ මැතිවරණයේදී ගත්තු තීන්දුව අපි දුටුවා. පොහොට්ටුව ඇතුළෙත් අද දැවැන්ත බෙදීමක් හා පිරිහීමක් තියෙනවා. ඒ අයගේ  වංචා දූෂණ ප්‍රසිද්ධියේ කතා කරපු අය විදියට අපිට රෙද්දක් ඇඳගෙන එතනට යන්න බැහැ. එතනට යන්නත් අපිට කිසිම අවශ්‍යතාවක් නැහැ. මේ සියලු දේම දේශපාලන කුමන්ත්‍රණයක් හැටියටයි අපි දකින්නේ. අපිට මඩ ගහන්නේ පොහොට්ටුවද සජබේ වෙන කණ්ඩායමක්ද කියන ගැටලුව අපට තියෙනවා. අපි අවුරුදු 10 ක් 15 ක් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් වැඩ පිළිවෙළක් යෝජනා කළාට ඒක දරා ගන්න බැරි සමහරු ඉන්නවද දන්නේ නැහැ. සමගි ජන බලවේගය හැර වෙන දේශපාලන විකල්පයක් නැහැ. 

ප්‍රශ්නය - සජබේ ඇතුළේ කල්ලි කණ්ඩායම් පහක් ඉන්නවා, යම් බෙදීමක් පක්ෂයේ තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කළා නේද?

පිළිතුර - දිස්ත්‍රික්කවල තිබුණු යම් යම් මත ගැටුම් තමයි එවැනි බෙදීම් විදියට මාධ්‍ය ඉස්සරයට ආවේ. ඒ හැම දේම පක්ෂ නායකත්වය හා ඉහළ තනතුරු තමයි දන්නේ. මාධ්‍යවලට ඒවා ආවේ කොහොමද කියන එකයි අපිට තියෙන ගැටලුව. දිස්ත්‍රික්ක තුළ තිබෙන සමහර ප්‍රශ්න පක්ෂ අභ්‍යන්තරය තුළ අපි සාකච්ඡා කර තිබෙනවා. ඒවා පක්ෂයේ රහස් විය යුතුයි. එවැනි කිසිම බෙදීමක්, පිපිරීමක් අපේ පක්ෂය තුළ දකින්නේ නැහැ. සමහරු කඳවුරුවලට යම් බෙදීමක් ඇති කරන්න උවමනාවකින් කටයුතු කරන බව අපි දකිනවා.

ප්‍රශ්නය - සාම්ප්‍රදායික විපක්ෂයක් නොවී ඉදිරියට යා යුතු යැයි ඔබ විපක්ෂනායකවරයාට පසුගියදා යෝජනා කිරීමේ පදනම කුමක්ද?  සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයේ යම් දෝෂයක් ඔබ දකිනවාද?

පිළිතුර - සමගි ජන බලවේගයේ ජයග්‍රහණය ඉතා පිරිසුදු විය යුතුයි. ගෞරවනීය විය යුතුයි. කොරෝනා මරණ මතින් ජයග්‍රහණය නිර්මාණය කිරීමේ ප්‍රතිඵලය වෙන්නේ අඳෝනාවක් හා කර්මයක් පමණයි. කර්ම ගෙවන්න වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවට. පාස්කු ප්‍රහාරය ආගම ජාතිය මුල් කරගෙන බලයට ආපු ආණ්ඩුවට වෙලා තියෙන දේ අපි දකිනවනේ. අපි පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙළක් ජනතාවට දැන්ම සිටම ඉදිරිපත් කළ යුතුයි. ඒ සාධාරණ ඉල්ලීම තමයි සමගි ජන බලවේග නායකයාට අපි යෝජනා කළේ. ඒක සමහරු විවිධ විධියට දැකලා යම් යම් බෙදීම් ඇති කරන්න උත්සාහ කළා. නායකතුමාගේ ගමන වැරැදි කියලා කියන්න හදනවා කියලා සමහරු මතයක් ඇති කළා.
ජයග්‍රහණයෙන් පස්සේ අපේ වැඩපිළිවෙළ පැහැදිලි කරන්න කොන්දක් කශේරුකාවක් තිබිය යුතුයි. මෙවැනි යෝජනාවක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ගැටලුවක් නෙවෙයි. ඊළඟ අවුරුදු පහේ බලය ඒ වෙනුවෙන් කැපවන ජනාතවට ලැබිය යුතුයි. එහෙම නොවුණොත් තනතුරු ලැබුණාට වැඩක් නැහැ. තනතුරු ලබාගෙන රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ කියන නායකයන්ගෙන් අපට වැඩක් නැහැ. වත්මන් ආණ්ඩුවේ තිබෙන නින්දිත හැසිරීම සමගි ජන බලවේගය තුළ නොවිය යුතුයි කියන අදහසේ ඉඳන් තමයි මම යෝජනා කළේ.

