X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


සියවස් තුනක යටගියාව පල්ලාවෙල පුදබිමේ

 

IMG_1681[1]

නා නා විනා නාගස් නවයක් තිබුණා

නා නා විනා ඒ ගස්වල අතු බෙදුණා

නා නා විනා ඒ ගස්වල මල් පිපුණා

නා නා විනා ඒ මල් මුනිඳුට පිදුණා

පල්ලාවෙලගමේ පැරැණි ගැමියකු වූ විජේරත්න වීර බද්දන මාදිරිස් පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාම විහාරස්ථානයේ රමණීයත්වය පිළිබඳව කවියට නගා තිබුණේ එසේය. විහාරස්ථාන භූමිය හා සංඝයා වහන්සේලා වැඩ වාසය කරන භූමිය යා කරමින් තිබෙන සුන්දර වෙල්යාය පල්ලාවෙල විහාරස්ථානයට එක්කර තිබෙන සුන්දරත්වය අති මහත්ය. ගොයම් පැළ නිල්ල නිලට පීදෙන කාලයේ වෙල් මැදින් යන සුදුවතින් සැරැසුණු උවසු උවැසියෝ විහාරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමට දායක වෙති. පල්ලාවෙල ග‍්‍රාමය වටවී තිබෙන කඳු වළල්ල ද විහාරස්ථානයේ තිබෙන සුන්දරත්වයේ කොටස්කරුවෝය. පල්ලාවෙල ග‍්‍රාමය එසේ හඳුන්වන්නේ ඇයි දැයි ජනප‍්‍රවාදයේ කතා සොයාගෙන යන විට අපට පෙනෙන්නේ ලාස්පහේ කුඹුර පස්සා වෙල වී පසුව පල්ලාවෙල බවට පත්වූ බවයි. පල්ලාවෙල දකුණේ රාජමහා විහාරස්ථාන අතර ඉහළින්ම වැජඹෙන විහාරස්ථානයක් යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

පල්ලාවෙල විහාරස්ථාන ඉතිහාසය 1712 යුගය හෙවත් කීර්ති ශ්‍රී රාජසිංහ යුගය දක්වාම දිවෙන බව විහාරස්ථානය ගැන දන්නා සැවොම දනිති. ඒ සඳහා විහාරස්ථානයේ තිබෙන එක් ප‍්‍රධාන සාක්ෂියක් වන්නේ බෝධීන් වහන්සේය. එම බෝධීන් වහන්සේගේ සෙවණේ රන්සෑගොඩ ධම්මදස්සී නම් සිල්වතුන් වහන්සේ භාවනාකර තිබීමෙන් හෙළි වන්නේ එම බෝධි ශාඛාව හොඳින් වර්ධනය වූ ශාඛාවක් බවයි.

පල්ලාවෙල තිබූ පැරැණි විහාරාරාම විදේශිකයන් කඩා බිඳ දැමූ බවට මතයක් පැරැන්නන් අතර තිබේ. බෝධීන් වහන්සේ මුල්කර ගනිමින් පල්ලාවෙල විහාරස්ථානය ගොඩනැගුණු බවට සාධක ගණනාවක්ම ඇත. වෙහෙර ගිර කන්දේ උළු කැට කැබිලි පරීක්ෂා කරන විට අතීතයේ එහි චෛත්‍යයක් තිබූ බවට ලක්ෂණ ඇත. එමගින් පැහැදිලි වන්නේ ආරාමයක් ද එහි තිබූ බවයි. ධම්මදස්සී සිල්වතුන් වහන්සේ මෙහි විහාරස්ථානයක් නිර්මාණය කර තිබෙන අතර ටැම්පිට විහාරයක් ද ගොඩනඟා ඇත. ධම්මදස්සී හිමියෝ ඉතා දුෂ්කරතා මැද්දේ පල්ලාවෙල විහාරස්ථානය ගොඩනැගූහ. එහෙත් ටික දවසක් යනවිට උන්වහන්සේට කල්පනා වන්නේ විහාරස්ථානය සම්පූර්ණ වන්නේ උප සම්පදා භික්ෂූන් වැඩ සිටියහොත් පමණක් බවයි. උන්වහන්සේ පහත රටින් වැඩම කළ භික්ෂූන් ද සමගින් නුවර යන්නේ ඒ අරමුණ පෙරදැරි කරගෙනය.