ප්‍රශ්නය - ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඔබ වඩාත් සුදුසු යැයි යෝජනා කරන්නේ කවුද?

පිළිතුර - ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා. ඔහුට හැමෝම එකතුවෙලා ශක්තිය දිය යුතුයි කියන එකයි මගේ අදහස. සමගි ජන බලවේගයට තවත් කඳවුරක් නිර්මාණ කර ගනිමින් ජාතික ආණ්ඩු සංකල්පය නැවත ක්‍රියාත්මක කරන්න හැදුවොත් ඒකට මගේ එකඟතාවක් නැහැ. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න මම කැමැති නැහැ. හැමෝගෙම සහය අරගෙන සජිත් ප්‍රේමදාස ජනාධිපති කළ යුතුයි. වෙන විකල්පවලට යෑම සුදුසු නැහැ. වෙන වෙන කඳවුරු බලය රැක ගැනීම සඳහා විවිධ දේ කරලා ජනතාව අමාරුවේ දානවා පසුගිය කාලය පුරා අපි දුටුවා.

බඩගෝස්තරයට හෝ තනතුරු වෙනුවෙන්
පිල් මාරුකරන්නේ නෑ


ප්‍රශ්නය – සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් නැවත එජාපය හා එක්වීමේ සුදානමක් තියෙනවද?

පිළිතුර - බංකොළොත් වුණු රනිල් වික්‍රමසිංහ මහතාට දැන් එල්ලෙන්න වැළක් නැති වුණාම විවිධ කතා ගොතනවා. ඒ පක්ෂයේ සිටින බලයට කෑදර අය රඳවා ගන්න තමයි මෙවැනි කතා ප්‍රචාරය කරන්නේ. මං පැහැදිලිව අහනවා කවුද එහෙම යන්නේ කියලා රටට හෙළිදරව් කරන්න. මේ කියන කතාවලින් පක්ෂයේ ඉන්න පිරිසත් එතුමා නැතිකර ගන්නවා. රනිල් මහත්තයා කියන්නේ සාටක නාටකවල එක්තරා චරිතයක්. එතුමා පාර්ලිමේන්තු ආවේත් එහි ප්‍රතිඵලයක් විදියට. රනිල් මහතාගේ දෙබිඩි ඩීල් සජිත් මහතා සමග තිබෙන වෛරය පිරිමහන්න ගන්නා එක උපක්‍රමයක් තමයි මේක.

ප්‍රශ්නය -  ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ යම් අප්‍රසාදයක් ගොඩනැගී තිබෙනවා. ඒ සඳහා බලපෑ කාරණා විදියට ඔබ දකින්නේ කුමක්ද?