IMG_1710[1] IMG_1715[1]

ධම්මදස්සී හිමියන් උපසම්පදාව ලබා දළදා තේවාවට ද වසර 20ක් පුරා සහභාගිවී ඇත. උන්වහන්සේ පුස්කොළපොත් ලිවීමට සේම කවි ලිවීමට ද හපනෙක් බව උන්වහන්සේගේ චරිතාප්‍රදානය පිරික්සන විට පැහැදිලිය. විහාරස්ථානයේ තිබෙන පින් පත‍්‍රය මගින් ඒ කාරණය තවදුරටත් පැහැදිලි කර ඇත. එමගින් හෙළිවන්නේ උන්වහන්සේ ආරාම හැදීමට සේම පාරවල්, ඒ දඬු, අම්බලම් නිර්මාණය කිරීමට ද උන්වහන්සේගේ ශාසන ජීවිතය කැපකර තිබෙන බවයි.

නුවර ගොස් සිදුකළ දළදා තේවාවට නිසි ඇගයුමක් උන්වහන්සේට ලැබී තිබේ. උන්වහන්සේ පින් පත‍්‍රයක් මගින් රජුට කවියෙන් පින් අනුමෝදම් කළ පසු සතුටට පත්වන රජු විවිධ බඩු භාණ්ඩ සහිතව දෝලාවකින් පල්ලැක්කියෙන් උන්වහන්සේව විහාරස්ථානයට වැඩමවා ඇත. ඒ සමඟම පෙරහැර අංගයේම, රත්තරන් පිළිමයක්ද, කඩා පහන් ද පල්ලාවෙලට ලැබී තිබේ. වර්තමානයේදී ඒවායින් සමහරක් දැක බලා ගැනීමට පින් නැතත් දෝලාව හැරෙන්නට අනිකුත් භාණ්ඩ සුරක්ෂිතව තිබෙන්නේ අපගේ වාසනාවටය. පල්ලැක්කියේ විනාශ වූ කොටස් මෙන්ම මිණි කබල්, දෝලාවට දැමූ රතු පලස, තෑගි බෝග, පුස්කොළ පොත්, ඇත්දළ, ඇත්දළවලින් කැටයම් කළ ජාතක පොත්, සිංහල පිරිත් පොත් අදටත් ඔබගේ ශ‍්‍රද්ධාවන්ත පින්බිමේ සුරක්ෂිතව ඇත. රන්සෑගොඩ ධම්මදස්සී පරම්පරාව මේ අනුව බිහිවන්නේ පල්ලාවෙල විහාරස්ථානය මුල් කරගෙන බව ඒ ඉතිහාස කතාව අපට කියාදෙයි. කන්දබඩ පත්තුවේ ඇරැඹුණු බොහෝ විහාරස්ථාන පල්ලාවෙලින් විකාශය වූ විහාරාරාමය දේවාලේගම අත්තථදස්සාරාමය, කළුගල පුරාණ විහාරය, ගල් ඇටුඹ පුරාණ විහාරය, කන්දේ බැද්ද පුරාණ විහාරය, දෙනගම අරඹේගොඩ පුරාණ විහාරය පල්ලාවෙල බෝ සෙවණ යට පැළවුණු අංකුර විහාරයෝය.

ධම්මදස්සී හිමියන් යටතේ උඩරට ශිෂ්‍යයන් අට නමක් වැඩ වාසය කළ බවට සාක්ෂි ඇතත් ඒ නම් ගම් අදටත් සොයා ගන්නට නැත. පහතරට ශිෂ්‍යයන්ගේ නාම ලේඛනය අදටත් විහාරස්ථානයේ තිබේ. කීර්ති ශ්‍රී තේජෝවරාරාමය නම ලැබීම පිළිබඳව ද බොහෝ දෙනාගේ උනන්දුවක් තිබේ. ධම්මධස්සී හිමියන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ”රෝහණ විජජක කීර්ති ශ්‍රී තේජෝවර” ගෞරව නාමය ලබා දෙන්නේ නුවරින් ලබාදෙන ගරු නාමයක් ලෙසටය. ඒ අනුව පල්ලාවෙල විහාරස්ථානයට එම නම ලැබුණු සැටි පැහැදිලිය.