පිළිතුර - මේ ආණ්ඩුව පැහැදිලිවම නිර්මාණය කළ ජාතිය, ආගම පිළිබඳ ජන මතය තමයි හැමදේටම මුල් වුණේ. ජාතිවාදයෙන්, අන්තවාදයෙන් රටක් ගෙනියන්න තමයි මේ අය උත්සාහ කළේ. ආණ්ඩුවට වැරැදුණු මුල්ම තැන එතන. බලයට එන්න ආගම, ජාතිය පාවිච්චි කිරීම සම්පූර්ණ වැරැදියි. එහෙම කරපු එකේ පාපය තමයි අද විඳවන්නේ. රටේ හරි ආර්ථික ප්‍රතිපත්තියක් රාජපක්ෂවරු ක්‍රියාත්මක කළේ නැහැ. ඒ අයගේ පාලන යුගවලදි වුණේ රට තවදුරටත් ණය බරින් මිරිකීම පමණයි. කෘෂිකර්ම ප්‍රශ්නය විතරක් නෙවේ ජාතික සම්පත් විකිණීම අතිනුත් ආණ්ඩුව අනාගෙන ඉන්නේ. ගුරු ප්‍රශ්නය, මූල්‍ය වංචා හරහා රටම අවුල් ගොඩක් වෙලා. කොරෝනා මුවාවෙන් ජනතාව අමතක කරලා ඒ අයගේ සුඛ විහරණය ක්‍රියාත්මක කරමින් සිටිනවා. රට ගොඩ ගන්න ඒ අයට උවමනාවක් නැහැ. 

ප්‍රශ්නය – කාබනික ප්‍රශ්නය මුල් කර ගනිමින් ගොවියා පාරට ඇදලා දැම්මේ විපක්ෂය කියලා එල්ලවන චෝදනාවට මොකද කියන්නේ.

පිළිතුර – ගොවිබිමට ආණ්ඩුව බැහැලා බැලුවොත් තේරේවි කවුද උද්ඝෝෂණය කරන්නේ කියලා. ගොවියෝ අද ගොවිබිමේ නැහැ. අද මඩ පෝර නැතුව ගොවීන්ට වගා කරන්න විදියක් නැතුව ඉන්නේ. ආණඩුව ගත් මෝඩ තීරණ නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ. තමන්ගේ දරු මල්ලෝ බඩගින්නේ ඉන්නකොට තමන්ගේ ආර්ථිකය අහිමි වෙනකොට ගොවියෝ පාරට බහිනවා තමයි. එතනට පක්ෂයක් ඕන නැහැ. අපි බොර දියේ මාළු බාන්න ඕන නැහැ. ආණ්ඩුව ගත්ත තීරණ අසාර්ථකයි කියලා ඒ ආණ්ඩුවේ ඇමැතිවරුම කියනවා. ජනපතිවරයාටත් කෘෂිකර්ම ඇමැතිවරයාටත් යම් යම් චෝදනා එල්ල කර තිබෙනවා. අපි කවදාවත් රටේ මිනිස්සු බඩගින්නේ තිබ්බේ නැහැ. කොරෝනාවලින් නෙමේ ඉස්සරහට ජනතාව මැරෙන්නේ බඩගින්නේ කියලා අපිට හිතෙනවා. විපක්ෂය විදියට මේ වැරදි තීන්දුව අපි පෙන්වා දෙනවා විනා ජනතාව උසි ගන්වන්නේ නැහැ.

ප්‍රශ්නය – ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට කොතනද වැරැදුනේ?

පිළිතුර – එතුමාට වැරදුණා නෙවෙයි වරද්ද ගත්තා. එතුමාගේ සහෝදරයන්ම එකතුවෙලා ලොකු උගුලක පැටලෙව්වා. ජනතාවට වුණේ නංගි පෙන්නලා අක්කා ගත්තා වගේ වැඩක්. දෙයක් කරන්න එතුමාට හැකියාව තිබුණත් එතුමාගේ ළඟම ඉන්න අය ඒකට ඉඩ දෙන්නේ නැහැ. 

ප්‍රශ්නය - අවසානයේ කොහොම වුණත් චමින්ද විජේසිරි ආණ්ඩුවට කරණමක් ගහන එකක් නැතිවෙයි නේද?