පල්ලාවෙල යස පරපුර තේජවන්ත සංඝ පරපුරකි. ධම්මදස්සී තෙරණුවන්ගෙන් පසු සපුගොඩ සිද්ධාර්ථ කන්දේබැද්දේ ඉන්දසාර, දෙනගම ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන, අපරැක්කේ සරණපාල කැටියපේ සංඝානන්ද, රන්සෑගොඩ සරණ තිස්ස, පල්ලාවෙලසිරි නිවාස වැනි කීර්තිමත් හිමිවරු විහාරස්ථානයේ අතීත උරුමක්කාරයෝය.

සිරි නිවාස හිමියන්ගෙන් පසු වැලිහේනේ සාරානන්ද හිමියෝ විහාර භාරකාරත්වය දරමින් අමිල මෙහෙවරක නිරතව සිටිති. විහාරස්ථානයට අලූතින් වැලි කැටයක් හෝ එකතුවී තිබේ නම් එහි සියලූ ගෞරවය හිමි විය යුත්තේ සාරානන්ද හිමියන්ටය.

IMG_0516[1]

IMG_1724[1]

සිරි නිවාස හිමියන් 1995 මාර්තු 25 අපවත් වීමෙන් පසු එතැන් සිට මේ දක්වා පල්ලාවෙල විහාරස්ථානය ගමන් කළ දියුණුව අතිශය පැසසුම් සහගතය. අද තිබෙන විහාරාංග වලින් වැඩි ප‍්‍රමාණයක් ඉදිවන්නේ සාරානන්ද හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේය. දාන ශාලා, ගිනිහල් ගෙවල් මෙන්ම අවුරුදු 300කට පැරැණි ශාලාව කඩා අඩි 77ක් දිග ශාලාවක් අලූතෙන් ඉදිකර තිබේ. ධාතු මන්දිරය ද අලූතින් සකස් කළ විහාරාංගයකි.

විහාරස්ථානයට ඇතුළුවන පැරැණි පඩි පෙළ මුල් කර ගනිමින් එය සකස් කර තිබේ. අද වනවිට පල්ලාවෙල රජමහා විහාරය රටේම ගෞරවයට පාත‍්‍රවන පූජා භූමියකි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ද අනුග‍්‍රහය ඇතිව පල්ලාවෙල විහාරස්ථානය දියුණුවේ දොරටුව කරා ඇදෙමින් තිබෙනු අපට පෙනේ. පැරැණි බෝධීන් වහන්සේ වටා අලූතින් ඉදිකළ අටවිසි බුද්ධ මන්දිරය විහාරස්ථානයේ අලංකාරය වැඩි කරන තවත් එක් සාධකයකි. අඩුපාඩු එකින් එක සකස්ව යන ගමනේ තවත් සපුරාගත යුතු ප‍්‍රධානතම අඩු පාඩුවක් තිබේ. එනම් වසර 270ක් පමණ පැරැණි ධර්ම ශාලාව ප‍්‍රතිසංස්කරණය කිරීමය. ඒ බලාපොරොත්තුවත් සුභ සිහිනයක් ලෙස ඉක්මනින්ම ඉටු වේවායි අප සැමගේම ප‍්‍රාර්ථනාවය.

 

IMG_1690[1] IMG_1721[1]

 



අදහස් (0)

සියවස් තුනක යටගියාව පල්ලාවෙල පුදබිමේ

නිම්මි Friday, 20 May 2016 03:18 PM

මේ අපේ ජාතියේ සම්පත්. මේවා විනාශ නොකර බලාගන්න ස්වාමින් වහන්සේලාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site