පිළිතුර - ජරා ජීර්ණ වුණු ආණ්ඩුවත් රාජපක්ෂලා අතීතයේ කරපු කියපු දේවලුත් එක්ක දේශපාලන වශයෙන් ඒ කඳවුරේ සිට ගන්න අවශ්‍යතාවක් නැහැ. සජබේ තුළ අපි සිටගෙන සිටින්නෙත් ඉදිරි අවුරුදු පහේ පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළොත් පමණයි. ඒ සඳහා විශ්වාසනීය කණ්ඩායමක් නිර්මාණය කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම.  සජබෙට කියන්නෙත්. බඩගෝස්තරය හෝ තනතුරු වෙනුවෙන් කිසිම පිල් මාරුවක් සිදු වෙන්නේ නැහැ.

අමිල චින්තක ගමගේ

 

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද මුණසිංහ


 



අදහස් (6)

සියලු දේ දේශපාලන කුමන්ත්‍රණයක්

sisil Thursday, 28 October 2021 07:09 PM

මන්ත්‍රී චමින්ද විජේසිරි හා හේෂා විතානගේ පක්ෂ තනතුරුවලින් සහ ආසන සංවිධායක ධුර පමණක් නොව දේශපාලනයෙන්ද සමුගන්න. කිසිඳු ප්‍රතිපත්තියක් නැති තරුණ දේශපාලකයන්... රටේ පුරවැසියන් මෙවැනි දේශපාලකයින් යළිත් පාර්ලිමේන්තුවට පත්කරාවිද? 

:       2       6

gunarathnaThursday, 28 October 2021 08:59 PM

දැන් මේ චමින්ද මන්ත්‍රීතුමාම කියනවනේ ගෝඨාභයට වැඩකරන්න ඕනෑ වුණත් වැඩකරන්න දෙන්නේ නැහැ කියලා. ඔබතුමාලමනේ වැඩ කරන්න දෙන්නේ නැත්තේ...ආණ්ඩුව කරන කිසිම දෙයක හොඳක් දකින්නේ නැති විපක්ෂයක් නේ තියෙන්නේ... සජිත් ආවත් ඔය ටිකම තමයි...

:       3       6

fairoosMonday, 01 November 2021 12:50 PM

සිසිල් සහ ගුනේ දෙන්නම ලංකාවේ නෙවෙයි නේද ඉන්නේ ?ඒකයි නැත්නම් බයියෝ සෙට් එක වෙන්න ඕනේ

:       0       0

SISILThursday, 28 October 2021 10:26 PM

ප්‍රතිපත්තිගරුක කණ්ඩායමක්... පාර්ලිමේන්තුවට පත්කරන්න ජනතාව පෙළගැසෙන දිනය වැඩි ඈතක නොවේ...!!

:       0       0

nimal Friday, 29 October 2021 05:12 AM

ශ්‍රී ලාංකිකයන් මේ වනවිට නව දේශපාලන විකල්පයක් සොයමින් සිටි. ඔවුන් බලාපොරොත්තුවන්නේ පුර්ණ දේශපාලන වෙනසකි. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වගවන දේශපාලන විකල්පයකි. නමුත් එය සමගි බලවේගය මත ගොඩනැගුනු විකල්පයක් නොවනු ඇත.

:       0       0

Sam Tuesday, 02 November 2021 08:18 PM

මේවා ෆේල් වුනු දේශපාලන පක්ෂ. ජවිපෙ විතරයි තියෙන්නේ ටෙස්ට් කරන්න වත්. නමුත් ඔවුන්ගේ සමහර ප්‍රතිපත්ති අති ප්‍රතමිකයි. 40% පඩි වැඩි කරන්න, උද්ගොෂන් ........රටකට ගැලපෙන්නේ නැහැ අනුර උද්ගොෂනය කරා වගේම තවත් ඉන්නවා අනුරලට බලය ලැබුනොත් උද්ගෝෂණය කරන්න. ප්‍රයෝගික උද්ගොෂන් ඇරෙන්න වහල් උද්ගොෂන මේ රට විනාශ කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site